දෙවිවරු නොමැරෙත් (වීර සෙන්පතියාට කරන ගෞර&#3520

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
දෙවිවරු නොමැරෙත් (වීර සෙන්පතියාට කරන ගෞර&#3520

►►දෙවිවරු නොමැරෙත්◄◄

305705_282546785117839_193218727383979_746382_516525216_n.jpg


ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්‍රම විභූශණය,රණ වික්‍රම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම පදක්කම වන වීර වික්‍රම විභූශණයෙන් දෙවරක්ම පිදුම් ලද අභීත ශ්‍රී ලංකා පුත්‍රයෙකි.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අධ්‍යාපනය ලැබුවේ අවිස්සාවේල්ල ජනධිපති විද්‍යාලයේ සහ කොළඹ දකුන ලුම්බිනි විද්‍යාලයේය.පාසල් සමයේ දක්‍ෂ රගර් ක්‍රීඩකයෙකු වූ මොහු 2008 ජනවාරි මසදී කෞෂල්‍යා රොඩ්‍රිගූ මෙනෙවිය සමග විවාපත් විය.

1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක්(Second Lieutenant) ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට එක් වීමට යුද හමුදා විශේෂ බලකා පුහුනු පාඨමාලාව හැදෑරීය. පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්‍රස්තවාදීන් බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්‍රදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්‍රහාර නිසා ත්‍රස්තවාදීන් විශ්මයට පත් විය. මෙම හේතුව නිසාම මෙම බලකාය "මහසෝන් බලකාය" යන අන්වර්ථ නාමයෙන් ද හැදින්විනි.තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්‍ය නායක කනගයි අමරන් මරා දමා ඇත.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්‍රස්තවාදීන් යටතේ පාලනය වූ ප්‍රදේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්‍රමිකව ආරක්‍ෂිත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්‍ෂයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.

මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.
2008 ජනවාරි මස විවාහපත් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස මියයන විට තම බිරියගේ කුසයේ වැඩුනු මෙලොව එලිය නුදුටු පස් මස් වියැති බිලිදියකගේ පියෙකි.ඔහු මිය යන විටත් පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුලී නිවසකය.

තම මවුබිම වෙනුවෙන් මෙවන් කැප කිරීමක් කල මෙවැනි අභීත පුත්‍රයෙකු දැයට අහිමි වී තුන් වසරක් ආසන්න වී ඇති මේ මොහොතේ ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබෙනවාද යන්න සැක සහිතය.
 
  • Like
Reactions: bubu and charith05

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :yes: ජාතිය රන් විමනක්වේ.....ආගම මිනි කිරුලක්වේ.....එය රැකගන්නට මෙලොවේ සමත්වෙතොත් පුතනුබවේ..............!!!:yes::yes:


    අපගේ...උත්තමාචාරය
    !!!!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වීර සෙන්පතියානෙනි ඔබ කල සේවයට අපේ උපහාරය .. :yes:
    රෙප් +

    මචන් කණ්ඩායමේ අය බේර ගන්න එම්.අයි 24 යානා ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තියනවා කියලා මම අහලා තියනවා කවුරු හරි ඒ ගැන දන්නවද ?
    :)
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    වීර සෙන්පතියානෙනි ඔබ කල සේවයට අපේ උපහාරය .. :yes:
    රෙප් +

    මචන් කණ්ඩායමේ අය බේර ගන්න එම්.අයි 24 යානා ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තියනවා කියලා මම අහලා තියනවා කවුරු හරි ඒ ගැන දන්නවද ?
    :)

    :yes::yes::yes::yes::yes::yes: video akak dakala tiyanawa yaluwage phone akakin
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අභිත විරුවානෙනි ඔබට ජාතියේ උපහාරය

    Anee palayan ban.oya manussayagee noonata baba labenna innakota Gen Fonseka dunna waahanayak.eeka dunne maruna weerayata age 55 wenakamma paulee ayata thiyaganna.mee aanduwen eeka aragaththaa.
    ada oya weerayagee noonai babai gana kauruth balanne neee.eedanam parlimeenthuwatath genath upahara dunna.koo ada kauruth neha.pottu ammangee wifeta eeta wada salakanawa
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    වීර සෙන්පතියානෙනි ඔබ කල සේවයට අපේ උපහාරය
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිරු නගින පැයෙත් හිරු බසින පැයෙත් සදා සමරමු විරුවන් (ජීවිත පුදකළ සහ ආබාදිත සහ ජීවමාන)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියල තියන එක නම් හරියට හරි........

    දෙවිවරු නොමැරෙත්........!!!!

    ලලිත් ගේ දූ පැටිය හරිම ලස්සනයි.......දැන් අවුරුදු 3කට ටිකක් වැඩියි මගේ හිතේ.......!!
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,383
    1,493
    113
    ළිඳේ ♥♥♥♥
    :yes: ජාතිය රන් විමනක්වේ.....ආගම මිනි කිරුලක්වේ.....එය රැකගන්නට මෙලොවේ සමත්වෙතොත් පුතනුබවේ..............!!!:yes::yes:


    අපගේ...උත්තමාචාරය
    !!!!

    :yes::yes: ape kalaye saba weerayek :rolleyes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වීර සෙන්පතියානෙනි ඔබ කල සේවයට අපේ උපහාරය .. :yes:
    රෙප් +

    මචන් කණ්ඩායමේ අය බේර ගන්න එම්.අයි 24 යානා ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තියනවා කියලා මම අහලා තියනවා කවුරු හරි ඒ ගැන දන්නවද ?
    :)

     
    • Like
    Reactions: Ali patiya

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    වීර සෙන්පතියානෙනි ඔබ කල සේවයට අපේ උපහාරය ..