දොස්තර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    දොස්තර සඳකි වෙදකම ලොව හිරුය රිදී :sorry::sorry:
    ඒ ඉර හඳින් මුලු ලෝකය එලිය වුණී :shocked::shocked:
    රැක්මට ලෙඩුන් දිවියේ දුක් ගැහැට විදී :lol::lol:
    ඒ වෙදකමට කවි ගී ලියවුනා මදී :(:(

    ජීවක එදා බුදුන්ගෙ ලෙඩ සුව කෙරුවේ
    අල්ට්‍රා සවුන්ඩ් එකකින් බලලද පුතුනේ
    "ක්ලිනිකල්" කියා වදනක් ඇත වෙද ලෝකේ
    ඉංජණි අනේ නැතිවද නුබ එය දන්නේ

    සිත්තරු කැන්වසය මත සිතුවම් ඇන්දේ
    සායම් වලින් ඒ සිත්තම හැඩ කෙරුවේ
    සායම් හැදුනෙ "සායම් කරුවෙකු" අතිනේ
    පුදුමයි පුතුණි කිම ඔහු "සිත්තරු" නොවුනේ

    "සුශෘත" එදා අරුමැති සැත්කම් කෙරුවේ
    "බුදදස්" නමින් වෙදකම සිහසුන දැරුවේ
    පස් මහ බලය ඇතුලෙත් වෙදකම තිබුනේ :eek::eek:
    ඒ වෙදකමිනි මිනිසත්කම පණ ලැබුවේ :lol::lol:

    ඩොකෙකුට මුවා වී ගොඩ යන්නට යන්නේ
    ඉංජණි ලොව නැතිද උඹලට සලකන්නේ
    විදුලිය නැති දාට ඉංජට කිම වෙන්නේ
    ඉංජන් නැතත් වෙදකම ලොව පවතින්නේ :lol::lol:


    කොහොම හිටපු එවුන්ද අද මෙහෙම කියන්නේ?

    mIJNtD9.jpg


    cWb51ME.jpg


    MN8yWXL.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113
    MN8yWXL.jpg

    ඔව් මේක කොළඹ ඉන්න කට්ටියට තමන්ගේ ළමයින්ව ඉස්කෝලවලට නෙවෙයි රෝයල් විශාකා වලට දාගන්න කරන්න හදන දෙයක් .... :angry::angry::angry:
    කුරුනෑගල එවුන්ටත් ඉතින් අඩු ගානේ මලියදෙවේ වත් ඕනි වෙලා වෙන්න ඇති ...:lol:

    මොනවා උනත් ලංකාවේ සේරම මිනිස්සු හිතා ඉන්නේ ලොකු ඉස්කෝලෙකට ගියේ නැත්තන් ළමයින්ට ඉගෙන ගන්න බෑ කියලා ... :(:(
    පව් උන්ගේ ළමයි ..
    ළමා කාලේ ළමයින්ට දස වද දෙන්නේ මේ වගේ ගොන් හරක් තමා:growl::growl: