පළමුවසරට සිසුන් ඇතුළත් කිරීමේදී තම දරුවන්ට සම්බන්ධයෙන් මේ වනවිට පැනනැග ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇතුළත් වෛද්‍යවරු 200ක පමණ පිරිසක අද (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සාකච්ඡා කිරීමට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියත් අමාත්‍යවරයා හෝ එහි ලේකම්වරයෙකු හෝ මේ සඳහා අවස්ථාව ලබා දී නැතැයි වෛද්‍යවරු චෝදනා කරති.
මේ වනවිටත් (රාත්‍රී 11.50) වනවිටත එම වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ රැඳී සිටිති. මීට සුළු මොහොතකට පෙර එහි විදුලියද විසන්දි කර ඇති අතර ආරක්ෂ අංශ නිලධාරීන් විටින් විට පැමීන එම වෛද්‍යවරු ඉන් ඉවත් කිරීමටද උත්සාහ කර තිබේ.
එලඹිය හැකි විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමට හෝ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් දක්වන බවද එම වෛද්‍යවරු පවසති.
අධ්‍යාපන බලධාරීන්ගේ මෙම හැසිරීමට විරෝධය දක්වමින් හෙට දින දිවයිනේ රෝහල් රැසක වෛද්‍යවරු වැඩ වර්ජනයකට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.
කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 352ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස බවයි. එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිදුරටත් දක්වා සිටියි.
කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ කුමන් පදනමක් ලබා ගැනීමට හෝ අධ්‍යාපන බලධාරීන් තම ගැටළුව පිළිබඳ සාකච්ඡා නොකර තමන්ව පීඩාවට පත්කිරීමට කටයුතු කරන බවය.