දෙරණ TV මහරජ ගැමුණු

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    දෙරණ TV මහරජ ගැමුණු

    ada-derana.jpg

    1stmatch.gif


    මචන් popular ෆිල්ම් එක හොයන්නේ ඒ අවුරුද්දේ වැඩියෙන්ම ticket විකුණන එකලු ජනප්‍රියම ෆිල්ම් එක .. (ඒකත් එක අතකින් ඇත්තක් තමයි වගේ මොකෝ වැඩිපුර ticket විකෙනෙනව කියනේ වැඩිපුරම මිනිස්සු බලනව කියන එකනේ )

    ඉතින් දෙරණ සිනමා awards වලින් ඒ සම්මානේ හොගාන පොකුණට දීල, ඔන්න මහරජ ගැමුණු ඔය විස්ටරේ පත්තරේ දාල ගණන් මිනුම්:shocked: එක්කම .. :D .. මීට කලිනුත් දෙරණ කීපපාරක් නාගත්තා.. අර මොකක්ද තෑග්ගක් දෙන එකක නම මුලින් දාන්නේ (නම කියන්නත් කලින් ) ,ඊට කලින් අර music video award එකෙත් දෙරණ වැඩ කරන කෙනෙක්ගේ husband ට සම්මානයක් දීල අනාගත්ත .. හැබැයි දෙරණ නාගන්න යන්නේ මේපාර :D


    මෙන්න පත්තරේ විස්ටරේ


    මහරජ ගැමුණු ආදායම් වාර්තා හෝගා විකුර්ති කිරීම
    -------------------------------------------------------------------------
    2016 දෙරණ සිනමා සම්මාන උළෙල සංවිධායක මණ්‌ඩලය වෙත
    -------------------------------------------------------------------------
    ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 2016 දෙරණ සිනමා සම්මාන උළෙලට මුලින්ම අපි අපගේ සුබපැතුම් පිරිනමමු.
    එය තවදුරටත් මේ ආකාරයෙන්ම උත්කර්ෂවත්ව සහ ඇතැම්විට මීටත් වඩා විශිෂ්ටත්වයෙන් පැවැත්වෙනු දැක්‌ම අපගේ ප්‍රාර්ථනාවයි.
    එහෙත් එහි විශ්වසනීයත්වය බිඳහෙලනු ලැබූ කරුණක්‌ කෙරෙහි ඔබගේත් මේ රටේ සිනමා රසික ප්‍රජාවගේත් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතරම ඊට අදාළව එම කරුණ අපගේ සිත් රිදවූ ආකාරය ප්‍රසිද්ධියේ පැහැදිලි කිරීමට සිදුවීම පිළිබඳව කනගාටුවද පළ කරමු.
    මේ කාරණය වූ කලී 2016 දෙරණ සිනමා උළෙලේ ජූරි විනිශ්චයන් පිළිබඳව අපගේ එකඟතාව හෝ නොඑකඟතාව පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. එම විනිශ්චයන් කුමක්‌ වුqවත් අපි ඒවාට ගරු කරමු.
    ප්‍රශ්නය පැන නැඟෙන්නේ වසරේ ජනප්‍රිය චිත්‍රපටය වශයෙන් ඔබ විසින් තෝරාගනු ලබන සහ එසේ තෝරා ගැනීමේ නිර්ණායකය වශයෙන් ඔබ විසින්ම ඉදිරිපත්කළ කාරණාව සම්බන්ධයෙනි.
    ඊට අනුව වසරේ ජනප්‍රිය චිත්‍රපටය තෝරාගනු ලබන ඔබගේ නිර්ණායකය වන්නේ එම වසරේ ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතරින් වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටයය. (එම වසරට සාපේක්‍ෂව ආදායම් වාර්තා තැබූ යන්නද එයම මිස අනෙකක්‌ විය නොහැකිය.) මේ පිළිබඳව උළෙලේදී ඉතා පැහැදිලිව සඳහන් කෙරුණු බවද සිහිපත් කිරීම වටී.
    එහෙත් 2016 වසරේ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදර්ශක මණ්‌ඩලයක තිරගත කරනු ලැබූ සිංහල චිත්‍රපට අතරින් වැඩිම ආදායමක්‌ ඉපිද වූ (ආදායම් වාර්තා තැබූ) චිත්‍රපටය වන්නේ අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් නිර්මාණය කරනු ලැබූ සහ මා විසින් නිෂ්පාදනය කරනු ලැබූ "මහරජ ගැමුණු චිත්‍රපටයයි. එය ප්‍රදර්ශනය කළ ඊ. ඒ. පී. ප්‍රදර්ශන මණ්‌ඩලයේ නිල ආදායම් වාර්තාවට අනුව එහි ආදායම රුපියල් 166,478,517.97 කි. රුපියල් කෝටි 16 ඉක්‌මවීමකි.) (නැරඹූ ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 10,00464 කි.) මේ එය තවමත් සහ අනාගතයේ කෙරෙන ප්‍රදර්ශන ආදායම් නොමැතිව දෙරණ සම්මාන උළෙල පැවැත්වූ 2016 මැයි 08 දාට සීමාවය.
    එහෙත් එම මණ්‌ඩලයේම ප්‍රදර්ශනය කළ ඔබ විසින් එදා වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටය වශයෙන් සම්මාන ප්‍රදානය කළ චිත්‍රපටයේ ආදායම් වාර්තාව වන්නේ රුපියල් 145,946,753.28 කි. (රුපියල් 14 කෝටියකට අධික මුදලක්‌ පමණකි. මෙය රුපියල් ලක්‍ෂ එක්‌දහස්‌ පන්සියයකට අධික මුදලක්‌ වශයෙන් ඔබ විසින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුනු බවද සඳහන් කරන අතරම මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව ඊ. ඒ. පී. මණ්‌ඩලයෙන් ඕනෑම මොහොතක විමසා දැනගත හැකිය.
    ගරු සංවිධායක මහත්වරුනි, වැඩි ආදායම් ලැබූ සිනමා කෘතිය පසෙක තිබියදී ඊළඟට එම තත්ත්වයට එන චිත්‍රපටය හුවා දැක්‌වීමේ ඔබගේ වරද අහම්බයක්‌ද නැතහොත් යම් අගති සහගත බලපෑමක ප්‍රතිඵලයක්‌ද යන ගැටලුව දැන් අප ඉදිරියේ තිබේ. එසේ කණස්‌සළු වීමට අප පොළොඹවන අනෙක්‌ හේතු ඔබට අදාළ නොවෙතත් ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ දක්‌වා සිටීමට කැමැත්තෙමු.
    1. චිත්‍රපටය ප්‍රදර්ශනය වන වකවානුවේ ඊට සිදුවූ බරපතළ කෙණහිලිකම්.
    2. චිත්‍රපටය සඳහා පාසල් දර්ශන සංවිධානය වෙමින් තිබියදී ඒවා හදිසියේම අත්හිටුවීම සිදුකරමින් ක්‍රියාත්මක වූ නීති රීති.
    3. ඉහත කී අගතීන් යම් අදෘෂ්‍යමාන හස්‌තයක බලපෑම් මත සිදුවූ ඒවා බව අපගේ අවබෝධය වෙයි.
    මේ සියල්ල ඉදිරිපත් කරමින් අප ප්‍රකාශ කර සිsටින්නේ කිසිසේත් ඒ ජනප්‍රිය සම්මානය අපට ලබාදෙන ලෙස නොවේ. දුන් දේ අලින් ලවා වත් නැවත ඇදගත යුතු නැත. අප සිතන අන්දමට මේ පිළිබඳව අවිඥානකව සම්මානය ලබාගත් කලාකරුවන් සමගද අපගේ අමනාපයක්‌ නැත. අපිදු ඔවුනට සුබ පතමු.
    එහෙත්, ජාතික මට්‌ටමේ සම්මාන ප්‍රදානයක නිර්ණායකයන් මේ අන්දමින් සාවද්‍යවීම අප කුහුලටද, වේදනාවටද පත්කරයි. අගතිය සත්‍ය යෑයි පිළිගෙන නිහඬ වන ලෙසට අපට බලකරයි.
    එහෙයින් සම්මානය එම කලාකරුවන්ට දෙන අතරම සත්‍යය පමණක්‌ අපට ලබා දෙන්නැයි යන්න අපගේ ඉල්ලීමය.
    මෙයට
    මහරජ ගැමුණු නිෂ්පාදක
    ගුණපාල රත්නසේකර
    http://www.divaina.com/2016/05/20/cineart06.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දෙරනින් කරන්නෙම ඔය වගේ දෙකයි පනහේ වැඩ. 360 ප්‍රෝග්‍රෑම් එකේ පෝල් එකක් දාලා උන් උන්ට කැමති කැමති විදිහට බොරුව සමාජ ගත කරනව. ඔය වගේ පහත් චැනල් දියුනු වෙන රටකට අවශ්‍ය නෑ. අපේ රටේ තිබ්බට නම් කමක් නෑ, මොකද දවසින් දවස වලට යන රටක් නේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිනමාව කඩා වැටිල කියන්න බෑ නෙ බන් මුන් සෑහෙන්න හොයනවනේ
    අනිවා මචන්... හොද සිංහල ෆිල්ම් ගහනවා නම් එන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
    මේ අවුරුද්දේ එන්න තියෙන "ආලෝකෝ උදපාදී" ෆිල්ම් එක, ඔය ආදායම් වාර්තා ඔක්කොම කඩයි කියලයි මං නම් හිතන්නේ...

    බලපු නැති අයට බලන්න, trailer එක...

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා මචන්... හොද සිංහල ෆිල්ම් ගහනවා නම් එන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
    මේ අවුරුද්දේ එන්න තියෙන "ආලෝකෝ උදපාදී" ෆිල්ම් එක, ඔය ආදායම් වාර්තා ඔක්කොම කඩයි කියලයි මං නම් හිතන්නේ...

    බලපු නැති අයට බලන්න, trailer එක...

    :yes::yes: හැබැයි පහුගිය කාලේ තිබ්බ රජකතා රැල්ල හින්ද මේකත් ඒ ගොඩටම වැටිල මිනිස්සු ගණන් ගන්නේ නැති වෙයිද දන්නේ නෑ. හැබැයි ට්‍රේලර් එක බලපු කෙනෙක්ට නං අනිවා යන්න හිතෙනව :yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes::yes: හැබැයි පහුගිය කාලේ තිබ්බ රජකතා රැල්ල හින්ද මේකත් ඒ ගොඩටම වැටිල මිනිස්සු ගණන් ගන්නේ නැති වෙයිද දන්නේ නෑ. හැබැයි ට්‍රේලර් එක බලපු කෙනෙක්ට නං අනිවා යන්න හිතෙනව :yes:

    :yes::yes::yes: මං හිතනවා රැල්ලට ගිය රජ කතා වලට වඩා ගොඩක් වෙනස් වෙයි කියල...
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අනිවා මචන්... හොද සිංහල ෆිල්ම් ගහනවා නම් එන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
    මේ අවුරුද්දේ එන්න තියෙන "ආලෝකෝ උදපාදී" ෆිල්ම් එක, ඔය ආදායම් වාර්තා ඔක්කොම කඩයි කියලයි මං නම් හිතන්නේ...

    බලපු නැති අයට බලන්න, trailer එක...


    meka kawadda bn enne
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    meka kawadda bn enne

    හරියටම දවසක් දන්නේ නෑ මචන්.... මේ අවුරුද්දේ එලියට එනවා කියල නම් දන්නවා..මං හිතනවා පොසොන් හරි ඇසල පෝයට හරි එලියට දායි කියලා...
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    රේප් කපා ඇත :D.. කපහන් කපහන් .. මොකෝ මට ඈගේ වදිනවයි .. දාපන්කෝ උඹේ නමත් එක්කම උඹ කවුද කියල බලාගන්න නිකන් පො**&& වැඩ නොකර .. උඹනේ පොන්&*(^& මම නෙමේ නේ .. හැංගිලා රෙප් කපන්නේ . මන් විතරක් නෙමේ මේ ත්‍රෙඩ් එකේ comment දාපු ,bump කරපු ඔක්කොම කැමති උඹ කවුද කියල බලාගන්න:yes: .. එළියේ අදහස් ප්‍රකාශ කරපන් අපි උඹව මරන්නේ නෑ .. මම කියන කතාව වැරදිනම් මන් ඒක පිළිගන්නම්, මන් දැම්මේ මන් online දැක්ක එක :D ,ඔප්පු කරපන් උඹේ මතය (මතයක් තියෙනවනම් :confused:).
    අනික සිරස නෙමේ මොන channel එකක් උනත් මේ එළකිරියේ කට්ටියට එකයි .. කියන දේ කියනවා .



    දෙරණ TV මහරජ ගැමුණු 05-21-2016 07:30 PM Sirasa Hoda athi ubata neh ? pala ponnayo yanna..ballige putha
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙරණ කියන්නේ අනිත් උන් කොපි කර කර, විශේෂයෙන් ම සිරස කොපි කර කර, උන්ටම ගහන්න ගිහින් අන්තිමේ හත්පොලේ ගාගෙන චාටර් වෙන මාධ්‍ය ආයතනයක් කියල කවුරුත් දන්නවා නේ බන්....:rofl::rofl:

    ඕකුන් කරොත් ගොම නානවා...අසීමාන්තිකව කඩේ යන්න ගිහින් එකෙක් ජොබ් එකත් නැති කරගත්ත මතකනේ..උදේට පත්තරේ විස්තරේ ගහගන්න වගේ කියෝන උන් පට්ට මාධ්‍යවේදියෝ වගේ උලුප්පල පෙන්නනකොට, අර ප්රෙමකීර්තිද අල්විස් වගේ ශ්‍රේෂ්ට මිනිස්සුන්ට කියන්නේ මොනවද කියල හිතෙනවා...:rolleyes:

    ඒ අතින් ගත්තම හිරු එක සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා...දෙරණ නම් ගොම ගොඩක්..:yes::yes: