ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කලාවට විප්ලවීය වෙනසක්
දෙරණ උඩුයටිකුරු වෙයි
tv දෙරණ පොරොන්දු වූ පරිදිම අද(01) සිට ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති කලාවට නවමු අත්දැකීමක් එක් කරමින් ආවරණයේ සිට අනාවරණය තෙක් අන්තර්ජාතික ප්‍රමිතියේ ප්‍රවෘත්ති විකාශයක් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි
අද සිට අද දෙරණ ප්‍රවෘත්ති ගෙන එන දකුණු ආසියාවේ නවීනතම සහ සුවිශාලම ප්‍රවෘත්ති මැදිරිය අද පස්වරුවේ පෙර විවෘත කරනු ලැබීය.
ඒ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් වන මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
සීඑන්එන් , එන්බීසී ,එස්ඩීටීවී චයිනා, අල්ජසීරා, ෆොක්ස් නිව්ස් වැනි ජාත්‍යන්තර නාලිකා වෙනුවෙන් ප්‍රවෘත්ති මැදිරි නිර්මාණය කළ අන්තර්ජාතික මට්ටමේ ආයතන විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද අද දෙරණ ප්‍රවෘත්ති මැදිරි සංකීර්ණය ලොව නවීනතම ආලෝකකරණ සහ කැමරාකරණ පද්ධතියකින් සමන්විතයි.
එසේම මෙම මැදිරි සංකීර්ණය දකුණු ආසියාවේ ප්‍රවෘත්ති මැදිරියක් සතු අති දැවැන්තම දර්ශන තිරයෙන් මෙන්ම නවීනතම පරිගණක සජීවිකරණ පද්ධතියකින්ද සමන්විත වෙයි.
සීඑන්එන්, ඒබීසී, එන්බීසී යන අන්තර්ජාතික රූපවාහිනී නාලිකා සඳහා තේමා සංගීතය නිර්මානය කළ ලොව ප්‍රමුඛතම සමාගමක් වන ස්ටෙෆන් ආනල්ඩ් සමාගම විසින් අද දෙරණ තේමා සංගීතය නිර්මාණය කරනු ලැබ තිබීම විශේෂත්වයක් වෙයි.
අද දෙරණ මේ සියලු වෙනස්කම් සමඟීන් පසුතල නිර්මාණ , ආලෝකකරණය , කැමරාකරණය, තේමා සංගීතය ආදී සියලු අංශයන්ගේ ලොව ඉහළම ප්‍රමිතිය පවත්වාගෙන ප්‍රේක්ෂක ඔබ වෙත අන්තර්ජාතික තලයේ ප්‍රවෘත්ති විකාශයක අත්දැකීම ගෙන ඒමට අද සිට සූදානමින් සිටී.
source-FM & TV Sri Lanka