දෙමළ සන්ධානය සමඟ එකඟතාවයේ රහස්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙමළ සන්ධානය සමඟ එකඟතාවයේ රහස්

    දෙමළ සන්ධානය සමඟ එකඟතාවයේ රහස් මෙන්න


    අද ජාත්‍යන්තරය කියන විදිහට අපේ හමුදාවන්ට දඬුවම් කරන්න ඕනෑ. හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප‍්‍රභාකරන්ගේ මිනිසුන්ට දඬුවම් නෑ. ඒ මිනිස්සු ලෝකයේ රටවල්වල ඉන්නවා. එල්.ටී.ටී.ඊ එකේ ප‍්‍රබලයෝ විදේශ රටවල ඉන්නවා. හමුදාවට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා ජාත්‍යන්තරය අපිට ඇඟිල්ල දික්කරන්නේ. මානව හිමිකම් කැඩුවා ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ අපේ ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය සිවිල් ආරක්ෂකයන් රටේ ජනාධිපතිවරයා පටන් සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා. මේ දේවල් කරලා ලෝකයේ රටවල්වල සැඟවිලා ඉන්න මිනිස්සු මේ රටට ගෙනල්ලා දඬුවම් දීමේ වැඩපිළිවෙළක් කොහේද තියෙන්නේ ? හමුදාවේ අයට දඬුවම් දෙනවානම් ඒ අයටත් දඬුවම් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් දෙගොල්ලන්ගේ්ම දඬුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕනෑ.”

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම ප‍්‍රකාශය කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වූ අය අමතමිනි. මේ කතාව අතිශයෙන් වැදගත් වන්නේ ජාත්‍යන්තරය විසින් ශ‍්‍රී ලංකා රජයට කොතෙකුත් බාධක පනවා තහංචි දමමින් සහන අත්හිටුවමින් කරනු ලබන තර්ජන හමුවේ රට මුහුණ දී තිබෙන අභියෝග නිසාය.

    දෙමළ ජාතික සන්ධානය බිහිවූයේ කොටින්ගේ බළල් අතක් ලෙසිනි. එයත් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙනි. ඊට මුලින්ම දේශපාලන උපදෙස් ලබාදුන්නේ කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසිනි. ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු එහි නායකත්වය භාරගත් සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලන අධිකාරිය ජාත්‍යන්තරය කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඉලක්ක සපුරාගැනීමට ජාත්‍යන්තරය හරහා ශ‍්‍රී ලංකාවට බලපෑම් එල්ලකරන්නට වූහ.

    දෙමළ ජාතික සන්ධානයට සිය දේශපාලන කටයුතු සඳහා අරමුදල් සපයනු ලැබූවේ ප‍්‍රධාන පෙළේ කොටි නායකයන් හා උපදේශකවරු විසින් මෙහෙයවනු ලබන දෙමළ ඩයස්පෝරාව විසිනි. මේ මුදල් නිසා අද දෙමළ ජාතික සන්ධානයට දෙමළ ඩයස්පෝරාවෙන් මිදෙන්න හැකියාවක් නැත. දෙමළ ජාතික සන්ධානය නියෝජිත කණ්ඩායම් වසරින් වසර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවට ගොස් ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් පිළිබඳව නොයෙකුත් වෝදනා එල්ල කරමින් සිදු කරන හානිය බලවත්ය.

    මෙවන් ගැටලූ හමුවේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මතුවිය. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් පන්නා දමා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කෙරිණි. ඒ අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයට සහාය දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්තියට අනුව කිසිදු දේශපාලන පක්ෂයක් බලයට පත්කිරීමට සහාය දිය නොහැකිය. එසේ වුවද දෙමළ ජාතික සන්ධානය සිය විපක්ෂ නායක ධුරය පවා පරිත්‍යාග කරමින් රනිල් වික‍්‍රමසිංහ අගමැති කරන්න සහාය දුන්නේ ඇයි? මේ සඳහා දෙපාර්ශ්වය අතර යම් ගිවිසුමක් තිබෙන්නට ඇතැයි අප පසුගිය සතියේ ලිපියකින් සැක මතු කළෙමු.

    එම සැකය සනාථ කරමින් ඉකුත් සති අන්ත දෙමළ පුවත්පත් දෙකක පුවතක් සහ සම්මුඛ සාකච්ඡා දෙකක් පළකර තිබිණි. වීරකේසරි පුවත් පතේ පළවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සමඟ පවත්වන ලද සාකච්ඡාවක් ”මාස හයයි කල් දෙන්නේ ” යන සිරස්තලය යටතේ පළකර තිබුණේ මෙවන් අදහසකි.

    ”රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමේදි එහි තීරක බලය හිමිවූයේ අපිටයි. දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ අපට දුන් පොරොන්දු ඉටුකරන්න අපි මාස 6 ක කාලයක් දෙනවා. මාස 6 තුළ ඉටු නොකළහොත් ඉන්පසුව ආණ්ඩුවට සහාය දීම ගැන යළි සලකා බලන්න සිදුවෙනවා. එහිදීත් අපේ ඉල්ලීම් ඉටු නොකළහොත් ලබාදෙන සහාය ඉවත් කර ගැනීමට සිදුවෙනවා. අපේ මූලිකම ඉල්ලීම අපිට අපව පාලනය කරගත හැකි බලතල සහිත විසඳුමක් ලබාගැනීම.”

    එම වීරකේසරි පුවත්පතටම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී. සිද්ධාර්තන් සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කළේ ”නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කරන ලද 30.1 යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීම (සංක‍්‍රමණීය යුක්ති යාන්ත‍්‍රණය පිහිටුවීම හෙවත් විදේශීය විනිසුරුවරුන් ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිබඳ විභාගයක් කිරීම ඇතුළු යෝජනා) හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් කරවන ලද පුද්ගලයන්ගේ ගැටලූව විසඳීම ඇතුළු ඉල්ලීම් වලට එකඟ වුණා. ඒවා ඉටු කරනවාද කියා තියුණු ලෙස අවධානයෙන් බලා සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ අපේ ඉල්ලීම් ඉටුකරන්න අපොහොසත් වුණොත් එක්සත් ජාතික පෙරමුණ රජය ගෙනෙන අයවැය පරාජය කිරීමටද අපි පසුබට වන්නේ නෑ. එවැනි දැඩි පියවර තුළින් ඔවුනට අපේ ඉල්ලීම් ඉටුකරන්න දැඩි බලපෑමක් ඇතිවෙනවා යනුවෙනි.

    මේ ඉල්ලීම් ඉතාමත් බරපතළය. මේ දේවල් ඉටුකරන්නට ගියහොත් විනාශ වන්නේ මේ රට වගේම රටේ සාමයයි සංහිඳියාවය. පසුගිය කාලය පුරාවට පැවතියේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ පාලනය වූ පොලිසියකි. එනිසා උතුරු නැගෙනහිර කොටි ක‍්‍රියාකාරකම් ඉහළට ගියේය. නොවැම්බර් මාසයේ මහ විරු දිනය මහත් ඉහළින් සැමරිණි. ඒවා නීතිගත තත්ත්වයට පත්වන තැනට තල්ලූ වී තිබුණි.මෙවන් දේ සිදුවෙමින් තිබෙන මොහොතකයි පාර්ලිමේන්තු අර්බුදය හට ගත්තේ.

    මාසයකට අධික කාලයක් පැවැති ව්‍යවස්ථා මෙන්ම දේශපාලන අර්බුදය නිමාවට පත්කරවමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීම සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පිණිස අද එක්සත් ජාතික පක්ෂයේ පතාකයන් යැයි කියන හිටපු අමාත්‍යවරු රුසක්ම පැමිණ සිටියහ. අගමැති දිවුරුම් දීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඔවුන් සියලූමදෙනා ඉදිරියේදී දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කළේය.එම කතාවට මුළු රටම අවදි විය. එතෙක් ජනාධිපතිවරා දෝෂදර්ශනයට ලක්කරමින් සිටි පාක්ෂිකයන් පවා ජනාධිපතිවරයාව මහත් අභිමානයෙන් අගය කරන්නට වූහ.

    පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 ම පක්ෂ වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකරන බවට තමන් කරන ලද මුල් ප‍්‍රකාශයේ තවදුරටත් සිටින බවත් එය තම පුද්ගලික අදහස වුවත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා යළිත් අගමැති ලෙස පත් කළ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ 117 ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක අගමැති කෙනෙක් නම්කරන්න, අගමැති නම්කර ජනාධිපතිට නිර්දේශ ඉදිරිපත් කරන්න බලයක් දී නොමැති අතර ඒ බලය අධිකරණයටද නැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ බලතල නිසි ලෙස තුලනය කිරීමෙනි.

    රටේ ජනතාව තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිසි දැනුමක් අවබෝධයක් නොතිබිය හැක.ඒ අයට ව්‍යවස්ථාව ගැන වැරදි අවබෝධයක් වැරදි අර්ථ කථනයක් දෙමින් දේශපාලන වාසි ගැනීමට එක්සත් ජාතික පක්ෂය උපරිම වශයෙන් කටයුතු කළ බව අපි දනිමු. සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අධිකරණයේ විභාගවන නඩුවේ තීන්දු ප‍්‍රකාශයට පත්වීමට පෙර එම තීන්දුව කුමක්වීදැයි පූර්ණ අර්ථකථනයන් කරමින්ද අධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාත වශයෙන් ජනපතිට හා අගමැතිට පක්ෂ විපක්ෂ බවට ප‍්‍රකාශයන් කරමින් උමතුවෙන් කටයුතු කළ බවද අපි දනිමු.

    මේ සියලූම දෙනා රටේ ජනතාව බොරුවෙන් මුළාකරමින් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය කෙළසන්න උත්සාහ කළ බව පැහැදිලිව දර්ශනය විය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙන්ම ඉහළ සිට පහළටම සිටි නායකයන් උපරිම දායකත්වය දැක්වීය. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නට හේතුවූ සාධක යටපත් කර ජනතාව අතරට වෙන මත පතුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය වගේම එම පක්ෂය මත යැපෙන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සමිති සමාගම් උපරිම වශයෙන් කටයුතු කළහ.

    වැරදි මත තුළින් ජනතාව පොළඹවාගෙන ඔවුන් කොළඹට කැඳවා ජනාධිපතිවරයාට විරුද්ධව උද්ඝෝෂණය කළා පමණක් නොව ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිල නිවස වටකර සාපරාධි ක‍්‍රියාවල නිරත වන බවට තර්ජනය කළහ. එහෙත් ජනාධිපතිවරයා සිය තීරණය වෙනස් නොකළේය. පාර්ලිමේන්තුව සම්ප‍්‍රදාය බිඳදමමින් කටයුතු කර තිබුණද අධිකරණය ලබාදුන් තීන්දුව කුමක් වුවද එය පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන, සුරකින පුද්ගලයෙකු ලෙස ඒ සියල්ලට ගරු කළේය. එහෙත් ජනාධිපතිවරයාගේ එකම ස්ථාවරය වූයේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට නුසුදුස්සෙකු යන්නය. එනිසාම රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට සුදුසුද නැද්ද යන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් විමසනවාට වඩා රටේ සමස්ත ජනතාවගෙන් විමසීම සුදුසු බව තීරණය කළේය. රටක ඉහළම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේද එයයි. එසේ වුවද ඊට සාර්ථක ප‍්‍රතිචාර අත්නොවීම නිසා අවසානයේ අකැමැත්තෙන් වුවද රනිල් වික‍්‍රමසිංහ යළිත් අගමැති ධුරයට පත්විය.

    දිගින් දිගටම පැවැති අර්බුදය නිමාවට පත්කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා යළිත් අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු දීර්ඝ කතාවක් කරන්නට ජනාධිපතිවරයා පෙළඹුනේය. එම කතාව 2015 ජනවාරි 8 වැනිදායින් පටන් ගෙන දිවුරුම් දෙන මොහොත දක්වාම සිදුවූ සිලූ දේ කෙටියෙන් පැහැදිලි කර දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ සිය පාලනය තුළ දැන නොදැන කළ වැරදි සියල්ලක්ම හෙළිකළේය. ඒ අතර දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න වලට මෙන්ම අප රට මුහුණ දෙන ජාත්‍යන්තර අභියෝගයට කෙටිම විසඳුමත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

    එහෙත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ නොහැකි පොරොන්දු දෙමින් දේශපාලන වාසි ගැනීම හා ඒවා ඉටුකිරීමට යෑමෙන් තවත් බරපතළ ගැටලූ මතුවිය හැකිය. උතුරේ පැවැති ත‍්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කිරීමට හැකිවුවත් මිනිසන්ගේ හදවත් වලින් ඒ විෂබීජය ඉවත් කිරීමට නොහැකි වී ඇත. ඊට එක් උදාහරණයක් ලෙස මෙය දැක්විය හැකිය.

    කොටි සංවිධානය පැවැති කාල වකවානුවේ පවා සිදුකිරීමට නොහැකි වූ ආකාරයෙන් පසුගිය දිනවල කොටි මහවිරු දිනය සැමරූ උතුරේ කොටි හිතවාදි බලවේග එම සංවිධානයේ න්‍යායාචාර්ය වරයා වශයෙන් කටයුතු කළ ඇන්ටන් බාලසිංහම්ගේ 12 වන ගුණ සැමරුම යාපනය සරසවියේ සහ උතුරේ ස්ථාන කිහිපයක දී සමරනු ලැබූහ. ඇන්ටන් බාලසිංහම් 2006 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මිය ගොස් ඇති අතර ඔහු වැඩි වශයෙන් ජීවත්ව සිටියේ නෝර්වේ රාජ්‍යයේය. යාපනය සරසවියේ කෛලාශපති ශාලාවේදී කලා අංශයේ සිසුන් පිරිසක් ඇන්ටන් බාලසිංහම්ගේ 12 වන ගුණ සැමරුම සමරා ඇති අතර ඊට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුනරුත්තාපන වූ හිටපු කොටි සාමාජිකයන්ගේ පක්ෂ ක‍්‍රියාකාරීන් විසින් සමරනු ලැබීය. මේ අතර කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතාගේ නායකත්වයෙන් ඇන්ටන් බාලසිංහම්ගේ 12 වන ගුණසැමරුම සැමරූ අතර මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාද සහභාගි විය.

    මේ ආකාරයෙන් කොටි සංවිධානයේ හිටපු නායකයන් එකිනෙකා සමරන්නට ගියහොත් එය රටේ ආරක්ෂාවටද බලවත් තර්ජනයක් විය හැකිය. දේශපාලන වාසි තකා රටේ ජාතික ආරක්ෂාවට රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය පාවා නොදිය යුතුය.

    ටී. චන්ද්‍රසේකර
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bump

    “මම හමුදාවේ 3000ක් එක රැයින් මැරුවා..මම කොරෝනාවටත් වඩා භයානකයි”- කරුණා අම්මාන්​



    Untitled-1-27.jpg


    තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පිළිතුරු ලබාදුන්නා.

    ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පවතී ජනහමුවකට එක්වෙමින්.

    ” කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම කොරෝනාවට වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම කොරෝනාවට වඩා භයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසක් එක රැයින් මරා දැමුවා. ඒවගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා මරා දැමුවා. වඑය කොරෝනා වෛරසයෙන් ලංකාවේ මැරුණ සංඛ්‍යාවට වඩා වැඩියි” හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් එම ජනහමුවේදී කියා සිටියා.

    https://www.colomboxnews.com/2020/06/21/මම-හමුදාවේ-3000ක්-එක-රැයින්-ම/