දේශපාලනය වෙනස් කරමු

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    දේශපාලනය වෙනස් කරමු

    ජාතික පෙත්සම
    ලංකික පුරවසියනි / එලකිරියනි

    පාර්ලිමේන්තුවේ සේවය කිරීම ගෞරවයක් මිස සුරාකෑම සඳහා වූ වෘතියක් නොවේ. එකඟවන්නේ ද?
    එසේනම් ඔබට මෙම වෙනස අදම කලහැක.
    කරුණාකර පහත සඳහන් කරුණු සලකා බලන්න:


    01. පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් ව තිබීම අනිවාර්ය විය යුතුය. මෙමගින් නුසුදුසු පුද්ගලයින් තේරීම මුලින්ම වලක්වා ගත හැක. දේශපාලනඥයින් සඳහා විශ්‍රාමික වයස 65 ක් විය යුතුය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වයස අවුරුදු 70 දක්වා උපරිමයට ඉඩ දිය හැකිය.

    02. සියලුම රාජ්ය සේවකයින් ගේ වැටුප් සංශෝධනය වන අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද වැටුප් ජාතික වැටුප් කොමිසම විසින් සංශෝධනය කළ යුතුය. වර්තමානයේ ඔවුන් තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ අත්තනෝමතික ලෙස වැඩි කර ඇත. දූෂිත අරමුණු අතුගා දැමීම සඳහා ඔවුන්ට විධායක මට්ටමේ ආයතනික විධායකයින්ට (Corporate Executives) සමාන මට්ටමක ගෙවීමක් නිර්දේශ කල හැක. මෙය බොහෝ දියුනු රටවල් තුල සිදු වේ.

    03. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත්වුවන් මිස රැකියා තනතුරක නොදෙන හෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා නොදිය යුතුය. ඔවුන්ගේ සේවය ප්‍රමාණවත් නම්, ඔවුන් යළිත් වරක් තෝරා පත් කළ හැකිය. වර්තමානයේ ඔවුන්ට වසර 5ක සේවා කාලයකින් පසු විශ්‍රාම වැටුපක් ලබා ගත හැක. අධීක්ෂණය කිරීමේ පද්ධතියක් මගින් ඔවුන් වෙත ඉලක්කයන් ලබදීමෙන් හා කාර්ය සාධන දර්ශක (Key Performance Indicators - KPI) සමග ද්වි වාර්ෂික විශ්ලේෂණයක් කිරීමෙන් නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සිදු කළ යුතුය.

    04. නොමිලේ ලබාදෙන පුද්ගල චාරිකා (ගුවන් ගමන් ඇතුලුව), විදුලිය, ජලය, දුරකතන බිල්පත් ආදීන් අහෝසි කළ යුතුය. ඉහත 2 හි සඳහන් කර ඇති පරිදි. පිට පළාත් ගමන් හා නිල සංචාර ආදිය සඳහා සාධාරණ ඉන්ධන දීමනාවක් ගෙවිය හැකිය. වාහන ණය පහසුකම් ද ලබා ගත හැකිය.

    05. ජනාධිපති සහ අගමැතිට පමණක් ආරක්ෂක හමුදා, සන්නද්ධ හා හදිසි වාහන ලබාදිය යුතුය. යුධ හෝ හදිසි වාතාවරණයක දී මෙය අවස්ථානුකූල සමාලෝචනයක් කල හැක.

    06. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකික ජනතාව බුක්ති විදින අයුරින්ම සෞඛය සත්කාර ලබා දිය යුතුය. ඔවුන් සදහා වෙනම මධ්‍යම හෝ පළාත් පාලන ආයතන මගින් ගෙවනු ලබන සෞඛය රක්ෂණ ක්‍රමයක් නොතිබිය යුතුය. කිසිදු අවස්ථාවක, ඔවුන් ප්‍රතිකාර සඳහා විදේශගත වුවද, ජනාධිපති අරමුදල් හෝ ඊට සමාන රජයේ අරමුදල් ඔවුන් සදහා නොගෙවිය යුතුය. ශ්‍රී ලංකාවතුල රෝහල් සහ වෛද්‍යවරුන් පරිපූර්ණ සෞඛය ප්‍රතිකාර ලබා දීමට සමත් වේ. එසේ ප්‍රතිකාර ලබාගත නොහැකි සුවිශේෂී අවස්ථවක කැබිනට් අනුමැතියෙන් පසුව, එවැනි ගෙවීම් සලකා බැලිය හැකිය.

    07. අතීත හෝ වර්තමාන දුෂණ වාර්තා, අපරාධ චෝදනා සහ විශ්වාසනීයත්වය කඩවීම් සහිත පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු අතර ඔවුන්ට ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත්වීම තහනම් කලයුතුය.

    08. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන්, තමන්ගේම කාර්යාලවල, ඔවුන් භාරයේ සිටින අමාත්‍යංශවල හෝ ඔවුන්ගේ විෂය පථයට අයත් ඕනෑම දෙපාර්තමේතුන්තුවක සේවය කිරීම තහනම් කල යුතුය. මෙය අල්ලස් හා දුෂණ වැලැක්වීම සදහා මහගු පිටිවහලක් වේ.

    09. දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ සේවා කාලයේ දී ඔවුන්ගේ සොරකම් හෝ දුර්වල තීරණ (පරීක්ෂණයකින් ඔප්පු කර ඇත්නම්) මත ඇතිවන මුල්‍ය පාඩු ඔවුන්ගෙන්, ඔවුන්ගේ පවුල්වලින් ,ප්‍රතිලාභීන් ,සමාගම්වල දේපල, බැංකු තැන්පතු, කොටස්, වාහන සහ භෞතික වටිනාකමක් සහිත වත්කම් වලින්ආපසු අයකර ගත යුතුය.

    10. ශ්‍රී ලංකික ජනතාවට පැනවෙන සියලුම නීති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එලෙසෙම පැනවිය යුතුය. ඔවුන්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නොවේ. ඔවුන් ජනතාවගේ සේවකයින් මිස ජනතාව ඔවුන්ගේ සේවකින් නොවේ. මාර්ග නීති රීති ද මීට අයත් වේ .

    11. කුමන හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුව හැර යන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඔවුන්ගේ නිල නිවාස, කාර්යාල, නිල වාහන, කාර්ය මණ්ඩලය (ආරක්ෂක ඇතුළුව) ආදිය වහාම අත්හැර දැමිය යුතුය.



    එන්න මෙම ජාතික පෙත්සමට අත්සන් කරන්න (තව අත්සන් 838ක් පමණි )
    https://www.change.org/p/prime-minister-ethics-for-sri-lankan-parliamentarians




    පරිවර්තනය ඇරෝ