දෙහිවල සත්වෝද්‍යානය තුළ දැනට පිහිටා ඇති අවන්හල ප්‍රතිසංස්කරණය කිරීම මගින් සහ ප්‍රධාන දොරටුව අසල තවත් නව ඉදිකිරීමක් මගින් ජාතික උද්‍යානය තුළ රාත්‍රි සමාජශාලා ක්‍රියාත්මක කිරීමටත් රාත්රියේදී ද වැඩි මිලට ලබාගත් ප්‍රවේශ පත්‍ර මගින් සතුන් නැරඹීමටත් අවස්ථාව ලබාදීමටත් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. විශේෂයෙන් රාත්‍රි සමාජශාලාවල ඝෝෂාකාරී ශබ්ද සහ ආලෝක ධාරා මගින් මෙහි ජීවත්වන වන සතුන්ගේ නිදහස් ජීවන රටාවට බාධා එල්ල විය හැකි බව කිවමනාය. එසේම වනාන්තරවල වෙසෙන සතුන් නැරඹීමට පවා ජාතික උද්‍යානවලට රාත්රියේදී ඇතුළු වීමට නොදෙන්නේ ඔවුන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බාධා එල්ල වන බැවිනි. එවැනි පසුබිමක් තුළ කූඩු කර සිටින සතුන් වඩාත් ආතතියෙන් පෙළෙන විටෙක ඔවුන් වෙත රාත්රියේදී ද ආලෝක ධාරා එල්ල කර නරඹන්නන්ට ප්‍රදර්ශනය කිරීම එම සතුන් තවදුරටත් උන්මත්තකයන් බවට පත් නොකරතැයි කාට නම් කිව හැකිද? එසේම එම සතුන්ගේ කායික, මානසික සහ සමාජීය අවශ්‍යතාවයන්ට තවදුරටත් ඉඩ ඇහිරීම කොතරම් දුරට මානුශීය ද යන්න අප විසින් සිතා බැලිය යුතුමය.
ඉතුරු ටික...
http://www.divaina.com/2012/07/03/feature07.html





