දෙවියනේ ඇයි මට එහෙම කලේ?

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දෙවියනේ ඇයි මට එහෙම කලේ?

    අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.

    “යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”

    :lol:
    rep+
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Elas.hamotama hoda padama...
    Rep
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.