දොට්ට පිළට යාම
වැසිකිලි යාම ජීවිතයේ වැදගත් ක්‍රියාවලියකි. එහෙත් ආහාර ගැනීම ගැන තිබෙන කතිකාවට ඇති උද්‍යෝගය වැසිකිලි යාම සබැඳිව නැත. වැසිකිලි යාම ගැන කතා කරන්නේ අඩුවෙනි. වැසිකිලි යාම ජීව ක්‍රියාවලියක් පමණක් නොවේ. ඒහා බැඳුනු ආගමික මෙන්ම සංස්කෘතික ක්‍රියාවලීන් තිබේ.
බටහිර ජාතිකයෝ වැසිකිලි යාමෙන් පසුව ටොයිලට් පේපර් භාවිතයෙන් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කර ගනිති. මෙය සමහරක් අපරදිග ජාතීන්ට අනුව පිලිකුල් දනවන ක්‍රියාවකි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා සුද්දන් යනු පස්ස නොසෝදන ජාතියක් බව කියා වරක් ඔවුනට නිග්‍රහ කලේය.
වැසිකිලි යාමෙන් පසු ලංකාව වැනි ආසියාතික රටවල මිනිසුන් වතුර යොදා පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගනිති. එහෙත් මෙය තනිකරම ශුද්ද ක්‍රියාවලියක් නොවන බව පෙනී යයි. වැසිකිලි යාමෙන් පසු වතුර යොදා වම් අතින් පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගන්නා පුද්ගලයන් ගේ නියපොතු වල බොහෝ විට ඊකෝලායි බැක්ටීරියාව තිබේ. මෙම අසූචි බැක්ටීරියාවන් මිනිසුන් අතර සංක්‍රමණය වෙයි.
සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන කාලයේදී හෝටල් වල කෑම පිසින අරක්කැමියන් ගේ නියපොතු පරීක්‍ෂා කිරීම මම කලෙමි. මොවුන් බොහෝ දෙනෙකු වැසිකිලි ගොස් යන්තම් අත සෝදාගෙන ඉවීම් කටයුතු කරති. ඔවුන් ගේ නියපොතු කුණු වලින් පිරී තිබේ. මේ නියපොතු ඇතුලේ ඊ-කෝලයි බැක්ටීරියාවන් ඇත. තවද මෙහෙකරුවන් මෙහෙකාරියන් ඉවුම් පිහුම් කරන ඉහල මධ්‍යම පන්තික නිවෙස් වලද මෙම ගැටළුව දක්නට තිබේ. මෙම මෙහෙකරුවන් මෙහෙකාරියන් වැසිකිලි ගොස් අත් සේදීම හොඳ හැටි නොකරති. එම නිසා නිවැසියන්ට විවිධ උදරාබාධ ඇතිවේ.
මාස 18 සිට වසර 3 දක්වා ගුද කාලය ළදරුවන්ට වැදගත් වන සමයක් බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැවසීය. මේ කාලය තුලදී ළදරුවා තමාව බලා කියා ගන්නා පුද්ගලයා සමග කායික මානසික වශයෙන් බැඳෙති.
බටහිර රටවල දෙමාපියන් වැසිකිලි යාමෙන් පසු ළමයින් ගේ පස්ස පිරිසිදු කරන්නේ ටොයිලට් පේපර් මගිනි . එහෙත් ඉන්දියාව , ලංකාව වැනි රටවල අම්මලා තම අතින් ළදරුවන් ගේ කක්කා සෝදති. මේ නිසා මවගේ අත ළදරුවාගේ අධි සංවේදී ගුද කලාපයේ ගෑවේ. මේ අනුව ලංකාව , ඉන්දියාව වැනි රටවල ළදරුවන් ගුද සමය හෙවත් ( Anal Stage) හිදී බටහිර ළමුන් මව සමග ඇති කර ගන්නා බැඳීමට වඩා වැඩිපුර බන්ධනයක් ඇති වන බවට මතයක් මම මගේ ළමා මනෝ විද්‍යාව සහ උපදේශනය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය) පොත මගින් ප්‍රකාශ කලෙමි. මෙම අදහස දිවංගත මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතාගේ අවධානයටද ලක් විය. වරක් රූපාවාහිනී වැඩසටහනකදී එතුමා මගේ කෘතියේ එන මෙම මතය ගැන කතා කලේය.
විදේශ රටවල වැසිකිලි වල වතුර නැත . තිබෙන්නේ ටොයිලට් පේපර් ය. එම නිසා අපහසුවෙන් හෝ ටොයිලට් පේපර් භාවිතා කිරීමට ආසියාතිකයන්ට සිදුවේ.
සෝවියට් දේශයේ ටොයිලට් පේපර් හිඟයක් තිබුනේය. මේ නිසා මිනිසුන් බොහෝ විට භාවිතා කලේ පව්දා (ඇත්ත) පුවත් පතේ කොලය. සෝවියට් දේශයේ වැසිකිලි වල හතරට ඉරන ලද පව්දා පුවත් පත් කොල තිබුනේය. මිනිසුන් සමහර විට ලෙනින් ගේ පින්තූර තිබෙන පව්දා පුවත් පත් කොල වලින් කක්කා පිස දැමුවෝය. ස්ටාලින් ගේ කාලයේ මෙය ප්‍රති විප්ලවවාදී ක්‍රියාවක් ලෙස සලකන ලද බැවින් ලෙනින් , ස්ටාලින් මෙන්ම අවශේෂ පොලිට් බියුරෝ නායකයන් ගේ පින්තූර තිබූ පත්තර කොල කසල ගොඩටවත් විසි නොකිරීමට මිනිසුන් පරෙස්සම් වූහ.
සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේදී පෙනී ගියේ ලාංකිකයන් පමණක් නොව ඉන්දියානුවන් සහ අරාබි ජාතික සිසුන් වැසිකිලි යාමේදී වතුර භාවිතා කරන බවයි. ඒ කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාර වල හිස් වයින් හෝ ෂැම්පේන් බෝතල් වලට වතුර පුරවාගෙන වැසිකිලි යන ආසියාතික සහ අරාබි සිසුන් දෙස රුසියානුවන් විමතියෙන් යුතුව බැලූහ.
ටොයිලට් පේපර් නිරන්තරයෙන්ම භාවිතා කිරීම නිසා සමහර විට ගුද ප්‍රදේශයේ ආසාදන ඇති විය හැකිය. එම නිසා වැසිකිලි ගොස් වතුර මගින් ගුද ප්‍රදේශය පවිත්‍ර කර ගැනීම සෞඛ්‍යය හිතකරය. ඒ සඳහා බිඩේ එකක් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. වර්තමානයේ ලංකාවෙ පමණක් නොව බටහිර රටවල ජීවත් වන ලාංකිකයන් ගේ නිවෙස් වල හෑන්ඩ් බිඩේ සවි කොට තිබේ. සමහර ලාංකිකයන් මුලින්ම ටොයිලට් පේපර් මගින් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කරගෙන පසුව හෑන්ඩ් බිඩේ එකේ වතුර පහර අල්ලති.
ආහාර ගැනීම මෙන්ම වැසිකිලි යාමද ජීවිතයේ වැදගත් අංගයකි. එය සෞඛ්‍යය ආරක්‍ෂිතව කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග