පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අපි !
රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණයට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අපි විරෝධය පාන්නේ ඒතුල ඇති අයහපත් කාරණා සැලකිල්ලට ගෙනය. ඒතුල යහපත් කාරනා නැතුවාද නොවේ.
යහපත් කාරනාවලින් පලමුවැන්න වන්නේ මේ මොහොතේ රාජ්‍ය අධ්‍යාපනය සීමිත නිසා එයින් පිටමංවන අවස්ථාවක් නොලැබෙන උසස්පෙල සමතුන්ට විශ්වවිද්‍යාලය වරම් නොලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල් ගෙවා හෝ ඉගෙනගැනීමේ අවස්ථාව ලැබීමයි.
දෙවැන්න වන්නේ ලංකාවේ නොවන විදේශගතව රැකියා කරන දෙමවුපියන්ගේ ලමයින්ට නැවත ලංකාවට එන්නට වූ විට ඉගෙන ගන්න සමත් අධ්‍යාපන ඉඩකඩ පෞද්ගලික අධ්‍යාපනය හරහා විවෘත වීමයි. මේ මොහොතේ එසේ ඉඩක් විවෘත නොවන්නේද පවතින ක්රමයේ අඩුපාඩු නිසාය. එය එසේ නොවන්නෙ එවන් දරුවන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අන්තර්ග්‍රහණය කරගන්නට වැඩපිළිවෙළක් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් තුල නොමැති වීමයි. ( එසේ ඇත්දැයි මම නොදනිමි )
නමුත් ඉහත කාරනා එක සහ දෙක වෙනුවෙන් යැයි කියමින් සටකපට ලෙස අත්තනෝමතික ලෙස ප්‍රමිතියකින් තොරවූ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට පාර නොකැපීමේ වගකීම අපි සතුය. කලයුතු වන්නේ සැමටම සාධාරණයක් ඉටුවෙන මොඩලයක් දක්වා මිනිස්සු දැනුවත් කරමින් සටන් කිරීමය.
ඒ හැර, මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුලුල් කරනා ජාතික මට්ටමේ අරගලයක එක් පියවරක් වශයෙන් නොගෙන කරන සටනක් වන්නේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි අරගලය හුදු වෘතීය සටනක් මට්ටමට පමණක් සීමාවේ. තමන්ගේ වෘත්තියට බලපාපු තීරණාත්මකව ඉල්ලීම දිනාගත් පසු ඔවුන් නින්දට යනු ඇත.
සයිටම් අරගලය විශ්වවිද්‍යාලීය සිසුන් උස්සනා ප්‍රමාණය සහ වෛද්‍යවරුන්ගේ වෘතිය සංගම් එය උස්සනා ප්‍රමාණයන් අතර ඇති දුරස්ථබාවය සහ ආකල්පමය වෙනස අපිට ලිහාගන්නට පුලුවන් වෙන්නේ , මේ අරගලයන් සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පුලුල් කිරිමේ පොදු අරගලයක් කරගන්නට සමත්කමක් දක්වන්නේ නම් පමණි. එසේ නැතහොත්, තමන්ගේ වෘතිය ගැටලුව ලිහාගන්නා තෙක් වෛද්‍යවරුන්ගේ සහය පමණක් බලාපොරොත්තුවෙන්, මේ අරගලයේ ඉදිරිය හුදෙකලා වීමට මුහුණ දෙන්න වන බව වටහාගන්න.
රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුලුල් කිරීම යනු මේ යල්පැනපු මොඩල් එක මෙහෙමම ප්‍රවර්ධනයට සහයවීමක් නොවේ, නිදහස් වෙනත් අලුත් අවකාශ අලුත් ලෝක ප්රවනතා වලට ඉඩදෙන මට්ටමේ එකක් විය යුතුය.
අපි පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එරෙහිවන්නේ එවන් පුලුල් අර්ථයකින් විනා, හුදු වෘතිය අරගල ස්වරූපයෙන් හෝ ඊර්ෂ්‍යාවකින් හෝ නොවේ. රටේ බහුතර ජනතාව මෙන්ම ජන රාශීන්වල අයිතිවාසිකම් සලකන්නේ නම් රටේ100%ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් පවත්වාගෙන යෑමට අපිට අනිවාර්යයෙන්ම අපහසුවනු ඇත.
සමස්ථ ක්රමයම වෙනස්කරනා ක්‍රම විරෝධී අරගලයකට මෙය බද්ධකරමින්, නොකල හැකිදේ වෙනුවෙන් පොරොන්දු නොදෙමින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කරන්නට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යය.