දෙවියන්ගේ කැමැත්ත මත ලොව විශාලතම බෞද්ධ ව&#3538

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
දෙවියන්ගේ කැමැත්ත මත ලොව විශාලතම බෞද්ධ ව&#3538

Source http://www.lankagossipgirl.com/2014/08/isis.html

ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයේ ආරක්ෂාව තරකිරීමට ඉන්දුනීසියානු බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමික රාජ්‍යය සංවිධානයේ අනුගාමිකයන් විසින් ෆේස්බුක්හි සිදුකළ තර්ජනයක් මෙයට හේතුවී ඇත.

පසුගියදා අපි ඉස්ලාමික රාජ්‍යය නම් ෆේස්බුක් ගිණුමක් විසින් දෙවියන්ගේ කැමැත්ත මත ඉස්ලාමික රාජ්‍ය මුජහිදීනය විසින් බොරෝබුදුර් විනාශ කරන බව පළ කරන ලදී.

ඉන්දුනීසියාවේ ජාතික පොලිස් ප‍්‍රකාශක රොනි එෆ්.

සොම්පි පවසා ඇත්තේ මෙවැනි සැලැස්මක සුලමුල සොයා අන්තර්ජාල දත්ත පීරීමට මධ්‍යම ජාවාහි පොලිස් ප‍්‍රධානියා විසින් කණ්ඩායමක් සේවයේ යොදවා ඇති බවයි.

මෙම වාර්තාව පළවීම සමග බොරෝබුදුර් සංරක්ෂණ ආයතනයද එම විහාරයේ සංචාරක කටයුතු මෙහෙයවන පීටී ටමාන් විස්ටා කැන්ඩි බොරෝබුදුර් ආයතනය හා එක්ව විහාරය අවට ප‍්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි පැවසේ.

ඉන්දුනීසියානු හමුදාවේ දිපොනෙග්‍රො විධානයේ සෙබළුන්ද මෙම මෙහෙයුමට එක්ව ඇතැයි මේජර් ජෙනරාල් සුනින්ද්යෝ පවසා තිබේ.

9වන සියවසේදී මධ්‍යම ජාවාහි ඉදිකෙරුණු බෝරෝබුදුර් විහාරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ.

මහායාන බැතිමතුන්ගේ ප‍්‍රධානතම සිද්ධස්ථානයක් වන එහි බුද්ධ ප‍්‍රතිමා 500කට වැඩි ප‍්‍රමාණයක් දක්නට ලැබේ. මින් පෙර 1985දී බොරෝබුදුර් විහාරය බෝම්බ ප‍්‍රහාරයකට ලක්විය.
 
  • Like
Reactions: chalirox