දෙවන ලෝක යුද්ධයේ අප්‍රසිද්ධ කරුණු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධයේ අප්‍රසිද්ධ කරුණු

    rodO8wi.jpg

    අප දන්නා ඉතිහාසය තුල විශාලතම විනාශය සිදුවූයේ දෙවන ලෝක සංග්‍රාමයේදීය.එසමයේ ලෝක බලවතුන්ව සිටි ඇමෙරිකා එක්සත් ජනපදය,සෝවියට් දේශය එකම පක්ෂයක සටන් වැදුණු අවසන් වතාවද එය විය.මේ ලිපියෙන් විමසා බලන්නේ දෙවන ලෝක යුද්ධය ගැන එතරම් ප්‍රසිද්ධ නොවූ කරුණු කිහිපයකි.



    1940 වන විට ජර්මනියට වඩා යුද ටැංකි,තුවක්කු සහ හමුදා සෙබලුන් ප්‍රංශය සතුවිය.

    අප අසා තිබෙන පරිදි දෙවන ලෝක යුද සමයේදී ලොව වෙනත් කිසිම රටක නොදෙවෙනි යුද තාක්ෂණයක්,හමුදා බලයක් ජර්මනිය සතු වූ බවත් ඔවුන්ගේ යුද සහ ගුවන් හමුදා නවීන තාක්ෂණයේ පිහිටෙන් 1940 මැයි පමණ වන විට ජයග්‍රහණ රැසක් ලබා සිටි බවත්ය.නමුත් යථාර්ථය ඊට වඩා බොහෝ වෙනස්ය.1940 මැයි 10 දා ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කරද්දී ඔවුන්ගේ සේනාංක 135න් 16ක් පමණක් යාන්ත්‍රික රථ භාවිතා කර සෙබලුන් ප්‍රවාහනය කර තිබේ.ඉතිරි සෙබලුන් අශ්වයින්ගේ සහායෙන්(කරත්ත ) සහ පයින් ගමන් කර තිබේ.නමුත් ප්‍රංශය සතු සේනාංක 117ක් යාන්ත්‍රික රථ යොදාගෙන තිබේ.ප්‍රංශය සතුව ගිනි අවි විශාල ප්‍රමාණයක් තිබිණි.ජර්මනිය සතුව කාලතුවක්කු 7,378ක්ද ප්‍රංශය සතුව කාලතුවක්කු 10,700ක්ද තිබී ඇත.එපමණක් නොවේ ප්‍රංශය සතුවූ යුද ටැංකි ගණන 3,254ක් වූ අතර ජර්මනියට තිබුණේ 2,439කි.ප්‍රංශයේ යුද ටැංකි ප්‍රමාණයෙන් විශාල වූ අතර ජර්මන් ඒවාට වඩා හොඳින් සන්නද්ධ වූ ශක්තිමත් සන්නාහයන්ගෙන් යුක්ත විය.

    ZNSWm9e.jpg





    එක්සත් රාජධානියේ මිනිස් බලය යෙදවිමේ ප්‍රමුඛත්වය

    යුද්ධය ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍යය තම ගුවන් සහ නාවික බලය වැඩිකරගැනීමට සැලකිල්ලක් දැක්වීය.නමුත් ප්‍රංශය යටත්වීමෙන් පසුව තම තම හමුදාව වැඩිකල යුතුබව බ්‍රිතාන්‍යයට වැටහිණි.කෙසේවෙතත් 1944 වසන්ත කාලය වන තෙක් බ්‍රිතාන්‍යයේ මිනිස් බලය විශාල වශයෙන් යොදාගත්තේ ඔවුන්ගේ නාවික,ගුවන් හෝ යුද හමුදාවලට නොව ගුවන් යානා නිෂ්පාදනය කිරීම උදෙසාය.යුද සමයේදී බ්‍රිතාන්‍යය තුල ගුවන් යානා 132,500 නිපදවා තිබේ.නමුත් ප්‍රසිද්ධ ගුවන් සටනක් වූ බ්‍රිතාන්‍ය සටන සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍ය සතුව තිබුණේ ප්‍රහාරක යානා 750 පමණි.

    Aje5olE.jpg





    මිත්‍ර පාර්ශ්විකයන්ගේ වෙළඳා නෞකා අහිමිවීම 1% ප්‍රතිශතයක් විය.

    දෙවන ලෝක යුද සමයේ උතුරු අත්ලාන්තික්,ආක්ටික් ප්‍රදේශවල ගිලී ගිය මිත්‍ර පාර්ශ්වික නෞකා ප්‍රමාණය 1.48% ප්‍රතිශතයක් වේ.ඒවන විට නෞකා 323,090ක් යාත්‍රා කරමින් තිබූ අතර ඉන් 4,786ක් ගිලී ගොස් තිබේ.ඉන් නෞකා 2,562ක් බ්‍රිතාන්‍යයට අයත් විය.එම කාලයේ සාමාන්‍යයක් ලෙස ගත්විට බ්‍රිතාන්‍ය නෞකා 2000ක් පමණ දිනකට යාත්‍රා කර තිබේ.

    gzKHmMH.jpg





    යුරෝපය තුල අවම සලාකනය ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍යයේය.

    ප්‍රංශය බ්‍රිතාන්‍යය යුද්ධය ආරම්භ කලේ සලාකනය නොමැතිවයි.බ්‍රිතාන්‍යයන් එය හඳුන්වා දුන්නේ 1940 ජනවාරි මාසයේය.ප්‍රංශය 1940 ජූනි හි පරාජය වන තෙක් එය සිදුකර නොමැත.ජර්මනිය සලාක ක්‍රමයට ආහාර සැපයීම යුද්ධයට පෙර හඳුන්වා දුන් අතර ඔවුන්ගේ හමුදාවට සහ අතිවිශාල ජනගහනයට ආහාර සැපයීම යුද්ධය අවසන් වන තෙක්ම දැඩි අරගලයක යෙදිණි.බ්‍රිතාන්‍යයන් කිසිවිටෙක බඩගින්නේ සිටියේ නැත.ඔවුන් 1945 වන තෙක්ම සාර්ථකව ආහාර සලාක ක්‍රමයට ලබාදෙමින් යුරෝපයේ අනෙක් රටවලට වඩා සාර්ථක විය

    WaRqwk0.jpg





    ජපානයේ රොකට් බලයෙන් ක්‍රියාත්මක මරාගෙන මැරෙන යානා(Kamikaze)

    දෙවන ලෝක යුද සමයේදී රොකට් බලයෙන් ක්‍රියාකරන ගුවන් යානා තිබූ එකම රට ජර්මනිය නොවේ.බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා තාක්ෂණයට මුහුණ දීමට ජපනුන් ඔකා නම් රොකට් බලයෙන් ක්‍රියාත්මක නියමුවෙක් සහිත නෞකා නාශක මිසයිලයක් හා සමාන යානා නිර්මාණය කලේය.ඒවා යුද්ධය අවසන් සමයේදී ඇමෙරිකානු නාවික හමුදාවට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ලදි.ඒවා මව් යානයකින් ඉලක්කයට නියමිත දුරකදී මුදා හල අතර බොහෝවිට ඒවාහි ඉලක්කය වූයේ නෞකාය.මේවා පැයට සැතපුම් 600ක පමණ වේගයකින් ගමන් කල බව පැවසේ.මෙම යානා පැදවූ නියමුවන් Jinrai Butai නමින් හැඳින්වීය.කොතරම් මාරාන්තික් අවියක් වුවද ඒවාට ගිල්වා දැමීමට හැකිවූයේ මිත්‍ර පාර්ශ්වික නෞකා 3ක් පමණි.

    4sjdW7m.jpg





    යුද්ධයට සහභාගී වූ අත්දැකීම් බහුලම හමුදා නායකයා වූයේ ෆීල්ඩ් මාර්ෂල් ඇලෙක්සැන්ඩර්ය.

    ෆීල්ඩ් මාර්ෂල් ඇලෙක්සැන්ඩර් යනු යුද්ධය අවසානයේදී ඕනෑම බ්‍රිතාන්‍යයෙක් දැන සිටි වීරයෙකි.නමුත් අද වන විට ඔහු එතරම් ප්‍රසිද්ධ අයෙක් නොවේ.ඔහු සුවිශේෂී සේවා කාලයක් තිබූ හමුදා නායකයෙකි.හමුදා නිලධාරියෙක් ලෙස ඉදිරි පෙරමුණේ සේවය කල ඇලෙක්සැන්ඩර් පළමු ලෝක යුද්ධයේදී බ්‍රිගේඩියවරයෙක් ලෙස කටයුතු කලේය.1930 දශකයේදී Nowshera සේනාංකයේද 1940දී ප්‍රංශයේ පළමු සේනාංකයේද සේවය කල ඔහු 1942දී බුරුමයේ බ්‍රිතාන්‍ය හමුදා මෙහෙයවීය.ඔහු මැදපෙරදිග හමුදාවලට අණදුන් අතර අවසනයේදී මධ්‍යධරණී කලාපයේ මිත්‍ර පාර්ශ්වික හමුදාවලට ප්‍රධාන අණදෙන්නා බවට පත්විය.1919-20 කාලයේදී ලැටිව්යා හි රුසියානු හමුදාවලට එරෙහිව ජර්මන් හමුදාවට අණදුන්නේද ඇලෙක්සැන්ඩර්ය.

    CskpWXM.jpg





    ජර්මන් සහ මිත්‍ර පාර්ශ්වික ගුවන් නියමුවන් අතර වෙනස

    ජර්මන් ගුවන් හමුදාව දිගු දුර මෙහෙයුම්වලට දක්ෂයන් වූ අතර ආරක්ෂාවක් නොමැතිව ගොස් සතුරු යානා විශාල වශයෙන් බිම හෙළීමට ඔවුන්ට හැකිවිය.නැගෙනහිර පෙරමුණේදී ඔවුන්ට මුණගැහෙන්නේ දුර්වල ලෙස සන්නද්ධ වූ අවම පුහුණුවක් සහිත සෝවියට් ගුවන් හමුදාවයි.එහිදී ජර්මන් නියමුවන් හොඳ දස්කම් දැක්වීය.බිබි හාර්ට්මැන් නම් ජර්මන් නියමුවා ගුවන් යානා 352ක් බිම හෙළා තිබේ.ඉන් 99%ක්ම සෝවියට් ගුවන් යානාය.මිත්‍ර පාර්ශ්වික ගුවන් හමුදා අතරින් වැඩිම දස්කම් පෙන්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවයි.ජේම්ස් ජොන්සන් නම් බ්‍රිතාන්‍ය නියමුවා සතුරු යානා 38ක් බිම හෙළීමට සමත්ව තිබේ.

    mawRLuO.jpg
    බිබි හාර්ට්මැන් සහ ජේම්ස් ජොන්සන්​





    යුද සමයේදී ජර්මනියට මෝටර් රථවලින් සැපයූ ප්‍රවාහන සේවා අවම විය.

    යුද සමයේ ජර්මනියේ පතුරවා හැරි ප්‍රචාරණයක් වූයේ ඔවුන්ගේ යාන්ත්‍රික හැකියාව සහ හමුදාවේ නවීනත්වය ඉතා ඉහළ බවයි.මෙය අදත් බොහෝදෙනා පිළිගන්නා අසත්‍යයකි.සත්‍යය නම් 1939 වන විට බටහිර යුරෝපය තුල අඩුම යාන්ත්‍රික රථ ප්‍රමාණය සතුවූයේ ජර්මනියයි.යුද්ධය ආරම්භවීමත් සමග ජර්මනියේ පුද්ගලයන් 47කට එක් මෝටර් වාහනයක් තිබිණි.බ්‍රිතාන්‍යයේ එය පුද්ගලයන් 14:1ක් විය.ප්‍රංශයේ 8:1කි.එක්සත් ජනපදයේ 4:1කි.එහි තේරුම නම් ජර්මන් හමුදා විශාල වශයෙන් දුම් රිය ,අශ්වයන් සහ කරත්ත මත යැපීමයි.1940 මැයි වන විට ඔවුන්ගේ හමුදා සේනාංක 16ක් යාන්ත්‍රික විය.

    mmPDuSL.jpg





    Source:Historyextra.com

    -HarshaLulzSec-
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මොන කරුමයක්ද මංද. හොඳ ත්‍රෙඩ් එකකට බම්ප් එකක් වත් නැත්තෙ :(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Bump....

    but ubata REP+ denna widiyak naa ban. Waate yannalu... :(
    Thanks :)


    මොන කරුමයක්ද මංද. හොඳ ත්‍රෙඩ් එකකට බම්ප් එකක් වත් නැත්තෙ :(
    Thanks :)
    ඒවා එහෙම තමයි බන්.ඕවා ගැන කතා කරලා වැඩක් නෑ

    Thanks :)

    Thanks :)

    Thanks :)

    Thanks :)

    another good post
    thnx machan
    Thanks :)
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    හැමදාම වගේ නියම ත්‍රෙඩ් එකක් බන්:yes::yes::yes:. උබ මේ වගේ එවා දාපන් අපි බලනවා
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    බම්ප් මචෝ.. උබේ ත්‍රෙඩ් ඔක්කොම පට්ට.උබට කලින් රෙප් දීලලු බං