දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ

    image_963312bbfe.jpg




    දේ ශපාලකයන්ගේ තීන්දු තීරණ හා හැසිරීම් හමුවේ අපහසුතාවට පත්වන පිරිස අතර කලාකරුවාට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. ලක්දිව මුල්ම රජු ලෙස සඳහන් විජය විසින් කුවේණිය ඇතුළු ඥාතීන් මරාදමන්නේ සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් අතරදීය. රාජසිංහ රජු දස්කොන් ඇමැති මරාදමන්නේ ප්‍රමිලා බිසවගේ කලා අනුරුවක වරදක් පෙන්වා දීමට ගොසිනි.


    කාශ්‍යප රජු විසින් අප්සරාවන් චිත්‍රණය කළ ජනක නම් කලාකරුවාගේ ඇස් අන්ධකරන ලද කතාව ජනප්‍රවාදයේ එයි. මෙලෙසින්ම නිදහස ලද පසුත් අප රටේ කලාකරුවන්ට නොයෙකුත් දේශපාලන හැලහැප්පීම් නිසා ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා සුලබය.


    ජාතික ගීයේ වෙනසක් කරන්නට යෑම නිසා ආනන්ද සමරකෝන් නමැති අග්‍රගණ්‍ය කලාකරුවා අපට අහිමි විය. දේශීය, පළපුරුදු ශිල්පීන් සිටියදී විදෙස් ශිල්පීන් ලවා සංගීතඥයන් වර්ග කිරීමට ගිය විට සුනිල් ශාන්ත ඊට එරෙහිව ගුවන් විදුලියෙන් සමුගත්තේය.
    දේශපාලකයන්ගේ වපර ඇසට යොමුවූ විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි කලාකරුවෝ භීෂණ සමයේ අකාලයේ දිවිපිදූහ.


    80 දශකයේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය දිගු කලක් වේදිකාගත කළ නිහාල් සිල්වාගේද “මේ කවුද මොනවද කරන්නෙ?” නාට්‍යයට දායක වූ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හා ප්‍රවීණ නළු රිචඞ් ද සොයිසා ගේද දිවි නාඳුනන මැරයන්ට ගොදුරු විය.


    ඇතැම් ගීත, නාට්‍ය හා සිනමා කෘති වාරණයට ලක්වූ අතර ගම්පෙරළිය, අම්මා වැනි පෙරළිකාර පොත් තහනම් විය. “දේශපාලුවා” නමින් නාට්‍යයේ පෝස්ටරය තහනම් වූයේ, එම කපටි දේශපාලකයාගේ රූපය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රුවට සමාන නිසා යයි කියති. “ඇට” සහ “පැළ” යනුවෙන් පිටපතෙහි සඳහන්වූ “පන්දම” නාට්‍යය තහනම් වූයේ ධාන්‍ය රාත්තල් අට යන මැතිවරණ පොරොන්දුව සිහිපත්වීම නිසාය.


    ජේ. ආර්. ජයවර්ධන යුගයේ දේශපාලන කාටුන් ශිල්පියකු වූ යුනුස්ට මැරවරයන් විසින් පහරදී ඔහුගේ නාසය කපා දැමූ පුවතද ආන්දෝලනයට ලක්විණ. කාටුන් ශිල්පීන් අතින් තදබල ලෙස විවේචනයට ලක්වුණු දේශපාලන චරිත අතර ඩඞ්ලි, ජේ. ආර්, ප්‍රේමදාස, ඉලංගරත්න, බණ්ඩාරනායක හා ජෝන් කොතලාවල යන චරිත මුල්තැන ගත්තේය.


    තමා වඳුරෙකුට උපමා කරමින් කාටුන් ශිල්පීන් විසින් පළකළ චිත්‍ර පෙළක් බණ්ඩාරනායක අගමැතිඳුන් විසින් විසිත්ත කාමරයේ එල්ලා තැබූ පුවතක් ද දක්නට ලැබිණ. සර් ජෝන් කොතලාවල අගමැතිතුමාද නිර්දය ලෙස කලාකරුවන් අතින් විවේචනයට ලක්වූ අයෙකි. එම දේශපාලන කාටුන් හා හඬ පටි කොතලාවල මහතා විසින් ද එක්කාසු කර විනෝද වූ අයුරු එම චරිතාපදානයේ සඳහන් වේ.


    ප්‍රවීණ ගුවන් විදුලි විකට නාට්‍ය නිෂ්පාදකවරයකු හා අධ්‍යක්‍ෂවරයකු වූ එච්.ඩී. විජේදාස මහතාගේ උපහාසාත්මක විවේචනයට එකල දේශපාලන ක්‍ෂෙත්‍රයේ නායකයෝ රැසක් ලක්වූහ.


    “සිංහල” ගැන කතා කරමින් ලද පනස්හයේ ජයග්‍රහණයෙන් පසු අලුත් අවුරුදු කෑම වේල වූ කැවුම්, කිරිබත් මේසය හැඳි ගෑරුප්පු භාවිතයෙන් හිස්කළ බණ්ඩාරනායක අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් ගුවන් විදුලිය මගින් පූර්ණ හාස්‍යයට ලක් කළ එච්. ඩී. විජේදාසට කිහිප වරක් රාජ උදහස එල්ල විය.


    ආසියාවේ රාජ්‍ය නායකයන් එක්වී පැවැත්වූ බැංඩුන් සමුළුව නිර්දය විවේචනයට ලක් කරමින් විකට වැඩසටහනක් තැනූ විජේදාස ගුවන් විදුලි බලධාරීන්ගේ උදහසට ලක්විය.


    “වහාම ගිහින් අගමැතිතුමාට වැඳල සමාව ගනින්. හෙට ඉඳන් උඹේ රස්සාව නැතිවෙන්න පුළුවන්.”


    බලධාරීහු එච්. ඩී. විජේදාසට බැණ වැදුණහ. විජේදාස වෙව්ලමින් බය පක්‍ෂපාතීව සර් ජෝන් කොතලාවල අගමැතිතුමා ඉදිරියේ පෙනී සිටියේය.


    “තමුසෙ කවුද?”


    “සර් මං තමයි අර බැංඩුන් සම්මේලනය ගැන වැඩසටහන කළේ. සර් මං ඒක සර්ට අපහාසයක් කරන්න හිතල නෙවෙයි කළේ. විහිළුවක් විතරයි.”


    කොතලවාල මහතා බියෙන් වෙවුලන මාධ්‍යකරුවා දෙස දැඩි බැල්ක් හෙළුවේය.


    “ආ... තමුසෙද මේ මිනිහා. හොඳයි දානවකො බලන්න ඒ රෙකෝඞ් එක මටත් ඇහෙන්න.”


    කොතලාවල මහතා කීවේය.


    විජේදාස වෙව්ලමින් බැංඩුන් සමුළුව උපහාසයට ලක් කරන ශබ්ද පටිය දැමීය. ආසියානු රාජ්‍ය නායකයන්ට හඬ දී තිබුණේ සතුන්ගේ හඬිනි. බැටළුවන්ගේ, හරකුන්ගේ, බල්ලන්ගේ, බූරුවන්ගේ හඬට රාජ්‍ය නායකයන්ගේ හඬ ගැලපී තිබිණ.


    මෙය මඳ වෙලාවක් ඇසූ කොතලාවල මහතා බඩ අල්ලාගෙන මහ හඬින් සිනාසුණේය.


    “යකෝ! උඹ තමයි බං මිනිහා! මරුනෙ යකෝ!”


    “අනේ සර් මගෙ රස්සාව නැති වේවිද?”


    මාධ්‍යවේදියා පුදුම වී ඇසීය.


    “කවුද බං කියන්නෙ. උඹ හොඳ එකා. උඹ ගිහින් වැඩ කරපං. මොනවා හරි ඕනෑ නං මට කියපං. මතක ඇතුව ලබන සතියෙ එකත් අරන් වරෙන්.”


    රත්මලානේ කඳවලවත්ත වලව්වෙන් එච්. ඩී. විජේදාස බේරී පැමිණීම ගැන යහළුවෝ පුදුමයට පත්වූහ.


    මෙවැනි සිදධියක් වෙළෙඳ අමාත්‍ය ටී. බී. ඉලංගරත්නයන්ගේ පිළිවෙත උපහාසයට ලක් කරමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී. ඇස්. ප්‍රනාන්දු කළ නිර්මාණයන්ටද එල්ල විය. මුලදී ඔහුට නිර්දය ලෙස දෝෂාරෝපණය කළ ඉලංගරත්න මහතා කේන්තිය මදක් අඩු වූ විට කළේ තැපැල්පතක් ගෙන ජී. ඇස්. ට කවියක් ලියා යැවීමය.


    “මට ගහන ගැහුමින්
    ඔබට සැපතක් වේනම්
    තව තවත් යහමින්
    සැපත ළං කරගන්න ගහමින්”


    ඉලංගරත්න තම අදහස පළ කළේ එලෙසය. එය දුටු කාටුන් ශිල්පියාට තමා එතුමාට කළ අපහාසය ගැන කනගාටුවක් සිතිණ. ඔහුද තැපැල්පතක් ගෙන මෙලෙස ලියා යැවූ බව සෝමසිරි කස්තුරිආරච්චි මහතා පවසයි.


    “ලියූ සතර පදයෙන
    මතුවෙයි මහ මිනිස් ගුණ
    මිනිසත් ගතිය දැන
    බැණුම් අසමින් සිනාසෙනු මැන”


    එදා දේශපාලනඥයන් තමන් විවේචනය කළ කලාකරුවන්ට සැලකුවේ එලෙසිනි.

    src.lankadeepa.lk
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වැඩි හරියක් ප්‍රේමදාස ෂොට් එක දීපු අය .... :(

    පොඩි එවුන්ට දැනගන්න කියන්නේ...ඔව් .. ඒ සජිත්ගේ තාත්ත තමයි.....

    ඒ කාලේ සජිත් කරේ නිදන් හාරපු එක.... ඕන තරං සාක්ෂි තියෙනවා... ඒත් ලංකාවේ සිහලයෝන්ට කාලයත් එක්ක ඉක්මනින් අමතක වෙනවා....
     
    Last edited:
    • Like
    Reactions: KavinduDD

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වැඩි හරියක් ප්‍රේමදාස ෂොට් එක දීපු අය .... :(

    පොඩි එවුන්ට දැනගන්න කියන්නේ...ඔව් .. ඒ සජිත්ගේ තාත්ත තමයි.....

    ඒ කාලේ සජිත් කරේ නිදන් හාරපු එක.... ඕන තරං සාක්ෂි තියෙනවා... ඒත් ලංකාවේ සිහලයෝන්ට කාලයත් එක්ක ඉක්මනින් අමතක වෙනවා....

    :frown::frown::frown:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    වැඩි හරියක් ප්‍රේමදාස ෂොට් එක දීපු අය .... :(

    පොඩි එවුන්ට දැනගන්න කියන්නේ...ඔව් .. ඒ සජිත්ගේ තාත්ත තමයි.....

    ඒ කාලේ සජිත් කරේ නිදන් හාරපු එක.... ඕන තරං සාක්ෂි තියෙනවා... ඒත් ලංකාවේ සිහලයෝන්ට කාලයත් එක්ක ඉක්මනින් අමතක වෙනවා....

    ඇයි සජිත් බේබිගේ ජැක්පොට්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැඩි හරියක් ප්‍රේමදාස ෂොට් එක දීපු අය .... :(

    පොඩි එවුන්ට දැනගන්න කියන්නේ...ඔව් .. ඒ සජිත්ගේ තාත්ත තමයි.....

    ඒ කාලේ සජිත් කරේ නිදන් හාරපු එක.... ඕන තරං සාක්ෂි තියෙනවා... ඒත් ලංකාවේ සිහලයෝන්ට කාලයත් එක්ක ඉක්මනින් අමතක වෙනවා....

    පලයන් බන් කට කතා හදන්නේ නැතිව , සජිත් මහත්තයා වගේ සුදු චරිතයක් දැකලම නැහැ