දෙවැනියට කොරෝනා ආවේ මෙහෙමලු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම නැත්තම් මුන්ගේ ලොක්කෝ ගිය හෝටලේදී බෝ වෙන්න ඇති.
     
    • Like
    Reactions: PHBhagya

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,100
    113
    Loading...
    බෝවෙන්න පුලුවන් ක්‍රම

    1. ඉන්දියාව සහ සම්බන්ධ වීමෙන් (ළඟදි ඉන්දියාවෙ ගිය උන් ඉන්නවලු)
    2. නිරෝධායන අවසන් කළ අයෙක්ට පසුව positive වීමෙන්
    3. ආනයනය කළ රෙදි හෝ වෙනත් භාණ්ඩ මගින්
    4. සේවකයක්ට ⁣පිටස්තර පුද්ගලයකුගෙන් බෝවී, ආයතනය තුළ පැතිර යාමෙන්

    එක දෙයක් පැහැදිළියි, වැඩ කරන සේවකයො කලන්තෙ දාළා වැටිලා. ආයතනය ගණන් අරගෙන නැහැ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Looks like this will end up being another unresolved Covid mystery. The virus is incapable to walk or roll along the road on its own into the factory.
    Unless a plausible explanation is found, offered or genomic fingerprinting evidence is provided where it originated, we could just probably guess that Covid can be air-flown.:P
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Looks like this will end up being another unresolved Covid mystery. The virus is incapable to walk or roll along the road on its own into the factory.
    Unless a plausible explanation is found, offered or genomic fingerprinting evidence is provided where it originated, we could just probably guess that Covid can be air-flown.:P

    does not matter - we have cures - can eliminate this pandemic rapidly. but its not being allowed due to the pride ! that is the issue here.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    You can contact N. Modi through the Indian Embassy. They are in big trouble and certainly welcome you.

    They have cures also - no need for us to go there - But its not being used as in necessary scale like China did may be due to the pride of not wanting to follow Chinese model , is what causing all those big troubles for them.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    podi seen ekak thiyenne machan Dr. Sudath kiyanawa 20th idan wage Brandix eke una seen eka thibila kiyala. Habai mun enne 22nd. Okata kalin un set ekak awillada kiyala thama balanna one. 10th to 15th wage.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච දාන්ඩ එපා මිනියො ඔය සෙට් නිරෝධයනයේ යුධ හමුදාපතිතුමා තහවුරු කරා...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    podi seen ekak thiyenne machan Dr. Sudath kiyanawa 20th idan wage Brandix eke una seen eka thibila kiyala. Habai mun enne 22nd. Okata kalin un set ekak awillada kiyala thama balanna one. 10th to 15th wage.
    ඔවු බන්. ඒක තමා සීන් එක. ඕක සෑහෙන්න කාලයක් මේ සමාගමේ තිබිලා තියෙනවා.
     
    • Like
    Reactions: sandaru1rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔවු බන්. ඒක තමා සීන් එක. ඕක සෑහෙන්න කාලයක් මේ සමාගමේ තිබිලා තියෙනවා.

    ඇතුලේ කැරියෝ ටික දැන් පොඩි උන්ට බෝලේ පාස් කරලා බේරෙයි.
     
    • Like
    Reactions: malakadss

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොරෝනා බ්‍රැන්ඩික්ස් පොකුර ආනයනය කෙළේ ඉන්දියාවෙන්; පැන්නුවේ වියත්තුන්ගේ මහිමයෙන්; තොරතුරු ලීක් වීමෙන් ආණ්ඩුව පරල වෙයි..!
    -චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි
    (ලංකා ඊ නිව්ස් -2020.ඔක්.07, ප.ව.9.00) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙන් හමුු වූ කොරෝනා පොකුර ඇරඹී ඇත්තේ සැප්. 22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූඑල් 1159 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් බව සැක කෙරේ. ‌මේ පිරිස ගෙන්වාගෙන ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් කුළියට ගත් (චාටර්) ගුවන් යානයකිනි. (සාක්කි සේයාරුවක දැක්වේ) වාර්තාවන අන්දමට ඒ පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයට වංගුවක් ගසා එළියට ගෙන තිබේ. ඒ මන්ද යත් නිසි පරිදි දින 14 ක් නිරෝධයන මධ්‍යස්ථානයක දී ද තවත් දින 14 ක් නිවසේ දී ද නිරෝධායනය වී නම් ඔවුන් සමාජ ගත විය යුත්තේ ලබන ඔක්තෝම්බර් 20 වෙනිදා ය. අවම නිරෝධායන ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නම්, ඒ පිරිස බ්‍රැන්ඩික්ස් ප්‍රථම රෝගියා හමු වූ ඔක්. 5 දා වන විටත් සිටිය යුත්තේ ලියාපදිංචි නිරෝධායන මධ්‍යස්ථානයක ය. නමුත් බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් මේ පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ "පොරොන්දුවක්" මත ලංකාවේ ආණ්ඩුවේ ඉහළම මැදිහත්වීමකින් නිදහස් කර ගෙන ඇත.
    ඉන්දියානුවන් ගෙන්වූයේ 'ජොකී' මහන්න..
    ----------------------
    බ්‍රැන්ඩික්ස් ආයතනයේ කම්හලක් ඉන්දියාවේ ද තිබේ. කෝවිඩ් තත්වය හේතුවෙන් විදේශ රටවලින් ඉන්දියාවට දී තිබූ ඇඟලුම් ඇනවුම් අවලංගු වෙමින් ඒවා ලංකාවට ලැබෙමින් තිබී ඇත. ඒ අනුව ඉන්දියාවේ කම්හලේ නිපදවමින් තිබූ 'ජොකී' නම් යට ඇඳුමක ඇනවුමක් ලංකාවට හරවා තිබේ. ඒකී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ සේවය කළ අදාල නිමැවුම සඳහා විශේෂ වූ පිරිසක් ලංකාවට ගෙන්වා ඇත. සැප් 22 වන විට එලෙස තෙවරක් බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවෙන් කුළී ගුවන් යානා මත්තලට ගෙන්වා ඇත.
    ඉහත කී ඉන්දීය පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවී, පසුදා සිටම බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කර ඇත. ඔක් 5 දා බ්‍රැන්ඩික්ස් හි සේවය කළ අසරණ සේවිකාවකගෙන් කොවිඩ් 19 හසු වුවද, සෞඛ්‍ය අංශ අද(07) ප්‍රකාශ කළේ විද්‍යාත්මක දත්ත අනුව සැප්. 25 වන විට කොරෝනා වෛරසය මේ කම්හලේ තිබී ඇති බවත්, ඉන් පසුව ආයතනයේ සේවක සේවිකාවන් කොරෝනා ලක්ෂණ ප්‍රදර්ශනය කර ඇති බවයි. උණ ඇතුළු කොරෝනා ලක්ෂණ තිබූ සේවිකාවන් 6 දෙනෙකු අසනීප බව කීවද කම්හලේ කළමණාකරුවා විසින් ඔවුන් දිගටම සේවයේ යොදවා ඇතැයි කම්හල් සේවිකාවෝ පවසති. ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භකයා පසුගියදා රජයේ ජඩමාධ්‍ය පවා අවලාද නැගූ එකී කාන්තාව නොවන බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වන අතර ඉහත කී ඉන්දීය පිරිසගෙන් මෙය ආරම්භ වී ඇති බවට සාධාරණ සැක පහළ වී තිබේ.
    ඉන්දියානුවන් කොළඹ කැරොකේ වලටත් ගිහින්..
    -----------------------
    එලෙස පැමිණි ඉන්දීය ජාතිකයන් ලංකාවේ පිහිටුවා ඇති බ්‍රැන්ඩික්ස් ශාඛා කිහිපයකටම ගොස් ඇතැයි වාර්තා වේ. සීදුව, මීරිගම, පන්නල සහ මඩකලපුව යන ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ශාඛා පිහිටුවා ඇත. ඉන්දීය පිරිස ගියේ කුමන ශාඛාවලටදැයි හෙළි වී නැති නමුත් සීදුව, පන්නල, මිරිගම ආදී ප්‍රදේශ මේ වන විට කොරෝනා ඇඳිරි නීතියට යටත්ව තිබේ. එලෙස පැමිණි එක් ඉන්දීය ජාතිකයෙක් බ්‍රැන්ඩික්ස් සේවකයෙක් සහ සේවිකාවක් සමග කොළඹ පිහිටි ප්‍රසිද්ධ කැරෝකේ සමාජ ශාලා කිහිපයකටම ගොස් ඇතැයි ද, මේ වන විට එකී ඉන්දීය පිරිස ආපසු ඉන්දියාව බලා ගොස් ඇතැයි ද බ්‍රැන්ඩික්ස් ඉහල නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට ප්‍රකාශ කළේය. ලංකාවේ කොරෝනා පරීක්ෂකයින් මෙම කැරොකේ කතාව 5 වෙනිදා රාත්‍රියේම දැනගෙන තිබූ අතර එදින කොළඹට ඇඳිරි නීතිය දැමීමට ද යෝජනා කර තිබූූ නමුත් පසුව එය ඉහළ අණකින් කල් දැමුුුුණු බව පොලිසියේ ඉහළ නිලධාරියෙකු අප වෙත පැවසීය.
    බ්‍රැන්ඩික්ස් අයිතිකරුවන් ඉහළම දේශපාලන සබඳතා යොදාගනිමින් ඉහත කී ඉන්දීය පිරිස් නිරෝධයානයෙන් තොරව රට තුළට ඇතුළු කර ගත්තේ කෙසේද?
    නිරෝධායනය නොකර පැන්නුවේ කව්ද? කෙසේද?
    ------------------------
    ලංකාවේ වත්මන් නවීන ඇඟලුම් කර්මාන්තයේ පියා ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරිකයෙක් වූ මාර්ටින් ට්‍රස්ට් ය. බ්‍රැන්ඩික්ස් ආයතනය 1969 දී පිහිටුවන්නේ ඔහුගේ සහායෙනි. ඉන්පසු 1972 දී පමණ ඔ්මාර් ගෲප් නම් සමාගම සමග බ්‍රැන්ඩික්ස් සමූහ සමාගමක් බවට පත්වේ. පසුව ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍රන් ගේ සභාපතිත්වයෙන් සහ ප්‍රධාන විධායකත්වයෙන් යුතුව බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහලටම පත්වන්නේ ය. කෙන් බාලේන්ද්‍රන්ගේ විශ්‍රාම ගැනීමෙන් පසු බ්‍රැන්ඩික්ස් හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ අශ්රොෆ් ඔ්මාර් ය. ඔ්මාර් පවුලේ අස්ලාම් ඔ්මාර්, ෆෙරෝස් ඔ්මාර් ආදීහුද බ්‍රැන්ඩික්ස් අධ්‍යක්ෂක වරුන් ය. ඉතිරි සියළු අධ්‍යක්ෂකවරු ඉන්නේ හතරකි. ඒ අනුව අද බ්‍රැන්ඩික්ස් යනු ඔ්මාර්ලාගේ බිස්නස් එකක් යැයි හැඳින්වුවහොත් වරදක් නැත.
    ඉහත කී අශ්රොෆ් ඔ්මාර් යනු ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මග හසර හෙළි කළ වියත්මග සංවිධානයේ ප්‍රධානියෙකි. කමල් ගුණරත්නලා ඔහු ඉදිරියේ කුක්කන් ය. ලංකා ඊ නිව්ස් වෙත නිල නොවන ලෙස වාර්තා වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ කැම්පේන් එක සඳහා ප්‍රථම රුපියල් බිලියනය හෙවත් රු. මිලියන දහස පරිත්‍යාග කෙළේ අශරොෆ් ඔ්මාර් කියා ය. ඒ සමගම බ්‍රැන්ඩික්ස් සමූහයේ ආරක්ෂාව බාර ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු (2011 – 2014) වන හර්ෂ අබේවික්‍රම ය. හර්ෂ, දින 52 ආණ්ඩුවේ, ලංකා බැංකුවේ සභාපතිවරයා ද විය.
    ඉහත කී ඉන්දියන් ජාතිකයින් පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයට වංගුවක් ගසා එළියට ආවේ ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න හරහා දිවෙන බ්‍රැන්ඩික්ස් සමීප සබඳතා භාවිත කරමින් බව ලංකාවේ ජනතාවට අමුතුවෙන් කිව යුතු ද?
    පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාට පසු ශවේන්ද්‍ර සහ බ්‍රැන්ඩික්ස් ප්‍රතික්ෂේප කරයි..
    --------------------------
    මෙම කරුණු අද (07) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ගාල්ල මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින් අනාවරණය කළ විට විපක්ෂයේ මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට දැඩි ලෙස බාධා කළේය.
    පාර්ලිමේන්තුවේ දී සිද්ධිය ප්‍රශ්න කිරීමත් සමග ලංකාවේ 'කොරෝනා ලොක්කා' වන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්, චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බවත් සජිත්ගේ චෝදනාව සම්පූර්ණ අසත්‍ය බවත් ප්‍රකාශ කෙළේය.
    ඉන්පසුව බ්‍රැන්ඩික්ස් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්ද චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණ. කුළියට ගත් ගුවන් යානා 3 කින් ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වූ බව සත්‍ය නමුත්, ඒ සියළු දෙනා ඉන්දියාවේ පිහිටා ඇති ඔවුන්ගේ කම්හලේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බවත්, ඒ අවස්ථා තුනේ දීම කිසිදු ඉන්දීය ජාතිකයෙක් නොසිටි බවත්, අඩුම ගණනේ අදාල රෙදි වර්ගයක් හෝ ඉන්දියාවෙන් ගෙන්වා නැති බවත්, පැමිණි ශ්‍රී ලාංකිකයන් ද ලංකාවේ නියමිත නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ බවත් බ්‍රැන්ඩික්ස් නිවේදනයේ දැක්වේ.
    ප්‍රතික්ෂේප කිරීම් වල බරපතල ප්‍රශ්න..
    ----------------------
    ඉහත ප්‍රතික්ෂේප කිරීම් දෙක විශාල ප්‍රශ්න ඉතිරි කර තිබේ. ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රතික්ෂේප කිරීම තුල බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිගන්නා අවස්ථා 3 කින් ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වූ බව නොකියයි. බ්‍රැන්ඩික්ස් ප්‍රතික්ෂේප කිරීම තුල තමන් ගෙන්වූ ගුවන් යානා 3 ආවේ කුමන දිනවල දී ද යන්න හෙළි නොකරයි. එමෙන්ම තමන් ගෙන්වූයේ ශ්‍රී ලාංකික සේවකයන් පමණක් නම් ඔවුන් දැනට ඉන්නේ කවර කවර නිරෝධායන මධ්‍යස්ථාන වලද යන්න හෙළි නොකරයි. ඒ ඇයි?
    කෙසේ වෙතත් මෙම වාර්තාව ලියන අවසන් මොහොතේ ලැබුණු අවසන් තොරතුරකින් කියැවුනේ සිද්ධිය ලීක් වීමෙන් පසු අශ්රොෆ් ඔ්මාර් ඇමැතූ ජනාධිපති ගෝඨාභය 'තමුසෙ මාව කෑවා' යි කියා බැන වැදුනු බවයි.
    පසු සටහන:
    බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඇරඹුනේ ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් යයි කියා ප්‍රථමයෙන්ම වාර්තා කෙළේ රාජපක්ෂ පවුලේ අයටම සම්බන්ධ වෙබ් අඩවියකිනි.
    -චන්ද්‍රප්‍රදීප්-

    https://www.facebook.com/lankaenews/
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇතුලේ කැරියෝ ටික දැන් පොඩි උන්ට බෝලේ පාස් කරලා බේරෙයි.
    එහෙම වෙලා. දෑනටම සෙට් එක ඉන්ටර්ඩික්ට් ලු
     
    • Like
    Reactions: Dr.Amdan