දේශපාලකයන්ට ගොදුරුවූ එරිත්‍රියාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දේශපාලකයන්ට ගොදුරුවූ එරිත්‍රියාව

    දේශපාලකයන්ට ගොදුරුවූ එරිත්‍රියාව

    වළපල්ලට ගිය රටවල්
    image_5ff536ead9.jpg

    ඉර හඳ පායන ලෝකේ - සැප දුක සමබර වේ. ලෝක ස්වභාවය එයයි. සැපක් නැති දුක පමණක් උරුම කර ගත් පුරවැසියන් ජීවත් වන රටවල් වළපල්ලට ගිය දේශයන්ය. එවැනි රටවල අයට රකින්නට කිසිවක් නැත. දකින්නට නම් හෙට දිනයක් ඇත. එවැනි රට වල ඇත්තේ දේශානුරාගී වහසි බස් දොඩවන දේශපාලුවන්ගේ ජරා ජීර්ණ දේශපාලන සම්ප්‍රදායකි. එවැනි දේශපාලකයින් බලය අසිපතක් කර ගනී. ඉන් ජන ජීවිතය විනාශ කරනු ලබයි. ඔවුන් තුළ පවතින්නේ නින්දාසහගත කෘෘරත්වයකි.

    අද වළපල්ලට ගිය රටවල් තීරයෙන් හඳුන්වන්නේ එරිත්‍රියා (Eritrea) දේශයයි. වසර 35 ක් තිස්සේ සටන් කර ඉතියෝපියාවෙන් වෙන් වී අගාදයට ඇදවැටී ඇති එරිත්‍රියාව අද ලොව දිළිඳුම රටකි. එරිත්‍රියාව වෙනම දේශයක් බවට පත් වුණේ 1993 දීය. පසුගිය වසර 25 තුළදී මෙය ආපස්සට ගිය රාජ්‍යයකි.

    රතු මුහුදට මුසු වූ රතු රුධිරය

    එරිත්‍රියාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ රතු රුධිරය මේ රට වටා ඇති රතු මුහුදට මුසු වීම තුළින් ලබා ගත් නිදහස වචනයට පමණක් සීමා වූ නිදහසකි. මෙයත් අප්‍රිකාවේ තවත් අපායකි. සුඩානය, ඉතියෝපියාව, ජිබුටි ආදී රටවලට මායිම්ව පිහිටි එරිත්‍රියාව අද සාගින්නෙන් පෙළෙන රටකි.

    වර්ග කි.මී. 1,17,600 ක් හෙවත් ව.සැ. 45,406 ක් විශාල 50 ලක්ෂයක පමණ ජන ගහණයකින් යුත් නිරන්තරයෙන් විවිධ ජාතීන් 7 ක් පමණ වූ ජනවාර්ගිකයින් අතර ගැටුම් පවතින මෙම අප්‍රිකානු දේශය අනාගත දැක්මක් නැති දේශපාලකයින් විසින් විනාශ කර හමාරය. මෙහිද සිටින්නේ ජනතාවගේ පොකට් එකට විදින දේශපාලකයින්ය. බලය ලබා ගත් විට හත්මුතු පරම්පරාවම ගොඩදා ගන්න පාලකයින්ය. රට අස්ථාවර වී ඇත්තේ මේ නිසාය.

    විනාශ මුඛයට පත් වූ එරිත්‍රියාව

    ණයගැති භාවය, වේගයෙන් අඩු වන රාජ්‍ය ආදායම්, අායෝජන සමතුලිතතාවයකින් තොර වීම, ආරක්ෂක වියදම් දෙගුණ තෙගුණ කිරීම, හොරකම, වංචාව, දූෂණය, අල්ලස ගජරාමයට සිදුවීම එරිත්‍රියාවද විනාශ මුඛයට පත්වීමට මූලික හේතුවයි. රටේ මුළු ජනගහණයෙන් සියයට 66 ක් එදාවේල පිරිමසා ගැනීමට නොහැකිව දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස සිටින අයුරු ​ෙකතරම් ශෝචනීයද? ලොව දූෂිතම රටවල් 15 ක ලැයිස්තුවට එරිත්‍රියාවද ඇතුළත්ය.

    මෙතරම් විශාල රටක ඇත්තේ පාසල් 824 ක් පමණකි. විශ්වවිද්‍යාල 2 ක් පමණකි. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 1,25,000 කට අධිකය. අධ්‍යාපනයට රජය වැය කරන්නේ සොච්චම් මුදලකි. අනාගත දැක්මක් නැති දේශපාලකයින්ගේ කෙරුවාව මින් සනාථ වේ. වසර 35 ක් තිස්සේ ඉතියෝපියාවෙන් වෙන් වීමට සටන් කළේය. 1993 ජන වාර්ගික සටන අවසන් විය. 1997 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදී. පාර්ලිමේන්තු​ෙව් ආසන සංඛ්‍යාව 150 කි. යුද්ධය අවසන් වූ පසුත් රටේ ආරක්ෂක හමුදාව තර කර ගැනීමට රජය ක්‍රියා කළේය.

    image_f2fc1a3c53.jpg



    image_3f272314e0.jpg


    හමුදාවට සුර සැප ජනතාවට බඩගිනි

    ජනතාවගේ සුබසිද්ධිය තකා වැය කරනවා වෙනුවට ආරක්ෂක වියදම්වලට මුල්තැන දෙනු ලැබීය. අප්‍රිකාවේ විශාලතම හමුදාව ඇති රට වලින් එකකි එරිත්‍රියාව. යුද හමුදාවේ සහ එහි ප්‍රධානීන්ගේ වියදම් වැඩි කිරීම රටට වැඩදායක නොවීය. ජනතාව කුසගින්නේ අඳෝනා නගද්දී හමුදා වියදම් මෙසේ වැඩි කිරීම තුළින් රට අරාජික විය. දේශපාලකයින් හා හමුදා නිලධාරීන් සුඛෝපභෝගී දිවි ගෙවද්දී බහුතර ජනතාව කබලෙන් ළිපට වැටී අවසන්ය. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25 දක්වා පහත බැස තිබීමෙන්ම රටේ නියම තත්ත්වය අවබෝධ වේ.

    ලංකාවේ මෙන් එරිත්‍රියාවට ද වැඩිපුරම ආදායම් ලබා දෙන්නේ එම රටින් යුරෝපය ඇතුළු විවිධ රටවලට ගොස් රැකියා කරන ශ්‍රමිකයින්ය. ඔවුන් රටට එවන විදේශ විනිමය එරිත්‍රියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. එම විදේශ ශ්‍රමිකයින් ගැන සානුකම්පිතව නොබලන එරිත්‍රියාවේ පාලකයින් රටේ සම්පත් සූරාකෑම රටට වින්නැහියකි.

    image_fb32141bae.jpg
    කළ පව් පළ දුන් හැටි


    කලකට පෙර එරිත්‍රියාව මගින් ශ්‍රී ලංකාවේ කොටි කල්ලියට අවි ආයුධ කුණුකොල්ලයට විකිණූ අයුරු මෙම ලේඛකයා විසින් අනාවරණය කරන ලදී. ලොව විවධ රටවල ත්‍රස්තවාදී කල්ලිවලට අවි ආයුධ සපයා මුදල් ඉපයීම එරිත්‍රියා පාලකයින් විසින් දිගමට කරගෙන යන ලදී. වෙනත් රටවල් විනාශ කිරීමට අත දුන් එරිත්‍රියාවට අද කළ පව් පලදී ඇති අයුරු දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමිනස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ආදී ජාත්‍යන්තර සංවිධාන පවසනු ලබන්නේ මාධ්‍ය නිදහසක් නැති මහා පරිමාණයෙන් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන රට වලින් මුල් තැනක් එරිත්‍රියාවට හිමි වන බවයි.

    රට පළාත් 6 කට බෙදී ඇත. දිස්ත්‍රික්ක 58 කි. තවමත් ගමනා ගමන, සෞඛ්‍යය, විදුලිය, අධ්‍යාපන, ජලය, වැසිකිළි ආදී පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. මැලේරියාව ක්ෂය රෝගය, එච්.අයි.වී. වයිරසය හේතුකොටගෙන මිය යන අයගේ සංඛ්‍යාව අතිවිශාලය.

    දේශපාලන හොරු

    කැළිකසළ උවදුර රට වෙළාගෙන සිටී. ඊට නිසි පිළියම් නැත. බලයට පවත්වන දේශපාලකයින් බොහෝ දෙනා මුදල් පසුපස හඹා යාම නිසා රටේ දැවෙන ප්‍රශ්න උග්‍ර වෙමින් පවතී. විරැකියාව උග්‍රවී ඇත. රටේ සිදුවන අපරාධ දෙගුණ තෙගුණ වී ඇත.

    මේ රටේ ජනතාව නඟන හඬක් ඇත. එය කුමක් දැයි මම එරිත්‍රියානු ජාතිකයෙකුගෙන් විමසුවෙමි. ඔහු මට කිව්වේ හමිහා - හරමිහා (Hamiha Haramiha) යනුවෙනි. එහි තේරුම වන්නේ මුරකරු හොරා වූ විට (When The Guard is Thief) යනුවෙනි. මෙසේ ඔහු සඳහන් කළේ එරිත්‍රියාව පාලනය කරන දේශපාලන හොරු ගැනය. විනාශමුඛයට පත්වී වළපල්ලට යන්නේ ​දේශපාලන හොරු ඉන්න රටවල්ය. එවැනි දේශපාලකයින්ගේ නූල් සූත්තර න්‍යාය රටකට හරියන්නේ නැත.




    සීරි හීන්පැල්ල
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Lankawe me thathwe ne . Desapalakayan horakam keruwata Api thawamath Hoda jeewana mattamak innawa . Ape Adyapanaya Hodai. Ape rate rekiya thiyenawa . Aduwakata thiyenne Puhunu Sramikayan Adu weemai.
     
    එරිත්‍රියාව ගැන කතා කරන අය, නොදන්නා තවත් කතා තියේ....

    1. එරිත්‍රියාවයි ඉතියෝපියාවයි අතර සාම සාකච්ඡා තියලා රටවල් වෙන් කරන්න කටයුතු කළේ නෝර්වේ රජයයි. ඔව්. නෝර්වේ. හොයලා බලන්න........
    2. එරිත්‍රියාව, කොටින්ට ආයුධ විකුණුවේ, ගුවන් යානා කොටස් ගේන්න උදව් කළේ නෝර්වේජියානු පෙළඹීම මත...සෝල්හයිම්ගේ උදව් අරන්.......
    3. එරිත්‍රියාව පාලනය කරන්නේ බටහිර රාජ්‍යය.
    4. දකුණු සුඩානයේ තෙල් නිධි තියනවා. ඒ වගේම චීනයට තෙල් ගේන්න බටයක් හදන්න ලෑස්ති වුණා, දකුණු සුඩානයේ........ඔන්න ඕක තමයි මේ පැත්තේ දේශපාලනය.........

    මෙතන වෙන්නේ අප්‍රිකානු සම්පත් කොල්ල කන්න, ඇමරිකාව, නෝර්වේ අතුළු බටහිරය එකට වැඩ කිරීමක්...ඔය රට ඔහොම අපායක් වෙන්න ඒ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම, නූගත් කම, නිසි නායකත්වයක් නැති වීම වගේම ඒ අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණත් අදාළයි.............

    ලංකාව මේ තත්ත්වයේ නැ.....හැබැයි 2005 රනිල් එලෙව්වේ නැත්තම් ඒක වෙනවා.............2019 දිත් මැන් එලෙව්වේ නැත්තම් ඒක වෙනවා.