දෙයියෝ ගැන මට හිතන හැටි

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    දෙයියෝ ගැන මට හිතන හැටි

    මචන් මට මේක කියන්න කලින් මේක මගේ මතයක් කියලා කියන්න ඕනේ.මචන් අපි මෙහෙම පටන් ගමු.

    මිනිස්සු ඉස්සර ගස් ගල් වලට වැන්දා පිහිටක් අපේක්ෂාවෙන් ඉරට වැඳුම් පිදුම් කලා ,මොකද ඔවුන් තුල දැඩි භීතිකාවක් තිබ්බා මේ කලුවරට හා සිතා ගත නොහෙකි දේ ගැන.(හුලග,අව්ව,ගින්දර).ඔවුන් ඒවාට වැදුම් පිදුම් කරලා කිව්වා අපිව කරදර වලින් බේරන්න කියලා.පොඩි සැනසීමක් ලැබුනොත් හිතනවා දෙය්යෝ අපිට පිහිට වෙනවා කියලා.

    හරි මන් ඊලග කොටස කියන්න වෙනවා.මනුෂ්‍යා යනු කුතුහලය පිහිටි ජීවියෙක් අනිත් සතුන්ට වඩා.ඉතින් කෙනෙකුට කරදරයක් උනාම හිතනවා ඕක කරන්න ඇත්තේ අපි දිහා බලාගෙන ඉන්න දෙවියෙක් කියලා හිතනවා තවත් සමහරු හිතනවා ගිරා අපල කියලා.මේක සාමාන්‍යයි.උදාහරණයක් වශයෙන් මන් පොඩි කතාවක් කියන්නං ඔන්න එක මනුෂයෙක් කෙල්ලෙක් දුෂනය කරලා පොලෝසි ගෙනියනවා වැරදි කාරයාවෙලා ජීවිතාන්තය දක්වා හිර දඩුවම් විදින්න වෙනවා,ඉතින් ගෙදර උන්දැ කල්පනා කරනවා මේක මහා අපල කාලයක් නොවැ කියලා,ඉතින් එවුන් ද ,කේන්දරේ පෙන්නන්න ගෙනිහිච්චාම කියනවා ආ හරිනේ ගිර්යා මාරු වෙලා ,මේකට දෙවියන්ට මේ පූජාව තියන්න කියලා.මචන් ඕකට දෙවියන්ට පුජා තියලා හරියන්නෑ කියලා උබලට තේරෙනවා නේද ,කරන්න ඕනේ ඒ මනුස්යගේ වරද හදා ගන්න එක.

    (ඉස්සර ඉරට හදට වැදපු මිනිස්සු දැන් නවීන ක්‍රමයට වදිනවා), ඉතින් අපේ තවත් සමහරු හිතන් ඉන්නවා මේ ජීවිතේ එන ප්‍රශ්න උඩ ඉන්න දෙය්යෝ දාලා කියලා ,උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානි,මුස්ලිම් අය පුජා පවත්වනවා.ක්‍රිස්තියානි විතරක් නෙමෙ බෞද්ද යයි කියාගන්නා පිරිසක්ද පුජා පවත්වනවා.කව්රු හරි ඇහුවොත් ඇයි ඔය පුජා පවත්වන්නේ කියලා ඔවුන් කියයි දෙවියන්ගෙන් සැප ඉල්ලන්න ඕනේ නිසා කියලා.තවත් දෙයක් දෙවියන්ගෙන් සැප ඉල්ලනවා කියන්නේ මොකද්ද තමුන් දැන් ඉන්න සැපය ප්‍රමාණවත් නොවනවා නොහොත් දුකෙන් ඉන්නේ.ඉතින් එහි තේරුම තමා දුකෙන් නිදහස් වීමට පුජා පවත්වනවා කියන එක.මචන් කෙනෙක් හරි හම්බ කරලා පෝසත් වෙනවා ,ඔන්න එක සැරේම ව්‍යාපාරයක් නම් කඩා වැටනවා ඕකට ඒ මනුස්සයා පුජා පවත්වන එකද හරි නැත්නම් තවත් උත්සහයෙන් වැඩ කරන එකද හරි

    අද අපේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ පුජා පවත්වපුවහම වැඩේ ගොඩ කියලා.හැබෙයි ක්‍රිස්තියානි උනත් මුස්ලිම් උනත් කව්රු හරි දෙවියන්ගෙන් ඉල්ලන පිරිස් ඉන්නවා.හිතපන් ඔන්න කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා.ඒ කෙනා මරණින් බෙරන්න කියලා කන්නලව් කරනාවා(අනේ ඒ ආත්මය දැන්ම ගන්න එපා කියලා),ඔන්න ඒ මනුස්සයා ඉදලා හොද වෙනවා ,ඉතින් හිතනවා ඔන්න දෙවියන්ගේ බලය ,කව්ද කියන්නේ සර්බලධාරී දෙවියෝ නැ කියලා ඔය හොද උනේ යනාදී මතයක් ගොඩනගා ගන්නවා.ඒ මතය තුල කටයුතු කරනවා.එකෙ අනිත් පැත්ත ඒ මනුස්සයා මැරෙනවා එතකොට හිතනවා ඕක දෙය්යන් වහන්සේගේ කැමැත්ත, උන් වහන්සේ ම මැව්වා ,උන් වහන්සේම ගත්තා.එතකොට ඔය විදියට හිතනවා.හැබෙයි සමහර විට සනීප කරගන්න පුළුවන් වෙයි හොද hospital එහෙකට දාලා.මචන් ඕකයි නිර්වත මේ දෙය්යන්ගෙන් ඉල්ලන මිනිස්සුන්ගේ.ඔතන ඔය රාමුව තුල හිතන මනුස්සයට පෙන්නේ ඔය විදියමයි.ඔන්න දැන් ෆෙන්ෂුයි කියලා බොරුවක් ඇවිල්ලා තියෙනවා ,තක්කාලි ගෙඩියක් වලලපුවහම තමන්ගේ ප්‍රර්ථනය ඉටු වෙනවලු.බැරි වේලක්වත් අහම්බෙන් හම්බුනොත් රු 1000 හිතනවා, කව්ද කියන්නේ ෆෙන්ෂුයි බොරු කියලා ඔය හම්බුනේ.(හැබැයි ඔව්වා කරන් නැතුව හම්බෙන මිනිස්සු ගැන ඒ වෙලාවේ ඔලුවට එන්නැ).ඔන්න මචන් මුලාවේ තරම.කෙනෙක් ඉන්නවා jobless ඒ කෙනා දෙයියන්ට හරි ෆෙන්ෂුයි හරි පුජා කරලා හරි යනවද නැ ,වෙන්න ඕනේ qualification වැඩි කරගන්න එක.

    අවසාන වශයෙන් තවත් දෙයක් මචන් මේක ගොඩක් දෙනෙක් කියන කතාවක් Iraq ,Afghanistan හෝ වේවා මේ මිනිස්සු හොදට දෙය්යන්ගෙන් ඉල්ලන මිනිස්සු ඒ මිනිස්සු විශ්වාස කරනවා සර්වබලධාරී දෙවියෝ ආරක්ෂා කරනවා කියලා.එහෙනං ඇමරිකන් හමුදාවට බිලි උනේ,මොකද්ද ඒ දෙවි පිහිට(ඕකට කියයි දෙයියන්ගේ කැමැත්ත කියලා මටනං පෙන්නේ හමුදාවේ කැමැත්ත කියලා).ඒවගේ ම හිරෝෂිමා නාගසාකි වලට ගැහුවා මිනිස්සු මැරුණා(ඒ ගොල්ලෝ බොහෝවිට බෞද්ධයෝ).හිට්ලර් විසින් යුදෙව්වෝ අමු අමුවේ මරුවා(ඒ ගොල්ලෝ බොහෝ විට යුදෙව් ආගමිකයන්).ප්‍රභාකරන් විසින් මිනිස්සු බෝම්බ එවද්දී මිනිස්සු මරුනේ දෙයියන්ගේ කැමැත්තට ද(එතකොට ඒ බෝම්බය ක්‍රිස්තියානිද ,බෞද්ධාද ද ,මුස්ලිම් ද ,හින්දුද කියලා බැලුවේ නැ නේද).ඔන්න මචන් point එක ,කොච්චර දෙවියන්ට වැන්දත් පිහිටක් නැ නේද.මිනිස්සු තේරුම් ගත්තනං ජීවිතය හරය ඔය දේව මුලාවේ ඇද වටෙන් නැ.මොකද්ද හරය ,මන් කලින් කිව්ව උදාහරණයක් මිනිහෙක් කෙල්ලෙක් දුෂණය කරන කතාව,ඒ මනුස්සයා දැනගත්තනං ඔය කමශාව තමන් තුළ ඇති වී නැතිවෙන දෙයක් හා එහි ආශ්වාදයහි අවසාන ප්‍රතිපලයහි අර්ථය කුමක්ද කියා එහෙම කරන්නෙත් නැ අපල වලට බෙහෙත් කරන්නෙත් නැ දෙය්යන්ට කන්නලව් කරන්නෙත් නැ.මොකද්ද සත්‍ය ,සත්‍ය තමා දෙය්යන්ගේන් කන්නලව් කිරීම මුලාවක් බවත් හා යමක් ඇති උනේ හේතුවකින් (දුක් වින්දනයක් හෝ සැප වින්දනයක් හෝ සැපදුක් සහිත වින්දනයක්) බවත් ඒ සියල්ලම තමා තුලින් හට ගත් බවත් එය නැති වී යන බවත් ලෝකයේ සියල්ලටම එය පොදු ධර්ම තවක් බවත්.
    [මිනිහගේ කාමී සිතිවිල්ල ආවේ ඔහු තුල පවතින වැරදි සිතිවිලි වලින් එයයි හේතුව පලය කාමී සිතුවිල්ල වේගයෙන් අභාවයට ගොස් හිරේ දුක් විදීම නැතුව දෙය්යෝ කෝප වෙලාවත් ගිරයා වැරදිලාවත් නෙමෙයි]
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔය කතාවට මම 100% එකඟයි.. බුදුන් වහන්සේත් මේ පිලිබඳව විග්‍රහ කරලා තියනවා... ග්‍රහතාරකාවකට අපේ මුලු ජීවිතෙම පාලනය කරන්න පුලුවන්නම් ඉතින් හොඳ දසාවක් තියන කාලෙකට රස්සවෙන් අස් වෙලා ගෙදරට වෙලා හිටියනම් කාලෙ හොඳ නිසා අඩු පාඩුවක් වෙන එකක් නෑ මයෙ හිතේ... ඒ වගේම තමයි දේව ඇදහිල්ලත්... මම දන්න විදිහට දෙවියන් ලබා දෙන්නේ උත්සහ වන්තයන්ට. ඉතින් යාලුවනේ උත්සහ වන්තනම් අයෙ කවුරුත් දෙන්න ඔනේද? සමහර ව්ලාවට අපි උත්සහ කලත් අපි අසාර්ථක වෙන වෙලාවල් තියනවා. එතකොට එ මොකද? උත්සහ වන්තයට දෙවියන් උදව් කල යුතුයි නෙද? ඔන්න එකටත් ලස්සන කතාවක් කියනවා එහෙම වෙන්නේ දෙවියන් පරීක්ශාවට භාජනය කරන නිසාලු.. එත් මට ලොකු ගැටලුවක් තියනවා දැන් උදාහරනයක් විදිහට මම බෞද්ධ.. මම කිසිම දෙවි කෙනෙක්ට වැඳලා නෑ කොටින්ම පන්සල් ඇතුලේ තියන දේවාලෙකටවත් ගිහින් නෑ... මම නිර්මානවාදය සම්පූර්නයෙන්ප්‍රතික්ෂේප කරනවා එහෙනම් මට දැන් ඇඩ්‍රස් නැති වෙන්න කෙල වෙලා තියෙන්න ඔනෙනෙ බන්... දෙවියො මට මොන මගුලකටද බන් මේ හැම දෙයක්ම දෙන්නේ?:P:lol: