ධම්මික පැණි පානය කළ අය

priyade

Well-known member
  • Dec 2, 2017
    10,567
    6,149
    113
    කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශය තුළ කොරෝනා අසාදිත රෝගීන් තිදෙනකු හඳුනාගෙන තිබෙන බවත් ඉන් එක් අයකු ධම්මික පැණි පානය කළ තැනැත්තකු බවට හඳුනාගෙන තිබෙන බවත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා පැවසීය. පරගම්මන ග්‍රාමනිලධාරි වසමේ විශ්‍රාමික 70 හැවිරිදි රජයේ නිලධාරියකු සහ බුළුගහදෙණිය ග්‍රාම නිලධාරි හපුකුඹුර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවක සහ හෙට්ටිමුල්ල පදිංචිකාරයකු මෙලෙස කොරෝනා අසාදිත බව හදුනාගෙන ඇත.




    කොවිඩ් වසංගතය නිවාරණය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළේ යැයි කියන ධම්මික පැණිය ඖෂධය පානය කළ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු විදේශ ගතවීම සදහා 25වැනිදා කළ පී.සී.ආර්. පරික්ෂණයකින් කොවිඩ් අසාදිත බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා පදියතලාව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර එකකය වෙත යොමුකර ඇත. පසුගිය 08 වැනිදා පාන්දර 04සිට ධම්මික පැණිය ලබාගැනීම සදහා පැය හතරක පමණ වෙලාවක් දිගු පෝලිමක මෙම පුද්ගලයා සිට ඇති අතර ධම්මික මහතා ලබාදුන් නිවැරදි මාත්‍රාවට මෙම ඖෂධය ලබාගෙන තිබෙන බවටද අනාවරණය වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා දෙවැනි රැලෙන් ආසාදිතයන් 876 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 4867 දෙනකු දිස්ත්‍රික්කය පුරා නිවෙස් වල නිරෝධානයට ලක් කර තිබෙන බවත් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 03ක් සිදුව තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යා කුමාරි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාල බල සීමාවෙන් වාර්තා වෙන අතර එම රෝගීන් සංඛ්‍යාව 270 දක්වා හඳුනාගෙන තිබෙන බවද වෛද්‍යවරයා පැවසීය. රඹුක්කන රෝහලේ පිහිටුවා ඇති කොරෝනා ප්‍රතිකාර ඒකකයේ 78 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබා ගන්නා බව රඹුක්කන රෝහලේ වෛද්‍ය නිලධාරි සුමින්ද ගමගේ මහතා අප කළ විමසීමකදී පැවසීය. උඳුගොඩ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 116 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර පින්නවල ඇගළුම් ආයතනයේ පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගින් 250 දෙනකු ප්‍රතිකාර ලබති.


    -නයෝමි දිල්රුක්ෂි-
    https://www.gossiplankanews.com/2020/12/dhammika-paniya-updates.html
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    දැන් පැණි පෝලිමේ හිටපු එවුන් ගේ බොක්ක රත් වෙලා ඇති 🤩🤩
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උගේ පැණිය හරියට සායනිකව ටෙස්ට් කරන්න එකෙක් නෑ. ඒත් කොරෝනා එකෙක් කිව්වොත් ධම්මික පැනිය බිව්ව කියල ඒකනම් ලොකුවට දෙනවා. හරියට ටෙස්ට් කරල හරි රිපෝට් එකක් දුන්නනම් වැඩේ ඉවරනේ. ධම්මිකත් බයිට් වෙනවා බොන උනුත් බයිට් වෙනවා. 😄😄😄😄