දොඩන දෙමළෙහි ඇති හුරතලය!

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දොඩන දෙමළෙහි ඇති හුරතලය!

    ටීඑන්ඒ නැතහොත් දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහය දීමට තීරණය කිරීමත් සමග දේශප්‍රේමය කරණම් ගසා නැවත දේශපාලන කරලියට අලුත් ජවයකින් පැමිණ තිබේ. බැරිවෙලාවත් කරුණා හා පිල්ලෙයාන් මෙන් ඔවුනුත් රාජපක්ෂටම දුන්නා නම් දේශප්‍රේමය වටයක් කැරකී නගුට දෙපැරැන්දේ ගසා ගෙන වකුටුවී නිදා ගන්නට ඉඩ තිබිණි.

    ඒ අනුව ටිඑන්ඒ යනු කොටින්ගේ නිල නොලත් බළල් අත ලෙස බෞතීස්ම (නැවත වතාවක්) ලබා තිබේ.

    එසේ නම් කෙරෙන විට මේ ඊයේ පෙරේදා අප මහා දේශප්‍රේමීයා හා කතා කළ සංවිධානය බව එසේ කළ අයට අමතකව ගොස් තිබේ.

    ඒත් ටීඑන්ඒ සංවිධානය තමන් වෙතට නතු කරගැනීමට බැරිවීමේ දුකක් ද ඒ අතරම දේශපාලනයෙන් තෙම්පරාදු වී ඇති ‍මෛත්‍රීපාල සිරිසේනලා වැනි ජනපතිවරණයේ බැරෑරුම් කම දන්නා ටික දෙනෙකුට තිබේ. ටීඑන්ඒ සංවිධානය දෙකතුනකට කැඩී ඇති බවත් එයින් බහුතරය නියෝජනය කරන කණ්ඩායම රාජපක්ෂලාට සහය දෙන බවත් මෛත්‍රීපාල කියන්නේ ඒ නිසා ය. ඒ බව කියන්නේ ජනවාරි 7 දිවයින පුවත්පතයි.

    සරත් ෆොන්සේකා ටීඑන්ඒ සංවිධානයේ කැමැත්ත ලබා ගෙන ඇත්තේ ජාතිය පාවා දීලා ය. ඒක කියා තිබුනේ ආණ්ඩුවේ ලේක්හවුස් පත්තරේය. ටීඑන්ඒ සංවිධානයේ බහුතරය නියෝජනය කරන අයගේ කැමැත්ත රාජපක්ෂ ආණ්ඩුවට ලැබී ඇතැයි කී මෛත්‍රීපාල එසේ ලැබී ඇත්තේ කෙසේදැයි කියාතිබුනේ නැත. ඒ නිසා අපට සිදුවන්නේ ඒ ගැන අනුමානයන් කරන්න ය.

    පාවා දීලා වෙන්නට බැරි ය. සරත් ෆොන්සේකා පාවා දුන්නාට අපේ ආණ්ඩුව එහෙම පාවා දෙන්නේ නැත. අප සිතන්නේ ටීඑන්ඒ බහුතරය ජනාධිපතිතුමාට පක්ෂපාත වන්නට ඇත්තේ එතුමා දොඩන දෙමළ වචන තුළ තිබෙන හුරතල් ගතිය නිසා බව ය.

    සැබෑ දේශප්‍රේමීන් කවුද සැබෑ දේශද්‍රෝහීන් කවුදැයි මෙයිනුත් පෙනී යයි. වනක්කම්! (ටිකක් හුරතල් නේද? මං කිව්වෙ අවසානය!)
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    anawaki.jpg
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    Math me kalpana kara kara hitiye oya tikamaya
    Beriwelawath TNA eka MR ta sahaya Dunna nam monawa kiyaida