ලොව පුරා යැංකි කුමන්ත්‍රණ
රුසියාව ඇමෙරිකානු ජනපතිවරණයට මැදිහත්වූ බවට නැගෙන චෝදනාව සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කල කොමිටුවට සහාය පළකල නවතම සෙනට් සභිකයා වන්නේ කොලරාඩෝ හි කොරි ග්රාඩ්නර්ය.මෙම කොමිටුව ඇමෙරිකාවට එරෙහිව තිබෙන අනෙකුත් සයිබර් ආරක්ෂණ තර්ජනයන් ගැනද සොයාබැලීමට අවධානය යොමුකරන බව සඳහන් වේ.කෙසේවෙතත් ඉතිහාසය තුල විදෙස් කුමන්ත්‍රණ,විප්ලව සහ ආක්‍රමණ ගණනාවක් ඔස්සේ රටවල්වල අනාගතය වෙනස් කිරීමට එක්සත් ජනපදය රහසිගතව හවුල් වී තිබේ.මේවා බොහොමයක් සිදුවූයේ දෙවන ලෝක යුද්ධයේ පශ්චාත් සමයේය.මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ ලොව පුරා රටවල දේශපාලනයට ඇමෙරිකාව අතපෙවීම් කල අවස්ථා කිහිපයකි.
පළමු ලෝක යුද්ධයෙන් පසුව විදෙස් රජයකට සිය බලපෑම එල්ල කිරීමට ඇමෙරිකාව ක්‍රියා කල පළමු අවස්ථාව මෙයයි.රුසියාව අධිරාජ්‍යයෙක් යටතේ පළමු ලෝක යුද්ධයට මිත්‍ර පාර්ශ්වයෙන් එක්විය.අභ්‍යන්තර විප්ලව නිසා රුසියාව යුද්ධයෙන් ඉවත්වන තෙක් ඇමෙරිකාව ඊට මැදිහත් නොවීය.බොල්ෂ්වික් හෙවත් රතු කොමියුනිස්ට්වාදීන් ඒවන විට බලය ලබාගැනීමේ සටනක නියැලී සිටියෝය.බොල්ෂෙවික් නායක විලැඩ්මීර් ලෙනින් යටතේ දියත් කල සටන බිද දැමීමට අනෙකුත් වාමාංශික සහ දක්ෂිණාංශික හමුදා එක්විය.බොල්ෂවික්වරුන් සියලුම අධිරාජ්‍යවාදී ගිවිසුම් ප්‍රතික්ෂේප කර,විදේශීය වත්කම් අල්ලාගෙන සමාජවාදය ව්‍යාප්ත කිරීම ධෛර්යයවත් කලහ.ඇමෙරිකාව ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික රටවල අනුග්‍රහය ඇතිව සුදු හමුදාව,රතු හමුදාවට එරෙහිව සිටගත්හ.නමුත් කොමියුනිස්ට්වරුන් සටන ජයගෙන ඉදිරි වසර 70 කාලයක් සඳහා සෝවියට් දේශය තම පාලනයට නතුකරගත්හ.එක්සත් ජනපදය මොස්කව් පාලනයේ ප්‍රතිවාදියාගේ පක්ෂයට සහාය පළකරන්නට පටන් ගත් අතර එය මෙම සුපිරි බලවතුන් අතර බෙදීමක් ඇතිකරන ලදි.
මධ්‍යම බුද්ධිතොරතුරු කාර්යාංශය හෙවත් සීඅයිඒ සංවිධානය පිහිටුවන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ 1947 වර්ෂයේදීය.නාසිවාදය අතුරුදහන් වීමත් සමග නැගී ආ සමාජවාදය යුරෝපයට විශාල තර්ජනයක් බව ඇමෙරිකාවට වැටහිණි.යුරෝපා රටවල් සමාජවාදයට ගොදුරු වීම වළක්වාගැනීමට ඔවුන් දැඩි උත්සාහයක් ගන්නා ලදි.1948 ඉතාලි මහමැතිවරණයේදී සීඅයි ඒ සංවිධානය හරහා රහසිගතව ක්‍රිස්තියානු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ඇල්සීඩ් ඩී ගාස්පෙරී හට මූල්‍යමය සහ දේශපාලනික සහාය ලබාදෙන්නට ජනපති හැරී ටෲමන් ක්‍රියා කලේය.ඒ ඉතාලියේ සමාජවාදී අපේක්ෂකයා බලයට පත්වීම වැළැක්වීම සඳහාය.ගැස්පෙරි මැතිවරණය ජය ගත්තේ 48%ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින්ය.ඊළඟ වසර 24ක කාලය තුල පැවති ඉතාලි මැතිවරණවලදීද මෙම උපක්‍රමය භාවිතා කරන්නට සීඅයි ඒ සංවිධානය පියවර ගත්තේය.මෙම රහස් මෙහෙයුම සඳහා සහභාගී වූ සීඅයි ඒ නියෝජිතයෙක් වන එෆ්.මාර්ක් වයිට් 1995 වර්ෂයේදී සීඑන්එන් පුවත්සේවයට ලබාදුන් සාකච්ඡාවක මෙසේ කියා තිබේ."අපිට ලැබුණු මුදල් මළු තේරීපත් දේශපාලනඥයින්ට ලබාදුන්නේ ඔවුන්ගේ දේශපාලනික වියදම්,ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වියදම්,පෝස්ටර් සහ පත්‍රිකා ආදිය වෙනුවෙන් වියදම් කිරීම සඳහාය".
වොෂින්ටනය සහ මොස්කව් අතර සීතල යුද්ධය ආරම්භ වූ වහාම සීඅයිඒ සංවිධානයේ ප්‍රධාන සැලකිල්ල යොමුවූයේ යුරෝපයට පමණක් නොවේ.සී අයි ඒ සංවිධානය තමන් ඉරාන අගමැති මොහොමඩ් මොසාඩෙග් බලයෙන් පහකිරීමට සහාය වූ අයුරු 2013 වර්ෂයේදී එළි කලේ ඒජන්සියේ පළමු නිල විදේශීය කුමන්ත්‍රණය එය බවට ප්‍රකාශ කරමින්ය.මොසාඩෙග් යනු බටහිර අධ්‍යාපනය ලැබූ ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කිරීමට කටයුතු කල දේශපාලනඥයෙකි.මෙම තීරණය හමුවේ ඉරානයේ සිටි බ්‍රිතාන්‍ය තෙල් සමාගම් කෝපයට පත්විය.බ්‍රිතාන්‍යය රජය සීඅයි ඒ සංවිධානය සමග එක්ව ඔපරේෂන් ඒජැක්ස් නම් කුමන්ත්‍රණය දියත් කලේ ඉන්පසුවයි.එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති මොසාඩෙග් බලයෙන් පහකර ,1967 වර්ෂයේදී මිය යන තෙක්ම නිවාස අඩස්සියේ තබන ලදි.එවකට ඉරානයේ රජු වූ මොහොමඩ් රෙසා පලාවි හට ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අනුග්‍රහය ලැබිණි.නමුත් ඔහුගේ රළු පාලනය 1979 ඉරාන විප්ලවයෙන් පසුව අවසන් විය.
විසිවන සියවස මැද භාගයේදී තුන්වන ලෝකයේ රටවල් රැසක් තුල නිදහස ලබාගැනීමට අරගල ඇතිවිය.බෙල්ජියමේ යටත්විජිතයක්ව තිබූ කොංගෝ රාජ්‍යය තුල නිදහස් අරගලයේ කැපීපෙනෙන චරිතය වූයේ පැට්රිස් ලුමුම්බාය.ඔහු සිරභාරයෙන් නිදහස් වීමෙන් පසුව රට නිදහස් කරගැනීමට කතා කරන්නට විය.1960 වර්ෂයේදී නිදහස් කොංගෝවේ ප්‍රථම අගමැති ලෙස තේරී පත්වූ ඔහුට හිමිවූයේ අස්ථායි රාජ්‍යයකි.කොංගෝවේ සිටි සුදු ජාතිකයන්ට එරෙහිව අපරාධ සිදුවන්නට වූ අතර බෙල්ජියානුවන් ආරක්ෂා කිරීමට බෙල්ජියම හමුදා එවීය.කොංගෝවේ කටාන්ගන් පළාත තඹ,රන් සහ යුරේනියම් වැනි ඛනිජ සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයක් විය.එහි ක්‍රියාත්මක වූ බෙදුම්වාදීන්ට බෙල්ජියමේ සහාය ලැබුණි.ලුමුම්බා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ සාම සාධ හමුදාවක් එවා බෙල්ජියම් හමුදාව ඉවත් කරගන්නා ලෙසත් බෙදුම්වාදීන්ට උදව් ලබාදීම නතර කරන ලෙසත්ය.ඔහු ඇමෙරිකානු රජයෙන්ද උදව් ඉල්ල සිටියත් කිසිවෙක් ඔහුගේ සහාය පැමිණියේ නැත.අවසානයේදී ඔහු සෝවියට් දේශය දෙසට හැරිණි.ඉන්පසුව එක්සත් ජනපදය සහ බෙල්ජියම එක්ව දියත් කල කුමන්ත්රණයකින් අගමැති ලුමුම්බා අත් අඩංගුවට ගෙන කොංගෝ සහ බෙල්ජියම් කුලීහේවායන්ගේ අතට පත් කෙරිණි.1961 වර්ෂයේදී ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදි.එතැන් පටන් 1997 වර්ෂය තෙක් කොංගෝව පාලනය කලේ බටහිර රූකඩයක් වූ හමුදා නායක ජෝසප් මොබුටු විසිනි.
වොෂිංටනයේ සීතල යුද ප්‍රතිවාදියා වූ මොස්කව් පාලනය සමග සමීපව කටයුතු කල ෆිඩෙල් කැස්ත්‍රෝ සමග සීඅයි ඒ සංවිධානයට දිගු ඉතිහාසයක් තිබේ.කැස්ත්‍රෝ සමාජවාදයට බර වන්නට පෙර ඔහුගේ විප්ලවයට ඇමෙරිකාවේ සහාය ලැබුණි.ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා එක්සත් ජනපදයේ වත්කම් ජනසතු කිරීම නිසා ජනාපති ඩවයිට් ඩී.අයිසන්හවර් කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදි.ඊට ප්‍රතිචාර ලෙස කැස්ත්‍රෝ මොස්කව් පාලනයට සමීප විය.කියුබාව සමාජවාදී රාජ්‍යයක් බවට පත්විය.කැස්ත්‍රෝ-ඇමෙරිකාව අතර ආලය අවසන් වූයේ එලෙසයි.1961 වර්ෂයේදී සිදුවූ බේ ඔෆ් පිග් ආක්‍රමණය සඳහා ඇමෙරිකාව කියුබානු කැරලිකරුවන් පුහුණු කිරීම සහ ඔවුන්ට අවි සැපයීම සිදුකරන ලදි.නමුත් එම ආක්‍රමණය සාර්ථක ව්‍යර්ථ කරන්නට කැස්ත්‍රෝගේ හමුදාව සමත්විය.ඉන්පසු සීඅයි ඒ සංවිධානය ඔපරේෂන් නෝර්ත්වූඩ්ස් නමින් ව්‍යාජ සිද්ධි දාමයක් නිර්මාණය කර ඒවා කියුබාවේ අනුදැනුම මත සිදුවුබව ලෝකයට පෙන්වන්නට සැලසුමක් නිර්මාණය කලද කෙනඩි පාලනතන්ත්‍රය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි(කියුබාව ඇමෙරිකානු භූමියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බව මවා පෑම මෙහි අරමුණ විය).කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා අවස්ථා 638කදී උත්සාහ දරා තිබෙන බව කියවේ.ඉන් බොහොමයක් අවස්ථාව සී අයි ඒ සංවිධානය දැරූ උත්සාහයන් වේ.
1961 වර්ෂයේදී සීඅයි ඒ සංවිධානය ඩොමිනිකන් සමූහාණ්ඩුවේ නායක රෆායෙල් ටෘජිල්ලෝ ඝාතනය කිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර සපයා තිබේ.ඔහු කෲර ඒකාධිපතියෙක් ලෙස හැඳින්විය.හයිටි ජාතිකයින් දහස් ගණනක් රටින් නෙරපා දැමීමට සහ වෙනිසිවුලා ජනපති ඝාතනයට උත්සාහ කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා වේ.රෆායෙල් ටෘජිල්ලෝ ඝාතනය කරනු ලබන්නේ සන්නද්ධ දේශපාලන විරුද්ධවාදියෙක් විසින්ය.ඝාතනය සඳහා අවි සපයා දුන්නේ එක්සත් ජනපදය බවට හෙළිව තිබේ.
කියුබානු ජනපති ෆිඩෙල් කැස්ත්‍රෝ එවකට ඇමෙරිකානු උප ජනපති රිචඩ් නික්සන්ට අත අත දෙන අයුරු,වොෂිංටන්,1959 අප්‍රේල් 19.
1965 වර්ෂයේදී ඉන්දුනීසියාවේ හමුදාවේ ජෙනරල්වරු හයදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද්දේ ඉන්දුනීසියානු හමුදාවේම නිලධාරීන් විසිනි.මෙය කුමන්ත්‍රණයක් බවත් ඊට වග කිවයුත්තේ කොමියුනිස්ට්වාදීන් බවත් එරට රජය ප්‍රකාශ කරන ලදි.ජෙනරල් සුහර්ටෝ විසින් මෙහෙයවන ලද සන්නද්ධ හමුදා විසින් කොමියුනිස්ට්වාදීන් සහ ඔවුන්ට සමීප සියලුදෙනා අත් අඩංගුවට ගෙන, වද බන්ධනවලට පත් කර මරාදමන ලදි.සීඅයි ඒ සංවිධානය විසින් කොමියුනිස්ට්වාදීන්ගේ නම් ලැයිස්තු රජයට සපයා දීමත් පුද්ගලයින් 400,000කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට උදවු කිරීමත් සිදුකර තිබේ."එය ලොකු උදවුවක් වුනා හමුදාවට.ඔවුන් විශාල මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කලා.මගේ අත්වල හුඟක් ලේ තැවරී තිබෙනවා,නමුත් එය එතරම් නරක නෑ.ඔබට දරුණු ලෙස පහරදීමට සිදුවන තීරණාත්මක අවස්ථාවක් එනවා." යනුවෙන් ඉන්දුනීසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ සාමාජිකයෙක් වූ රොබර්ට් ජේ.මාර්ටීන්ස් 1990 වර්ෂයේදී වොෂින්ටන්පෝස්ට් පුවත්පතට පවසා තිබේ.
1963 වර්ෂයේදී දකුණු වියට්නාම නායකයා ලෙස ඇමෙරිකාවට පක්ෂපාතී කටයුතු කල ඩින් ඩියෙම් බෞද්ධ විරුද්ධ මතධාරීන් දඩයම වේගවත් කලේය.ඔහු දකුණු වියට්නාම ජනතාව අතර ප්‍රතික්ෂේප වන්නට විය.ඇමෙරිකාවේද සහාය ඇතිව දකුණු වියට්නාම ජෙනරල්වරුන් ඩින් ඩියෙම් බලයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කලහ.1963 නොවැම්බර් 1දා ඔහුව අල්ලාගෙන මරාදමන ලදි.
1965 රජයේ සහාය ඇතුව ක්‍රියාත්ම වූ මහා පරිමාණයෙන් කොමියුනිස්ට්වාදීන් ඝාතනය කිරීමේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වූ සිය මව සහ පියාගේ ඡායාරූපයක් තබාගෙන සිටින ශ්‍රි මුහයිටි නම් කාන්තාව,2006 මැයි.
ඇලන්ඩේ ජනපතිවරයා ලෙස තේරී පත්වූයේ 1970 වර්ෂයේදීය.ඔහු ජනපතිධූරය දක්වා පැමිණි ගමනට සීඅයි ඒ සංවිධානයේ සහාය ඇතිව බාධා පැමිණියද ඒ සියල්ල බිදගෙන ජනපති ධූරය දක්වා එන්නට සමත්විය.සීඅයි ඒ කුමන්ත්රණකරුවන්ගේ බලපෑම් එතැනින් නතර නොවීය.ඇලන්ඩේ රජය ආර්ථිකය සහ ඔහුගේ සමාජවාදී ප්රතිපත්තීන් කඩාකප්පල් කිරීමට සැලසුම් යෙදීමට ඇමෙරිකාව ක්‍රියා කලේය.1973 වර්ෂයේදී ජෙනරල් ඔගස්ටෝ පිනොෂෙට් විසින් මෙහෙයවන ලද හමුදා කුමන්ත්රණයකින් ජනපති මන්දිරය අල්ලා ගන්නා ලදි.එහිදී ජනපති ඇලන්ඩේ සිය දිවිහානි කරගත්තේය.පිනොෂෙට් චිලී රාජ්‍යයේ පාලනය අතට ගෙන වාමාංශිකයින් මර්දනය කරන්නට පටන් ගත්තේය.එහිදී 3000කට වැඩි පිරිසක් අතුරුදහන් වූ අතර ඉතා දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන්නට පටන් ගත්තේය.සී අයි ඒ සංවිධානය පිනොෂෙට් සහ අනෙක් මර්ධනකාරීන් සමග එක්ව දකුණු ඇමෙරිකාව පුරා වාමාංශික මතවාදය මර්ධනය කිරීමට ක්‍රියාත්මක කල ඔපරේෂන් කොන්ඩෝර් යටතේ චිලී,ආර්ජන්ටිනාව,බ්‍රසීලය,බොලිවියාව,පැරගුවේ සහ උරුගුවේ යන රටවල 60,000ක් පමණ පිරිසක් ඝාතනය කරන ලදි.
චිලී කුමන්ත්‍රණයට පෙර කොමියුනිස්ට් විරෝධී කුමන්ත්‍රණ දෙකක් පිළිවෙලින් 1954,ගෝතමාලාවේද 1961,බ්‍රසීලයේද සාර්ථකව ක්‍රියාවට නංවන්නට සීඅයි ඒ සංවිධානයට හැකිවිය.
චිලී ජනපති සැල්වඩෝර් ඇලන්ඩේ එරෙහිව ක්‍රියාවට නැංවූ කුමන්ත්රණයේදී ලා මොනෙඩා ජනපති මන්දිරය අසලදී පුද්ගලයින් පිරිසක් අල්ලාගන්නා සෙබලුන්,1973 සැප්තැම්බර් 11.
Source:ibtimes.com
-HarshaLulzSec-

රුසියානු සිවිල් යුද්ධය(1918-1920)

විලැඩ්මීර් ලෙනින්(1870-1924),රුසියානු විප්ලවයේ නායකයා,දේශනයක් සිදුකරමින්.
ඉතාලිය,1948 මහ මැතිවරණය
මධ්‍යම බුද්ධිතොරතුරු කාර්යාංශය හෙවත් සීඅයිඒ සංවිධානය පිහිටුවන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ 1947 වර්ෂයේදීය.නාසිවාදය අතුරුදහන් වීමත් සමග නැගී ආ සමාජවාදය යුරෝපයට විශාල තර්ජනයක් බව ඇමෙරිකාවට වැටහිණි.යුරෝපා රටවල් සමාජවාදයට ගොදුරු වීම වළක්වාගැනීමට ඔවුන් දැඩි උත්සාහයක් ගන්නා ලදි.1948 ඉතාලි මහමැතිවරණයේදී සීඅයි ඒ සංවිධානය හරහා රහසිගතව ක්‍රිස්තියානු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ඇල්සීඩ් ඩී ගාස්පෙරී හට මූල්‍යමය සහ දේශපාලනික සහාය ලබාදෙන්නට ජනපති හැරී ටෲමන් ක්‍රියා කලේය.ඒ ඉතාලියේ සමාජවාදී අපේක්ෂකයා බලයට පත්වීම වැළැක්වීම සඳහාය.ගැස්පෙරි මැතිවරණය ජය ගත්තේ 48%ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින්ය.ඊළඟ වසර 24ක කාලය තුල පැවති ඉතාලි මැතිවරණවලදීද මෙම උපක්‍රමය භාවිතා කරන්නට සීඅයි ඒ සංවිධානය පියවර ගත්තේය.මෙම රහස් මෙහෙයුම සඳහා සහභාගී වූ සීඅයි ඒ නියෝජිතයෙක් වන එෆ්.මාර්ක් වයිට් 1995 වර්ෂයේදී සීඑන්එන් පුවත්සේවයට ලබාදුන් සාකච්ඡාවක මෙසේ කියා තිබේ."අපිට ලැබුණු මුදල් මළු තේරීපත් දේශපාලනඥයින්ට ලබාදුන්නේ ඔවුන්ගේ දේශපාලනික වියදම්,ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වියදම්,පෝස්ටර් සහ පත්‍රිකා ආදිය වෙනුවෙන් වියදම් කිරීම සඳහාය".
ඉතාලි දේශපාලනඥයෙක් වූ ඇල්සීඩ් ඩී ගාස්පෙරී(1881-1954)බොලොග්නා හි පිරිසක් අමතන අයුරු,1951 ජූනි
ඉරානය,1953 අගමැති මොහොමඩ් මොසාඩෙග් බලයෙන් පහ කිරීම
වොෂින්ටනය සහ මොස්කව් අතර සීතල යුද්ධය ආරම්භ වූ වහාම සීඅයිඒ සංවිධානයේ ප්‍රධාන සැලකිල්ල යොමුවූයේ යුරෝපයට පමණක් නොවේ.සී අයි ඒ සංවිධානය තමන් ඉරාන අගමැති මොහොමඩ් මොසාඩෙග් බලයෙන් පහකිරීමට සහාය වූ අයුරු 2013 වර්ෂයේදී එළි කලේ ඒජන්සියේ පළමු නිල විදේශීය කුමන්ත්‍රණය එය බවට ප්‍රකාශ කරමින්ය.මොසාඩෙග් යනු බටහිර අධ්‍යාපනය ලැබූ ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කිරීමට කටයුතු කල දේශපාලනඥයෙකි.මෙම තීරණය හමුවේ ඉරානයේ සිටි බ්‍රිතාන්‍ය තෙල් සමාගම් කෝපයට පත්විය.බ්‍රිතාන්‍යය රජය සීඅයි ඒ සංවිධානය සමග එක්ව ඔපරේෂන් ඒජැක්ස් නම් කුමන්ත්‍රණය දියත් කලේ ඉන්පසුවයි.එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති මොසාඩෙග් බලයෙන් පහකර ,1967 වර්ෂයේදී මිය යන තෙක්ම නිවාස අඩස්සියේ තබන ලදි.එවකට ඉරානයේ රජු වූ මොහොමඩ් රෙසා පලාවි හට ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අනුග්‍රහය ලැබිණි.නමුත් ඔහුගේ රළු පාලනය 1979 ඉරාන විප්ලවයෙන් පසුව අවසන් විය.
ඉරානයේ ෂා රජු,මොහොමඩ් රෙසා පලාවි සිය තුන්වන බිරිද ෆරාහ් ඩිබා සමග,1959 දෙසැම්බර් 22.
කොංගෝ,1960 ජනපති පැට්රිස් ලුමුම්බා බලයෙන් පහකිරීම
විසිවන සියවස මැද භාගයේදී තුන්වන ලෝකයේ රටවල් රැසක් තුල නිදහස ලබාගැනීමට අරගල ඇතිවිය.බෙල්ජියමේ යටත්විජිතයක්ව තිබූ කොංගෝ රාජ්‍යය තුල නිදහස් අරගලයේ කැපීපෙනෙන චරිතය වූයේ පැට්රිස් ලුමුම්බාය.ඔහු සිරභාරයෙන් නිදහස් වීමෙන් පසුව රට නිදහස් කරගැනීමට කතා කරන්නට විය.1960 වර්ෂයේදී නිදහස් කොංගෝවේ ප්‍රථම අගමැති ලෙස තේරී පත්වූ ඔහුට හිමිවූයේ අස්ථායි රාජ්‍යයකි.කොංගෝවේ සිටි සුදු ජාතිකයන්ට එරෙහිව අපරාධ සිදුවන්නට වූ අතර බෙල්ජියානුවන් ආරක්ෂා කිරීමට බෙල්ජියම හමුදා එවීය.කොංගෝවේ කටාන්ගන් පළාත තඹ,රන් සහ යුරේනියම් වැනි ඛනිජ සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයක් විය.එහි ක්‍රියාත්මක වූ බෙදුම්වාදීන්ට බෙල්ජියමේ සහාය ලැබුණි.ලුමුම්බා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ සාම සාධ හමුදාවක් එවා බෙල්ජියම් හමුදාව ඉවත් කරගන්නා ලෙසත් බෙදුම්වාදීන්ට උදව් ලබාදීම නතර කරන ලෙසත්ය.ඔහු ඇමෙරිකානු රජයෙන්ද උදව් ඉල්ල සිටියත් කිසිවෙක් ඔහුගේ සහාය පැමිණියේ නැත.අවසානයේදී ඔහු සෝවියට් දේශය දෙසට හැරිණි.ඉන්පසුව එක්සත් ජනපදය සහ බෙල්ජියම එක්ව දියත් කල කුමන්ත්රණයකින් අගමැති ලුමුම්බා අත් අඩංගුවට ගෙන කොංගෝ සහ බෙල්ජියම් කුලීහේවායන්ගේ අතට පත් කෙරිණි.1961 වර්ෂයේදී ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදි.එතැන් පටන් 1997 වර්ෂය තෙක් කොංගෝව පාලනය කලේ බටහිර රූකඩයක් වූ හමුදා නායක ජෝසප් මොබුටු විසිනි.
කොංගෝ ජනපති පැට්රිස් ලුමුම්බා(1925-1961) බ්‍රසල්ස් නගරයේ හෝටලයක.1960 ජනවාරි 27.
කියුබාව,1961 බේ ඔෆ් පිග් ආක්‍රමණය
වොෂිංටනයේ සීතල යුද ප්‍රතිවාදියා වූ මොස්කව් පාලනය සමග සමීපව කටයුතු කල ෆිඩෙල් කැස්ත්‍රෝ සමග සීඅයි ඒ සංවිධානයට දිගු ඉතිහාසයක් තිබේ.කැස්ත්‍රෝ සමාජවාදයට බර වන්නට පෙර ඔහුගේ විප්ලවයට ඇමෙරිකාවේ සහාය ලැබුණි.ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා එක්සත් ජනපදයේ වත්කම් ජනසතු කිරීම නිසා ජනාපති ඩවයිට් ඩී.අයිසන්හවර් කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදි.ඊට ප්‍රතිචාර ලෙස කැස්ත්‍රෝ මොස්කව් පාලනයට සමීප විය.කියුබාව සමාජවාදී රාජ්‍යයක් බවට පත්විය.කැස්ත්‍රෝ-ඇමෙරිකාව අතර ආලය අවසන් වූයේ එලෙසයි.1961 වර්ෂයේදී සිදුවූ බේ ඔෆ් පිග් ආක්‍රමණය සඳහා ඇමෙරිකාව කියුබානු කැරලිකරුවන් පුහුණු කිරීම සහ ඔවුන්ට අවි සැපයීම සිදුකරන ලදි.නමුත් එම ආක්‍රමණය සාර්ථක ව්‍යර්ථ කරන්නට කැස්ත්‍රෝගේ හමුදාව සමත්විය.ඉන්පසු සීඅයි ඒ සංවිධානය ඔපරේෂන් නෝර්ත්වූඩ්ස් නමින් ව්‍යාජ සිද්ධි දාමයක් නිර්මාණය කර ඒවා කියුබාවේ අනුදැනුම මත සිදුවුබව ලෝකයට පෙන්වන්නට සැලසුමක් නිර්මාණය කලද කෙනඩි පාලනතන්ත්‍රය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි(කියුබාව ඇමෙරිකානු භූමියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බව මවා පෑම මෙහි අරමුණ විය).කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා අවස්ථා 638කදී උත්සාහ දරා තිබෙන බව කියවේ.ඉන් බොහොමයක් අවස්ථාව සී අයි ඒ සංවිධානය දැරූ උත්සාහයන් වේ.
1961 වර්ෂයේදී සීඅයි ඒ සංවිධානය ඩොමිනිකන් සමූහාණ්ඩුවේ නායක රෆායෙල් ටෘජිල්ලෝ ඝාතනය කිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර සපයා තිබේ.ඔහු කෲර ඒකාධිපතියෙක් ලෙස හැඳින්විය.හයිටි ජාතිකයින් දහස් ගණනක් රටින් නෙරපා දැමීමට සහ වෙනිසිවුලා ජනපති ඝාතනයට උත්සාහ කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා වේ.රෆායෙල් ටෘජිල්ලෝ ඝාතනය කරනු ලබන්නේ සන්නද්ධ දේශපාලන විරුද්ධවාදියෙක් විසින්ය.ඝාතනය සඳහා අවි සපයා දුන්නේ එක්සත් ජනපදය බවට හෙළිව තිබේ.
කියුබානු ජනපති ෆිඩෙල් කැස්ත්‍රෝ එවකට ඇමෙරිකානු උප ජනපති රිචඩ් නික්සන්ට අත අත දෙන අයුරු,වොෂිංටන්,1959 අප්‍රේල් 19.
ඉන්දුනීසියාව,1965 කොමියුනිස්ට්වාදීන් අතුගාදැමීම
1965 වර්ෂයේදී ඉන්දුනීසියාවේ හමුදාවේ ජෙනරල්වරු හයදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද්දේ ඉන්දුනීසියානු හමුදාවේම නිලධාරීන් විසිනි.මෙය කුමන්ත්‍රණයක් බවත් ඊට වග කිවයුත්තේ කොමියුනිස්ට්වාදීන් බවත් එරට රජය ප්‍රකාශ කරන ලදි.ජෙනරල් සුහර්ටෝ විසින් මෙහෙයවන ලද සන්නද්ධ හමුදා විසින් කොමියුනිස්ට්වාදීන් සහ ඔවුන්ට සමීප සියලුදෙනා අත් අඩංගුවට ගෙන, වද බන්ධනවලට පත් කර මරාදමන ලදි.සීඅයි ඒ සංවිධානය විසින් කොමියුනිස්ට්වාදීන්ගේ නම් ලැයිස්තු රජයට සපයා දීමත් පුද්ගලයින් 400,000කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට උදවු කිරීමත් සිදුකර තිබේ."එය ලොකු උදවුවක් වුනා හමුදාවට.ඔවුන් විශාල මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කලා.මගේ අත්වල හුඟක් ලේ තැවරී තිබෙනවා,නමුත් එය එතරම් නරක නෑ.ඔබට දරුණු ලෙස පහරදීමට සිදුවන තීරණාත්මක අවස්ථාවක් එනවා." යනුවෙන් ඉන්දුනීසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ සාමාජිකයෙක් වූ රොබර්ට් ජේ.මාර්ටීන්ස් 1990 වර්ෂයේදී වොෂින්ටන්පෝස්ට් පුවත්පතට පවසා තිබේ.
1963 වර්ෂයේදී දකුණු වියට්නාම නායකයා ලෙස ඇමෙරිකාවට පක්ෂපාතී කටයුතු කල ඩින් ඩියෙම් බෞද්ධ විරුද්ධ මතධාරීන් දඩයම වේගවත් කලේය.ඔහු දකුණු වියට්නාම ජනතාව අතර ප්‍රතික්ෂේප වන්නට විය.ඇමෙරිකාවේද සහාය ඇතිව දකුණු වියට්නාම ජෙනරල්වරුන් ඩින් ඩියෙම් බලයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කලහ.1963 නොවැම්බර් 1දා ඔහුව අල්ලාගෙන මරාදමන ලදි.
1965 රජයේ සහාය ඇතුව ක්‍රියාත්ම වූ මහා පරිමාණයෙන් කොමියුනිස්ට්වාදීන් ඝාතනය කිරීමේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වූ සිය මව සහ පියාගේ ඡායාරූපයක් තබාගෙන සිටින ශ්‍රි මුහයිටි නම් කාන්තාව,2006 මැයි.
චිලී,ජනපති සැල්වඩෝර් අලෙන්ඩේ 1973දී බලයෙන් පහකිරීම