දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව්

    මිත්‍ර පාර්ශ්වික රටවල ජනගහනය බිලියන භාගයකි.අක්ෂ බලවතුන්ගේ ජනගහනය මිලියන එකසිය පනහක් විය.මෙම අනුපාතය නිසා ජර්මනියට තනිවම ප්‍රබල සටනක් කරන්නට සිදුවිය.ජර්මනිය ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට එරෙහිව කෙසේවෙතත් ,ජර්මනිය බ්‍රිතාන්‍යය ,එක්සත් ජනපදය සහ සෝවියට්දේශයට එරෙහිව සටන් කිරීම යනු සැබවින්ම පරාජයකි.

    0QkTyoM.png

    නිල් පැහැයෙන් අක්ෂ බලවතුන්ගේ රටවල් සහ යටත් විජිත, තද කොළ පැහැයෙන් මිත්‍ර පාර්ශ්වික රටවල් සහ ඔවුන්ගේ යටත් විජිත, ලා කොළ පැහැයෙන්-පර්ල් වරාය ප්‍රහාරයෙන් පසුව මිත්‍ර පාර්ශ්විකයන්ට එකතුවූ රටවල්, අළු පැහැයෙන් යුද්ධයට සම්බන්ධ නොවූ රටවල්




    දෙවන ලෝක යුද්ධයේ මරණවලින් 3/2 ක් සෝවියට් දේශයට(27,000,000) සහ චීනයට(15,000,000)දරන්නට සිදුවිය.තුන්වැනියට වැඩිම මරණ වැඩිම සිදුවූයේ ජර්මනියටයි.ඔවුන්ගේ ගණන 8,000,000ක් පමණ වේ.

    nBbLgSx.png




    ජර්මන් මරණවලින් 5/4ක්ම සිදුවූයේ නැගෙනහිර සටන් පෙරමුණේදීය.නැගෙනහිර සටන් පෙරමුණ යනු ජර්මානුවන් සෝවියට් දේශයට එරෙහිව දියත් කල සටනෙන් පසු මතුවූ සෝවියට් ප්‍රතිරෝධයයි.ස්ටාලින්ග්‍රාඩ් සටනින් ඇරඹි රුසියානුවන්ගේ ජයග්‍රාහී ගමන 1945දී බර්ලීනයෙන් අවසන් වන තෙක් නාසීන් ඔවුන් සිදුකල ඓතිහාසික වරදට වන්දි ගෙවන්න සිදුවිය.බ්‍රිතාන්‍යය කාලය දුන්හ,එක්සත් ජනපදය යුදෝපකරණ දුන්හ,සෝවියට් දේශය රුධිරය දුන්හ යනුවෙන් පැරණි කියමනක් තිබේ.

    r7kRms5.gif




    පළමු ලෝක යුද්ධයේදී සිදුවූ මරණවලින් 95%ක් හමුදා මරණයි.නමුත් දෙවන ලෝක යුද්ධයේදී හමුදා මරණ ප්‍රතිශතය 33%ක් දක්වා පහත වැටුණි.ජපානයේ සහ ජර්මනියේ උපායමාර්ගය වූයේ සිවිල් ජනගහනය වැනසීමයි.මිත්‍ර පාර්ශ්වික රටවල්ද අවසානයේදී තම ගුවන් මෙහෙයුම්වලදී මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලදි.

    9PHkFYS.png


    KhRpM9P.png




    බ්‍රිතාන්‍යයන් වැඩිම පිරිසක් මියගියේ ගුවන් යානා තුලය(60,000ක් පමණ).එය හදිසි ප්‍රහාරවලින්(බ්‍රිතාන්‍යයට ගුවනින් බෝම්බ හෙළීම) මියගිය ගණනට(40,000 පමණ) වඩා වැඩිය.බ්‍රිතාන්‍යට එරෙහිව සිදූ බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලින් මියගිය සිවිල් වැසියන් ගණනට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ගුවන් සෙබලුන්ද මියගියහ.

    wkMsAx5.jpg




    බ්‍රිතාන්‍යය සටනේදී ජර්මානුවන් ටොන් 18,000ක් බර බෝම්බ හෙළා තිබේ.1944දී ජර්මනියට හෙළා තිබෙන බෝම්බවල බර ටොන් 900,000ක් වෙතැයි කියවේ.යුද්ධයේ මුල් කාලයේදි ජර්මනිය බ්‍රිතාන්‍යයට බෝම්බ හෙළන ලදි.යුද්ධයේ අවසන් සමයේ බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ජර්මනියට බෝම්බ හෙළන ලදි.යුද්ධය අවසානයට ලගාවන විට ගුවන් හමුදාවන් ප්‍රසාරණය විය,බෝම්බවල බලය සහ ප්‍රමාණය විශාල විය.තවද නියාමක බෝම්බ නිර්මාණය වීමේ හමුවේ නිරවද්‍යව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබිණි.

    8XS3D9U.png

    දෙවන ලෝක යුද්ධය තුල බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා ගුවන් හමුදාවන් ජර්මනියට හෙලූ බෝම්බවල බර

    ydodxyS.jpg
    මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක්වූ ඩ්‍රෙස්ඩන් නගරයේ සිවිල් වැසියන්ගේ මළසිරුරු​




    දෙවන ලෝක සංග්‍රාමය තුල විදේශයන්හිදී එක්සත් ජනපදයට ගුවන් යානා 45,581ක් අහිමිවිය.ඉන් යානා 22,948ක් විනාශ වූයේ සටන්වලදීය.

    QLpzTo2.png
    දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපදයට සිදුවූ ජීවිත හානිය​




    හිට්ලර්ගේ නියමය පරිදි 1939-1945 සමයේ යුදෙව්වන් මිලියන 6ක් පමණ මරාදමන ලදි.ස්ටාලින් විසින් යුක්‍රේන ජාතිකයින් මිලියන 7ක් මරාදමන ලදි(1932-1933).යුරෝපය තුල යුදෙව් සංහාරය සඳහා ගෑස් ,වෙඩි තැබීම සහ නිරාහාරව තැබීම යන ක්‍රම භාවිතා කරන ලදි.සමහරුන් මෙම සිද්ධීන් සිදුනොවූ බවට තර්ක කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි රහිතවයි.

    WWhJEBe.png




    ඩෙන්මාර්කයේ යුදෙව් ජනගහනයෙන් 0.7%ක් සමූලඝාතනය කරන ලදි.පෝලන්තයේ යුදෙව්වන්ගෙන් 90% ඝාතනයට ලක්විය.මේ අයුරින් යුරෝපයේ ජර්මනිය යටත් කරගත් රටවල විවිධ ප්‍රතිශතවලින් යුදෙව් සංහාරය සිදුවිය.

    HL9XPmR.png




    දෙවන ලෝක යුද සමයේදී යූ බෝට්ස් හෙවත් ජර්මන් සබ්මැරීනවල ජර්මානුවන් 40,000ක් පමණ සේවය කර තිබේ.ඔවුන්ගෙන් 28,000ක් මියගියහ.එක්සත් ජනපද සබ්මැරීනවල 16,000ක් දෙනා සේවය කල අතර ඉන් 3,506ක් මියගියහ.

    axsBe8v.jpg





    Source:Strangehistory.net

    -HarshaLulzSec-
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. මම බුක්මාක් දාගත්තා..
    උඹට අද තමා රෙප් දෙන්න පුළුවන් උනේ..
    ඉවර වෙන්න කලින් ඔන්න රෙප් දුන්නා..
    REP 36+
     

    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    The original quote is British Brains, American Brawn and Russia Blood.

    British Brains means intelligence
    American Brawn means War materials. Americans gain HUGE profit from this war. Their GDP nearly doubled during the war period


    By Russian leader Joseph Stalin
    Translate from Russian language
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඇගත් රිදෙන්න ගත්ත යකෝ මේවා දැකල.....

    ලංකවෙඉථ් ගණන් හිලව් හදුවනන් හොදා ...
     
    • Like
    Reactions: HarshaLulzSec

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ්‍රිතාන්‍යයන් වැඩිම පිරිසක් මියගියේ ගුවන් යානා තුලය(60,000ක් පමණා).එය හදිසි ප්‍රහාරවලින්(බ්‍රිතාන්‍යයට ගුවනින් බෝම්බ හෙළීම) මියගිය ගණනට(40,000 පමණ) වඩා අඩුය.
    WTF ?? 60000 < 40000 ??
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලනකොට ලෝක ජනගහනයෙන් බරගානක් මැරිලා.. මෙහෙම මරුනේ නැත්නම් සමහර විට දැනට ලෝකේ ජනගහනය මිට වැඩ දෙතුන් ගුණයක් වෙන්න ඉඩ තියෙනවා.අපරාදේ ඔය කාලේදී මේ අරාබියට ඔහොම දෙයක් කරනම් හොදයි කියල හිතෙනවා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බලනකොට ලෝක ජනගහනයෙන් බරගානක් මැරිලා.. මෙහෙම මරුනේ නැත්නම් සමහර විට දැනට ලෝකේ ජනගහනය මිට වැඩ දෙතුන් ගුණයක් වෙන්න ඉඩ තියෙනවා.අපරාදේ ඔය කාලේදී මේ අරාබියට ඔහොම දෙයක් කරනම් හොදයි කියල හිතෙනවා.

    හිට්ලර් එක්ක අරාබියේ වුනුත් එකතු වුනා.මුස්ලිම් සේනාංක පවා හිටියා කියන්නේ හිට්ලර්ගේ හමුදාවේ.යුදෙව් සංහාරය උනුත් උපරිමයෙන් කරන්න ඇති.