දෙව්ලොව ගමන

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    ඔබේ වෛද්‍යවරයාට සවන් දී ඔහු පවසන අන්දමට දිවිපෙවෙත ගතකළහොත් දිගු කලක්‌ නිරෝගී ජීවිතයක්‌ ගත කළ හැකි වූවද, වෛද්‍ය උපදෙස්‌ පිළිපැදීමෙන් හැමවිටම සාර්ථක ප්‍රතිඵල අත්වේදැයි කෙනෙක්‌ තුළ සැකයක්‌ පහළ වේ.

    යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වා ගන්නේ කෙසේ දැයි මගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට මම නිතර උපදෙස්‌ දෙමි.

    දිනක්‌ මගේ හිතවත් රෝගියෙක්‌ මේ පිළිබඳ පැවසූ කතාවක්‌ රසවීඳීමේ අවස්‌ථාව මට උදාවිය. පාඨකයන්ගේ රසවින්දය සඳහා ඒ උපහාසාත්මක කතාව පහත පළකරමි.

    85 වැනි වියේ පසුවූ වියපත් යුවළක්‌ සිටියහ. ඔවුන් විවාහ වී වසර හැටක්‌ ගතවී තිබිණි. එතරම් පොහොසතුන් නොවුණද සකසුරුවම් ලෙස ජීවත් වුණ ඔවුහු තම ආදායමේ හැටියට වියදම් කරමින් සතුටින් කාලය ගත කළහ. තම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස්‌ අකුරටම පිළිපැදි ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව පසුවූහ. බිරිඳගේ බලකිරීම නිසා සැමියා නිතිපතා ව්‍යායාම වල නිරත වූ අතර දෙදෙනාම ආහාරයට ගත්තේ වෛද්‍යවරයා නිර්දේශ කළ සෞඛ්‍යයට හිතකර ආහාර පාන පමණකි.

    නිවාඩුවක්‌ ගතකිරීම සඳහා ගුවනින් විදෙස්‌ රටකට යන අතරතුර අවාසනාවකට මෙන් ඔවුqන් ගමන්ගත් ගුවන්යානයේ යාන්ත්‍රික දෝෂයක්‌ නිසා කඩා වැටුණෙන් දෙදෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.

    මොහොතකින් ඔවුන් දෙදෙනා දෙව්ලොවට පිවිසෙන ද්වාරය අබියස සිටිනු දක්‌නට ලැබිණි. ශාන්ත පීතරතුමා ඔවුන් සාදරයෙන් පිළිගෙන දෙව්ලොව තුළට කැඳවාගෙන ගියේය.

    රනින් නිමකළ ගෘහ භාණ්‌ඩ ආදියෙන්ද, අවශ්‍ය කරන සෑම දෙයකින්ම සම්පූර්ණ මුළුතැන් ගෙයකින්ද, මනහර දිය ඇල්ලක්‌ සහිත අංග සම්පූර්ණ නාන කාමරයකින්ද යුත් මනහර මන්දිරයකට එතුමා ඔවුන් කැඳවාගෙන ගියේය. සේවිකාවක්‌ නිදන කාමරයේ ඔවුන්ට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් සකස්‌ කරමින් සිටියාය.

    "අපි ඔබ දෙපළව දෙව්ලොවට සාදරයෙන් පිළිගන්නව. මේ තමා ඔබලගෙ අලුත් නිවස යි ශාන්ත පීතරතුමා පැවසූ විට ඔවුහු විස්‌මයෙන් ගල් ගැසී බලා සිටියහ.

    "ඉතින් අපි මේ මන්දිරේට කොච්චර කුලියක්‌ ගෙවන්ඩ ඕනෑද?" යි වියපත් තැනැත්තා ඇසුවේය.

    "සතයක්‌වත් ගෙවන්ඩ ඕනෑ නෑ. ඔබ දෙපළ මනුස්‌ස ලෝකෙ ඉන්න කොට යහපත් සදාචාර සම්පන්න ජීවිතයක්‌ ගත කරල තියෙනවා. මේ තමයි ඒ වෙනුවෙන් ඔබලට ලැබෙන තෑග්ග."

    බෙහෙවින් ප්‍රමෝදයට පත් වියපත් තැනැත්තා ජනේලයෙන් පිටතට දෙනෙත් යොමු කළේය.

    මිහිපිට කිසි දින දැක නැති ආකාරයේ අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක්‌ එහි තිබෙනු ඔහු දුටුවේය.

    "මේකෙ ක්‍රීඩා කරන්ඩ කොපමණ මුදලක්‌ අයකරනවාද?"

    "මේ මනුස්‌ස ලෝකෙ නෙමේ. දිව්‍ය ලෝකෙ. ඔබට හැමදාම නොමිලයේ මෙහි ඕනෑම ක්‍රීඩාවක්‌ කරන්ඩ පුළුවන්."

    ශාන්ත පීතරතුමා පැවැසීය.

    අනතුරුව ඔවුන්ව එහි සමාජ ශාලාවට කැඳවාගෙන ගියේය. එහි තිබූ මේසයක්‌ මත, බුරියානි, ෆ්‍රයිඩ් රයිස්‌, එළුමස්‌, කුකුල් මස්‌, ඌරු මස්‌, ගවමස්‌ ආදී විවිධ කෑම වර්ගද, වටලප්පන්, පුඩින්, අයිස්‌ ක්‍රීම්, ෆෲට්‌ සැලඩ් ආදී අතුරුපසද තබා තිබිණි. ඒ අසල විස්‌කි, බ්‍රැන්ඩි, ජින්, වයින් ආදී බීම වර්ග තැබූ මේසයක්‌ද විය.

    කිසි දෙයක්‌ අහන්ඩ එපා. මේ දෙව්ලොව ඔබලට ඕනෑ කරන දෙයක්‌ නොමිලේම කාල බීල රස විඳින්න පුළුවන්."

    චකිතයට පත් වියපත් තැනැත්තා සිය බිරිය දෙසට හැරී, ඒක නෙමේ මාග්‍රට්‌ කෝ අපේ දොස්‌තර මහත්තය අපට ගන්ඩ කියල නියම කරපු මේදය අඩු සෞඛ්‍යයට හිතකර ආහාර මද්‍යසාරය, පැණි රස අඩංගු නැති බීම වර්ග?"

    "ඔබ ඒ ප්‍රශ්නෙ අහපු එක හොඳා. මෙතන තියෙන ඕනෑම කෑමක්‌ බීමක්‌ ඔබට ගන්ඩ පුළුවන්. වෙච්ච ගත්තට කොලොස්‌ට්‍රොaල්, සීනි ආදිය වැඩිවෙන්නෙ නෑ. දියවැඩියාව වත්, ප්‍රෙෂර් එකවත් වෙන මොනම ලෙඩක්‌ වත් හැදෙන්නෙ නෑ. බය නැතුව ගන්න. මේ දිව්‍ය ලෝකෙ."

    "එතකොට මෙහෙ ජිම් එකක්‌ හෙම නැද්ද?"

    "අපොයි එව්ව මෙහෙ නෑ. ඒත් ඔබලට ඕනෑම නම් ඒ පහසුකමත් සලසල දෙන්ඩ පුළුවන්."

    එතකොට මගෙ සීනි, කොලොස්‌ට්‍රොaල්, ප්‍රෙෂර් හෙම නිතිපතා පරීක්‍ෂා කරගන්ඩ ඕනෑ කරන්නෙ නැද්ද?"

    මෙවිට මුවට සිනාවක්‌ නගාගත් ශාන්ත පීතරතුමා "ආයි කවදාවත් ඕන කරන්නේ නෑ" යි පැවැසීය.

    සිය බිරිඳ දෙස දුක්‌මුසු බැල්මක්‌ හෙලූ වියපත් තැනැත්තා, ඇයට මෙසේ පැවසුවේය.

    කෙහෙල්මල් වෛද්‍ය උපදෙස්‌. මා ආසකරන දේවල් මට කන්ඩ බොන්ඩ ඉඩදීල, ව්‍යායාම කරන්ඩ කියල ඔහෙ මට බල නොකර හිටිය නම්, මීට අවුරුදු විස්‌සකට තිහකට ඉස්‌සෙල්ල මෙහාට ඇවිත් නොමිලේම මේ සැප සම්පත් භුක්‌ති විඳින්ඩ තිබුණ නෙයෑ."

    වෛද්‍ය සංජීව විඡේසිංහ මහතා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සපයා තිබූ ලිපියක්‌ ඇසුරෙනි.

    කේ. එන්. ඕ. අමරදාස