දේශපාලනය ගැන !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
අනේ මන්දාය ! සරත් පොන්සේකාට හිර දඩුවම් ලැබී තිබේ , ජාත්‍යන්තරය හමුවේ යුද අපරාද කරුවන් වශයෙන් හංවඩු ගැස්සවීමට උල්පන්දම් දීම නොකළ යුතුය , එය දේශ ද්‍රෝහී කමකි , අනිත් පැත්තෙන් දුමින්ද සිල්වා "හොද" වී ඇත , ඔහු සැක කරුවෙක්ද කියාවත් ෂුවර් නැත ...මට තේරෙන විදියට සරත් පොන්සේකද වැරදිය , දුමින්ද සිල්වාද වැරදිය ,

සරත් පොන්සේකා රටට සේවය කල බව ඇත්තය , ජනඩිපති තුමාද රටට සේවය කර ඇති බව ඇත්තය .. ඔව්න් දෙදෙනාම නිසා අපි යුද්දය දිනුවෙමු ,
සරත් පොන්සේකාගේ වැඩ ගැනත් අපට ප්‍රශ්න ඇත , එමෙන්ම ඔහුට උදව් කරන එජාපය ගැනත් අපට ප්‍රශ්න ඇත ,
අනිත් පැත්තෙන් රජය ගැනත් අපට ප්‍රසන ඇත

2001 දී සාම ගිවිසුම ,යුද්දය සම්බන්දව දරපු අදහස් හරිම ද්‍රෝහීය , සිගිරිය විකුනන්න ගියේය ,ඔක්කොම පිට රටින් ගෙන්ද ගොස් ගොවියා චාටර් කළේය ,සංවර්දනය වංචා ගොඩක් විය ,වැඩියම සුද්දන්ට රට විකුනන්න ගියේ උන්ය . දැන් චෝදනා කරන හොරකම් ගොඩක් ඔව්න් ද කර ඇත , ඔව්න් ද නිතිය අතට ගෙන ක්‍රියා කර ඇත ..එ වගේම අනිත් පැත්තෙන් බිස්නස් සරු විය ,බඩුමිල ටිකක් ශේප් විය ,සන්වර්දන්යත් එහෙමත් එහෙන් මෙහෙන් කෙරුණි ,වැඩත් කර ඇත ,
අනිත් පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව පිස්සු කෙළියි ,..පාඩු ලබන ඒවා පවරා ගන්ඩ හදිස්සි වී ඇත, රජය ආයතන පාඩු ලබන බව අමතක වී ඇත , මිහින් එයාර් අවරුද්දකට කොටි 600 පාඩුය , බල සිමින්ති ගෙන්වා ඇත , "දුටුගැමුණු" වගේ ගුරුවරු ගස් බදින ඇමතිවරු ඇත ,දුමින්ද අහිංසක වී ඇත , තෙල් ලෝක මිලකි ,හොරු අම්බනේකය . හැබැයි යද්දයත් දිනුම්ය , පාරවලුත් හදා ඇත ,එහෙන් මෙහෙන් සන්වර්දනයක් ඇත ,වැඩත් කර ඇත . දෙගොල්ලෝන් ගේ වැරදිත් හොදත් තව කියනට පුළුවන ,

මුන්ගේ එක පැත්තක් හොද වන විට අනිත් පැත්තෙන් ෆුල්ම චාටර්ය. අනිත් උන්ගේත් එක පැත්තක් ෆුල් චාටර්ය තව පැත්තකින් හොදය , උන්ගේ හොද මුන්ගේ නැත මුන්ගේ හොද උන්ගේ නැත ,
හැමෝම බාගෙට හොදය ,

ජෙවිපි කියන විදියට සමාජවාදය හොද නමුත් උන් අන්තවාදීය, සමාජවාදය ලංකාවේ කරන්නට යාම ප්‍රයෝගික නැ වගෙය , දැනට යම් ස්ථාවර මට්ටමක ඉන්න මිනිසුන් තමන්ගේ දැනට තබාගෙන ඉන්න ස්ථාවරයෙන් පහලට වැටෙන්නට සුදානම් නැත , බලෙන් හෝ කරන්නට යාමෙන් ගුටි කැමට සිදුවේ , සහෝදර කම් මතක් වෙන්නේ පස්සෙය...

රටට ඕනි අරුන්ගේත් මුන්ගේත් සහෝදරයෝන්ගේත් හොද පාර්ට් එක පමණකි , රට දියුණු වෙන්නේ එතකොටය ,උන්ගේ ආණ්ඩුවේත් මුන්ගේ ආණ්ඩුවේත් ඇමතිවරු මන්ත්‍රීවරු පත් උනේ ප්‍රමිතියකින් තොරවය ,ආණ්ඩුකාරය වීමට ගව්රව උපාදියක් ඉල්ලන රටේ උගේ ලොක්ක වීමට 8 පාස් වෙනද ඕනිත් නැත , සමහරුනම් සල්ලි දී හෝ ආචාරය උපාධි අරන් ඇත ... සල්ලි තියන එකා ලොක්ක වෙන අතර සුදුසුකම් තියන එකාට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත , පත් කරන මිනිස්සුන්ට උන්ගේ සුදුසුකම් වලින් වැඩක් නැත , සෞක්‍ය ඇමති නිතිය පැත්තේ එකෙකි උට වද්‍යා ශේත්රයේ මෙලෝ දෙයක් දන්නේ නැත , උ ඩොක්ට කෙනෙක් වත් වී සිටියානම් ඒක තේරෙන්නට ඉඩ තිබුණි , අද්‍යාපන ඇමති ගනකධිකාරී වරයෙකි , උට ගිණුම් ගැනනම් හොදට දන්නවා ඇත , වෙළද අමතිනම් බිස්නස් කාරයෙකි , එය ගැලපේ , ඇමතිලා ඔක්කොම බිස්නස් කරෝයෝය ...ඒ පැත්තෙන් කරන වැඩ ඔක්කොම හරියි කියල උන් තර්ක කරයි, මුන් කරන වැඩ ඔක්කොම හොදයි කියල මුන් තර්ක කරයි ..

මහජනතාව වශයෙන් අපි අරුන් ගේ මේ පාර්ට් ඒක හොද නැති නිසා මුන් හරි, මුන්ගේ ඒ පාර්ට් ඒක හොද නැති නිසා අරුන් හරි පත්කරගනිමු ...හැබැයි අපට ඕනි අපි හැමෝම දන්නා හොද දේයි..ඒක උනුත් දනී මුනුත් දනී ,බලේට ඇති ආසාව නිසා පෙන්නන්නේ නැත .

උන්ට කැමති උන් උන්ගේ කිසිම වැරද්දක් දකින්නේ නැත , මුන්ට කැමති උන් මුන්ගේ කිසිම වැරද්දක් දකින්නේ නැත , හැබැයි දෙගොල්ලොන්ම කරන්නේ රට කන එකය ...

ඒක මිනිස්සුටත් වැඩක් නැත , බොරුවට කෑ ගහයි ...ඇත්ත ඇති සැටියෙන් දකින මිනිසුන් නැත , ඒ නිසා හරියට වැඩක් කරන දේශපාලන පක්ෂයකුත් නැත .
හැබැයි ඊලග පාරත් උන්ගෙන් හරි මුන්ගෙන් හරි කාව හරි පත්කරගන්ඩ ,ඊලග චන්දෙ පොලට යන අපි හැමෝම බුද්දිමත් චන්ද දායකයෝ වෙමු ...
 
Last edited: