නයන කියන්නේ මම නෙවෙයි..
නමුත් නයන ඉන්න රටේ කතා කිරීමේ, ලිවිමේ,සිතිමේ නිදහස තියෙන රටක්.මේ රටවල ඕනම ආගමක් විවේචනය කරලා යු ටියුබ් එකට දාගන්න පුලුවන්.බටහිර රටවල් වල ආගම් විවේචනය තහනම් නෑ.ඒක නිසා මේ අය සියලූම ආගම් වල විවේචන යූ ටියුබ් එකට දානවා.ඒක ඒ අයගේ නීතිමය අයිතිය.දේශපාලකයන්ට බැනලත් දාන්න පුලුවන්.
ආගම් කියන්නේ දේශපාලනය වගේ බොරු ගොඩක්.ඒක නිසා ඒවා විවේචන එල්ල වීම අසාධාරණ නෑ.මොකද හැම ආගමක්ම සත්‍ය වෙන්න අමාරුයි.නමුත් මේ අයට තේරුම් ගන්න බැරි පිටසක්වල සත්‍ය තොරතුරු ආගම් තුල තියෙන්නේ කොහොමද කියලා මගේ පිටසක්වල ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කරා.ඒක නිසා මේ වගේ ආගමික විවේචන ෆේස් බුක්, යූ ටියුබ් එකට නිතරම අප්ලෝඩ් වෙනවා.මේක තව ඉදිරියට වැඩි වෙනවා.ලංකාවේ මේක තනම් වුනාට ඒක ජාත්‍යන්තරයට තහනම් නෑ.ලංකාවේ රාජපක්ෂව විවේචනය තහනම් වෙන්න පුලුවන්.නමුත් විදේශයක රාජපක්ෂ විවේචනය තහනම් කරන්න බෑ.මොකද ඒක ප්‍රාදේශික නීතියක්. ඉතින් මේකට ඒ මිනිහට බැනලා වැඩක් නෑ.මිනිහා එයාගේ රටේ ඉඳගෙන එහි තියෙන නිදහසට අනුව වැඩ කරනවා.තමන්ට කම්පියුටර් එකක් තියෙනවානම් ඕන එකක් ලියල අන්තර්ජාලයට මුදාහරින්න පුලුවන්.ඒක සමහර රටවල තියෙන නිදහස.
ඒ නිදහසට ජාත්‍යන්තර රැකවරනයක් තියෙනවා.මේකට නයනට බනින එක නෙවෙයි විසදුම.ලංකාවේ ඉන්න ඔය ලොක්කට කියලා යූ ටියුබ් ෆේස් බුක් ලංකාවේ තහනම් කරවා ගත්තා නම් හරි.එතකොට වෙන සයිට් වලට ගිහිල්ල ඒවාම දායි.එතකොට ඒ සයිට් තහනම් කරවා ගන්න.හොඳම වැඩේ තමයි අන්තර්ජාලයම ලංකාවේ තහනම් කරවා ගන්න එක.ඔයාලා ගිහින් ලොක්කට සහ ලොක්කන්ට මේක දැනුම් දෙන්න.එතකොට ඒඅය අන්තර්ජාලයම තහනම් කරයි.මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට ප්රවෘත්ති දෙන එකත් තහනම් කරන්න ඕනී.නිවුස් නැතිව කාලා බීලා විතරක් ඉමු.