දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

Apr 25, 2018
219
11
0
colombo
දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි කරන්නේ සජීවී චලන චිත්‍ර හෝ රූප තුලින් අප තුල මැවී තිබු සංකල්ප සමඟ ගැටෙමිනි. බොහෝ විට මෙවන් සුරඟන කතාවන් යල්පැන ගිය, අසාධාරණ බැවින් පිරි ගිය ප්‍රහෙලිකාවක් සේ හැඳින්විය හැකිය.

සින්ඩරෙල්ලා, බියුටි සහ බීස්ට් , වැනි කතාවන් ජනප්‍රිය සංස්කෘතිය තුල බලවත් සේ ගැඹුරට කිඳා බස ඇති වුවත් එයින් සමාජීය අදහස් වලට හානි ගෙන දෙන්නේ විවාහය, ස්ත්‍රීත්වය, පිළිකුල් කරන චරිත මෙන්ම අවර ගණයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සමඟ වාර්ගික අසමබරතාවය නිරුපණය කරන නිසාය.

සුරඟන කතාවන් සහ ස්ත්‍රීත්වය කෘතියේ කතුවරයා වන ඩොනල්ඩ් ගේස් පවසන්නේ ළමා පරපුර දිරිගැන්වීම වෙනුවට මෙවන් පසුබෑමකින් යුතු මානසිකත්වය මැවීමට මෙම සුරඟන කතා සමත්වන නිසාවෙන් දෙමවුපියන් එම කතා කියවීමට දරුවන් උනන්දු නොකළ යුතු බවයි. ඔවුන් මෙවන් කතා පැවසීම හෝ කියවීම තුල ප්‍රශ්නාර්තයන් මතු කරන්නට සමත් වනවා. එය ළමා මානසිකත්වය තුල අනවශය් කුතුහලයක් ගොඩනන්වනවා” යැයි වේන් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ගේස් පවසයි.

පිරිමින් විසින් බේරා ගන්න ඉවසිලිවන්ත චරිතයන් වන කාන්තාවන්

ස්නෝවයිට් , ස්ල්පින්ග් බියුටි, සින්ඩරෙල්ලා වැනි කාන්තාවන් සියල්ල තුල අන්තර්ගතය පොදුය. එහි එන කාන්තා චරිතයන් රූමත්, කදිම ක්‍රියාකාරිත්වයක් සහිත, චරිතයන් වුවත් එම සෑම චරිතයකම ජිවිතයේ යම් කාලයකදී අත්විදින දුක්බර සිදුවීමක් හෝ සදාකාලික නින්දක් තුලින් බේරාගන්නේ වීරයෙකු ලෙස ක්‍රියාත්මක කුමරෙකු වටා බැඳී පවතී. සැබෑ ආදරයක් සඳහා වීර වික්‍රමාන්විත ක්‍රියාවලියක් දියත්වෙමින් ක්‍රියාත්මක වන කඩවසම් කුමාරවරුන්ගේ චරිතයක් මෙහිදී ප්‍රමුඛ වේ. මෙයින් වඩාත් ක්‍රියාකාරිත්වයක් පිරිමින් තුල උද්දීපනය කරන නමුත් දෙපාර්ශවයම අනවශ්‍ය පීඩාවකට ලක්වීම සිදුවන්නකි. කාන්තාව සැමවිට දුබල, පිරිමියෙකු විසින් සැමවිටම බේරාගතයුතු තත්වයකට පත් වෙන කෙනෙකු බව මේ කතාවලින් ඉස්මතු වේ. බටහිර සම්ප්‍රදායික රාමුව තුල කාන්තාවගේ කාර්ය භාර්ය නොසලකා හැරීමක් මෙහිදී සිදුවන්නක් බව විද්වතෙකු වන ආචාර්ය වික්ටෝරියා ශෝව්මින් පවසන්නීය.

විවාහය මුලික ක්‍රියාවයි
සංස්කෘතිමය වශයෙන් විවාහය හා රාජකීයත්වය එකට සබැඳි දෙයකි. එමෙන්ම “විවාහ වෙන්න අනතරුව ඔබට සතුටින් ජීවත්වීමට හැකිය. “යන්න කෙතරම් දුරට සත්‍යද යන්න ප්‍රායෝගිකව අත්විද ගත යුතු දෙයකි. ලිට්ල් මර්මෙඩ්, සින්ඩරෙල්ලා මෙන්ම ස්ලිපින්ග් බියුටි වැනි කතාවන් තුලින් විවාහයේ අපුර්වත්වය ප්‍රකට කර ඇත. විවාහය යන්න වෘත්තිමය, මුල්‍යමය සහ සමාජීය සංකලනයේ සාර්ථකත්වය වටිනාකම ඉස්මතු කරන්නට සමත් වන දෙයකි . මේ අනුව බලන කල අවිවාහක පුද්ගලයා සමාජය තුල අසාර්ථක තැනක් අහිමි පුද්ගලයෙකු ලෙස ඉස්මතු කිරීම මෙම කතාවලින් සිදුවන්නකි.

රුපයේ විවිධත්වය ඉස්මතු නොවේ
සැබවින්ම ඩිස්නි කුමරියන් සුරූපී, හීන්දැරී , සිත්ගන්න පෙනුමැති, මෙන්ම බාහිර සමේ පැහැය සුදු කාන්තාවන් වේ. මුලාන් පෝකහොන්ටාස්, ජැස්මින් කුමරිය හැරෙන්නට අනිත් චරිතවල සුදු මුහුණුවර ඉස්මතු කර ඇත්තේ උසස් බවනිරුපණය කරමිනි. එසේම මෙසේ පළමුවරට මෙම සුරඟන කතාවන් තුලින් රුව හඳුනාගන්නා දරුවෙකු, සුදු කෙසඟ සිරුරක් උරුම වීම වටිනා සම්පතක් ලෙස දකින්නට පෙළඹේ. මෙම වටහා ගැනීම තුල සුරූපී බව ඉස්මතුවන්නේ සුදු හා කෙසඟ තුලින් යන්න මනසට රුවා ගනී. මෙහිදී මෙම චරිත ස්වභාවය ලිංගිකව ප්‍රතිවිරුද්ධයන් ආකර්ෂණයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවට ඉස්මතු කරයි. මෙයින් දරුවන් තුල තම රූපය හා සමේපැහැය ගැන හීනමානයක් ඇතිවීම සිදුවේ.

නිවසටම කොටු වූ කාන්තා චරිතයන්

ස්නෝවයිට් , බෙල්, සින්ඩරෙල්ලා වැනි සුරඟන කතාවල පොදු ලක්ෂණයක් නම් කුමරියන් නිවාස තුලටම වී සිටීමය. මෙලෙසම කාන්තා චරිතය පිරිමියෙකු යටතට පත්කර තිබීමද කැපී පෙනෙන්නකි.

නපුරු කුඩම්මා/මව/සොහොයුරියන් /යක්ෂයන් ගේ ග්‍රහණයට යටත් වීම
සුරඟන කතාවල නපුරු චරිතයන් තුල කුමරියන් ග්‍රහණයට හසුවීම සුලභ සංසිද්ධියකි. සිදරෙල්ල හි නපුරු කුඩම්මා, ඇයගේ කැත සොයුරියන්,යුර්සුලාහි යක්ෂ පෙනුමැති ආරාමය මෙයට කදිම උදාහරණයන්ය. මෙය දරුවන් හා පවුල අතර සම්බන්ධතාවය දුරස්කරලීම ගැන ළමා මනසට අනවශ්‍ය පීඩනයක් ගෙනදීමට සමත්ය.http://thewoman.lk/disney-princess-to-think-twice/
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    3rd wave feminism promote කරලා ගොන් ආතල් ගන්නේ නැතුව නිකන් හිටපන්. ඔය 3rd wave feminism promote කරන කට්ටිය බලන්න ඔක්කොම එක්කෝ divorce වෙලා එහෙම නැත්නම් බැඳලා නැහැ . ළමයි නැහැ. එහෙම නැත්නම් බැඳලා ඉන්නේ beta male කෙනෙක්ව.

    සුරඟන කතාවලට සුරංගනා කතා කියන්නේ එව්වා සුරඟන කතා නිසා.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    3rd wave feminism promote කරලා ගොන් ආතල් ගන්නේ නැතුව නිකන් හිටපන්. ඔය 3rd wave feminism promote කරන කට්ටිය බලන්න ඔක්කොම එක්කෝ divorce වෙලා එහෙම නැත්නම් බැඳලා නැහැ . ළමයි නැහැ. එහෙම නැත්නම් බැඳලා ඉන්නේ beta male කෙනෙක්ව.

    සුරඟන කතාවලට සුරංගනා කතා කියන්නේ එව්වා සුරඟන කතා නිසා.

    :yes::yes::yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    3rd wave feminism promote කරලා ගොන් ආතල් ගන්නේ නැතුව නිකන් හිටපන්. ඔය 3rd wave feminism promote කරන කට්ටිය බලන්න ඔක්කොම එක්කෝ divorce වෙලා එහෙම නැත්නම් බැඳලා නැහැ . ළමයි නැහැ. එහෙම නැත්නම් බැඳලා ඉන්නේ beta male කෙනෙක්ව.

    සුරඟන කතාවලට සුරංගනා කතා කියන්නේ එව්වා සුරඟන කතා නිසා.

    සහ, බැඳලා ඉද්දි වටේ යන්න ගිහින් මිනිහට මට්ටු වෙලා, පුකට පයින් ගහල එළවලා යන එන මන් නැතුව ඉන්න උන්. එහෙම කීපදෙනෙක්ම ඉන්නවා මන් දන්න.
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    3rd wave feminism promote කරලා ගොන් ආතල් ගන්නේ නැතුව නිකන් හිටපන්. ඔය 3rd wave feminism promote කරන කට්ටිය බලන්න ඔක්කොම එක්කෝ divorce වෙලා එහෙම නැත්නම් බැඳලා නැහැ . ළමයි නැහැ. එහෙම නැත්නම් බැඳලා ඉන්නේ beta male කෙනෙක්ව.

    සුරඟන කතාවලට සුරංගනා කතා කියන්නේ එව්වා සුරඟන කතා නිසා.

    ohoma kiyanne oyath ehema wenna thi
     
    Similar threads