ජනපති
Saturday, මාර්තු 7, 2020 - 01:00
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නඟා සිටුවීමට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.
සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 03 වැන්න ලෙස රැස්වීම කැඳවා තිබිණ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් දැක්ම සහ ඉලක්ක පිළිබඳ සේම රාජ්‍ය සේවයේ දැක්ම, ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් කිරීම සාකච්ඡා මාලාවේ අරමුණ වී තිබේ.
රටේ ජනතාව තමාට කළ අභියෝගය ජය ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් පෙළගැසිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය ආයතන ශක්තිමත්ව සහ විධිමත්ව ජනතා අවශ්‍යතා ඉටු කිරීමෙන් ප්‍රධාන ගැටලු රැසකට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනතා කේන්ද්‍රීය පාලනයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු බවත් ජනතාවට සැබෑ නිදහස අත්කර ගැනීමට නම් ඔවුන්ගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය සේවයේ සහ පවතින නීතිරීතිවල වගකීම වන්නේ ජනතාව ජීවත් කරවීම සහ ජීවත්වීමට අවශ්‍ය පසුබිම පහසු කිරීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
රෙස්පෙක්ට් ස'


Kari sir