දෛවයේ දිනය-Doom day-ලෝක විනාශය

bump

Member
Dec 24, 2010
93
5
0
දෛවයේ දිනය-Doom day-ලෝක විනාශය

මේ අප දකින්නේ ලෝක විනාශයක පෙර නිමිති ද?
rain1.jpg


ලෝකයේ රටවල් රැසකට දේශගුණික විපර්යාස සිදුවීමෙන් මහත් විනාශයක්‌ සිදුවී ඇත. ඇතමුන් මෙය 2012 දී සිදුවන බව කියන ලෝක විනාශයක පෙර නිමිති යයි කියති. ඕස්‌ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාව පකිස්‌තානය හරහා බ්‍රසීලය දක්‌වා වූ මේ දේශගුණික විපත් සිදුවී ඇත. බ්‍රසීලයේ කඳු නාය යැමෙන් මේ වනවිට 741 ක්‌ මියගොස්‌ 209 ක්‌ අතුරුදන් වී තිබේ. එසේම ගම්මාන රැසක්‌ මුළුමනින්ම විනාශ වී එකී ගම්මාන තිබූ ස්‌ථාන පවා සොයාගත නොහැකි වී ඇත. මේ නිසා 1000 කට අධික පිsරිසක්‌ මියගොස්‌ ඇතැයි සැක කෙරේ.

මේ අයුරින් විපත් ඇතිවීමට මුල් වී ඇති එක්‌ හේතුවක්‌ ලෙස ස්‌විට්‌සර්ලන්තයේ මීටර් 27 ක්‌ යට ඇති පරමාණු විකාශන යන්ත්‍රය වගකිවයුතු යෑයි පැවසේ. 2012 දී මේ යන්ත්‍රය තම මුල්ම අත්හදා බැලීම දියත් කළ විට ලෝකය බාස්‌කට්‌බෝලයක්‌ වනු ඇතැයි ඇතැම් විද්‍යාඥයන් පවසති.

කෙසේ වෙතත් මිනිසා නිසාම ලෝකයේ මෙතෙක්‌ ඇති නොවූ ගංවතුර විපත් ද සිදුවී ඇත.. ඕස්‌ටේ්‍රලියාවට එල්ලවූ ගංවතුර තර්ජනය නිසා ඩොලර් බිලියන 30 ක දේපළ විනාශ විය. එසේම ලෝක ප්‍රකට ඕස්‌ටේ්‍රලියානු මහා ධාවන පථයට පවා තර්ජනයක්‌ එල්ල විය. දිවි බේරා ගැනීම සඳහා පැන යන කැන්ගරු රැසක්‌ ඕස්‌ටේ්‍රලියානු මාධ්‍ය විසින් විකාශනය කෙරුණි. ඕස්‌ටේ්‍රලියාවේ සෑම වසර 200 කට වරක්‌ දේශගුණික තත්ත්වය වෙනස්‌ වන බව හෙළි වී ඇත. වික්‌ටෝරියා ප්‍රාන්තයේ නිවාස රැසක්‌ මුළුමනින්ම විනාශ වී තිබේ. එහෙත් බරපතලම විපත සිදුවූයේ බ්‍රසීලයටය.
rain2.jpg


දින හතරක්‌ තිස්‌සේ එකදිගටම ඇදහැලුණ ධාරානිපාත වර්ෂාව නිසා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරය අවට පැල්පත් සංකීර්ණයද යට විය. මළ සිරුරු තවමත් ගොඩ ගන්නා බව හෙළි වී තිබේ.

බ්‍රසීල රජය විසින් සලසන ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ජනතාවගේ කෝපය ජනාධිපති දිල්මා රුසෙත් වෙත එල්ලවී ඇත.

මගේ මසක්‌ වියෑති දරුවාගේ සිරුර ඇඟේ බැඳගෙන දිවි බේරා ගැනීමට ගඟකට පැන්නා යෑයි වෙරෝනිකා දුන්රු නමැති මවක්‌ බ්‍රසීල මාධ්‍ය හමුවේ කියා සිටියාය. අපේ දේශපාලකයන්ට දරුවන් නැද්ද? අපි විපතට පත් වනතුරු මේ අය බලා සිටිනවා යෑයි ඇය පැවසුවාය.

ඡේබියෝ පෙරෙයියා නමැති අවන්හල් හිමියකු පැවසුවේ ශෝකජනක සිද්ධියක්‌ එකම පවුලේ අටදෙනෙක්‌ මඩේ එරී මියගොස්‌ සිටියදී තමා සොයාගත් බවත් ඔවුන්ව ශුද්ධ පවිත්‍ර කර වැළලූ බවත් ඔහු පළ කළේය.

ළමා ළපටින් රැසක්‌ මරුමුවට පත් වෙලා. ඇතමුන්ට වයස මාස හතරයි. මෙය ඉතාමත් ශෝචනීය සිද්ධියක්‌ යෑයි රෝහල් නිලධාරියකු වූ ජෝර්ඡ් ගාවා විසින් පවසා ඇත.

කෙසේ වෙතත් මිනිසුන් අතර පවතින තණ්‌හාව තවදුරටත් සනාථ විය.

සිල්වියා ඉස්‌කුයිබෝ නමැති ඡායාරූප ශිල්පියා බ්‍රසීලයේ විපත් සිදුවූ ප්‍රදේශවලට ගිය විට දැන ගැනීමට ලැබුණේ ඇතමුන් මළ සිරුරු සොයද්දී එක්‌ අයෙක්‌ විශාල චන්ද්‍රිකා ඇන්ටෙනාවක්‌ රැගෙන යන අන්දමයි. පකිස්‌තානයේ පෙෂවාර් නගරය ආසන්න ප්‍රදේශයේ ගම්මාන රැසක්‌ ජලයට යට වීමෙන් 1400 කට අධික පිරිසක්‌ මියගොස්‌ මිලියන තුනක ජනතාවක්‌ අවතැන් වී ඇත
මේ හැර ස්‌කැන්ඩිනේවියානු රටවල් කීපයක අධික හිම පතන ඇති වී තිබේ. මෙයට දින කීපයකට පෙර කාලගුණික විමර්ශකයන් විසින් කැලිෆොaනියානු බලධාරීන්ට අනතු=රු අඟවමින් පස්‌ගුණයකට වඩා බලවත් චණ්‌ඩමාරුතයක්‌ කැලිෆොaනියාවට එන බව පවසා .එහෙත් මේ දේශගුණික විපත්වලට පෙර යම් ආරක්‍ෂාකාරී ක්‍රියාමාර්ග ගැනීමට ලෝකයේ රටවල් රැසක්‌ අසමත් වී තිබේ


තම දිවි නොතකා මෙකී විපත් ඇති වූ ප්‍රදේශවලට ගිය ඡායාරූප ශිල්පීහු ගංවතුරේ ගසාගෙන යන අයවළුන් හා සතුන්ගේ ඡායාරූප ගෙන ලොව පුරා ප්‍රසිද්ධියට පත් කළහ.

එක්‌ ඡායාරූපයකින් දැක්‌වූයේ කාන්aතාවක්‌ තම සුනඛයා සමග ගංවතුරේ ගසාගෙන යන අයුරු. හෙළිකොප්ටරයක්‌ මගින් ඇයව බේරා ගැනීමට දරණ උත්සාහයේදී සුනඛයාගේ බර වැඩිවීම නිසා ජලයට අත හැරීමට ඇයට සිදු විය.

රටවල් රැසක ඇති වූ මේ විපත්වලට අමතරව අධික ශීතල නිසාද සිවිල් ජනතාව මියගොස්‌ ඇතැයි වාර්තා විය.

මේ විපත් නිසා ඩොලර් බිලියන 200 ක පාඩුවක්‌ යුරෝපයට සිදුවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය.