ද.ආසියාවේ පැරණිතම මමිය විනාශ කරයි.!!

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ද.ආසියාවේ පැරණිතම මමිය විනාශ කරයි.!!

දිඹුලාගල ගල් කොරියකින් හමුවී විනාශ කළේ දකුණු ආසියාවේ පැරැණිම මමියයි.


පොළොන්නරුව, දිඹුලාගල ප්‍රදේශයේ මීවත්පුර ගම්මානයේ වූ ගල් කොරියකින් මමියක් හමුවූ බව පසුගියදා වාර්තා විය.

ගල පුපුරවා හැරීමේදී ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ අඩි 8 ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක් හමුවූ බවත්, එය විවෘත කිරීමේදී කාන්තා මළසිරුරක් තිබු අතර එය දිරාපත් නොවූ බව පෙනෙන්නට තිබු බවත් පොලීසියට තොරතුරු ලැබී ඇත.

එය රහසක් වශයෙන් තබාගත් ගල් කොරියේ හිමිකරුවා එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා එහි වූ රන් ආභරන විකුණා ඉඩකඩම්, වාහන, කඩපේළි මිලට ගෙන ඇති බවටද ආරංචි පවතී. ඇතමෙක් පවසන්නේ එම මමිය "සුගලා දේවිය" ගේ බවයි. එය සත්‍යයක් නම් එය දකුණු ආසියාවේ පැරැණිම මමිය වේ.

සුගලා දේවිය යනු ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණ දේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මවයි. රණකාමී වීර කතක් වූ ඇය විසින් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්‍ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත.

මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත. පසුව සුගලා දේවිය පොළොන්නරුවට රැගෙනගොස් සිරකාරියක ලෙස එහි ජීවත් විමට සැලැස්සු අතර මරණින් පසු දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.

ඇත්තටම එම මමිය පිලිස්සුවා නම් එය පරම්පරා ගාණක ශාපයට ලක්වන්නා වූ අපරාධයකි. "තැම්රොක් මැටල්" නම් මෙම ගල් කොරිය පිහිටියේ රූස්සමලේ කන්ද පුරාවිද්‍යා රක්ෂිතයක නිසා එක් අතකින් සැබැවින්ම එහි අපරාධකරුවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මක් නිසාද යත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පිරි මෙම භූමියේ ගල් කොරියක් පාත්වාගන යාම සඳහා සඳහා අවසර ලබාදී තිබෙන්නේ ඔවුන්ය.

අක්කර එකහමාරක ප්‍රදේශයකට බලපත්‍රයක් ලබාගෙන ඇති මෙහි හිමිකරු මේ වනවිට අක්කර 10 ක පමණ ප්‍රදේශයක පිහිටි ගල් පර්වතය විනාශයට පත්කර ඇත.

මෙම ගල් පර්වතයේ ගල් කැඩීම සිදුකරනු ලබන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මඟිනි. එක් වරකට වෙඩි 100 ක් පමණ යොදා පර්වතය පුපුරුවා හරිනු ලබයි.

මමිය හමුවූවා යැයි කියනා ගල් කොරිය පවතින ස්ථානයද පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් හෙබි ස්ථානයකි. මෙහි පැරැණි පොකුණක් හා පැරැණි ස්තූපයක් තිබී ඇති අතර මේ වන විට ඒ කිසිවක් හඳුනාගත නොහැකිය. ඉතිරිව ඇත්තේ අඩි සිය ගණනක් යටට හෑරුණු ගල් වළක් පමණි.

මෙහි රූස්සමලේ ගල්ලෙන නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගල්ලෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිවලින් යුක්තය. ඒ අසල ඇති ඉපැරැණි ස්තූප නටබුන්, පාදම් ගල් ආදිය එහි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සේම, පුරාවෘත්තවල එන පරිදිත් ප්‍රදේශවාසීන් පවසන පරිදිත් මෙම ලෙන තුළ සිට නුවරගල සුගලා දේවි රජමහා විහාරය දක්වා දිවෙන උමඟක්ද වේ.

මෙම උමඟ දිවෙන්නේ ඉහත කී "තැම්රොක්" මැටල් ගල් කොරිය පිහිටි භූමිය හරහාය. එය සත්යයක් නම් අද වන විට ඒ උමඟ විනාශ වී හමාරය. ඒ වෙනුවට ගල් වළක් පමණක් ඉතිරිව ඇත.

ගල් කොරිවල සිදුවන පුද පූජා ‍දොළ පිදේනි නිධන් ගැනීමේ පරමාර්ථයෙන් සිදුකරන නමුත් ඒ පිළිබඳව විමසීමේදී ඒවායේ හිමිකරුවන් පවසන්නේ "මේ සියලු පුද  පූජා කරන්නේ සෙත් ශාන්ති කරන්නේ ගලට ඇස්වහ කටවහ එනවට" යනුවෙනි.

මෙම බලපත්‍ර ලබා දුන්නේ කුමන පුරාවිද්‍යා නිලධාරියාද? දිගින් දිගටම පලුදෙණිය ගමේ තැනින් තැන සිදුවන ගල් කොරි බලපත්‍ර දීම කවර බලපෑම් මත සිදුවන්නක්ද? දේශපාලන බලතල මෙන්ම අල්ලස් දීමෙන් ලබාගන්නා බලපත්‍ර විසින්ම වනසනු ලබන උරුමය පිළිබඳ වගකියන්නේ කවරෙක්ද? යන්න සොයා බැලිය යුතුය.

ගල් පෙට්ටිය හමුවීමට පෙර තිබූ ගඩොල් බිත්ති වල වූ ගඩොල් ගොඩගසා තිබෙන ආකාරය පොලීසිය විසින් පරීක්ෂා කරන අයුරු හා ගල් කොරිය පිහිටි ස්ථානයේ ජායාරූප කිහිපයක් පහතින්.


8mpQFXC.jpg


XQo3p79.jpg


M77ePqI.jpg


4D3N5ge.jpg


BGah0HC.jpg
 
Last edited:
  • Like
Reactions: agrmrs and Majesty

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
එය රහසක් වශයෙන් තබාගත් ගල් කොරියේ හිමිකරුවා එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා එහි වූ රන් ආභරන විකුණා ඉඩකඩම්, වාහන, කඩපේළි මිලට ගෙන ඇති බවටද ආරංචි පවතී.

Damn :angry::angry::angry:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මුන්ට මේවට පරම්පරා ගානක් යනකන් හෙන ගහයි , කාළකණ්නි හැත්ත
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුන්ට මේවට පරම්පරා ගානක් යනකන් හෙන ගහයි , කාළකණ්නි හැත්ත

    :yes::yes::yes:

    අර රන් කඩුව උස්සන්න හාමුදුරුවො දෙන්නෙක් අපවත් කරවපු රාජපක්ෂටත් හෙණ 7 ම ගහන්න ඕනෙ :dull:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/10/blog-post_8.html

    geriya thoo ooka 33000 neda issuwe.aye issuwoth OO deka thalanawa
    source එක block කරලා තියෙන කොට කොහොමද බන් source එක දාන්නේ?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශපාළකයන්ට බැනලා වැඩක් නෑ මේ වගේ එවුන් ඉන්න කම්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1580724
    ගොට දැනගත්තනම් මිනිහා ගල්වලට බහිනවා ඔක්කොටම කලින්, රන් කඩු, රන් ඇදවල් පොරට පේන්න බැ. කෙලින්ම හමුදාවෙන් එක්කන් එන්නෙ කැනිම් වලට
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොට දැනගත්තනම් මිනිහා ගල්වලට බහිනවා ඔක්කොටම කලින්, රන් කඩු, රන් ඇදවල් පොරට පේන්න බැ. කෙලින්ම හමුදාවෙන් එක්කන් එන්නෙ කැනිම් වලට
    :dull: එහෙනම් ඉතුරු ටිකටත් බඩු හම්බ වෙයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොටාබය මහත්තයා කො?

    ගොට දැනගත්තනම් මිනිහා ගල්වලට බහිනවා ඔක්කොටම කලින්, රන් කඩු, රන් ඇදවල් පොරට පේන්න බැ. කෙලින්ම හමුදාවෙන් එක්කන් එන්නෙ කැනිම් වලට

    :baffled:
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    අපේ ඉතිහාසය විකුනකල කාල බීල ඉන්න එවුන්ට කන බොන ඒවම වස වෙලා මැරෙන්න ඔන!
     
    Last edited: