දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ධර්‍ම‍ය‍ කෙ‍ලෙ‍ස‍යි‍..! Political eff

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ධර්‍ම‍ය‍ කෙ‍ලෙ‍ස‍යි‍..! Political eff

    428559_364961203569051_1183952542_n.jpg

    (ලංකා ඊ නිව්ස් -2012.ජුනි.03, ප.ව. 7.30) ධර්මය ගැන ප්‍රාමාණික අවබෝධයක් ඇති, බුදු දහම හා බුදු සසුන වෙනුවෙන් ද, ගිහි සමාජය වෙනුවෙන් ද, වැදගත් සමාජමය කාර්යභාරයන්් සිදු කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් තවමත් රටේ සිටින බව මම දනිමි. ඒ භික්ෂූන් වහන්සේලාට ජාතියේ නිසි ගෞරවය සහ බුහුමන නිතැතින්ම හිමි වන්නේ ය. මා මෙහි දී පවසන ඇතැම් කාරණාවකට එවන් භික්ෂූන් වහන්සේ නමක් කලබල විය යුතු නැත. හෘදය සාක්ෂිය සමග විමංසනයෙන් තමන් සිටින තැන ගැන අවංක පැහැදීමක් ඇත්නම් එය මැනවි.

    ඊනියා පාරිශ=ද්ධතාවක් වෙනුවෙන් වාද කුමට ද? අත්තුක්කංසනය මෙන්ම පරවම්භනයත් සැබෑ භික්ෂුවකට නොගැළපෙන්නේ මය.


    මගේ අදහස් දැක්වීමට පදනමක් ලෙස, වල්පොළ රාහුල හිමියන් විසින් රචනා කරන ලද 'බුදුන් වදාළ ධර්මය' නමැති කෘතියෙන් පාඨයක් උපුටා දක්වමි. රාහුල හිමි සිය කෘතිය අවසන් කරන්නේ මෙවන් අදහසකිනි.


    'බලය හෝ අන් කිසිවක් හෝ සඳහා උනුන් වනසා ගන්නා සටන් නැති සමාජයක් ගොඩනැගීම බුද්ධ ධර්මයේ පරමාර්ථයයි. ජය පරාජයක් නැති ඒ සමාජයෙහි සාමය රජ කරයි. එහි වැඳුම් පිදුම් ලබන්නේ, ආයුධ බලයෙන් හෝ ධන බලයෙන් හෝ ලක්ෂ ගණන් මිනිසුන් දිනන්නහු නොව, තමා දිනන මිනිසාය.'


    රාහුල හිමියන් මේ අදහස පළ කරන්නේ 1964 දී ය. අදින් වසර හතළිස් අටකට පමණ පෙර ය. මෙරට සමාජ දේශපාලන සන්දර්භය ගැන මෙන් ම ජන සමාජයේ පැවැත්ම සම්බන්ධ තතු ගැන කනස්සල්ලක් උද්දීප්ත ව නොතිබුණ යුගයක ය. අද අප ජීවත්වන්නේ දේශපාලනිකව විපරීත වූ, ධර්මය වෙනුවට අධර්මය ම රජ කරන යුගයකයි. බල උමතුව ඔස්සේ මානව හර විනාශ කරන සමාජයකයි. සියලු මානව ධර්මතා ඇස් පනා පිට වනසන සමාජයකයි. බල උමතුවෙන් මානසික සාමය වනසන ලද සමාජයකයි. දීර්ඝ කාලයක් බුදු දහමින් ශික්ෂණය වූ සංස්කෘතියක් ඇති මෙරට තුළ අද 'තමා දිනන' චරිත වෙනුවට 'තමා නසන' චරිත සමාජයේ සියලු තන්හි කැපී පෙනෙන්නේ ය. මේ යුගය තුළ විද්‍යමාන ශෝචනීය කාරණය වන්නේ සමාජමය වගකීමක් උරුම පුද්ගලයන් බහුතරය අසාමාන්‍ය අන්දමින් ආත්මාර්ථයෙන් ම~නා ලද්දවුන් වීමයි. ඔවුන් තම හැකියාවන් උපරිම ව කැප කරන්නේ හොඳින් හෝ නරකින් භෞතික සැප සම්පත් උරුම කර ගැනීමටයි. මේ සන්දර්භය තුළ බොහෝ භික්ෂූන් වහන්සේලා අද ගිහියන් පරදවන තත්ත්වයක් පෙන්නුම් කරන බව කනගාටුවෙන් වුව කිව යුතු ය. චීවරයට අප සමාජයේ උරුම ගෞරවය දඩමීමා කර ගෙන භික්ෂුවගේ ප්‍රතිරූපයට නිගා දෙන ලාමක කටයුතුවල නිමග්නව සිටින භික්ෂූන් ශාසනයට අවමන් කරන බව සංවේගයෙන් වුව කිව යුතුය. අභාග්‍යය ඒ චරිත අනුකරණය කරන ප්‍රවණතාවක් දිනෙන් දින වැඩෙමින් තිබිමයි.


    රූපවාහිනිය නිසා ගිහි ජීවිතයේ සංහිඳියාවට අනර්ථයක් සිදු වූයේ ද, ඊටත් වඩා නොමනා අයුරින් රූපවාහිනිය නිසා භික්ෂුවගේ ප්‍රතිරූපයට හානියක් අද වන විට සිදු ව තිඛෙන්නේ ය. ඒ හානිය සකලවිධ විද්‍යුත් මාධ්‍ය අවිනීත අයුරින් වඩා වර්ධනය කරන්නේ ය. ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්මය සැහැසි ලෙස ධනෝපායන ක්‍රියාවලියක් බවට පත් කර ගෙන තිඛෙන අතර, සමහර තරුණ භික්ෂූන් වහන්සේලා ධර්මය 'පැණි වදයක්' බවට පත් කර ගෙන ජුගුප්සාව උපදවන්නේ ය.


    ලාමක සල්ලාපයන් සහ දොඩමලුවීම් සමගින් භික්ෂූන් අවර ගණයේ නිවේදකයින් සමග සම අසුන් ගැනීම පිලිකුල් සහගත ය. අපවත් වූ සෝම හිමියන්, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජන විඥානයට යම් බලපෑමක් කළ බව සත්‍යයකි. එහෙත් උන් වහන්සේගේ බොහෝ අනුප්‍රාප්තිකයන් අද ජන විඥානය දූෂණය කරන බව පැහැදිලි කාරණයකි. මාධ්‍ය ඔස්සේ එක් භික්ෂූන් වහන්සේ නමක්් ජනප්‍රිය වූයේ 'පෙම්බර පෙනුමකින් හෙබි භාවාත්මක නළුවෙකුගේ' ස්වරූපයෙනි. ඒ චරිතය පූර්වාදර්ශයට ගනිමින් ද, අනුකරණය කරමින් ද, සමහර තරුණ භික්ෂූන් ධර්මය යයි මනස්ගාත දොඩවන බවත්, ඇතැම් රූපවාහිනී නාලිකා තරුණ භික්ෂූන් වහන්සේලා ඊට මෙහෙයවන තත්ත්වයකුත් අද දක්නට ඇත. මේ තත්වය යහපත් නොවේ. ඉන් සිදු වන අනර්ථයන්ට විසඳුම් සෙවීම පහසු නැත.


    වත්මනෙහි බුදු දහමේ භාවිතය, අතීතයේ භාවිත වූ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකට පත් ව තිඛෙන බව පැහැදිලි ය. එසේ වීම ස්වාභාවික ය. එසේ නොවූවා නම් භික්ෂු ශාසනයක් නොපවතින්නේ ය. සැබවින් ම ධර්මය මනුෂ්‍යයාගේ යහපතට නම්, මනුෂ්‍යයාගේ අවශ්‍යතාවලට, මනුෂ්‍ය සමාජයේ අවශ්‍යතාවලට, මානව සමාජයේ අභිවෘද්ධියට අදාළ වීම අවශ්‍ය වේ. ඒ නිසා නූතන භික්ෂූන් වහන්සේගේ කාර්ය සාධනය බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේ නමකගේ කාර්ය සාධනයට වඩා වෙනස් වූ තත්වයක් උසුලන්නේ ය. මානව සමාජය විවිධාකාර සමාජ, ආර්ථික හා දේශපාලන බලවේග නිසා චලනය වන විට භික්ෂූන් වහන්සේට ද ඒ යථාර්ථය අදාළ ය. ඉන් විමුක්ත පැවැත්මක් නැත. ශාසනය ස්ථාවර භෞතික වස්තුවක් ලෙස පවතින්නේ කෙලෙස ද?


    නූතන අතීතයේ විසූ මෙරට භික්ෂූන් වහන්සේලා පිළිබඳ තතු විභාග කර බලන විට පැහැදිලි වන්නේ උන් වහන්සේලා ජන සමාජයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රමයෙන් සමාජ යාන්ත්‍රණයෙහි වැදගත් අනන්‍යතාවක් මූර්තිමත් කළ ආකාරයයි. ධර්මය පමණක් නොව, අධ්‍යාපනය, ග්‍රන්ථකරණය සහ භාෂා ශාස්ත්‍රයන්ගේ අභිවෘද්ධියට තමන් වෙත පවරා ගත් වගකීම් හිසින් දරා කැප වුණ සංඝ පීතෘවරුන් අපට සිහි කළ හැකි ය. සංකීර්ණ හා විපරීත බලවේග සක්‍රීය වන විට, සමාජාභිවෘද්ධියට කැපවීමට භික්ෂූන් වහන්සේ සතු හැකියාව සැබවින් ම ගිහියාට නැත. මෙරට සමාජ, දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරකම්වල පුරෝගාමී භික්ෂූන් වහන්සේලා ඒ සඳහා කැප වුණ භික්ෂූන් වහන්සේලා දැන උගත් අය වූහ. දැන උගත් භික්ෂුව සැමදා ම ස්වාර්ථයට වඩා පරාර්ථයට කැප විය. තමන්ට මහණකම සමග හිමි වූ නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පොදු ජන අභිවෘද්ධියට කැප කරන්නට පසුබට නොවුණේ් ය. මා එය දකින්නේ 'තමා දිනීම' ලෙසයි.


    අද තමා දිනූ භික්ෂූන් වහන්සේලා විරල බව පැවසීමට සිදු ව ඇත. මානව ධර්මතා නොසලකා හරිමින්, සමාජ හර පද්ධතීන් කෙලෙසමින්, බලය, ධනය සහ ලාබ ජනප්‍රියත්වය ලුහු බැඳීම වෙත භික්ෂුව දක්වන අවධානය විදහා පාන්නේ අපගේ සංස්කෘතික ජීවිතයේ ඛේදවාචකය පමණක් නොව භික්ෂු ශාසනයේ ශෝචනීය ඉරණමයි. ප්‍රගතිශීලී ගුණය වෙනුවට ජනප්‍රියත්වය වෙත නැඹුරු වීම තම තමන් ලද ශික්ෂණය සම්බන්ධ බරපතළ ගැටලුවක් වන්නේ ය. නිසි ශික්ෂණයක් ලත් භික්ෂුව තමා සම්බන්ධ වගකීම මෙන් ම වගවීමෙන් පොහොසත් චරිතයකි. එවන් භික්ෂුවක් විද්‍යුත් මාධ්‍යවල රඟපෑමට හෝ ගිහියෙකු මෙන් භෞතික සම්පත් උරුම කර ගැනීමට සිය භික්ෂු ජීවිතය කැප කරන්නේ නැත.


    මෙරට සමාජ දේශපාලන යාන්ත්‍රණයෙහි භික්ෂූන් වහන්සේලා සිදු කළ කැප වීම විශිෂ්ට ය. පරමාදර්ශී ය. ඒ කැප වීම නිසා, ඉන් උද්දීප්ත ශක්තිය නිසා, රාජ්‍ය පාලකයන්, දේශපාලනයට අවතීර්ණ වන්නන්, භික්ෂූන් වහන්සේ සතු පෞරුෂය අබිමුව කටයුතු කළේ ගෞරවයෙනි. අපගේ සංඝ පීතෘවරුන් කවර කාරණයක් නිසා වත් දේශපාලනඥයන් ළඟ පාච්චල් වූයේ නැත. දේශපාලනඥයන් අභිමුව තම පෞරුෂය මැනවින් විදහා පෑවේ ය. මේ සම්බන්ධයෙන් අපමණ නිදසුන් දැක්විය හැකි ය.


    එහෙත් අද මේ ශක්තිය අප දකින්නේ ද? බුද්ධ ශාසනයේ උරුමය වෙනුවෙන් විශාල සිවිල් බලයක් හිමි අස්ගිරියෙන් හෝ මල්වත්තෙන් කිසි විටෙක ඒ ශක්තිය අද මතු වෙන්නේ නැත. එය අභාග්‍යයකි. මා මෑතක දී ඒ ශක්තිය, ආගමික නායකයෙකු සතු ඒ ශක්තිය, පෞරුෂය, දුටුවේ අස්ගිරියේ හෝ මල්වත්තේ නාහිමි කෙනෙකුගෙන් නොව 'කාදිනල් හිමිපාණන්ගෙන්'ය. ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් කන්‍යා සොයුරියක් අත්අඩංගුවට ගනු ලැබිම මුල් කර ගෙන, රජයට කාදිනල් හිමි දැඩි අභියෝගයක් කළේ ය. ඒ අභියෝගය මහා බලයක්, මහා ශක්තියක් ලෙස ම මතු විණ. කිසි ම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවන බව අවධාරණයෙන් පැවැසී ය. ඒ හ~ නිහ~ කිරීමට, රජය රාජ්‍ය මාධ්‍ය හසුරුවමින් අවමන් කිරීමට, අවිනීත සැහැසිකම් කරමින් කාදිනල් හිමිගේ චරිතය ඝාතනය කිරීමට පියවර ගත්තේ නැත. ඒ හ~ට රජය කොන්දේසි රහිත ව දණ නැමූ බවය මා නම් දුටුවේ. රජය සැලුණේ මන්ද? ඒ ගැන අටුවා ටීකා ඇවැසි නැතැයි සිතමි.


    මට කාදිනල් හිමියන්ගේ අභියෝගය හෘදයාංගම ය. ප්‍රශස්ත ය, උදාර ය. පරමාදර්ශී ය. එනමුත් බෞද්ධයෙකු ලෙස මට දැඩි කම්පනයක් තිබේ. වේදනාත්මක වූ අසරණ බවකින් මම පෙළෙමි. ඒ මන්ද?


    අද අප දිවි ගෙවන්නේ දූෂණය සහ භීෂණය, නීතිය සහ යුක්තිය, ඇස් පනා පිට වනසන යථාර්ථයක ය. දේශපාලනඥයන් මහජන දේපොළ හිතුමතේ සූරා කන යථාර්ථයක ය. පොදු මහජනතාවට ජීවත් වීම දිනෙන් දින අසීරු කරන්නා වූ යථාර්ථයක ය. සියලු මානව ධර්මතා වනසන යථාර්ථයක ය. තතු එසේ වුව, අපේ මල්වතු අස්ගිරි නාහිමිවරු නිහ~ ව වැඩ වාසය කරති. දූෂිත, මැර දේශපාලනඥයන්ගේ අටපිරිකර පිළිගෙන ආශීර්වාද කරති. කාදිනල් හිමි මෙන් පෞරුෂයක් අප මහ නාහිමිවරුන් විදහා පාන්නේ නැත. ඒ මන්ද? රටට පරමාදර්ශී භික්ෂූන් වහන්සේලා මේ යථාර්ථය තුළ බිහි වේවි ද? ජනප්‍රිය භික්ෂූන් බෝ වීම හා ඒ චරිත අනුකරණය වැඩී වර්ධනය නොවේවි ද? රටේ නීතිය, යුක්තිය සහ සාධාරණය පවතී ද? දේශපාලන පාදඩකරණය නවතීවි ද? ඒ ගැන මට නම් තිඛෙන්නේ දැඩි කම්පාවකි.


    භික්ෂූන් වහන්සේට ජන විඥානය හැසිරවීමට තිඛෙන ශක්තිය සහ භික්ෂූන් වහන්සේ සතු සමාජ බලය අවබෝධ කර ගෙන, ඊට දැඩි බලපෑම් කරමින් භික්ෂූන් වහන්සේ නිහ~ කිරීමට දේශපාලනඥයන් හැම දා ම කටයුතු කළ බව පැහැදිලි ය. වරදාන දීමෙන් හෝ හිංසනයෙන් ඒ කටයුත්ත මෙහෙයවී ය. ඒ කාර්යයට දුෂ්ට මනසකින් පිඹුරු පත් සකස් කළ නූතන දේශපාලනඥයා ෙජ්. ආර්. ජයවර්ධනයි. ඔහු මුල සිට ම භික්ෂූන් වහන්සේ මෙල්ල කිරීමට උත්සුක විය.


    රාහුල හිමියන්ට මැරවරයන් ලවා පහර දීම ඔහුගේ දේශපාලන අතීතයේ පැහැදිලි සලකුණකි. 'ධර්මිෂ්ට සමාජය' නමැති පොත ලියූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට මැරවරයන් යොදවා පහර දීම, සරච්චන්ද්‍රයන් සමග සිටි සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් හා උරණව කළ සැහැසිකම්, ඔහුගේ දේශපාලන චරිතය තුළ ප්‍රගතිශීලී භික්ෂුව කෙරේ ක්‍රෝධය විශද කරන පසුකාලීන සලකුණයි. ලබුදූවේ සිරි ධම්ම හිමියන්ගේ මුවින් 'ද්‍රෝහියා' යන වචනය කියවුණේ ආවේගය නිසා නොව, අවබෝධය නිසා යයි අද මම සිතමි.


    නූතන අවධියේ මෙරට භික්ෂූන් වහන්සේලාට අනවරතයෙන් සමාජ දේශපාලන යාන්ත්‍රණයෙහි පුරෝගාමී පෞරුෂයක් උරුම කළේ, ඊට අවැසි ඥානාලෝකය සම්පාදනය කළේ විද්‍යාලංකාරය සහ විද්‍යෝදය යන මහ පිරිවෙන් දෙක බව මගේ පිළිගැනීමයි. (මේ ගැන මවිසින් පළ කරන ලද 'ගරුතර සංඝ රත්නයෙන් අවසරයි' නමැති කෘතියෙහි ශාස්ත්‍රීය විවරණයක් සිදු කර ඇත.) මේ පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල බවට පත් කිරීම මෙරට දේශපාලනිකව සිදු වුණ දුෂ්ට ක්‍රියාවකි. යළි නිවැරදි කළ නොහැකි අන්දමේ බරපතළ වරදකි. දැවැන්ත බුද්ධිමය ධාරිතාවකින් පොහොසත් මේ පිරිවෙන් දෙක අහෝසි කිරීම පමණක් නොව සැබවින් ම සිදු වුණේ, ඉන් මෙරට තිබුණු මහාර්ඝ සම්පන්න අධ්‍යාපන සම්ප්‍රදාය ද අහෝසි කර දැමීමය සිදු වුණේ. වෙසෙසින්ම විද්‍යාලංකාරය, භික්ෂූන් වහන්සේලා ශික්ෂණය කළේ දැනුමෙන් පමණක් නොව ප්‍රගතිශීලී චින්තනයකිනි. ඒ චින්තනයෙන් ප්‍රභාව ලත් භික්ෂූන් වහන්සේලා සතු වූයේ ප්‍රගතිශීලී දැක්මකි.


    පොදු මහජන යහපත උදෙසා කටයුතු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, ශාස්ත්‍රීය කාර්ය සාධනයේ දී ද අසාමාන්‍ය ප්‍රගතිශීලී දැක්මක් විද්‍යාලංකාර පිරිවෙන විශද කළේ ය. රටේ සමාජ සංස්කෘතික අභිවෘද්ධියට පමණක් නොව, දේශපාලන යාන්ත්‍රණයේ පැවැත්මට ද, විද්‍යාලංකාරය කළ අර්ථ සම්පන්න බලපෑම අසාමාන්‍ය වේ. මගේ කල්පනාව වන්නේ පාලි සංස්කෘත භාෂාවන් දැන උගත් භික්ෂූන් වහන්සේලාට, ඒ භාෂාවන්ගෙන් ලියැවුණ මහාර්ඝ ග්‍රන්ථ, මුල් කෘති, සේවනය කිරීමට ශක්තිය උරුම වීම, උසස් සහ පරමාදර්ශී මානව හර පද්ධතීන් ගැන විසල් ඥානාලෝකයක පහස ලැබිමට විවර වුණ අවකාශයක් බවයි. මෙරට පිරිවෙන් සතු ව තිබුණ 'ශික්ෂණ විනයට අදාළ දර්ශනය' විශ්ව විද්‍යාල අධ්‍යාපනය සතු ව නැත. විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පවතින්නේ දැනුම මූලික වූ ශික්ෂණ ක්‍රමයකි. මෙරට පිරිවෙන් අධ්‍යාපනය සතු වූයේ ප්‍රඥාව මූලික වූ ශික්ෂණ ක්‍රමයකි. පිරිවෙන් අධ්‍යාපනයෙන් උරුම වූ ඥානාලෝකය නිසා භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයට වඩා ඉහළින් සිටියේ විසල් ප්‍රඥාවකින්් සන්්නද්ධ පෞරුෂයකිනි. පාණ්ඩිත්‍යය අපගේ භික්ෂු චරිතයේ අනන්‍යතාව විය. නිර්භය බව හා ඍජු බව භික්ෂු චරිතයට උරුම වූයේ පාණ්ඩිත්‍යය නිසා ය. යක්කඩුවේ නාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ප්‍රමුඛ හිමිවරුන් ඒ වෙනුවෙන් පරමාදර්ශී නිදසුන් ලෙස සිහිපත් කළ හැකි ය.


    අද අප සිටින්නේ පාණ්ඩිත්‍යය භික්ෂු චරිතයෙන් ගිලිහුන සන්දර්භයක ය. ප්‍රගතිශීලී භික්ෂු චරිතයේ අනන්‍යතාව දුබල වුණ සන්දර්භයක ය. මගේ පෞද්ගලික අදහස නම් කුඩා කළ පැවිදි දිවියට ඇතුළත් ව ක්‍රමයෙන් ශික්ෂණය වීම භික්ෂුවගේ පදනමට අවශ්‍ය බවයි. අද ආකස්මිකව සසුනට වැඩම කොට, බුදුන්් වදාළ ධර්මය පවා නිවැරදි කිරීමට වුව මම තරම් වෙමියි උදම් අනන විද්‍යාචක්‍රවර්තී භික්ෂුවක් සතු ව දැනුමක් ඇතත් පාණ්ඩිත්‍යයක් නැත. දැනුම සහ පාණ්ඩිත්‍යය යනු දෙකකි. දැනුම වේගයෙන් ලබා ගත හැකි ය.


    පාණ්ඩිත්‍යය කැපවීමෙන් උරුම කර ගත යුතු ය. ටෙලි රඟම~ලාවෙන්් මතු ව ඒ ප්‍රසිද්ධියෙන් විපරීත වැඩ කරන බොහෝ භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයට වඩා ඉහළින් සිටින්නේ ධර්ම දැනුමෙන් පොහොසත් පාණ්ඩිත්‍යයකින් නොව අහුළා ගත් දැනුමකිනි. ප්‍රතිශීලී භික්ෂුවගේ ප්‍රතිරූපය මෑතක දී තදින් කෙලෙසූ කාර්යය ලෙස මා සලකන්නේ භික්ෂූන් වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත් වීමයි.


    මෙහි අනර්ථය මුල් අවස්ථාවේ දී ම ඉතා පැහැදිලි ව ඛෙල්ලන්විල නාහිමියන් පෙන්වා දුන් බව මට සිහිපත් වෙයි. මෙරට භික්ෂූන් වහන්සේලා දේශපාලන යාන්ත්‍රණයෙහි කටයුතු කළේ පටු පක්ෂ දේශපාලනය නමැති ක්‍රියාදාමය හරහා නොවන බව පැහැදිලි ය. භික්ෂූන් වහන්සේලා දේශපාලනික යාන්ත්‍රණයෙහි සක්‍රීය වූයේ කවරාකාරයකින් වත් ගිහියන් විලසින් නොවේ. භික්ෂූන් වහන්සේලාට ඒ සඳහා උරුම වූ දැවැන්ත පෞරුෂයක් පාණ්ඩිත්‍යයෙන් උරුමව තිබුණේ ය. දේශපාලන යාන්ත්‍රණයෙහි භික්ෂූන් වහන්සේ සිටියේ දේශපාලනඥයාට ඉහළින් ය. ඒ ගැන යමක් පැවසීමට යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ නායකත්වයෙන් සම්පාදිත, 'විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රකාශයෙන්' අදහස් කීපයක්් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි.


    'භික්ෂු සංඝයා කැමති නම් ඛුද්දානුඛුද්දක විනය ශික්ෂාපද වෙනස් කර ගැනීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබි තිබේ. එසේ නමුත් මේ දක්වා කිසිම අවස්ථාවක ථෙරවාදී භික්ෂූන් විනය ශික්ෂාපද වෙනස් කළ බවක් ඉතිහාසයෙන් ඔප්පු නොවේ. එසේම ශික්ෂාපද දැනුදු වෙනස් කළ යුතු යයි අපි නොකියමු.'


    නමුත් බුද්ධ කාලයෙහි පැවැති ආර්ථික, සාමාජික, දේශපාලන තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස් වී තිඛෙන බවත්, එහෙයින් එකල පැවති භික්ෂු ජීවිතයට වඩා අද භික්ෂු ජීවිතය වෙනස් වී තිඛෙන බවත් පිළිගත යුතුය. එකල බොහෝ සෙයින්ම භික්ෂූන්ගේ පරමාර්ථය වූයේ එම ආත්මයේදී ම නිවන් දැකීමයි. පසු කාලවල භික්ෂූන්ගේ පරමාර්ථය වූයේ මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙක්හි යෙදීමයි. අද ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩ පිළිවෙළක්ම දේශපාලනයට අයත් යයි අපි විශ්වාස කරමු. එබැවින් භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා, කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය. රට වැසියාගේ දියුණුව සඳහා ක්‍රියා කිරීම මෙන් ම ඔවුන්ගේ දියුණුවට බාධක වන කරුණුවලට විරුද්ධ ව ක්‍රියා කිරීමත් භික්ෂූන්ට අයත් බව අපි පිළිගනිමු....,


    යක්කඩුවේ හිමියන්ගේ මූලිකත්වයෙන් සම්පාදිත 'අපේ ගමන් මග' නමැති කෘතිය තුළ ඉතා පැහැදිලි ව සමාජ දේශපාලන ක්‍රියාවලියෙහි භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය පෙන්වා දී තිඛෙන්නේ පක්ෂ දේශපාලනයෙන් වියුක්ත 'ගාම්භීර බලයක්' ලෙසිනි. ඒ බලය මහජන වරමින් කෙටි කාලයකට ලබන බලයට වඩා උත්තරීතර ය. දේශපාලනඥයා අද බලවත් වුව ද හෙට දුබල වන්නේ ය. ගාම්භීර බලයක් සතු භික්ෂූන් වහන්සේ ජීවත්ව සිටින තාක් ඒ බලය ඇති කෙනෙකි.


    Real Audio link :- http://www.buddhistculture.net/uploads/3/1/7/3/3173298/tokka_01.mp3

    (මාදුළුවාවේ සෝභිත හිමියන්ට 70 විය සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී මහාචාර්ය සරත් විෙජ්සූරිය මහතා විසින් කරන ලද දේශනයේ ඉතිරි කොටස බලාපොරොත්තු වන්න)

    (100% උ‍පු‍ටා‍ ග‍ත්‍තේ‍ ෆේ‍ස්‍බු‍ක්‍ එ‍කෙ‍නි‍. දේ‍ශ‍පා‍ල‍ය‍, ද‍ර්‍ම‍ය‍ කෙ‍රෙ‍හි‍ ඇ‍ති‍ක‍ර‍ ඇ‍ති‍ බ‍ල‍පෑ‍ම‍ හො‍වා‍දැ‍ක්වී‍ම‍ට‍ කැ‍ම‍ති‍ නි‍සා‍ ම‍ මෙ‍ය‍ එ‍ල‍කි‍යේ‍ පෝ‍ස්‍ට්‍ ක‍ලෙ‍මි‍)
     
    • Like
    Reactions: AbaranAtha

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    උඋවේ ධම්මාලෝක හාමුදුරුවො අද මේ දේශනාව විවේචනය කලා ! ඒ 1500ක් පමණ ඉදිරිපිට මහා නායක හාමුදුරුවන්ට දොස් නැගූ නිසා.