දෙවැනි සැමියා සමග දීග කන්නට අම්මා වයස 5 පුතා පාරේ දමා ගිහින්

saffron2017

Well-known member
  • Nov 26, 2017
    906
    1,022
    93
    මව සහ බාප්පා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් මහමඟ දමායන ලදැයි කියන පස් හැවිරිදි පිරිමි දරුවකු කුට්ටිගල බෝගොල්ආර ප්‍රදේශයේ මාර්ගයක හුදකලාව හඬමින් සිටියදී සොයා ගෙන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට පසුගිය 21 දා ඇතුළත් කළ බව කුට්ටිගල පොලිසිය කියයි. ප්‍රදේශයේ කාන්තාවක් කුට්ටියල පොලිසියට දුරකතනය ඔස්සේ දුන් තොරතුරකට අනුව එම දරුවා සොයා ගැනීමට හැකිවූ බවත් මහ මඟ දමාගොස් සිටි දරුවා සිය මව සහ මවගේ දෙවැනි සැමියා සමඟ ඇඹිලිපිටිය රෝහල අසල නිවසක පදිංචිව සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි.

    පොලිසිය දරුවා පදිංචිව සිටි බව කියන නිවස සොයා ගිය නමුත් සැකකාර යුවළ එම නිවස අතහැර ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. සැකකාර යුවළ සැකකරුගේ මව සහ සොහොයුරකු සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවත් සැකකරු ඇඹිලිපිටිය රෝහල අසල ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස සේවයේ යෙදෙන්නකු බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

    එම සැකකරුවන් එම දරුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් කුට්ටිගල ප්‍රදේශයට රැගෙනවිත් බෝගොල්ආර අතුරු මාර්ගයේ හුදකලා ස්ථානයකදී දරුවා අතට ඇඳුම් බෑගයක් දී ත්‍රීරෝද රථයෙන් එළියට ඇද දමා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.

    තමන් මහමඟට දමා මව සහ බාප්පා පලා යනු දුටු දරුවා හඬමින් ත්‍රීරෝදය පසුපස දිවගොස් ඇති බවට තොරතුරු දැනගන්නට ලැබුණු බවත් එම මවට තවත් දරුවකු සිටින අතර ඇය එම දරුවා රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවත් පොලිසිය කියයි. රැගෙන ගිය දරුවා සැකකාරියගේ දෙවැනි සැමියාගේ විය හැකි බව පොලිසිය සඳහන් කරයි. තම භාරයට ගත් දරුවාගේ ශරීරයේ තුවාල දකින්නට ලැබුණු බවද එම තුවාල තම මව සහ බාප්පා විසින් කෝටුවකින් පහර දීම නිසා ඇති වූ ඒවා බවට දරුවාගේ ප්‍රකාශයෙන් හෙළිවූ බවද පොලිසිය කියයි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සැකකාර යුවළ සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
    රෝහණ සමරවීර
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    21,633
    1
    19,568
    113
    ජීවිතේ විදිනවා කියලා මේකේ සමහරක් ඕකට කියන්නේ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,299
    9,507
    113
    Joburg
    කෙන්ඩ්මෙන්ඩ්න්ඩ්න්නෙන්ද්ධිෆ්කෘක්කෙක්ස්කෙන්ද්දින්ෆ්කිදන්ග්ෆයින්ගුමෙන්දුඩ්ල්ඩ්න්ඩ්ලක්ෂනක්දොකනිසන්ස්බියන්ධිදමක්වස්වෙයිසීඑන්සුච්ච්වොහිව්‍රච්පෙක්ස්සික්සයිව්දොහිච්පෙව්චේජ්වදුප්විව්දුව්න්ධිස්බව්දොහෙල්ඩ්වෙප්ස්වේදුවේදුක්පෙවුස්ක්බැක්ස්බයික්ස්බැක්ස්බැක්සයිබා ජාවිබ්සිව්චෝස්කැක්ස්සිවාඔබ්සව්චංසක්චන්සෝබන්සැබිසංචක්ත්කචිබෙනඩියුනොසික්ස්බොක්ස්හැක්සැන්සිව්ස්ක්නොක්ස්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    749
    961
    93
    Sri Lanka
    Hena wadinawa yakooo oowata. 😞 Lamayek daala yanawa kiyanne eeki kohoma gaaniyek da? 🤬 strong law system ekak hadanne na ne mei parliament eke h**o set eka.