දේශප්‍රිය_මිනීමරුවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දේශප්‍රිය_මිනීමරුවා

රතුපස්වල ඝාතක බ්‍රිගේඩියර් දේශප්‍රිය ජනතාවට බියේ කටුනායක පස්සා දොරකින් පලා යයි.



brigadiar_deshapriya_thurkey_single.jpg



තුර්කියේ තානාපති සේවයේ සිටියදී යහපාලන ආණ්ඩුව විසින් යලි කැඳවූ රතුපස්වල ජන ඝාතක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අද දහවල් කටුනායක ගුවන් තොටුපොලින් ලංකාවට පැමිණි අතර එළියේ උද්ඝෝෂනය කළ රතුපස්වල ජනතාවට බියේ ගුවන් තොටුපොලේ රහස් දොරටුවකින් පලා ගිය බව වාර්තා වේ. රතුපස්වල ජන ඝාතකයා සිය රට එන බව ඊයේ රාත්‍රී ලංකා ඊ නිව්ස් කරන ලද පූර්ව දැනුම් දීමත් සමග ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් රතුපස්වල ගල්ඔලූව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ඇතුලු සංඝ්‍යා වහන්සේලා සහ සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය සමග රතුපස්වල ජනතාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ උදේඝා්ෂනයක නිරත වූ අතර හිමිවරු ගුවන්තොටේ පිහිටි බුදු මැදුර ඉදිරිපිට උපවාසයක් ඇරඹූහ.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද පැමිණ සිටි අතර ප්‍රාදේශීය සභා දේශපාලනඥයන් පිරිසක් ද පැමිණ සිටියහ.
තත්ත්වයට මුහුණ දී ගත නොවුණු බ්‍රිගේඩියර් වරයා ඔහුට හිතවත් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ ආරක්ෂාව යටතේ පලාගිය බව කියැවේ.
කෙසේ වෙතත් ගුවන් තොටුපල ඉහල නිලධාරියෙකුගෙන් ලංකා ඊ නිව්ස් කළ විමසුමකට පිලිතුරු ලෙස කියා සිටියේ කිසිදු දේශපාලනඥයෙක් බ්‍රිගේඩියර්වරයාට ආරක්ෂාව සලසන්නැයි හෝ ඔහු වෙනත් දොරටුවකින් පිටත් කර යවන්න කියා හෝ ගුවන් තොටුපොල නිලධාරීන්ට උපදෙස් නොදුන් බවයි.
ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ පොලිසියේ ඉහල නිලධාරියෙකු කීවේ බ්‍රිගේඩියර් වරයා ලංකාවට කැඳවූයේම රතුපස්වල ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමට බවයි.
රතුපස්වල සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පක්ෂග්‍රාහී වාර්තාවෙන් පවා බ්‍රිගේඩියර් වරයාට හමුදාව සමග එහි එන්නට නියෝග දුන්නේ කව්ද යන්න හෙලිකර තිබුනේ නැත. හදිසි නීතිය නැති අවස්ථාවකදී කැරැලිකාරී තත්ත්වයක් මැඩ පැවැත්වීමට හමුදාව අවශ්‍යය යැයි ඉල්ලා සිටීමේ බලය ඇත්තේ සහකාර පොලිස් නිලධාරියෙකුගෙන් ඉහල පොලිස් නිලධාරියෙකුට මිස වෙනත් කිසිවෙකුට නොවේ. ඒ අනුව තමන් ආවේ කාගේ නියෝග නිසාදැයි බ්‍රිගේඩියර් හෙලිකළ යුතුය. එම නියෝගය නිසැකවම නීති විරෝධී නියෝගයකි. නීති විරෝධී නියෝගය දුන් එකා මෙන්ම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කර ජනතාව ඝාතනය කළ බ්‍රිගේඩියර් ගුණවර්ධණ සුරියආරච්චිගේ දොන් අනුර දේශප්‍රිය ද එල්ලුම් ගස් යැවිය යුතුය.