හෙට යන බව. නැති වෙන්නේ බුදු බණ ඇහෙන කාලෙක ලැබුන මිනිසත් භවය බව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මළ ගෙදර

    කෙනෙක් මැරිලා. අනෙක් අය කඩියෝ වගේ වැඩ. බිස්කට් අල්ලනවා. බීම අල්ලනවා. කොඩි දානවා. බැනර් ගහනවා. Parking place හදනවා. තව තැනක කෑම ලෑස්ති කරනවා. සැරින් සැරේ නෑදෑයෝ අඬනවා. ආයෙ විටක කාමරයක් ඇතුලේ කවුරු හරි කියන දේකට හිනා වෙනවා. මේ තමා සාමාන්‍ය මළගෙදරක හැටි.

    හරි පුදුමයි. ඊයේ අපිත් එක්ක හිටපු කෙනෙක් මේ මැරිලා තියෙන්නේ. කොහේ ගියාද දන්නෑ. ඉන්න කාලේ ගමනක් ගිහින් එන්න පැයක් පරක්කු වුනොත් මොකද දන්නෑ කියලා හොයන්න ගන්නවා. ඒත් දැන් යන්නම ගිහින්. ගිය තැනක් දන්නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිනිස් භවයෙන් චුත වෙන අයගෙන් මිනිසත් භවයක් ලබන්නේ නිය පිටට ගත්ත පස් වගේ කොටසක් නම් මහ පොළවේ පස් වගේ කොටසක් සතර අපායේ යනවා කියලා. ඒත් "නිවන් සැප ලැබේවා" කියලා පෝස්ටරයක් ගහලා කිසිම ගානක් නැතුව ඉන්නවා.

    මැරිලා තියෙන්නේ මිනිහෙක්. ප්‍රඥාවක් තියෙන කෙනෙක්. සතර අපායෙන් සදහටම බේරෙන්න හැකියාව තිබුන කෙනෙක්. ඒත් ඒ හැකියාවෙන් රස්සා කරලා දරුවෝ හදලා ගෙවල් හදලා ඒවා මත්තේ ඇලිලා ගැටිලා, ඒ ඔක්කෝම පැත්තක තියෙද්දි කරගත්ත පව් කද විතරක් අරගෙන යන්න ගිහින්. කල්ප ගාණකින් බුදු බණ ඇහෙන කාලෙක ලබාගත්ත මිනිසත් භවය නිස්කාරනේ නාස්ති කරගෙන යන්නම යන්න ගිහින්. බය හිතෙන්නැද්ද?

    හෙට ඔය වගේ මිනී පෙට්ටියේ ඉන්නේ ඔබ වෙන්න පුලුවන්. ඔබේ පවුලේ අය සැරින් සැරේට අඬයි. දවස් හතේ දානෙ දෙද්දිත් අඬයි. මාස තුනේ දානෙ දෙද්දි ඇස් තෙමෙයි. අවුරුද්දේ දානෙ දෙද්දි වැඩි හරියක් විහිලු කරන, හිනා වෙන හඬ ඇහෙයි. ඊට පස්සේ දානයක් දෙයිද දන්නෙත් නෑ. ඔවුන් වෙනුවෙන් ඔබ ඇලි ඇලී, ගැටි ගැටී දස අකුසලයම කර කර උපයපුවා එයාලා බුක්ති විඳියි. ඔබව මතක් වෙන්නෙවත් නැති වෙයි. කමක් නෑ. ඒත් එයාලා නිසාම සතර අපායේ ඉන්න ඔබට පිනක් අනුමෝදන් කරන්නවත් මතක් වෙන එකක් නෑ. එතකොට දුක් වෙලා වැඩක් නෑ.

    මළ ගෙදරක් දකිද්දී දකින්න මේ විදිහටම ඔබත් හෙට යන බව.
    නැති වෙන්නේ බුදු බණ ඇහෙන කාලෙක ලැබුන මිනිසත් භවය බව.
    මොනවද ඔබ ඔය කර කර ඉන්නේ?
    සිහි එළවා ගන්න.
    හැරෙන්න කළ්‍යාණ මිත්‍රයන් දෙසට.
    සවන් දෙන්න.
    ඉරන්න ඇස් වහලා තියෙන අවිද්‍යා පටලය. දකින්න යතාර්ථය.
    මිදෙන්න.

    තෙරුවන් සරණයි
    කලණ මිතුරු
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ‍ය්යකො උම්බල මෙහේ අවෙ අපිට වහල කම් කරන්න, බලපන් නුවර එලියෙ තේ දලු කඩන්නේ පර දෙමල්ලු නේ. උම්බලට එහෙම උනේ කලින් ආත්වල නය නිසා. මෙ ආත්මෙත් සල්ලි අරන් තව රටෙ හමොටම නය කාරයො උනා
     
    • Wow
    Reactions: Candid-B