දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු

    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන..
    දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..
    වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන..
    වාහනේ හැපිලා insurance එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර estimate එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..
    ඔෆිස් එකේ O.T එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න..
    Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න..
    රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..
    ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන..
    ගෙදර ප්ලෑන් එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න..
    වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන..
    මිනිස්සු....
    සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු ප්‍රින්ට් අවුට්ස් ටිකයි ෆොටෝ කොපි ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දානව...
    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු.....
    - copied​
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    70646361_426104818023007_7182815542468673536_n.jpg



    අ.කු.දියාත් ඉන්න ෆොටෝ එකක් නෑ ඌ ගල් ආදා.. එත් මිනිස්සු ඌ ගැනත් හොදට දන්නවා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    70646361_426104818023007_7182815542468673536_n.jpg



    අ.කු.දියාත් ඉන්න ෆොටෝ එකක් නෑ ඌ ගල් ආදා.. එත් මිනිස්සු ඌ ගැනත් හොදට දන්නවා..


    සිරා ඉන්නේ බෝකක් චාර්ජ් වෙලා වගේ කියල තියෙන්නේ මට විතරද?
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    කොහොමද බන්ලා දේශපාලඥයෝ ගෑනු

    කොහොමද බන්ලා දේශපාලන් එවුන් ගෑනු ඔච්චර දාගන්නේ වැඩ වලට...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නීථිය හරියට, හැමෝටම එක විදියට, තදින් ක්‍රියාත්මක උනා නම් මිනිස්සු ඔහොම කරන්න පුරුදු වෙන්නේ නැ.

    අනිත් අය හොර පාරෙන් වැඩ කරනකොට බලන් ඉන්න බැරුව හොද මිනිස්සුත් ඒවා කරනවා

    මෙහෙම හිල් හදල, බලපෑම් කරලා හොර වැඩ වලට ආදර්ශ දෙන්නෙත්,
    නිතිය වල වද්දලා මේ තත්වය ඇතිවෙන්න දීල තියෙන්නෙත් 71ක් පාලනය කරපු දෙසපලුවෝ තමයි.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඕක මචං කුකුලද බිත්තරයද මුලින්ම ආවෙ වගේ එකක්. අපි ඉදන් දේසපාලුවන්ට බනිනවා රට කනවා කියල හැබැයි ඒ දේසපාලුවන්ව එතනට ගෙනියන්නෙත් අපිමයි. අපි අපේ ආකල්ප හදාගන්නකන් අපිට ගොඩ එන්න බෑ. 225 + 1 වෙනස් කරන එක ලේසි හින්දා අපි කියනවා මුං ඔක්කොම එලවපු දාට ලංකාව හැදෙනවා කියල. ඒත් උන්ව එලවනවත් එක්කම ඊට සමාන්තරව රටේ බහුතරයකගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන නැත්තං අරුන්ටික එලවන්න හැදන එක සාර්ථක වෙන්නෙත් නෑ අපි ඉන්න තැනින් ගොඩ එන්නෙත් නෑ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක මචං කුකුලද බිත්තරයද මුලින්ම ආවෙ වගේ එකක්. අපි ඉදන් දේසපාලුවන්ට බනිනවා රට කනවා කියල හැබැයි ඒ දේසපාලුවන්ව එතනට ගෙනියන්නෙත් අපිමයි. අපි අපේ ආකල්ප හදාගන්නකන් අපිට ගොඩ එන්න බෑ. 225 + 1 වෙනස් කරන එක ලේසි හින්දා අපි කියනවා මුං ඔක්කොම එලවපු දාට ලංකාව හැදෙනවා කියල. ඒත් උන්ව එලවනවත් එක්කම ඊට සමාන්තරව රටේ බහුතරයකගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන නැත්තං අරුන්ටික එලවන්න හැදන එක සාර්ථක වෙන්නෙත් නෑ අපි ඉන්න තැනින් ගොඩ එන්නෙත් නෑ

    මොකෙකුටවත් වැරදි කරලා බේරෙන්න බැරිවෙන්න නිතිය හදන්න පුළුවන් නම් ඕක හරියනවා.