දොස්තරකම එපා කුඹුර කොටන්න ගමේ වරෙං....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දොස්තරකම එපා කුඹුර කොටන්න ගමේ වරෙං....


    දොස්තරකම එපා කුඹුර කොටන්න ගමේ වරෙං....

    පුතේ පුංචිම දවස්වල උඹ අතේ එල්ලිල ඉස්කෝලෙ යන කොට මගේ හිතේ ලොකු හීන තිබ්බේ නෑ.... ඒ වුණාට පංතියේ ටීචර්ලා හම්බුවුණාම උඹ ගැන කියපු දේවල් එක්ක මං උඹ ගැන හීන මවන්න පටන් ගත්තා.... උඹ ටිකෙන් ටික ලොකු වෙන කොට ඒ හීනත් ලොකුවෙන්න ගත්තා.... උඹ කවද හරි ලොකු තැනකට ගිහිල්ලා උඹගේ අසරණ අම්මයි තාත්තටයි සලකගෙන රටටත් වැඩක් කරන එකෙක් වෙයි කියල මම පුරාජේරු කියපු වාර ගණන අනන්තයි...

    උඹ ශිෂ්‍යත්වේ පාස්වෙලා ආපු දවසේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඉහළින් සමත් වුණු දවස්වල අම්මයි මමයි සතුටු වුණේ රටක් රාජ්ජයක් හම්බුණා වගෙයි. උඹගේ මුහුණේ තිබුණු ආඩම්බරකමට, ගාම්භීරකමට ඇස්වහක් වදින්න එපා කියල අම්මා නිතර දෙවේලේ දෙයියන්ගෙන් ඉල්ලූවේ හිතේ තිබුණු බයටම වෙන්න ඇති...

    උඹ දොස්තර කෙනෙක් වෙන්න හිතාගෙන කැම්පස් යනව කියල කියපු දවසේ මගේ පපුව පැලිල යන තරමට සතුටු වුණා.... අතේ කරගැට නගිනකල් එක එකාට කඹුරල, වේලක් නොකා වේලක් කා, එකම වැරහැල්ල ඇඳල උඹ වෙනුවෙන් වගුරපු දහඩියට උඹ සාධාරණයක් ඉටු කරා නේද කියල මට එදා හිතුණා....

    ඒ වුණත් පුතේ උඹගේ ඔලූව පැලිල ඉස්පිරිතාලෙක ඇඳක පතබෑවිල ඉන්නවා කියල ආරංචි වුණු වෙලාවේ අම්මගෙයි මගෙයි පපුවේ නැගුණ ගින්දර අපේ පැල්කොටේ අඵ කරල දාන තරමට වැඩියි කියල මම කොහොම තේරුම් කරල දෙන්නද?

    පහු ගිය දවසක උඹගේ අම්මගේ පපුවෙ හතියට බේත් ගන්න කියල ඉස්පිරිතාලෙට ගියේ එක්ක යන්න කවුරුත් නැති නිසයි... දොස්තර මහත්තුරු අපූරුවට ලිෆ්ට් එකේද මොකේද යන කොට මම උඹලැයේ අම්මවත් වත්තං කරන් පඩි පෙල් බර ගාණක් නැග්ගේ කරන්න කිසිම දෙයක් නැති නිසයි... එහෙම ගියාට පස්සෙත් ඇටෙන්ඩන්, නර්ස් නෝනල විතරක් නෙවෙයි දොස්තර මහත්තලයත් ලෙඞ්ඩු දිහා බැලූවේ මහා කරදරකාරයන් ගොඩක් දිහා බලනව වගෙයි... මුහුණේ හිනාවක් තියා ලේ කඳුලක් නෑ.... දොස්තර මහත්තයා චැනල් එකේ දි අමාරුවෙන් වචන දෙක තුනක් කතා කලත් ඉස්පිරිතාලෙදි නම් හැසිරුණේ ගොලූවෙක් විදියට.... මට පළවෙනි පාරට හිතුනා උඹ දොස්තර කෙනෙක් වෙනවට වඩා ගමේ කුඹුරක් කොටාගෙන හිටියනං හොඳයි කියලා... අද අම්මගේ ඉස්පිරිතාලේ ක්ලිනික් එක... අදත් මම එදාවේල හම්බ කරගන්න එකත් පැත්තකින් තියලා අම්මවත් කැන්දන් ඉස්පිරිතාලෙට ආවා... බලපුවම ස්ට‍්‍රයික් කොරලලූ... අද කීයක් හරි හොයාගෙන අම්මගේ බේත් හේත් ටික ගන්න හිතාගෙන හිටියේ... මාසේ අන්තිමට උඹටත් කීයක් හරි එවන්න එපායෑ... ඒ ඔක්කොම පැත්තක තියල ආවේ අම්මගේ හතිය වැඩි හින්දයි... අපේ කරුමෙට අද දවසම විනාශ වෙලා ගියා.... දොස්තරල ස්ට‍්‍රයික් කරන්නේ නිදහස් අධ්‍යාපනය රැුක ගන්න පාරට බැස්ස උඹලගේ ඔලූව පලපු නිසා ඒකට වාඩුව ගන්නලූ... උඹට දොස්තර කෙනෙක් වෙන්න වියදම් කරපු සල්ලි කැටේකට දැම්මනං අඩුම තරමේ අද චැනල් සෙන්ටර් එකටවත් අම්මව එක්කගෙන යන්න තිබ්බා... අනේ පුතේ මම ඉනි කපල දැම්මේ ගගකටවත් ද කියල හිතෙන කොට නම් මැරෙන්න තරමට දුකයි....

    අනේ පුතේ මට තේරෙන්නේ නැති කරුණු එමටයි... උඹලයි දොස්තර මහත්තුරුයි රට කරවන එවුන්ට රිදවන්න කියල හිතාගෙන රිදවන්නෙම අපිට.... දොස්තර මහත්තුරු නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කියල කවදාවත් නිකං ලෙඩෙක් බලල නෑ.... සල්ලි කීයක් හරි දෙන්නේ නැතිව කටක් අරින්නේ නෑ.... ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බේත් කරනවට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්... චැනල් එකේ දි දොස්තර මහත්තයා අස්ප ගණන් ඉල්ලූවේ පිටරට ගිහින් ලක්ෂ ගාණක් වියදම් කරලා උපාධිය ගත්ත වගේ.... නිදහස් අධ්‍යාපනයෙන් දොස්තර වුණා නම් පුතේ පුංචිම පුංචි මනුස්සකමක්වත් තියෙන්න එපායෑ.... කැලේ ඉන්න කොටියට ගහන්න බැරි නිසා ගෙදර තියෙන කොටි හමට තඩි බානවා වගේ දොස්තරලත් තඩිබාන්නේ අහිංසක අපිටම නේද...? ඉතිං ඒ ඈයෝ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා කියල රටට කරපු සෙතක් නෑ නේද...? උඹත් දවසක ඔය වගේ දොස්තරකමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දොස්තරකමෙන් වැඩක් නෑ මයේ පුතේ.... පණ කෙන්ද බේරගෙන ගෙදර වරෙං... අඩුම තරමේ වල්වැදිල තියෙන කුඹුරවත් අස්වද්දන්න පුලූවන් වෙයි... නිය පිටිං පහරක් නොගහා හදපු උඹට හරකෙකුට තඩි බාන්නා වාගේ ගහනව දකින කොට තාත්තෙක් විදියට මම කොහොමද බලාගෙන ඉන්නේ. ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා නම් අදත් චැනල් සෙන්ටර් එකේ වැඩ... උඹ ඉස්පිරිතාලේ ඇෙ`ද්... හෙට උඹව බලන්න කොළඹ එන්න කීයක් හරි ඉල්ලගන්නේ කාගෙන්දැයි මම දැන් දස අතේ කල්පනවා කරනවා....

    අල්ලපු ගෙදර සියදෝරිස්, ගම් මණ්ඩියේ එකාල හැම එකාලම බනින්නේ උඹලට.... ඉස්පිරිතාලේ ළග ලෙඞ්ඩු දෙස් දෙවොල් තියන්නේ දොස්තරලට... උඹලයි දොස්තරලයි විතරක් අරගලය කරල නිදහස් අධ්‍යාපනය රකින්න පුලූවන්ද මයේ පුතේ.... නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත තවත් ලොකු තනතුරු දරන කී දාහක් රටේ ඉන්නවාද.... ඒ ඔක්කොම එකතු කරගෙන කරන දෙයක් කරන්න උඹලට බැරි ඇයි.... උඹලගේ පැත්තේ ඉන්නේ ස්වල්ප දෙනයි කියල දැන්වත් තේරුම් ගනිං....

    පුතේ උඹ ඉස්සරවෙලාම දොස්තර කෙනෙක් වෙයං... ඊට පස්සේ ඉස්සරවෙලාම උඹ ළගට එන අසරණ ලෙඞ්ඩුන්ට කරුණාව දක්වපං... චැනල් කෙරුවාව කලාට කමක් නෑ ටිකක් සාධාරණ වෙයං... උඹ නිකං ඉගෙන ගත්තට පාඩුවක් නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්න ඉඩ හැරපං... ඊට පස්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දොස්තර කෙනෙක් විදියට අරගල කරපං... උඹ එදාට වෙද නලාවත් කරේ තියාගෙන පාරේ මාරාන්තික උපවාසයක් කරපං... එතකොට මේ අපේ දොස්තර මහත්තයා නේද කියලා එක රොත්තට මිනිස්සු උඹ වටේ එක් රොක්වෙයි... රට කරවන ඇත්තන් නිකංම බය වෙයි.... දැන් උඹල ඉගෙන ගන්න ඇටෙන් පොත්තෙන් එළියට එන නාම්බෝ විතරයි.... උඹල වගේ නාම්බන්ට නාස් ලණුව දාල තමන්ගේ වැඬේ කරගන්න ලේසියි කියල ගොඩක් එවුන් දන්නවා.... උඹල ඒ නාස් ලණුවට හොම්බ දික් නොකර තාත්තගෙයි අම්මගෙයි බලාපොරොත්තු ඉටු කරපං.... නැත්තං දොස්තර කෙනෙක් වෙලා එනකං පාර දිහා බලාගෙන ඉන්න මටයි අම්මටයි වෙන්නේ ඒ හීනය මත්තෙම මියෑදෙන්නයි.....

    pathfinder_PNG_Face.png



     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අසදාරණයට අරගල කරන්න ඕනේ, එත් මේවා සම්පූර්ණ රැවටිල්ලක්.

    "ඉස්සරවෙලාම උඹ ළගට එන අසරණ ලෙඞ්ඩුන්ට කරුණාව දක්වපං... චැනල් කෙරුවාව කලාට කමක් නෑ ටිකක් සාධාරණ වෙයං... උඹ නිකං ඉගෙන ගත්තට පාඩුවක් නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්න ඉඩ හැරපං..."
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඈයෝ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා කියල රටට කරපු සෙතක් නෑ නේද...?

    Dostarala karane seyak ekatata රටවල් අදාළ vene na

    පහුගිය gan waturen indian pakistan doc la meheta awe puka kahanawata newe මනුෂ්‍ය ජීවිත bera gana

    මහසොහොන් බලකායේ part time job karana unta oya therene na :P

    උඹ එදාට වෙද නලාවත් කරේ තියාගෙන පාරේ මාරාන්තික උපවාසයක් කරපං...

    Mu me යටින් kiyane අරගල valata noya ආණ්ඩුවේ හොරුන්ගෙ pakaval balan ඉවසනු kiyalane ehema ithin ඉන්න තිබ්බා රාජාta hari යහපාලනය කඩේ ගියා num :P
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,245
    113
    නුවර

    අනේ පුතේ මට තේරෙන්නේ නැති කරුණු එමටයි... උඹලයි දොස්තර මහත්තුරුයි රට කරවන එවුන්ට රිදවන්න කියල හිතාගෙන රිදවන්නෙම අපිට....



    රටේ උගත්තු කියන අයට තේරෙන්නේ නෑ මේ කියන දේ. මේ රටේ කවදාවත් සාමාන්‍ය ජනයාට රිද්දුවා කියලා රජයට ගානක්වත් නෑ, රජයට රිදෙන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ ඔය ලොකු උදවියට. තැලෙන්නේ පොඩි එකා තමා. වෙලාවකට හිතෙනවා ලංකාවේ campus වල ඉන්නේ වැඩිහරියක් පොතේ දැනුම විතරක් තියෙන, උගත් මෝඩයෝ කියලා
    2.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රටේ උගත්තු කියන අයට තේරෙන්නේ නෑ මේ කියන දේ. මේ රටේ කවදාවත් සාමාන්‍ය ජනයාට රිද්දුවා:P කියලා රජයට ගානක්වත් නෑ, රජයට රිදෙන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ ඔය ලොකු උදවියට. තැලෙන්නේ පොඩි එකා තමා. වෙලාවකට හිතෙනවා ලංකාවේ campus වල ඉන්නේ වැඩිහරියක් පොතේ දැනුම විතරක් තියෙන, උගත් මෝඩයෝ කියලා
    2.gif

    යකෝ ඊළඟ ජන්දය කාලකණ්ණි කරන්නේ කොහොමද ? මිනිස්සුන්ට dhaana මර්දනය තවත් වැඩි venakota ඉස්සරහට මිනිස්සු puka uda dagene dei ඡන්දෙ :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;21848819 said:
    යකෝ ඊළඟ ජන්දය කාලකණ්ණි කරන්නේ කොහොමද ? මිනිස්සුන්ට dhaana මර්දනය තවත් වැඩි venakota ඉස්සරහට මිනිස්සු puka uda dagene dei ඡන්දෙ :P


    දේශපාලන පක්ෂ නම් අදාලම නැත....
    ප‍්‍රායෝගික ඇත්ත නම් ඕක තමා.....