දේශීය පලතුරු සතු ගුණ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    දේශීය පලතුරු සතු ගුණ

    පැණි කොමඩු

    වියලි කලාපයේ බහුලව ඇති මෙම පලතුරු මෑතකදී මහජනතාව අතර ජනප්‍රිය වීමට පටන් ගත්තකි. පසුගිය කාලයේ සීතල යයි පවසා ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කළ දෙයකි. මෙහි ඇති කැරොටීන් විශේෂයෙන් පිළිකා මර්දනය සඳහා ඉවහල් වන බව දැන් පැවසේ. එමනිසා බටහිර රටවල විශේෂයෙන් ඔස්‘ට්‍රේලියාව වැනි රටවල මේ පලතුරු සඳහා දැඩි ඉල්ලුමක්ද පවතී.

    නෙල්ලි

    විටමින් 'C' ඉතා අධිකව ඇති පලතුරකි. විශේෂයෙන් බීමක් ලෙස පිළියල කරගැනීමේදී එහි ඇති තිත්ත රස ඉවත් වන බැවින් ඉතා ප්‍රියජනක හා පෝෂ්‍ය ජනක බීමකි. මීට අමතරව නෙල්ලිවල කැල්සියම්ද ඇත.

    වෙරළු​

    ලංකාවේ නොයෙක් ප්‍රදේශවල බහුලව ඇති අතර, කැරොටීන් හා 'b' විටමින් (රයිබොප්ලෙවින්) අඩංගුය, ස්නායු ක්‍රියාකාරීත්වය සඳහා 'B' විටමින් විශේෂයෙන් අවශ්‍ය වන අතර, ස්නායු සම්බන්ධ සමහර රෝගී තත්වයන් වැළැක්වීමට විටමින් 'බී' උපකාරී වේ.

    පැපොල්​

    පැපොල්වලද කැරොටීන් හා විටමින් බී අධික ලෙස ඇත. ගම් මට්ටමින් ගෙවත්තෙහි වවන මෙම පලතුරහි ගුණාත්මක අගය ඉහළ වුවත් ගැමියන් මෙයට ලබාදෙන අගය ඉතා අඩුය.

    විශේෂයෙන් ගැබිණි අවස්ථාවලදී ගබ්සා වේ යැයි බියෙන් පැපොල් ආහාරයට නොගනියි. නමුත් ඉදුණු පැපොල්වල අඩංගු විටමින් ගැන සලකා බැලීමේදී විශේෂයෙන්ම හා කිරි දෙන මව්වරු පැපොල් ආහාරයට ගත යුතුය. මෙමගින් මළබද්ධයද වළක්වා ගත හැකිය.

    ඉදුණු අඹ හා වැල් දොඩම්

    ශ්‍රී ලංකාවේ පලතුරු අතර ඉතා අධික ප්‍රමාණයක් කැරොටීන් අඩංගු වන්නේ මෙම පලතුරු දෙකෙහිය. කැරොටීන් අප ශරීරය තුළදී විටමින් ඒ බවට පත්වන බව අපි දනිමු. විටමින් ඒ ප්‍රතිශක්තිය නගාසිටුවීමට අපට උපකාරී වේ. නමුත් අඹ හා වැල් දොඩම් තරම් මිථ්‍යා විශ්වාස බැඳී පවතින තවත් පලතුරු නැති තරම්ය.

    විශේෂයෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සැදුණු අවස්ථාවල මෙම පලතුරු දරුවන්ට නොදේ. නමුත් මේ අවස්ථාවලදී වැඩියෙන් මෙම පලතුරු දියයුතු වන්නේ එමගින් ශරීරයට අවශ්‍ය විටමින් 'ඒ' ලැබෙන බැවිනි. විශේෂයෙන්ම ආසාදනයක් ඇති අවස්ථාවල හා අධික උණ තිබෙන අවස්ථාවල ශරීරයට අවශ්‍ය විටමින් 'ඒ' ප්‍රමාණය ඉහළ යයි.

    අන්නාසි

    අන්නාසි ගැබිණි මව්වරුන්ට තහනම් වචනයකි. නමුත් ඉදුණු අන්නාසිවල අධික ලෙස විටමින් 'බී' හා විටමින් 'සී' ඇත. තෙල් සහිත ආහාරයක් ගත් විට තෙල් කැපීමට අන්නාසි කන්න යැයි පැරන්නන් කීවේ කට කහනවටම නොවේ. ඇත්තෙන්ම රුධිර වාහිනීවල තෙල් තැන්පත් වීම එමගින් වැළකේ.

    රඹුටන්

    රඹුටන් ද කැල්සියම් පොස්පරස් විටමින් B හා විටමින් C වැනි ක්ෂුද්‍ර පෝෂක බහුලව ඇති පලතුරකි. ජම්බු ද කැරොටීන් හා රයිබෝප්ලේවින් තිබෙන පලතුරකි. නමුත් මිථ්‍ය විශ්වාස රැසක් බැඳී පැවතීම නිසා උෂ්ණ යැයි සලකා දරුවන්ට ලබා නොදෙයි.

    ඉදුණු සියඹලා

    උතුරු මැද පළාතේ බහුලව ඇති අතර බීමක් ලෙස පිළියෙල කරගත හැකි ගුණාත්මක පලතුරකි. කුඩා දරුවන් කෑමට කැමැති පලතුරක් වුවත් ගිනියම් ලෙස සලකා දෙමව්පියන් කෑමට නොදේ. විශේෂයෙන්ම කැල්සියම් හා පොස්පරස් ද විටමින් 'බී' ද අධික ලෙස ඇත.

    දිවුල්​

    සීතල යැයි මිත්‍යා විශ්වාසයක පවතී. එහෙත් කැල්සියම් හා පොස්පරස් අධික ලෙස ඇත. විශේෂයෙන්ම අස්ථි වැඩෙන වයසේ දරුවන්ට අවශ්‍ය කැල්සියම් හා පොස්කපරස් පහුසුවෙන් ලබාගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට 30-40 වයසේදී සිදුණු අස්ථිවල කැල්සියම් තැන්පත් වීම උපරිම ලෙස සිදුවන බැවින් දිවුල් ආහාරයට ගැනීම හොඳය. පොල්කිරි එකතු කර බීමක් ලෙස පිළියල කරගත හැකි අතර දිවුල්වල ශක්තියද වැඩිපුර ඇති නිසා කුඩා ළමුන්ට ඉතා හොඳය.

    ඇඹරැල්ලා

    විශේෂයෙන් කැරටින් කැල්සියම් හා පොස්පරස් ඇත. තවද ලේවල ඇති ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමට උදව් වෙන පලතුරක් ලෙස දියවැඩියා රෝගීන් අතර ජනප්‍රියය.

    ඉදුණු කෙසෙල්

    අධික ලෙස ශක්තිය අඩංගුය. විශේෂයෙන්ම ආනමාලු, කෝලිකුට්ටු, අම්බුං හා සීනි කෙසෙල්වල ග්‍රෑම් 100ක් තුළ ඇති ශක්තිය අධිකය. වැඩියෙන්ම රෝගී අවස්ථාවලදී කෑමට අප්‍රියතාවක් ඇති අවස්ථාවල දීමට සුදුසුයි. එමගින් කෑම අරුචිය නිසා කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත්තද ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය අධික වේ. ළදරුවන්ටද පාචනය සෑදී ඇති අවස්ථාවලදී විශේෂයෙන්ම දීමට සුදුසුය. පාචනය අවස්ථාවලදී බඩ වේලීමට ආනමාලු කෝලිකුට්ටු ඉවහල් වේ.

    කෙසෙල් ඉතා අධික ලෙස තහංචි පැවතෙන පලතුරක් වුවත් ලංකාවේ එක් එක් පළාත්වල ඒ පිළිබඳව ඇති මත පරස්පර විරෝධී ද වේ. එක් පළාතක ඇඹුල් කෙසෙල් සෙම් සහිත පලතුරක් ලෙස සැලකෙන අතර, තවත් ප්‍රදේශයක ගිනියම් ලෙස සැලකේ. කෙසේ වුවද අමතර ආහාර ලෙස ආනමාළු, කෝලිකුට්ටු ළදරුවන්ට දීම නිසි බරක් ලබාගැනීමට ඉවහල් වේ.

    පේර​

    අධික ලෙස විටමින් සී ඇති නමුත් පණුවන් ඇවිස්සීම හා දිරවීමට අපහසු බැව් පවසන මිථ්‍යා මතය නිසා කුඩා දරුවන්ට බොහෝ විට නොදේ . නමුත් ලංකාවේ සෑම පළාතකම පාහේ බහුලව වැවෙන පලතුරකි. දිරවීමට අපහසු පේර ඇට කරදරයකින් තොරව පහවී යා හැකි බැවින් මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගත යුතු නැත. වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට දීමට සුදුසු පලතුරකි.

    අලිගැට පේර

    අධික ලෙස ශක්තිය අඩංගුය. ආහාරයට තෝරා ගැනීමේදී පුස් නොකන ලද කහ පැහැති මෘදු කොටස ආහාරයට ගත යුතුය. අලිගැට පේරවල ඇති මේදය අසංතෘප්ත මේදය නිසා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමන්නේ නැත. දියවැඩියා රෝගීන් සඳහා වඩාත් යෝග්‍යයයි. ළදරුවන් සඳහා අමතර ආහාර ලෙස හඳුන්වා දීමට අතිශයින්ම වැදගත් පලතුරකි.

    ජමනාරං

    විශේෂයෙන්ම විටමින් සී හා කැරොටින් බහුලව ඇත. ප්‍රධාන ආහාර වේලක් සමග ගැනීමෙන් ප්‍රධාන ආහාර වේලේ ඇති යකඩ උරාගැනීම පහසු වන අතර වාහිනීවල තෙල් තැන්පත් වීම වළක්වයි.

    අනෝදා

    ශක්තිය හා විටමින් B අධික ලෙස ඇති පලතුරකි. වකුගඩුවල ගල් තිබෙන රෝගීන්ට හොඳ යැයි මතයක් පවතී.

    කජු පුහුලන්

    කජුවල අධික ලෙස ශක්තිය ඇත. කජු දරුවන්ට උයාදීමට සුදුසුය. පුහුලමෙහිද විටමින් අධික ලෙස පවතී.





    src.http://www.ada.lk
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif