දෛවෝපගත සිදුවීමක්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    දෛවෝපගත සිදුවීමක්

    මම අද ඔයාලට කතාවක් කියන්නයි ....යන්නෙ..සත්‍ය කතාවක්..දන්නා අයත් ඇති...මේ නොදන්නා අය වෙනුවෙන්...

    මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකට ඉස්සෙල්ලා....ස්විට්ස්ර්ලන්තේ...

    farm_2.jpg


    එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට...මෙයාගේ නම ෆ්ලෙමින්....

    දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..මෙයා දුවගෙන ගියා ඒ පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්..ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල...ගිලෙන්න යනවා.

    tumblr_l0nxo4fo3M1qa1im7o1_500.jpg
    ...ඉක්මන් කරපු ෆ්ලෙමින්...බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත...පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා....

    ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව...ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විධියේ මහත්මයෙක්...

    jsw_wedding_pic5.jpg


    ඇවිත් මෙයා ඇහුව....
    ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින් ?
    ඔව් මහත්මයා....

    බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා....බොහෝම සතුටුයි ...ඊයේ ඒ ඔබතුමා බේරගත්තේ මගේ පුතා...මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද...කලගුණ සලකන්නද ?? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...

    බොහෝම ස්තුති මහත්මයා...එත් මට ඔය මුදල් බාරගන්න බෑ....මම ඒ දේ කළේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවේ....

    එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත....
    මේ ඔබතුමාගේ පුතාද ? ඔව් මහත්මයා...ඉස්කෝලේ යනවද ? අනේ නෑ මහත්තයෝ...බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..

    හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...

    ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...

    ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය...
    2437835985_0e69487737.jpg


    පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි....එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය...ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...

    ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්...එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා...එසේම මේක සොයාගත්තේ ඒ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්...ය
    Alexander_Fleming.jpg


    එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ ඒ වන්ශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල්...හිතුවත් වගේ ..

    වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් මය....
    ff4de0028847463b81c3a34e857629f5.jpg


    churchill.jpg


    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත....

     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ADE ELA SEEN EKA
    ADA THAMAI ME KATHAWA AHUWE
    BEDA GATHTHATA BOHOMA ISTUTI

    REP+
     

    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත....


    meka nam niyama wadana...

    thanks wisthara kiwuwata... :)
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan sira ...
    post eka kiyavagena yanakota man hithuva me alexendra flemming gana thama kata venne kiyala .. eth vinstent churchil ge nama dakka gaman man uda giya..
    machan sira post eka .. awesome ...