තොරතෝංචියක් නැති සද්ද යන්තරේ
මතක් කරනව විජ්ජා නොම්මරේ
ගුණවත් නැණවත් සිල්වත් දේශප්‍රේමියෙක්
අපේ ගමේ කරකැවෙනව
තාප්පවල එල්ලීගෙන
අපේ දිහා විරිත්තනව
ගුණවත් නැණවත් සිල්වත් විතරද
වැහැරුනු ඔය කැත මුහුණට රූමත් කිව්වොත් නරකද
දේශප්‍රේමි මොළයත් දැන් ටික ටික වැඩ කරනව
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරනව
තව සය වසරකට පස්සෙ වඩිනු මැනවි මේ පැත්තට
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරන්ට
මතක් කරනව විජ්ජා නොම්මරේ
ගුණවත් නැණවත් සිල්වත් දේශප්‍රේමියෙක්
අපේ ගමේ කරකැවෙනව
තාප්පවල එල්ලීගෙන
අපේ දිහා විරිත්තනව
ගුණවත් නැණවත් සිල්වත් විතරද
වැහැරුනු ඔය කැත මුහුණට රූමත් කිව්වොත් නරකද
දේශප්‍රේමි මොළයත් දැන් ටික ටික වැඩ කරනව
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරනව
තව සය වසරකට පස්සෙ වඩිනු මැනවි මේ පැත්තට
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරන්ට



