දේශපාලනයට වෘත්තිකයන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශපාලනයට වෘත්තිකයන්

    දේශපාලනයට වෘත්තිකයන් ඕනෑකර තිබේ


    වෛද්‍ය චමල් සංජීව

    අපේ රටේ රාජ්‍ය නිලධාරීන් දිනයේ රාජකාරි ආරම්භ කරනුයේ බොහෝ විට උදෑසන නමයට පමණය. එසේ පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ද තවත් පැය භාගයක්‌ උදෑසන ආහාරය ලබාගැනීමට යොමුකරවයි. නැවත උදෑසන දහයට තේ පානයයි. නැවත දවල් 12 වන විට කාර්යාලයෙන් පිටව යන අතර සවස 2.30 ට පැමිණෙන මොවුන් යළි සවස 3.00 සිට තේ පානයට පිටත් වෙයි. 3.45 වන විට කාර්යාලවලින් පිටවීම අරඹති. මේ තත්ත්වය තුළ රාජ්‍ය අංශය ඉතා දුර්වල කළමනාකාරිත්වයකින් යුක්‌ත බව පැවසිය හැකිය.

    කොළඹ නගරයේ රාජ්‍ය සේවකයන් කාර්යාල වලින් එළිය පැමිණෙන්නේ සවස 3.15 පමණ වන විටය. මේ දිගු ගමන් සේවා දුම්රිය සවස 3.40 වන විට ගමන් ආරම්භ කරන නිසාය. මෙය ඉතා දුර්වල රාජ්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයයි. කළ යුතුව ඇත්තේ කාර්යාල අවසන් වන වේලාවෙන් පසුව දිගු ගමන් සිඝ්‍රගාමී දුම්රිය ආරම්භ කිරීමයි. නමුත් දැන් පවතින්නේ කාර්යාල වේලාව තුළ දුම්රිය ආරම්භ කිරීමයි. මෙය හාස්‍යයට කරුණකි.

    අපේ රටේ රාජ්‍ය සේවකයන් තම රාජකාරි ඉටුකරන්නේ ඔරලෝසුවේ කටු දෙස බලාය. 3.30 වන විට ඔවුන් තම අසුන් වලින් නැගිට යති. එහෙත් දියුණු රටවල තත්ත්වය මෙයට වෙනස්‌ය. ඔවුන්ට තමන්ගේ දවස ඉලක්‌ක නිමාවන තුරු තම අසුන්වලින් නොනැගිටිති.

    ජපානය වැනි රටක ඕනෑම රාත්‍රියක කිසිවකුට බියෙන් තොරව ගමන් කළ හැක. ඒ මංකොල්ලකරුවන් නොමැති නිසාය. ඒ එරට සියලු දෙනාටම සමාන අයිතිවාසිකම්, සමාන ධනයන් හිමි වන නිසාය. ජපානයේ අධික ධනපතියන් නොමැත. සියලු දෙනා අතර ධනය සමාන ලෙස බෙදී යයි.

    එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා වෙනස්‌ය. අධික ධනපතියන් සංඛ්‍යාවෙන් සියයට 10 ක්‌ වේ. ඉතිරි සියයට 90 ක්‌ම දුප්පත් පීඩිත පංතියට අයත් වෙයි. දිනපතා අපරාධ ඉහළ යන්නේ මේ ආර්ථික අසමතුලිතතාව නිසාය. අප රටට ගෙන එන විදේශීය මුදල් වලින් වැඩිම ප්‍රතිශතයක්‌ ප්‍රතිලාභ බුක්‌ති විඳින්නේ ඉහත ඉතා ඉහළ ධනපති පාංතිකයන්ය. මේ විෂම චක්‍රය පවතින තුරාවට රට ආශ්චර්යය නොවනු ඇත.

    සෞඛ්‍ය ප්‍රතිපත්ති සකසන්නේ සෞඛ්‍යය ගැන අවබෝධයක්‌ ඇත්තවුන් නොවෙයි. මහා මාර්ග ප්‍රතිපත්ති සපයන්නේ බස්‌ මුදලාලිලාට අවශ්‍ය පරිදිය. කෘෂිකර්ම ප්‍රතිපත්ති සපයන්නේ පොහොර මුදලාලිලාට අවශ්‍ය පරිදිය. මත්පැන් හා මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සපයන්නේ ද එවායේ මිල ඉහළ නංවන්නේ ද අදාළ සමාගමේ අවශ්‍යතාවය මිස සැබෑ ප්‍රතිපත්තියෙහි පිහිටා නොවෙයි.

    සෑම පැත්තකම ඇත්තේ පෞද්ගලික ලාභය කේන්ද්‍ර කර ගත් සමාජ රටාවකි. මාධ්‍ය, වෘත්තීය සමිති සහ දේශපාලකයන් සියල්ලන්ටම වාගේ ඇත්තේ මෙම පෞද්ගලික ලාභ ඉපයීමේ අරමුණයි. මෙහි අවසානය රට දිනෙන් දින අගාධයට ගමන් කිරීමයි.

    රටේ බුද්ධිගලනය සීග්‍රයෙන් ඉහළ ගොස්‌ ඇත. මෙරට බොහෝ විද්වත් වෘත්තිකයන් රට හැර යැම කැපී පෙනෙන කරුණක්‌ වී ඇත. එහෙත් පාලකයන් ඒ සම්බන්ධව නිහඬව සිටින්නේ දුර්වල පාලනයක පැවැත්මට බුද්ධිමතුන්ගේ නිහඬතාව ඉතා වැදගත් නිසාය.

    උගත්කම, බුද්ධිය මා සහජයෙන් අත්පත් කර ගත් කුසලතා පවතින පුද්ගලයන් මෙසේ උපන් රට අතහැර යැම බුද්ධිගලනය (ඊර්සබ රැ යමප්බ Caචසඒක Fකසටයඑ) ලෙස හඳුන්වයි. ඊට අභ්‍යන්තරයේ පවතින ආරවුල්, ත්‍රස්‌තවාදී තර්ජන මෙන්ම රට තුළ පවතින රැකියා අවස්‌ථා සංඛ්‍යාව අඩු වීම, දේශපාලන අස්‌ථාවරතාවය ආදිය සෘජුව බලපාන හේතු සාධකයෝ ය.

    නිදහසේ තම රැකියාව කරගෙන යැමට නොහැකි ලෙස දේශපාලන බලපෑම් එල්ලවීම මෙන්ම තමන්ගේ සෞඛ්‍යයට හානි කර වතාවරණ තත්ත්ව වූ විට ද බුද්ධිගලනයට බලපාන සෘජු හේතු සාධකය ලෙස ඉස්‌මතු වන්නේ මේ ආර්ථික තත්ත්වයයි. තම රැකියාවට, වෘත්තීය කුසලතාවයට ගැළපෙන ලෙස, එම සමාජ තත්ත්වයේ ජීවත් වීමට හැකි ස්‌ථාවර ආර්ථික පසුබිමක්‌ මෙරට නොමැති වීම හමුවේ බොහෝ උගත්තු මෙරට හැරයති.

    නිදසුනක්‌ වශයෙන් අට පවා අසමත් මන්ත්‍රීවරයකුගේ මාසික වාහන ඉන්ධන දීමනාව පමණක්‌ රුපියල් දෙලක්‌ෂයක්‌ වෙද්දී මෙරට වෛද්‍ය ඵඊඊS නිලධාරියකුගේ මසක වැටුප රුපියල් 30,000 පමණි. මෙරට දී මෙවන් අඩු වැටුපක්‌ ලබන විට සියලු වෛද්‍ය නේවාසිකාගාර, ඇඳුම් හා සියලු පහසුකම් සමග රුපියල් ලක්‌ෂ පහකට ආසන්න වැටුපක්‌ යුරෝපා රටක දී ලබා ගත හැකිය. විශේෂඥ වෛද්‍යවරයකුට මෙරට දී රුපියල් 40,000 - 50,000 අතර, වැටුපක්‌ ලැබෙන අතර එම වෛද්‍යවරයාට ඕස්‌ටේ්‍රලියාව වැනි රටක දී රුපියල් දස ලක්‌ෂයකට ආසන්න වැටුපක්‌ ලබාගත හැකිය. මෙරට දී ලබා ගන්නා වැටුප ද ලබා ගැනීමට ඔහුට දැඩි මානසික පීඩනයකට මුහුණ දීමට සිදුවේ.

    බුද්ධිගලනයේ දී රටේ සිටින උගත් බුද්ධිමත් වඩාත් අත්දැකීම් සහිත පුද්ගලයන් රටට අහිමි වීම බරපතළ පාඩුවකි. රටේ දියුණුවට ඉවහල් වන අදහස්‌, නව නිර්මාණ, කුසලතා, චින්තන ශක්‌තීන් විදේශ ගත වීම හමුවේ අපේ රට බුද්ධි කාන්තාරයක්‌ බවට පත්වෙමින් පවතින අතර රට එකතැන පල්වේ.

    බුද්ධිගලනයේ දී වඩාත් බරපතළ තත්ත්වයන් උදාවන්නේ මෙම මහා පරිමාණයේ සිදුවීම සමඟය. පෙර සඳහන් කළ පරිදි රට බුද්ධි කාන්තාරයක්‌ වීම ශ්‍රී ලංකාවේ අනාගතයට කිසි ලෙසකින් වත් සුබවාදී නොවනු ඇත. සංවර්ධිත රාජ්‍ය බවට පත් වූ බොහෝ රටවල් තමන්ගේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කිරීමට උපයෝගී කර ගන්නේ මානව සම්පතයි. නමුල් අප රටේ පාලකයන් මෙම මානව සම්පතින් නිසි ලෙස ප්‍රයෝජන ලබා ගැනීමට උනන්දුවක්‌ දක්‌වන බවක්‌ නොපෙනේ.

    ඉන්දියාව වැනි ආසියාතික රටවල් තම රටේ සංවර්ධනය වෙනුවෙන් නැවත වරක්‌ තම මාතෘ භූමියට පැමිණෙන ලෙස ස්‌වදේශිකයින්ට ආරධනා කර සිටින්නේ මේ නිසාය. දේශීය චින්තනය ඔස්‌සේ ක්‍රියා කළ ඔවුන් මේ වන විට සඳ තරණයට ද සූදානම් ය.

    පශ්චාත් යුද සමයෙන් අනතුරුව යුරෝපයේ සිටි උගත් බුද්ධිමත් විද්‍යාඥයන් බුරුතු පිටින් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූ සමයේ දී රාජකීය සංගමය විසින් මෙම බුද්ධිගලනය යන වචනය හඳුන්වා දෙන ලදි.

    ලොව බුද්ධිගලනයෙන් ඉහළම තැනක සිටින රටක්‌ වන්නේ ශ්‍රී ලංකාවයි. මේ ගැන අපට කිසිසේත්ම සතුටු විය නොහැක. ශ්‍රී ලංකාව හැරුණු විට අප්‍රිකානු රටවල්, කැරිබියන් දූපත් රටවල් අතීත නැගෙනහිර ජර්මනිය සහ පැරණි සෝවියට්‌ සංගමයට අයත් රටවල උගත්තුද තම තමන්ගේ රටවල් හැර යමින් සිටිති. විශේෂයෙන්ම තම උගත්කමට වෙළෙඳපොළ වටිනාකමක්‌ නොලැබීම උගතුන්ගේ සිත් කලකිරීමට හේතු වී ඇත.

    බුද්ධිගලනයට හේතු වන කරුණු සොයා බලා ඒවා වළක්‌වා ගැනීමට පියවර ගත යුතුය. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල් බුද්ධිගලනය නතර කිරීමට උත්සාහ දරන්නේ නීති රීති පැනවීමෙනි.

    නීති රීති කෙසේ වුවද රටේ පාලකයන් මෙම බුද්ධිගලනය අළු යට වූ කෙළ පිඬක්‌ සේ නොසලකා ඇති බව පෙනෙන්නට තිබේ. මෙය ලැඡ්ජාවට මෙන්ම කනගාටුවට ද කරුණකි. බුද්ධිගලනයේ ප්‍රතිඵල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන ගණන් වල ආර්ථික පාඩුවක්‌ රට රටවලට සිදු වී ඇත.

    ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක ග්‍රීන් කාඩ් සංකල්පය බුද්ධිගලනයට තවත් අත වැනීමක්‌ වී ඇත. ඉංජිනේරුවන් පමණක්‌ නොවේ. ශ්‍රී ලංකාව හැර යන්නේ වෛද්‍යවරුන්, ගුරුවරුන්, හෙද හෙදියන් මෙන්ම ස්‌වකීය තාක්‍ෂණය කුසලතා ඇති නිර්මාණාත්මක හැකියා ඇති තරුණ තරුණියන් ද මෙයට අයත් වේ.

    ශ්‍රී ලංකාවේ උගත් බුද්ධිමතුන් තරුණ තරුණියන්ට ලොව ඕනෑම ඉහළ පිළිගැනීමක්‌ හිමි වී ඇත. විශේෂයෙන් තොරතුරු තාක්‍ෂණ, ගණකාධිකාරි ක්‌ෂේත්‍රය මේ අතර ප්‍රධාන වේ. මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ ගණකාධිකාරුවන්ගෙන් සියයට පනහක්‌ පමණ සේවය කරන්නේ විදේශ රටවලට ය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධනය ක්‌ෂේත්‍රයට දැවැන්ත අභියෝගයක්‌ එල්ල වී ඇත. රට හැර ගොස්‌ සිටින ලාංකික තරුණ තරුණියන්ට ඉතා ඉහළ වැටුපකට ඉහළ ස්‌ථානයක්‌ එම රාජ්‍ය වලින් හිමි වී ඇත.

    මේ සියල්ලේ ප්‍රතිඵලයක්‌ ලෙස අපට අහිමි වන්නේ රටේ පවතින මානව සම්පතයි. රට හැර යන බුද්ධිමතුන් යළි මෙරටට ගෙන්වා ගැනීම පහසු නැත. ඒ සඳහා රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, ව්‍යqහය යටතේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස දියුණු විය යුතුව ඇත.

    ශ්‍රී ලංකාව තුළින් අලුතින් ආයෝජන කටයුතු ඇරඹීමට ද මේ බුද්ධිගලනය බරපතළ ලෙස බලපා ඇති අතර, අභියෝග හමුවේ ඉදිරියට යන ලාංකික තරුණයන් රටට අහිමි වීම මෙහි අනාගතය අගාධයට ඇද දමා ඇත. මිනිස්‌ බලය (ඵ්බ ඡදඇර) සහ බුද්ධි හැකියාවන් (ඊර්සබ ඡදඇර) අහිමි විට රටට ශාපයක්‌ ලෙස පවතිනු ඇත.

    මේ වනවිට රටපුරා කථිකාවත සිදුවන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැනය. බලයට පත්වූ සියලු පාලකයන් තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් ප්‍රතිපත්ති සකසනවා මිස ජනතාව වෙනුවෙන් පොදු අරමුණක ප්‍රතිපත්ති සකසා නැත. වසර පහෙන් පහට සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස්‌ වෙයි. කෘෂිකර්ම ප්‍රතිපත්ති වෙනස්‌ වෙයි. ආරක්‌ෂක ප්‍රතිපත්ති වෙනස්‌ වෙයි. අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස්‌ වෙයි. රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය වන අමාත්‍යංශයක්‌ වන්නේ විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයයි. එහෙත් අපේ රටේ අවම සැලකිල්ලක්‌ දක්‌වන අක්‍රීය අමාත්‍යංශය වන්නේ එයයි. ලොව බොහෝ රටවල මුදල් සහ ආරක්‌ෂක අමාත්‍යංශය හැර ප්‍රබලම අමාත්‍යංශය විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයයි. එහෙත් අපේ රටේ එය තවත් බෝඩ් ලෑල්ලක්‌ පමණි. මෙය ඉතා කනගාටුදායක කරුණකි.

    විධායක ජනාධිපති ධුරය ගමේ සිරිපාලට ප්‍රශ්නයක්‌ නොවෙයි. සරසවියේ සුරනිමලටද ප්‍රශ්නයක්‌ නොවෙයි. රජයේ කාර්යාලයේ සුමනපාලට ද බරපතළ ගැටලුවක්‌ නොවෙයි. එය ප්‍රධාන ගැටලුව වන්නේ බලය සම්බන්ධව වලිකන දේශපාලකයන් සියලු දෙනාටම පමණි. එහෙත් අසීමිත බලයන් සහිත නීතිය, අධිකරණ අක්‍රිය කරවන විධායක බලය සීමා කළ යුතුව ඇත. එයට සමගාමීව රට ඉදිරියට ගෙනයැම වඩා වැදගත් වන ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්‌ෂණ, කෘෂිකර්ම, සංචාරක ප්‍රතිපත්තියක්‌ වහ වහා ඉදිරිපත් කළ යුතුව ඇත.

    බොහෝ දේශපාලන පක්‌ෂ රටේ විද්වත් වෘත්තිකයන්ට සලකන අන්දම ඉතා කනගාටුදායකය. සොරුන්, මංකොල්ලකරුවන්, ගණිකාවන්, දාමරිකයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් තම තමන්ගේ මැතිවරණ ලැයිස්‌තුවලින්ද, ජාතික ලැයිස්‌තුවලින්ද පාර්ලිමේන්තුවට යෑවීමට උනන්දු වන දේශපාලන පක්‌ෂ ඒ වෙනුවට රටේ පොදු මහජනතාව වෙනුවෙන් දුරදක්‌නා නුවණින් කටයුතු කරන අධ්‍යාපන හා සාමාජික අත්දැකීම් සහිත විද්වත් වෘත්තිකයන්ට දොරටු විවර කළ යුතුව ඇත.

    අද වන විට මෙරට වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ වෘත්තීය සමිති දේශපාලන ඔඩොක්‌කු මතට වී ඇත. එබැවින් විද්වත් වෘත්තිය සමිති රටේ වැදගත් තීන්දු තීරණ ලබාගැනීමේදී විද්වතුන්ට ඇති අවස්‌ථාව සීමා වී ඇත. මේ තත්ත්වය වහා වෙනස්‌ කළ යුතුව ඇත.

    සෑම දේශපාලන පක්‌ෂයක්‌ම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති වල මෙම විද්වත් වෘත්තිකයන්ට ඉහළ ස්‌ථානයක්‌ ලබාදීම ඉතා වැදගත්ය. එසේ නොවුණ හොත් රට ඉතා දැවැන්ත ලෙස ආපසු ගමන යනු ඇත. එය මතුපිටින් නොවන්නකි. විශාල නෞකාවක්‌ කුඩා සිදුරකින් ගිලෙන ලෙස මෙය සිදුවනු ඇත. මෙහිදී අප පහත යෝජනා ඉදිරිපත් කර සිටින්නේ සියලු දෙනාටම විවෘතවයි.

    (1) විද්වත් වෘත්තිකයන්ට සමාජය තුළ ඇති පිළිගැනීම අභිමානය, ඉහළ නැංවීමට ප්‍රතිපත්ති සැපයිය යුතුය.

    (2) අදාළ අමාත්‍යංශවල වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ස්‌වාධීන විද්වත් වෘත්තීය කමිටු පැවතිය යුතුය.

    (3) සෑම දේශපාලන පක්‌ෂයකම තම ජාතික ලැයිස්‌තුවෙන් අවම වශයෙන් ආසන 02 ක්‌ වත් ස්‌වාධීන විද්වත් වෘත්තිකයන්ට ලබාදිය යුතුය.

    (4) රටේ ඉතා වැදගත් කේන්ද්‍රස්‌ථානයන්, තානාපති සේවා, විශ්වවිද්‍යාල සේවය, ආදී ආයතන සඳහා විද්වත් වෘත්තිකයන් පත්කළ යුතුය.

    (5) රාජ්‍ය සේවය විද්වත් වෘත්තිකයන්ට ප්‍රමාණවත් වැටුප්තලයක්‌ ලබාදිය යුතුය.

    (6) පෞද්ගලික අංශයේ සේවය කරන විද්වත් වෘත්තිකයන්ට රටේ වැදගත් ආර්ථික, සමාජීය තීරණ ගැනීමේදී එයට සක්‍රීය ලෙස සහභාගීවීමට අවස්‌ථාව ලබාදිය යුතුය.

    (7) ජාතික ප්‍රශ්න වලදී උපදෙස්‌ ලබාදෙන පොදු විද්වත් වෘත්තීය කමිටුවක්‌ නිර්මාණය කළ යුතුය. එයට ස්‌වාධීන විවිධ ක්‌ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන් පත්කළ යුතුය.

    (8) රට හැර ගොස්‌ සිටින විද්වත් වෘත්තිකයන් යළි ගෙන්වා ගැනීමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හා දරුවන් ට රට තුළ ජීවත් වීමට සුබසාධක සේවා සැපයිය යුතුය.

    (9) විද්වත් වෘත්තිකයන්ට බලපාන ලද ගැටලු සම්බන්ධව අවධානය යොමු කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයකු පත් කළ යුතුය.

    (10) තම අධ්‍යාපනික හා අත්දැකීමක්‌ තීන්දු තීරණ ගන්නා විද්වතුන්ගේ දේශපාලන පළිගැනීම්වලට ලක්‌ නොවිය යුතුය.

    බුද්ධිමතුන්ට යම් රාජ්‍යයක්‌ සළකන්නේ එම රාජ්‍ය පරිහානියට ලක්‌ නොවනු ඇත. විද්වතුන් ද නිහඬව සිට නොරටුන්ට ආවැඩීම වෙනුවට සක්‍රීය ලෙස ඉදිරියට පැමිණීය යුතුය. අතීතයේ පැවැති සඟ, ගුරු, වෙද, ගොවි සහ කම්කරු බලවේග අතරට නවකයෙක්‌ ලෙස එකතු කර ගත යුත්තේ මෙම විද්වත් වෘත්තීකයන්ය. එය හයවැනි බලවේගයයි. අද වන විට රටේ ආර්ථිකයේ ප්‍රධාන නියමුවන් ඔවුන්ය. සුදුස්‌සාට සුදුසු තැන ලැබිය යුතුය.

    විද්වත් වෘත්තීකයන්ද ජාතික ගැටලුවලදී නිද්‍රd, මන්දෝත්සාහී ලෙස බලා සීටීම වෙනුවට පක්‌ෂ, පාට භේද නොසළකා ආණ්‌ඩු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන ප්‍රනහයන්ට යහ පාලනය සහ නිවැරදි මාවත පෙන්වීම කළ යුතුව ඇත. බුද්ධිමය මැදිහත් වීම සඳහා වන විද්වත් වෘත්තීය සංසදය ඒ සඳහා යම් හෝ ප්‍රයත්නයක්‌ දරනු ඇත.
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතාමත් හොද ලිපියක්
    වෘත්තිකයන්ට අපේ රට අතහැර යාමට තවහ් හේතුවක් තමයි අපේ රෑ හැම දෙයක්ම අනවශ්‍ය ලෙස දේශපාලනිකරණය වීම. රජයේ ආයතනවල සභාපති විදියට පත්කරන්නේ අටපාස් පරාජිත අපේක්ෂකයෙක් . ඔහුට යටින් ඉන්න සුදුසුකම් තියෙන බුද්ධිමත් නිලධාරින්ට ,ඊර්ෂ්‍යාව නිසා හෝ වෙන හේතු නිසා කිසිම වැඩක් හරියට කරන්න දෙන්නේ නෑ. පහල මටමේ ඉන්න දේශපාලන පත්වීම්ලැබු අයත් පාලනය කිරිම අපහසුයි. ඒකනිසා ඔවුන්ට තමන්ගේ රැකියාව එපාවෙනවා .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමාත්‍යාංශවල පරිපාලනයට කියලා පරිපාලකයින් පිරිසක් හදලා උන් ලවා ඇමතිලාගේ ඕනෑ එපා කම් ඉටුකරනු දක්නට ලැබේ. උන්ගේ පරිපාලනය තුල රාජ්‍ය නිලධාරීන් තුලින් නිසි රාජකරිය ලබා ගැනීමට අපොහොසත්ව ඇත. දෙශපාලන අතකොලු වලින් වෘත්තිකයා මුදාගෙන විෂය දන්නාවුන් විද්‍යාත්මකව ප්‍රධාන පරිපාලකයන් කලහොත් අපිටත් කාරයක්ෂම සේවාවක් ඵලදායිතාව ක් ගැන හීනයක් මැවියහැක
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    ඉතාමත් හොද ලිපියක්
    වෘත්තිකයන්ට අපේ රට අතහැර යාමට තවහ් හේතුවක් තමයි අපේ රෑ හැම දෙයක්ම අනවශ්‍ය ලෙස දේශපාලනිකරණය වීම. රජයේ ආයතනවල සභාපති විදියට පත්කරන්නේ අටපාස් පරාජිත අපේක්ෂකයෙක් . ඔහුට යටින් ඉන්න සුදුසුකම් තියෙන බුද්ධිමත් නිලධාරින්ට ,ඊර්ෂ්‍යාව නිසා හෝ වෙන හේතු නිසා කිසිම වැඩක් හරියට කරන්න දෙන්නේ නෑ. පහල මටමේ ඉන්න දේශපාලන පත්වීම්ලැබු අයත් පාලනය කිරිම අපහසුයි. ඒකනිසා ඔවුන්ට තමන්ගේ රැකියාව එපාවෙනවා .

    අමාත්‍යාංශවල පරිපාලනයට කියලා පරිපාලකයින් පිරිසක් හදලා උන් ලවා ඇමතිලාගේ ඕනෑ එපා කම් ඉටුකරනු දක්නට ලැබේ. උන්ගේ පරිපාලනය තුල රාජ්‍ය නිලධාරීන් තුලින් නිසි රාජකරිය ලබා ගැනීමට අපොහොසත්ව ඇත. දෙශපාලන අතකොලු වලින් වෘත්තිකයා මුදාගෙන විෂය දන්නාවුන් විද්‍යාත්මකව ප්‍රධාන පරිපාලකයන් කලහොත් අපිටත් කාරයක්ෂම සේවාවක් ඵලදායිතාව ක් ගැන හීනයක් මැවියහැක


    ඉතම කාලෝචිත ලිපියක්, හැබැයි 90% වෙන පීඩිත පන්තියටම තම තේරෙන්නේ නැත්තේ මේ රට යන්නේ වැරදි පාරක කියල.

    දුම්රිය ගැන මතක් කරලා තිබ්බ නිසා කියන්නම්, රටේ දියුණුවට අත්‍යවශ්‍යම දෙයක් තම දුම්රිය කියන්නේ. මේ ලදී එකකිරියේම ගියේ ඉතියෝපියාවේ දුම්රිය සේවේ ගැන. කියන්න තියෙන්නේ අපේ රටේ දුම්රිය සේවයත් ඉතියෝපියාවේ දුම්රිය සේවේ වගේ කරන්න කියල දැන්.

    මේ රටට ඕනි සැබෑ වෙනසක්, එක මේ ඉන්න දේශපාලනය ව්යුර්තියක් කරගත්ත හල්පරුවන්ගෙන් ලැබෙන්නේ නෑ තව අවුරුදු 100ක් ගියත්.වෙනසක් කියල උන් කරන එකම දේ තවත් වැඩිපුර ගසකන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න එක.


     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඕවා කතා කරලා වැඩක් නෑ. අනුව දශකයේ ඉදන් රට හදන්න අවංක උවමනාව තිබ්බ විවිද ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ විශාල ගණනක් ඔය වගේ වැදගත් අදහස් ප්‍රකාශ කරමින් හිටියා, නමුත් කිසිදෙයක් උනේ නෑ. උනේ දෙයක් කළහැකි එවුන් ටික රටින් පිටවීම විතරයි. ඇත්ත කතාව නම් අද ලංකාව, නිවැරදි ක්‍රම වේදයකට ගත්තත් අවුරුදු 50 කින් මෙපිට ගොඩ ගැනීමක් කල නොහැකියි. වෙන්නේ නැති දේවල් ගැන හීන දැක දැක අරක උනොත් රට හැදෙයි , මේක උනොත් රට හැදෙයි කිය කියා හීන දැකල සිගිති ආතල් ගන්නවට වඩා හොදයි පුළුවන් විදියකට වෙන රටකට පැනල ජිවිතේ ගොඩනගා ගන්න එක.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකමට හිතන්න කොච්චර අනාථ කුණකටු කසිප්පු කාරයා, මාල කඩන්නා, සික්කා, ග්‍රාම සේවක, ලයිබ්‍රරි ඇසිස්ටන්ට් නෙවෙයි හිගන්නා උනත් ඇමතියෙක් උනාම පට්ට මොළකාර ගේම් දෙන හැටි...
    ඔය ගේම් පිටිපස්සෙ ඉන්නෙ දූෂිත රජයේ නිලධාරීන්... එයාලා නීතියේ සිදුරු පෙන්වන අර්ථ දැක්වීම් කරන එක්ස්පර්ට්ලා.... ඇමතිලා කන බොනගමන් අරුන් යැපෙනවා...
    පරිපාලනය වෙනස් කල යුතුයි දේශපාලකයින්ට ඔලුව නොනමා අරක්ෂා විය හැකි වෘත්තිකයින් අතට.
    ඇනලිටිකල් මයින්ඩ් මිනිස්සි අතෑරලා කලාකාමීන්ට පරිපාලනේ දෙන වැරැද්ද...කලාකාමීන්ට දිය යුතු අන්ශ තියේ. රජයේ ඉන්නකම් පමණක් සුදුසුකම් තියෙන ජොබ් හිමි මේ පරිපාලක පෙන්ෂන් පෙනි පෙනී ඉන්නෝ කරන්නේ පෙන්ෂන් එකෙන් පස්සේ මොකක් හරි ආයතනයකට සෙට් වෙන්න හිතදිනාගන්න දරනෞත්සහයක් පේන්නේ...
    ඉතින් හරියයිද
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    No, what I believe one good election result can change the way these corrupt politicians think...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    No, what I believe one good election result can change the way these corrupt politicians think...

    කෝ දැන් මේ පාර ආපු results වල හැටියට කොච්චර දේවල් වෙන්න ඕනි ද
    ආණ්ඩුව පෙරැළිය කෙසේවෙතත් :lol:
    අන්තිමට pradhesheeya සභා ටිකත් කලින් විදියටම තමා ...
    පත්වෙච්ච උන්ගේ කීදෙනකුට OL වත් තියේද දන්නේ නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    වෘර්තිකයෝ හොරා කන්නේ නැත්නම් සෙනසුරාද, ඉරිදා දවස් දෙකේ වීදුලිබල මණ්ඩලේ වගේ තැන් වල වාහන එකක්වත් නැත්තේ මොකද ? එදාට උසස් වෘත්තිකයෝ සේරමලා සතියේ දවස්වලටත් වඩා වැඩි කැපවීමෙන් වැඩ කරන නිසාද ? :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෘර්තිකයෝ හොරා කන්නේ නැත්නම් සෙනසුරාද, ඉරිදා දවස් දෙකේ වීදුලිබල මණ්ඩලේ වගේ තැන් වල වාහන එකක්වත් නැත්තේ මොකද ? එදාට උසස් වෘත්තිකයෝ සේරමලා සතියේ දවස්වලටත් වඩා වැඩි කැපවීමෙන් වැඩ කරන නිසාද ? :lol::lol:

    හොරා නොකන්නේ මොකෝ... ඒකට බේදයක් නෑ කරන ජොබ් එක
    හොර හිත යම් යම් ප්‍රමාණවලින් තියෙනවා...
    යම් ඇනලිටිකල් මයින්ඩ් පිරිසක් නම් අවශ්‍යමයි.

    සී.ඊ.බී. එකේ අයට ගෙවල් වල රිපෙයාස් යන්න දාන්න වීකෙන්ඩ්. හොරකම් ඕවට වඩා ලොකුයි ඕවයේ