දේශපාලුවෝ

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    බ්‍රිතාන්‍ය අගමැති වරයා උමං දුම්-රියෙන් රාජාකාරියකට යන ගමන් හිටගෙන පත්තරයක් කියවන හැටි ඔබ දැක ඇත.....ඉරානයේ හිටපු ජනපති පුටුව අත හැර ස්කූටරයකින් ගෙදර ගියේය....ඉන්දියාවේ අබ්දුල් කළාම් ජනපති පදවියෙන් ඉවත් වූ පසු ගමට ගොස්, හන්දියට පයින් ඇවිත් පොතක් කියවන ගමන් කඩේක තේ එකක් ගසයි..... ස්වීඩනයේ අධ්‍යාපන ඇමතිනිය ඇගේ දියණිය සමග, ඒ දියණියගේ කුළුදුල් දරුවා ලැබෙන්නට ටැක්සියකින් රෝහලට ගියේය.... බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පදවියෙන් ඉවත් වූ පසු, ඔහු සහ ඔහුගේ පවුල එම නිළ රථයෙන් බඩු බෑග් සමග ළඟම ඇති දුම්-රිය පළට ඇරලවන ලදී..... ජර්මානු චාන්සලර් ඇනෙජෙලා මර්කල් උදෑසන නිල නිවසේ සිට කාර්යාලයට ඇති කිලෝමීටරයක පමණ දුර පයින් ගමන් කරයි....

    මේ එකක් වත් සල්ලි නැති රටවල් නොවේ... නමුත් මේවායේ දේශපාලනයේ ඉහළටම ගිය අයට එසේ කළ හැකිය....

    අපේ රටේද, ඉතා මෑතක් වන තුරුම මෙවැනි සරල විදග්ධ දේශපාලන හැසිරීම් රටා ප්‍රකට කරවන සංස්කෘතියක් විය.... අගමැති ධූරයෙන් සමුගත් ගාල්ලේ විජයානන්ද දහනායක මහත්තයා ටැක්සියකින් කොටුවට ගොස්, එතැනින් කෝච්චියේ නැග ගාලු ආවේය.... බොරළැස්ගමුව පහන් කූඩුව බලන්න ඩඩ්ලි සේනානායක අගමැතිවරයා තට්ට තනියම හිල්මන් කාර් එකකින් ආවේය..... කොතලාවල මහත්තයා කම්මැලි කමටත් එක්ක රත්මලාන හන්දියට පයින් ඇවිත් යන්නේය.... පැරණි වමේ නායකයෝ මොන ඇමති කම් ගැහුවත්, මැරුණේ අතේ සත පහක් නැතුවය.....

    මාහාමාන්‍ය ඩී.එස් සේනානායක ( ඒ වගේ අයට මහාමාන්‍ය කිව්වාට වරදක් නැත ) අගමැති වරයා ගල් ඔය ව්‍යාපාරය කරවන්නට බාර දුන් ඇමරිකන් සමාගමේ නියෝජිතයන් වතාවක් එතුමා හමුවන්නට පැමිණ " මේ කොන්ත්‍රාත්තුව අපට බාර දුන් නිසා, නිළ වශයෙන් අපි දෙන කොමිස් මුදලක් ඔබතුමාට වෙන් කර ඇත" කියා කීහ.... එය ඇසූ සේනානායක අගමැතිඳු මඳ වෙලාවක් කල්පනා කොට " හා...!...එහෙම එකකුත් තියෙනවද?... එහෙනන් ඒ සල්ලි වලින් ගල් ඔය වැඩේට ට්‍රක් දෙක තුනක් දෙන්න බැරිද අපිට?" කියා ඇසූ විට ඇමරිකන් නියෝජිතයන් විමතියට පත් වූ බව කියවේ.... ඒ කාළයේ හැටි එහෙමය.... දේශපාලනය කලේ එක්කෝ මහ උගතෙකි... නැත්තන් පරම්පරාවෙන් සාගරය සේ බූදලය තිබුණු සල්ලි කාරයෙකි... ඒ මිනිස්සුන්ට රටේ සල්ලි හොර කම් කරනවාට වඩා ලේසියෙන් සියතින් බඩ කපා ගත හැකිවිය.... මහජන දේපළ ඇල්ලීමවත් ඒ අයට පිළිකුල් විය....

    මේ සේරම කෑවේ ජේ.ආර් මූසලයාය... ලුම්පන් බල්ලන්ගේ සල්ලි ඉල්ලමක් බවට මෙරට දේශපාලනය පත් කලේ ඒ කරුමක්කාරයාය.... දහ දුරාවෙන් සල්ලි හම්බ කරන නූගත් ජඩයන්ට දේශපාලනයේ රහ වැටුණේ එයින් පසුවය.... හොඳ මිනිසුන් එකා දෙන්නා මැරි, මැරී යද්දි දේශපාලනය මේ වේසිගේ පුතාලට ඉන් පසුව සින්නක්කරයටම අයිති විය....

    අද රුපියල් කෝටි 5 ක වත් වාහන මිදුලේ පාර්ක් කර නැති පළාත් සභා පඟර නැට්ටෙක් වත් හොයා ගැනීම ඉතාම අසීරුය.... එතනින් උඩට ඉන්නා උන් ගැන කීමේ ඵලක් නැත..... එදා ප්‍රෞඪ චරිතයට හෝ උගත් කමට ඡන්දය දුන් ජනතාවද අද අවනීතියම පතන බැවින් මේ කහළයන්ට වැඩි අනුග්‍රාහකත්වයක් දක්වති..... ඉහත සඳහන් ලොව හෙල්ලූ ජාත්‍යන්තර නායකයන් බස් එකේ, කෝච්චියේ, ටැක්සියේ යද්දි, මෙරට සත පහක වැඩක් නැති නූගත් හිපාටුවන් වාහන පිරිවරාගෙන, අපට ලයිට් ගසාගෙන ඉගිල්ලෙන්නේ එපින් බලයෙනි.... ඒ නැතුව ගෙදර ඉන්නා පවුලේ සාමාජිකයන් ගාණට ප්‍රාඩෝ, කෘසර්, ලෑන්ඩ් රෝවර්, ලැම්බෝගිනි ගලන්නට මුන්ගෙ අම්මලාගේ සල්ලියක් තිබිලා නැත.....දැන් ඉතින් මේ තත්වය එන්න එන්නම උඝ්‍ර වෙනවා මිසක් ආපසු හරවන්න සමතෙක් ඉන්නවා යැයි අපට නම් නොපෙනේ.... අවනීතියේ ලැග, ඒ අශූචිම අනුභවයට ගන්නා පෙරේතයන් ගෙන් තමනුත් අවනීතියේම වාසිය පතන්නේ නම්, ඒ ගහන ඡන්දයෙන් පිල් මාරු උනත් කිසිදු වෙනසක් සිදු නොවේ.... එකම දූෂිතයන් රොත්ත, කළින් කළට ඒ අත්තෙන් මේ අත්තට පනිමින්, වෙනසක් පතන අතළොස්සගේ හෝ පැතුම් සුන් කර දමති.....ඉදිරියට රජ කරවන්නේත් ඒ, ඒ ප්‍රාදේශිකය අරක් ගෙන සිටින පවුල් මාෆියාවන් නිසා, අනාගතය දෙසත් සුභ වාදීව බැලිය හැකැයි නොසිතේ.....

    මේ තරම් බලයෙන් ඉදිමෙන්න, මේ තරම් එළිපිට මැරකම්, ජඩකම් කරන්නත්, මේ තරම් දුප්පත් රටක මේ තරම් සුර සැප විඳින්නත් , පළාත් සභා පඩංගු වල සිට දියවන්නා ගුබ්බෑයම තෙක් ඉන්නා දේසපාලුවන්ට මෙතරම් ධනස්කන්ධයක් ලැබුණේ කොයින්ද...?.... සියලු පාක්ෂිකයිනි....!...ඊළඟ ඡන්දය ගසන්නට පෙර සිතා බලමු...!

    බුකියෙන් උපුටා ගන්නා ලදී
     
    • Like
    Reactions: dinukasampath