
වෙන රටවල ඩොක්ටර්ස් ලා අපේ රටේ අයත් එක්ක සන්සන්දනය කරන එක එච්චර හරි නෑ බන්. ඒ රටවල අපේ රටවලට වඩා පඩි වැඩියි . ප්‍රෙශර් එක අඩුයි මම හිතන්නේ. ඒ කියන්නේ හොස්පිටල්ස් වල පහසුකම් වැඩියි, ඩොස්තරලා වැඩියි, නර්ස්ලා වැඩියි. අනික් අතට ලන්කාවේ දොස්තර කෙනෙකුට හොඳ රටකට පැනගන්න පුලුවන් ගේමක් නැතිව. ඉතින් එහෙම නොකරන එක ඒගොල්ලොන්ගෙ යුතුකමක්. ඒකට හරියන්න රජය පැත්තෙනුත් වෙන්න ඕනෙ වැඩ තියනවා..අනික හැම දොස්තරලාම ඔලුව ඉදිමුනු අය නෙමෙයි. බහුතරයක් අය හොඳයි.![]()
.අනික හැම දොස්තරලාම ඔලුව ඉදිමුනු අය නෙමෙයි. බහුතරයක් අය හොඳයි.![]()
මෙහෙමයි කැම්පස් එකෙන් out උන ගමන් නම් හරිම හොදයි දොස්තරලා . හැබැයි පස්සේ කාර් දෙක තුනක් අරන් dispensary එකක් දාගත්තට පස්සේ නම් හරියට private බස් කොන්දොස්තරලා වගේ.

මෙහෙමයි බං හැමෝටම සල්ලි තියෙනවා කියන්න බෑ, උඹ එහෙනම් හරියට ඩොක්ටර්ස්ල දැකලා නෑ,
මට හිතෙන විදියට මෙහෙමයි බං සීන් එක, සමහර කට්ටියක් නිසා හැම ඩොක්ටර් කෙනෙක් ගැනම ඔහොම හිතන්න එපා, ඒක වැරදියි, මම නම් දොස්තර කෙනෙක් නෙමෙයි ඒත් අපේ පවුල් වල ගොඩක් අය දොස්තර ල තමයි, මම ඒ අය විඳපු දුක හොඳට දන්න නිසා මෙහෙම අද මේ ත්‍රෙඩ් එකටත් කමෙන්ට් කරන්නේ මගේ වෙලාව අරගෙන
කවදාවත් බං පිටරට දොස්තර කෙනෙක් හා මෙහේ දොස්තර කෙනෙක් සංසන්දනය කරන්න යන්න එපා හේතුව තමයි මෙහේ දොස්තර කෙනෙක්ට 1ක් හෝ ඊට කිට්ටුවෙන පඩියක් තමයි ලැබෙන්නේ ඒත් එහේ දොස්තර කෙනෙක්ට ලැබෙන පඩිය ඉතිං මම කියන්න ඕනෙ නෑ නේඑහෙම බැලුවම උන්ට ඇත්තටම ප්‍රයිවෙට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඒක නිසා මෙහේ දොස්තර කෙනෙක්ට තියෙන එකම ඔප්ෂන් එක ප්‍රයිවෙට් කරන එක, ඒත් උඹල ඔය ප්‍රයිවෙට් කරනව කියලා දකින්නේ සුලු පිරිසක් විතරයි,
තවත් අය කියල තියෙනවා උං ඉගෙන ගන්නේ රටේ සල්ලි වලින් කියලා, ඒක නම් 50% ක් ඇත්ත, මොකද දැන් ඔය දොස්තරල වෙන ළමයි A/L වලට Class යන්නේ නැද්ද මචං? මෙහෙම කියන අය මේකට උත්තරයක් දෙන්න? කොළඹ, ගාල්ල ඔය පැති වල BIO කරන සර්ල කී දෙනෙක් නම් ඉන්නවද ළමයි කීයක් නම් යනවද ඕවට, A/L BIO කරන එකෙක් First Shy එකෙන් Faculty ගියොත් ඌ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේ ගොඩක් අඩුයි ඊට ඔක්කොම වගේ කරගන්නේ ක්ලාස් ගිහිල්ලා, ඉතිං 100% රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවා කියලා කියන්න බෑ නේ බං, අද කාලෙ ළමයෙක්ට ඉස්කෝලෙන් ඉගෙන ගෙන Medical Faculty යන්න තරම් Result එකක් දාන්න අමාරුයි බං,
Medical Faculty එකේදි ළමයින්ට වියදම් කරන්නේ අපේ සල්ලි වලින් ඒක නම් සහතික ඇත්ත, ඒත් එතැනට වෙනකම් එන්න වෙන මහන්සිය ගැන තමයි මම මේ කිව්වේ
අනිත් කාරනේ මෙතැන ඉන්න කීයෙන් කී දෙනෙක්ට තේරෙනවද දන්නේ නෑ දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව? මෙතැන කමෙන්ට් කරන කීයෙන් කී දෙනෙක්ට A/L BIO Paper එකක් දුන්නොත් S S S (3s) ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ(මම කියන්නේ ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙනත්), ඉතිං එහෙම එකේ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න ළමයෙක් කොච්චරනම් මහන්සි වෙනවා ඇත්ද? කොච්චර දුකක් විඳලද එතැනට එන්නේ, ඒ තරම් දුකක් විඳලා අන්තිමේදි පොඩි පඩියක් ලැබෙනවා,
මේ අයට වාහන පර්මිට් එක තමයි ලොකු සහනයකට තිබ්බේ මෙච්චර කල්, කවුරු කොහොම කිව්වත් මේ අයට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්න ඕන, ඉතිං මේ අයට දුන්න මේ සහනෙත් කපා හැරියම කොච්චර හිතට අමාරු ඇත්ද(මම කියන්නේ සාධාරණව රැකියාව කරන කෙනෙක්ට)
මෙතැන ගොඩක් අයට තියෙන්නේ දොස්තර කෙනෙක් එක්ක තියෙන ඊර්ෂියාවක් විතරයි, ඒ නිසා තමයි මේ වගේ කතා කියවන්නේ ඒත් සාධාරණව හිතන්න පුරුදු වෙයං මචංල, කවුරුත් කියන ඒව එක සැරේ පිළිගන්නේ නැතුව,
දොස්තරල 100ක් ඉන්නවා නම් එකෙන් 20 දෙනෙක් දිහා බලලා තීරණ ගන්න එපා මචංලා ඔයාල ඔය කතා කරන්නේ සුලු පිරිසයක් ගැන විතරයි, සුලු පිරිසක් ගැන බලලා හැමෝම ගැන තීරණ ගන්න එපා...
මේක මගේ මතයක් විතරයි සංවාදයට විවෘතයි,,,![]()
වෙන රටවල ඩොක්ටර්ස් ලා විතරක් නෙවේ මචන් හැම ප්‍රොෆෙශන් එකම වගේ රේට් වෙනවා. ජපානේ එහෙම ස්ටුඩෙන්ට්ස්ලා තමන්ගෙ ටීචර්ස්ලාව රේට් කරනවා..ඒක බොහොම සාමාන්‍ය දෙයක්. පොඩ්ඩක් කියන්න බලන්න අනික් රටවල සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ගේ වැටුප කීයක් විතර ඇතිද කියලා යූකේ, යූඑස්, ඔසී වල එහෙම...වෙන රට වල ලංකාවේ වගේ ලේසියෙන් වැඩ කරන්න බැහැ . හැම patient කෙනෙක්ම දොස්තරව රේට් කරනවා. ලංකාවේ වගේ තප්පරෙන් බේත් දීල යවන්න බැහ. අනික private කරන්නත් අමාරුයි. private කරනවා නම් ලෙඩ්ඩුන්ගේ සම්පුර්ණ වගකීම දොස්තර ගන්න ඕන. අනික ඔය කියන තරම් පඩි හම්බ වෙන්නෙත් නැහැ. ලංකාවේ දොස්තරලා private කරලම මාසෙට ලක්ෂ 2-3 පන්නනවනේ.

මචන්... හම්බ කරන දොස්තර කොහොමත් හම්බ කරනවා . උන්ට ඔය මගුල් car permit 1කෙන් වැඩක් නෑ . හිගන දොස්තරලා තමයි car permit පස්සේ දුවන්නේ . ඕකුන් රට දාල ලොවෙත් යන්නේ නෑ .
අනික් කරණය තමයි දොස්තරලා මහා ලොකු වීරයෝ කරන්න එපා. උන් A /L වලට bio science කරලා උඩටම ගියපු අය . 1කේ කිසිම තර්කයක් නෑ .
එතකොට A /L වලට maths , commerce කරලා උඩටම ගිය engineer , accountant උන් වැඩ්ධෝ නෙවෙයිද ???
වෙන රට වල ලංකාවේ වගේ ලේසියෙන් වැඩ කරන්න බැහැ . හැම patient කෙනෙක්ම දොස්තරව රේට් කරනවා. ලංකාවේ වගේ තප්පරෙන් බේත් දීල යවන්න බැහ. අනික private කරන්නත් අමාරුයි. private කරනවා නම් ලෙඩ්ඩුන්ගේ සම්පුර්ණ වගකීම දොස්තර ගන්න ඕන. අනික ඔය කියන තරම් පඩි හම්බ වෙන්නෙත් නැහැ. ලංකාවේ දොස්තරලා private කරලම මාසෙට ලක්ෂ 2-3 පන්නනවනේ.
Lol..pissu huttho tikak...doctors kiyanneth amuthuma mental case tikak..kohomath loku eka okunge henata..hoda wade..
Yako dostharala kiyanne dewiwaru nemeine...anith engineers wage igena gena serve karan un










කවුරු කොහොම කිව්වත් මේ අයට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්න ඕන
danna reddak kiyoopan ban... wena ratawala doctors lata wagemaa anik job walatath padi wadiii.. lankawe MBBS kalaata chorama asian rataka arenna doctor kenek widiyata pili ganne naha wena rata wala... e ratee exam karanna onaa experiance onaa.. mehe un ona taram gihin chora wela enawaa..වෙන රටවල ඩොක්ටර්ස් ලා අපේ රටේ අයත් එක්ක සන්සන්දනය කරන එක එච්චර හරි නෑ බන්. ඒ රටවල අපේ රටවලට වඩා පඩි වැඩියි . ප්‍රෙශර් එක අඩුයි මම හිතන්නේ. ඒ කියන්නේ හොස්පිටල්ස් වල පහසුකම් වැඩියි, ඩොස්තරලා වැඩියි, නර්ස්ලා වැඩියි. අනික් අතට ලන්කාවේ දොස්තර කෙනෙකුට හොඳ රටකට පැනගන්න පුලුවන් ගේමක් නැතිව. ඉතින් එහෙම නොකරන එක ඒගොල්ලොන්ගෙ යුතුකමක්. ඒකට හරියන්න රජය පැත්තෙනුත් වෙන්න ඕනෙ වැඩ තියනවා..අනික හැම දොස්තරලාම ඔලුව ඉදිමුනු අය නෙමෙයි. බහුතරයක් අය හොඳයි.![]()
copied from FB
තීරු බදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නයෙ කෙලවරට නැවතත් වෛද්‍යවරුන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීම...ජනතා මුදලින් ඉගෙනගෙන පුද්ගලික සේවයෙ යෙදීම වැනි මාතෘකා රැසක් සමාජයෙ කතා බහට ලකව ඇත..
වෛද්‍යවරුන් යනු නිදහස් අධ්‍යාපනයෙන් ඉහලම ප්‍රයොජන ගත් පිරිසයි..අනෙක් සැමටම නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයොජන ගැනීමට සමාන අවස්තා ලබාදී තිබියදී වෛද්‍යවරුන් ඇතුලු සුලුතරයක් ජනතාවගෙ මුදල් නාස්ති නොකොට එයින් උපරිම ප්‍රයොජන ලබා බදු ගෙවු ජනතාවට සාධාරනයක් කරයි..
නමුත් නිදහස් අධ්‍යාපනය සම්බන්ධව ඈදා ගනිමින් වෛද්‍යවරුන්ට චෝදනා කරන බහුතරයක් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයොජන නොගෙන ජනතාවගෙ මුදල් කාබාසිනියා කලවුන්ය..ඔවුන්ට එය නොතෙරීමත් හාස්‍යයට කරුනකි.
එලෙසම රටක නිදහස් සෞඛ්‍ය..නිදහස් අධ්‍යාපනය වැනි යම්කිසි සේවාවන් පවත්වාගෙන යාමට නම් මුදල් තිබිය යුතුය .. ඒ සදහා බදු ක්‍රමයක් මගින් මුදල් ලබාගෙන එම සේවා ජනතාවට ලබාදීම යනු සේවය ලබන එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ණය වීම නොවේ..
එලෙස බැලුවහොත් වෛද්‍යවරුන්ද බදු ගෙවා නිදහස් සෞඛ්‍ය සේවය සදහා වැඩි වශයෙන් දායක වී ඇති නිසා රෝගීන්ද වෛද්‍යවරුන්ට ණයවී ඇත..මෙලෙස් උදාහරන ගණනාවක් දැක්විය හැක..නමුත් බහුතරයකට අවශ්‍ය වෛද්‍යවරුන්ට කෙසේ හො පහර දීමට මිස ඇත්ත ඇති සැටියෙන් තෙරුම් ගැනීමට නොවේ..
එලෙසම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කෙලින්ම රාජ්‍ය සේවයට පැමිණෙන එකම පිරිස වෛද්‍යවරුන් පමණි.එනම් බොහො අය කියන පරිදි ඔවුන් රජයෙ මුදල් වලින් ඉගෙන ගෙන රජයටම සේවයකරයි.. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබන අනෙකුත් ඉන්ජිනේරු.. කලමනාකාර වැනි උපාධිධාරින් බහුතරයක් සේවය කරන්නෙ පුද්ගලික හෝ බහුජාතික සමාගම් හෝ වෙනත් රටකට කියා බොහො දෙනෙකුට අමතක වෙති..එවිට ඔවුන් ගෙවූ බදු මුදල් පිලිබ්ඳ ඔවුන්ට ප්‍රශ්නයක් නැත..
වෛද්‍යවරයෙකු ලෙස මා වැඩකල මුල් අවුරුද්දෙ මාගෙ වැටුප පැයකට රු 50 කටත් අඩුය.. දිනකට පැය 24 ක සේවයක බැදී සිටිය යුතුය නිවාඩු නැත..නිවාඩු ලැබුනෙ නම් විශේෂඥ වෛද්‍යතුමාගෙ අනුකම්පාවෙන් පමනි.. නමුත් වගකීමෙ කිසිම අඩුවක් නැත..ඒ අපි මිනිස් ජීවිත සමග ගනුදෙනු කරන බැවිනි.. අදටත් අපේ වටුප ගැන සිතන විට මට හැගෙන දෙයනම් මා වෙනුවෙන් රජය වියදම කල ලක්ෂ 25 ට මා ණය නැති බවය.. නමුත් බහුතරයකට මෙය තේරුම් කරවන්නට යෑමම තේරුමක් නැති වැඩකි..
එලෙසම වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නෙ නම් රටපුරා පුද්ගලික වෛද්‍ය මධ්‍යාස්ථාන මේ තරම් බිහි නොවනු ඇත..අනෙක් අය මෙන් හවසට ගෙදරගොස් නිදහසෙ තම පවුල සමග ගත කිරීමට වෛද්‍යවරයාද කැමතිය.. නමුත් අවුරුදු 28ක් -30ක් ගොස් ජීවිතය පටන් ගන්නා කෙනෙක් ලෙස දැනෙන අවශ්‍යතා සදහා රජයෙ වැටුප පමනක් ප්‍රමානවත් නොවේ..
එලෙසම සාමාන්‍ය ජනයාට වෛද්‍යවරුන්ගෙ වැටුප ඉහල වැටුපක් ලෙස පෙනෙන්නෙ ඔවුන්ගෙ වැටුප අඩු නිසාය..ඔවුන්ගෙ වැටුප සාපෙක්ෂව පහල බව නොදත් නිසාය.
එලෙසම පුද්ගලික සේවය පිලිබ්ඳ බහුතරයක් දකින්නෙ වෛද්‍යවරයා නිවසට යනවිට ගෙන යන යන් මුදල් ප්‍රමාණය පමනකි..නමුත් එයින් වන සේවය පිලිබඳ අවබෝදයක් නැත..
අප කොපමණ රෝග හදුනා ගන්නවද..කොපමණ අමාරු ලෙඩුන් රෝහලට ඇතුල් කරන ලෙස උපදෙස් දී ජීවිත බේර ගන්නවද...කොපමණ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙනවාද යන්න කිසිවෙකුට නොපෙනෙ..
එලෙසම පුද්ගලික සේවය නොතිබුනි නම් රෝහල්වල බාහිර රෝගි අංශ පිරී ඉතිරී යනු ඇත..එවිට රජයට වැඩිවන වියදම පිලිබඳව බහුතරයකට අවබොධ්යක් නැත..
එලෙසම පුද්ගලික සේවයට බනින අයට කිව යුතු දෙයක් තිබේ..අප කිසි විටක රෝහලට නොයා ඩිස්පෙන්සරියට එන්න කියා කිසිවෙකුට බල කර නැත..කැමති අයට රෝහලට යා හැක..
අවසානයෙ කිවයුත්තෙ වෛද්‍යවරුන්ව විවේචනය කරන බහුතරයකට ඇත්තෙ රට ගැන නිදහස් අධ්‍යාපනය ගැන...රටෙ මුදල් ගැන කැක්කුමක් නොව අනවබෝධය සහ ඊර්ෂයාවයි...
ministers lata denna haduwa kiyala boru kataa paturawanne doctors lama tamaa.. anduwa katawat permit denne naha..Car permit ekakata strike karana eka nan maha balu wadak.
Habai dostharalata nodi car permit eka ministers lata witharak denna hadanwa nan eka eeta wadaa amana wadak.
Hondama wade oka aurudu 5n pahata dena eka nathara karala standard ekak hadana eka..
මන්ත්‍රීන්ට තීරු බදු සහනය දුන්නොත් වර්ජනයක්
අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි දීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියනුයේ මේ සඳහා වන සහනදායී වැඩපිළිවෙළක් ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවයි.
මන්ත්‍රීවරුනට පමණක් එම සහනය සැළසුවහොත් රජයේ වෛද්‍යවරුන් හා ඉහළ පෙලේ රජයේ සේවකයින් තමනට එම වරප්‍රසාදය හිමිකර දෙන ලෙස ඉල්ලා වර්ජනයක් කිරීමට යන බවද දැනගන්නට ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/365113
පුෂ්පා 2015-11-29 10:57:36
වහාම මෙම ක්‍රියාව නවත්වන්න. මොකක්ද මේ මහජනයාට කරන විහිලුව? අයවැය තීන්දු ගන්නේ හොඳින් හොයා බලා නොවේද? ප්‍රතිපත්ති මෙසේ සුළු වෙලාවකින් වෙනස් කිරීමෙන් අයවැය පිළිබඳව විශ්වාසය පළුදු වෙයි. මේ සියලු දේවල් ගැන ඇත්තේ තදබල කලකිරීමකි. (බ)
තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම, රාජ්‍ය සේවකයන්ගේ ඇතැම් ආදායම් උපයන විට ගෙවීමේ බද්දට යටත් කිරීම, රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප සංශෝධනය සිදු නොකිරීම වැනි මෙවර අයවැයේ යෝජනා කිහිපයකට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ද හෙතෙම කීවේය.
http://www.divaina.com/2015/11/30/news01.html