දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න....

    10172648_654195414647784_5206466857793311921_n.jpg


    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ධර්මයක්‌ මහානාම ශාඛ්‍ය කුමරුට දේශනාකරනවා. මේ ධර්මය බොහෝම උපක්‍රමශීලී ධර්මයක්‌. මහානාම කුමාරය බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් 'ස්‌වාමිනි, භාග්‍යවතුන් වහන්ස ගිහි ජීවිත ගතකරන අපි කුමන විහරණයකින් ගත කළ යුතුද කියලා ප්‍රශ්නයක්‌ අසනවා.

    එවිට භාග්‍යවතුන් වහන්සේ 'මහානාම ඔබ මේ විදිහට හික්‌මෙන්න. බුද්ධානුස්‌සතිය වඩන්න,ධම්මානුස්‌සතිය , සංඝානුස්‌සතිය වඩන්න. මහානාම ඔබ ශීලානුස්‌සතිය වඩන්න, ත්‍යගානුස්‌සතිය වඩන්න' කියලා දේශනා කරලා අවසානයේ පවසා සිටිනවා 'මහානාම ඔබ දේවානුස්‌සතිය වඩන්න' කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න'.... යනුවෙන්.

    මේ ධර්මය ඔබට ඇසෙන කොට ඔබට සිතෙන්න පුළුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිව්‍යතල වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යතල වර්ණනා කිරීමක්‌ නොවෙයි සිද්ධවෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස ඔබව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම ඔබට දිව්‍යතල කෙරෙහි එම දිව්‍ය සැපයන් කෙරෙහි ජන්දරාගය තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම ඔබ තුළ දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති වුණාට පස්‌සේ ඔබ මොකද කරන්නේ. ඒ කැමැත්ත උපාදානය කරගෙන ඔබ වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් ඔබ වඩන්නේ ඇයි? ඉහත සශ්‍රීක දිව්‍යතලයක සැපවිඳින්න. නමුත් පිංවතුනි ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ඔබේ ජීවිතයෙන් වැඩි වශයෙන් වඩවා ගන්න කොට ඔබ නොදැනුවත්වම ඔබව සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා ඔබ මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. දැන් ඔබට වැටහෙනවා ඔබට බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්නය කියලා කීවේ මෙන්න මේ ජයග්‍රාහී තැනට ඔබව ඔසවා තබන්න. එතකොට මේ දේවානුස්‌සතිය වඩන්න කියන්නේ පන්සලේ, ආරාණ්‍යයේ ජීවත්වන ප්‍රාථමික අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න නොවේ. සශ්‍රීක දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න. පන්සලේ රුක්‌දෙවියෙක්‌, ආරක්‍ෂක දෙවියෙක්‌ වෙන්න හිතන්නවත් එපා. ඒවා ප්‍රාථමික තත්වයන්. පන්සල ඇසුරු කරගෙන අවශ්‍ය ගුණධර්මයන්, කුසල් ධර්මයන් වඩන්න. පන්සල තමයි කුසලධර්මයන් දියුණු කරගන්නා මධ්‍යස්‌ථානය. මොනම හේතුවක්‌ නිසාවත් ඔබ පන්සලෙන් ඈත්වෙන්න එපා. පන්සලෙන් ඈත්වෙනවා කියන්නේ ඔබ සතර අපායෙන් මිදීමේ මාර්ගයෙන් දුරස්‌ වෙනවා කියන එකයි. සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබට අත්‍යවශ්‍ය කෙරෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන සාධක ඔබ තුළින් වැඩෙන්නේ පන්සල ඇසුරින්.

    path to nirwana (f.b.)