13 එපා: අපට ඕනෑ ප්‍රාන්ත ස්‌වයං පාලනයක්
- ටී. එන්. ඒ. මන්ත්‍රී සේනාධිරාජා කියයි
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමයක් යයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේ එලාලෙයි ප්‍රදේශයේ පැවති රැස්‌වීමක් අමතා ප්‍රකාශ කර ඇත.
එම විසඳුම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය ගැන විවිධ පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සංශෝධනය ද්‍රවිඩ සන්ධානය සහ දෙමළ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර එකී සංශෝධනය ගැන සාකච්ඡා කර කල්ගත කිරීම වැඩක් නැති ක්‍රියාවක් බවත් මාවයි සේනාධිරාජා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
දෙමළ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින්ම පාලනය කරන පාලන ක්‍රමයක් වූ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමය බවද ඔහු දක්‌වා තිබේ.
-----------------------------------------------------
උතුරේ හමුදා ගැන තීරණය අගමැති හෙළි කළ යුතුයි
- උතුරු මහ ඇමැති
සමන් ගමගේ
උතුරේ ස්‌ථානගත කර සිටින හමුදා අඩු කිරීමට තීරණය කර තිබේදැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පැහැදිලි කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.
උතුරු පළාත් සභාවේ 26 වැනි සභාවාරය ඉකුත් 17 වැනිදා පැවැති අවස්‌ථාවේ ඊට සහභාගි වෙමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
උතුරෙන් හමුදාව ඉවත් නොකරන බව අගමැතිවරයා මීට පෙර මහනායක හිමිවරුන්ට ප්‍රකාශ කළ ද තමන් එවැන්නක් නොකී බව රනිල් වික්‍රමසිංහ මහතා අද කියා සිටින බවත් එසේ නම් හමුදාව ඉවත් කිරීමට තීරණයක්a ගෙන තිබේද යන්න ඔහු පැහැදිලි කළ යුතු බවත් මෙහිදී මහ ඇමැතිවරයා පවසා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුදාව ඉවත් කරන බව සඳහන් කළහොත් උතුරේ ජනතාවට විශාල සතුටක් ලැබෙනු ඇතැයි ද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත
එළකිරි.. ඔහොම යං ෆිල්ඩ් මාෂල්ලා