ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පහකින් (05) යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විනාඩි 30කින් ළඟා විය හැකි ප්‍රදේශයක රජය මගින් ඉදිකළ යුතුය.

    mehema nam karanna one na dan thiyena ewa standard ekakata genawa nam hodatama hodai. Mathaka widiyata mahinda try karala anthare nawaththuwa wade. Danata man danna widiyata scholarship scheme ekakin south asian ratawal walin enawa. ANC, APIIT wage ewata nam maldevies walin salli gewan enawa :D

    දැන් මගේ දෙවැනි යෝජනාව කියමි. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට යන සංචාරකයන්ගෙන් සියයට 50ක්ම යන්නේ ගාස්තු අඩු (Budget Air Line) ගුවන් යානවලය. මා කියන්නේ රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් (Hub) ලෙස සංවර්ධනය කළ යුතු බවය.

    Rathmalana one na... Katunayaka thama half capacity wath yanne na man hithanne... issara awa lion air and air asia thailand and malysia walin. Ewa ayi genna ganna one <3 katunayaka capacity wadi wunoth puluwan eliyata danna ee budget ewa... nathuwa katunayaka thiyagena thawa salli nasthi karanna one na thawa air port ekak hadanna... hoda transport service ekak one... airport ekai kotuwa station bus stand connect karanna... ee wagema dura bus hoda ticket booking system ekak one hoda bus stand ekak ekka...

    මගේ තෙවැනි යෝජනාව වන්නේ මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයට ද විවර කළ යුතු බවය.

    danata wena widiya hodai. aluthen karanna deyak na. ekama adu paduwa anik feilds walata private uni dana eka.

    මගේ හත්වැනි යෝජනාව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයෝජකයන්ට ලැබෙන බදු නිදහස් (Tax Holiday) පිළිබඳවයි. බදු විරාම සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ලංකාවේ ගොඩනැගිය හැකි බව මගේ තක්සේරුවයි.

    tax neme awula. law and order. rate nithiyak hariyata nathi wunama invest karanna bayai. ee wagema ee process eka smooth karanna one. ethakotai minissu enne. comis dila kale kanna minissu enne na horu neme nam.

    ඕක හරියන්නෙ නෑ
    ------ Post added on Jan 6, 2022 at 4:28 PM
     

    Attachments

    • E22FCB73-7CBC-4323-A7F2-182C92BC59E0.jpeg
      E22FCB73-7CBC-4323-A7F2-182C92BC59E0.jpeg
      782.6 KB · Views: 62
    • Love
    Reactions: Don GasCan

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    මගේ අදහස දේශපාලනිකව හිතන්න එපා..

    ධම්මික පෙරේරා කියන්නෙ මම දකින විදියට සුපිරි මීටරයක්.. ඌට පට්ට දුරක් පේනවා.. ඒ වගේම මම දන්න තරමින් මෑන්ස් මේ වෙනකොට වෙනම research teams දාගෙන වැඩ කරන්නෙ... මතක විදියට AI තාක්‍ෂණය ගැන තමයි මේ කාලෙදි හොයනව කියල ආරංචිය..

    ඉතින් මම දකින විදියට මේ යෝජනා මාර තාර්කිකයි.. උදාහරණයක් විදියට පුද්ගලික විශ්ව විද්‍යාල කතාව ගත්තොත් ඇත්තටම සමහර කමෙන්ට්ස් වල කියවුනු විදියට කොටසක් රට යන්නෙ ඩිග්‍රී එක සම්පූර්ණ කරන්නම විතරක් නෙවෙයි.. පුරවැසිභාවයත් ගන්න බලාගෙන... ඒත් ඉතුරු කොටස? උපකල්පනය කරපු විදියටම ඩොලර් බිලියන 2.25ම ඉතුරු කරගන්න බැරි වෙයි.. ඒත් බිලියනයක් ඉතුරු කරගත්තොත්?

    මෙහෙමයි, සෑම ව්‍යාපෘතියකින්ම බලාපොරොත්තු උණු ප්‍රතිලාභයම නොලැබෙන්න පුළුවන්... ඒත් ඒ අවධානම නොගෙන හිටියොත් අපිට සතයක් වත් ලැබෙන්නෙ නෑ නේද? දැන් අපි ඉන්න තත්ත්වෙ හැටියට පැදුරටම වැටිල ඉන්න එකේ තව කෙලවෙන්න දෙයක් තියෙනවද?

    මිනිස්සුන්ට තියෙන්නෙ ධම්මික පෙරේරා ලංකාවෙ ලොකුම සල්ලිකාරය වෙන එකට තියෙන කුහක කම / ඊර්ෂ්‍යාව.... යකෝ, මූ ලංකාවෙ එකෙක්... මුගෙ සල්ලි තියෙන්නෙ ලංකාවෙ (බහුතරයක්)... මුගෙ කම්පැනි වල රස්සාවට යන්නෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො.. චීනට project දීපුවම එකේ වැඩකරන්න එන්නෙ චීන්නු.. ලංකවෙ උන්ට රස්සාවල් නෑ චීනගෙ ව්‍යපෘති වල.. අදානි වගේ එකෙක් මේකෙ තියෙන රීරි මාංශෙම හූරන් කන්න හදනකොට එකෙක්වත් හැමිනෙන්න හදන්නෙ නෑ.. අනේ මන්ද බං...

    මට නම් හිතෙන්නෙ මේ යෝජනා ඇත්තටම කාලෝචිතයි කියල... එකම දේ, මේ දේවල් ක්‍රියාවට නංවන්න තියෙන ප්‍රායෝගික ගැටළු තමයි.. ප්‍රධානම දේ අක්‍රමිකතාවයන්.. මොන පක්ෂය ආණ්ඩු බලය දැරුවත්, උන් ජරාව ඉල්ලන එක නවත්තන්න බැරි තරමට ඔඩුදුවල තියෙන්නෙ... ඒ තත්ත්වෙ වෙනස් වෙන දවසක මේ දේවල් කරන්න පුළුවන් වේවි..!!
    AI තාක්ෂනය පුක තමයි කුණු ටිකක් කාලා ඉන්න කියපන් බන් 🤣🤣🤣
     
    • Like
    Reactions: mmrizmy

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යන සිසුන් ගෙන් 75% යන්නේ ඒ රට වල PR එක ගන්න බලාගෙන. ඒගොල්ලෝ ලංකාවේ එම විශ්වවිද්‍යාල තිබුනත් යනවා. මේකන් ඩොලර් බිලියන 2.25 ඉතිරි කරන්න නම් රට ගොඩ දාන්නම වෙනවා.

    අනිත් කරුණු වලට නම් මට වරදක් කියන්න නැ.

    ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරනේ නැතුව ලංකාවේ කවදාවත් තරග කාරී වෙළද පොලක් හැදන්නේ නැ අපේ රටේ තේ, කුරුදු මේ තරමට හොද වෙලා තියන්නේ මෙ තරගෙ නිසා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ එම විශ්වවිද්‍යාල තිබුනත් යනවා. මේකන් ඩොලර් බිලියන 2.25 ඉතිරි කරන්න නම් රට ගොඩ දාන්නම වෙනවා.
    ehema nam kohomath aparadayakne
    unta pr ganna rate salli nasthi karana eka
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ධම්මික ඉන්නේ වෙනම ලෙවල් එකක. ටයිල් මොනොපොලි එක ඌ පාවිච්චි කරන හැටි පේනවා නේ. ඒ ජාතියේ එකෙක්ගෙන් රටක් හදන්න උපදෙස් ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දම්මිකම කියනවා නන්දෙට උපදෙස් දෙන්නෙත් මූ එක්ක ඉන්න තව දහ දෙනෙක් කියලා
    ඒක ඇත්තක්නම් ඉතින් හිතාගනින්කෝ ඉතුරු ටික
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    5) It can be done without building new hospitals. Already some Americans come to SL to undergo some surgical procedures in the private sector. If promoted correctly medical tourism would be a good income source as well as would benefit the development of health care facilities in SL.

    The first one is rubbish though.
     
    • Wow
    Reactions: tha123

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ehema nam kohomath aparadayakne
    unta pr ganna rate salli nasthi karana eka
    ඔව් කාගෙන් හරි හොරකම් කරලා රට යනවා නම් ඉගන ගෙන PR ගන්න... හරියට අර දේශපාලන තාත්තලාගේ ළමුන් වගේ, හෙනම අපරාදයක් උන්ට PR ගන්න ලංකාවේ සල්ලි නාස්ති කරන්නේ.

    දුක් මහන්සියන් හම්බු කරලා ආණ්ඩුවට බදු ගෙවල තමන්ගේ මුදල් වලින් රට යනවා නම් යනවා නම් ඉගන ගෙන PR ගන්න... කාටවත් මුකුත් කියන්න බැ...
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    me h$kanna kiyana ewa nan wiswasa karanna hoda na.
    mu amma appawa unath wikunai salli hoyanna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    පළමුවෙන්ම කිව යුත්තේ වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි බවය. කවුරු කකුලෙන් ඇද්දත් රට ගොඩගත හැකි බව මගේ ස්ථාවරයයි. විශ්වාසයයි. හැබැයි එය කළ හැක්කේ කතාවෙන් සහ සිහින දැකීමෙන් නොව ප්‍රායෝගික ප්‍රතිපත්ති සහ සැලසුම් මගිනි. ප්‍රශ්නයකට තිබෙන්නේ තීරණ ගන්නා සහ ක්‍රියාත්මක වන තැන්වල එවැනි පුද්ගලයන් නොසිටීමය. එය මා පමණක් නොව රටම කියන පිළිගන්නා කරුණකි.

    රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව සත්‍යයකි. එහෙත් අප එහි යා යුත්තේ ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරීමට නොව අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටය. එය කළ නොහැකි දෙයක් නොවේ. මක් නිසාද යත් අපද මූල්‍ය අරමුදලේ සාමාජිකයකු නිසාය. අප මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වූයේ අද ඊයෙක නොව, 1950 දීය. එහෙයින් අප මූල්‍ය අරමුදල හමුවේ දණ නැවිය යුතු නොවේ. සම මට්ටමක සිට අපට එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා දැනුමින්, බුද්ධිමත්භාවයෙන් උපායශීලිත්වයෙන් සහ විචක්‍ෂණශීලිත්වයෙන් පිරිපුන් මිනිසුන් පිරිසකි. එවැනි පිරිසකට හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැන මට කදිම කාරණයක් මතක් වෙයි. 2016 දී එවකට පැවැති රජයද මූල්‍ය අරමුදලට ගියා මට මතකය. එහිදී මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කියා සිටියේ දෙස් විදෙස් ආයෝජන සඳහා ලබා දෙන බදු විරාම හෙවත් බදු නිදහස් (Tax Holiday) නවතා දමන ලෙසය. රජය ඒ නියමය පිළිගත් නිසා ආයෝජන නැවතිණි. මෙමගින් ලක්‍ෂ හතරකට රැකියා අහිමිවිය. එසේම 2016 දී මූල්‍ය අරමුදල ලංකා රජයට කියා සිටියේ ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරන ලෙසය. ඒ උපදෙස ද එලෙසින්ම පිළිගෙන කටයුතු කළ නිසා එවකට රුපියල් 130 ක් වූ ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 178 දක්වා ඉහළ නැංගේය. එමගින් රට අභ්‍යන්තරයේ නොයෙක් ප්‍රශ්න ඇති විය.
    ඒ නිසාම ඒ රජයට ගෙදර යාමටද සිදුවිය.

    මා කියන්නේ මූල්‍ය අරමුදලට නොයා යුතු බවක් නොවේ. එහි යා යුතුය. එහෙත් ඉහත කොන්දේසි දෙක මොනම හේතුවක් නිසාවත් නොපිළිගත යුතුය. වෙන කවර කොන්දේසියකට යටත් වූවත් 2016 දී යටත් වූ කොන්දේසි දෙකට එකඟ නොවිය යුතුමය. ඒ කොන්දේසි දෙකට එකඟ නොවී මූල්‍ය අරමුදලට යාමේ දොසක් මම නොදකිමි.

    මූල්‍ය අරමුදලට යන්නැයි දිගින් දිගට බණ කියන්නේ ඩොලර් ණයක් ලබාගැනීම සඳහාය. මා දැන් ඔබට කියන්නට සූදානම් වන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 11.25ක් දේශීයව නැතහොත් රට ඇතුළේ නිපදවා ගත හැකි ක්‍රම හතක් පිළිබඳව 2019 දී මා ලියූ පොතකින් උපුටා ගත් කරුණුය.

    මගේ පළමු යෝජනාව මෙයයි. වසරකට මෙරට සිසුහු 25,000ක් පමණ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යති. ඒ සිසුවකු සඳහා රටින් පිට වසරකට ඇදී යන මුදල ඇමෙරිකන් ඩොලර් 30,000කි. විසිපන්දහස තිස්දහසකින් වැඩි කළ විට ලැබෙන පිළිතුර (25,000 x 30,000) ඇමෙරිකන් ඩොලර් මිලියන 750කි. පළමු, දෙවැනි හා තෙවැනි ලෙස වසර තුනක සිසුන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ ගණන එනම් ඩොලර් මිලියන 750 තුනෙන් වැඩි කළ යුතුය. එවිට ලැබෙන පිළිතුර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. ඒ අනුව මෙරට සිසුන් 25,000ක් ඔස්සේ අවුරුද්දකදී රටින් පිටට යන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. පිටරටවලට යන සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නොයා තබා ගැනීමට සුදුසු ක්‍රමයක් ගැන දැන් මම කියමි.

    එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පහකින් (05) යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විනාඩි 30කින් ළඟා විය හැකි ප්‍රදේශයක රජය මගින් ඉදිකළ යුතුය.

    අනතුරුව ඒ විශ්වවිද්‍යාල පහේම කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතින් ඉහළින්ම තිබෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පහකට පැවරිය යුතුය.
    එවිට විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදී යන දරුවන් පිරිස මෙරටෙහි නවතා ගත හැකිය. ඒ දරුවන්ට ඉහත කී විශ්වවිද්‍යාල පහෙන් උපාධි ලබාදිය යුතුය. එමගින් ඔවුනට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් මෙරටෙහිදීම ලබාගත හැකිය.

    මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ එක්ව ඒ දරුවන්ට සහනදායී අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වාදිය යුතුය. එසේම ඒ විශ්වවිද්‍යාල පහ මගින් වසරකට විදේශීය සිසුන් 25,000ක් ගෙන්වා ගත යුතුය. එසේ කිරීමෙන් අපේ ආර්ථිකයට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25ක ආදායමක් එක් කළ හැකිය.

    දැන් මගේ දෙවැනි යෝජනාව කියමි. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට යන සංචාරකයන්ගෙන් සියයට 50ක්ම යන්නේ ගාස්තු අඩු (Budget Air Line) ගුවන් යානවලය. මා කියන්නේ රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් (Hub) ලෙස සංවර්ධනය කළ යුතු බවය.

    එමගින් දැනට ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට අමතරව තවත් සංචාරකයන් ලක්‍ෂ 10ක් පමණ මෙරටට ආකර්ෂණය කරගත හැකිය. දැන් මෙරට තිබෙන හෝටල් කාමර 80,000 කින් තරු පහේ කාමර තිබෙන්නේ 20,000ක් පමණය. ඉතිරි කාමර 60,000ම තරු පහට පහළ ඒවාය. ඒ නිසා ඒ කාමරත් ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තයේ ක්‍ෂණික වර්ධනයක් සඳහා හැකි තරම් ඉක්මනින් රත්මලාන ගුවන් තොටුපොළ ගාස්තු අඩු ගුවන් යානා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ යුතුය. ඇස් හැර ඉහත කී රටවල් දෙස බලා ඒ වෙනසට ගමන් කළ යුතුය. එසේ කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් උපයාගත හැකිය.

    මගේ තෙවැනි යෝජනාව වන්නේ මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයට ද විවර කළ යුතු බවය.

    ඒ පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුන්ට විභාග පැවැත්විය යුත්තේ ඒ ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පවත්වන ඒ විභාගවලින් සමත් වන සිසුන්ට බාහිර උපාධි පිරිනැමිය යුතුය. එමගින් ඉදිරි වසර පහේදී සිසුන් ලක්‍ෂ දෙකකට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට හැකිවෙයි. ඒ පාඨමාලා හැදෑරූ සිසුන් සොයන සමාගම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ඔවුනට අවශ්‍ය ශ්‍රමිකයන් නැතිකමය. ඉහත ක්‍රමයට අප ඒ ශ්‍රමිකයන් බිහි කළොත් ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ සමාගම්වල රැකියා ලබාගත හැකිය. ඒ රැකියා මෙරටදීම කළ හැකිය. එහෙත් එමගින් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කළ හැකිය. දැනට එවැනි රැකියා කරන්නේ ලක්‍ෂයකි. ඔවුන් උපයන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියනයකි. මා කියන්නේ එයට තවත් ඩොලර් බිලියන දෙකක් එකතු කරන ක්‍රමයකි.

    පොල් කර්මාන්තයෙන් කළ හැකි විප්ලවය මගේ හතරවැනි යෝජනාවයි. දැනට අවුරුද්දකට අලුත් පොල් පැළ ලක්ෂ 15 ක් අලුතින් සිටුවන බව කියැවෙයි. එහෙත් එය ඇත්තක් දැයි කිසිවෙක් නොදනිති.

    අද ලංකාවේ පොල් සහ පොල් ආශ්‍රිත වටිනාකම එකතු කළ නිෂ්පාදන කරන කර්මාන්තශාලාවලට අවශ්‍ය තරමට පොල් නොලැබෙයි. රටේ පොල් නිෂ්පාදනයෙන් 80% ක්ම නිවාසවල පරිභෝජනයට ගනියි. ඒ නිසා කර්මාන්ත ශාලාවලට තම නිෂ්‍පාදන සඳහා පොල් හිඟය. ඒ නිසා පොල් පැළ සිටුවීමට ඉඩ තිබෙන තැන්වල බලෙන් හෝ පොල් පැළ සිටුවිය යුතුය. එසේ අවුරුද්දකට පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිය යුතුය. ඒ සඳහා රජයෙන් විශේෂ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව අවුරුදු පහකදී පොල් පැළ ලක්ෂ 200ක් සිටුවිය හැකි නම් එමගින් පොල් ගෙඩි බිලියන 1.2 ක් පොල් ආශ්‍රිත කර්මාන්තවලට සැපයිය හැකිය. එක පොල් ගෙඩියක් ඩොලර් ශත 50 ක වටිනාකමකට කර්මාන්තයට එකතු කිරීමෙන් ඒ පස් අවුරුදු සැලැස්ම මගින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක (120 x 5 = 600) ආදායමක් උපයාගත හැකිය. ඒ පොල් සහ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමෙනි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විප්ලවයක් කළ හැකි ක්‍රමය මගේ පස් වැනි යෝජනාවයි.
    ඒ සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් වැනි ජාත්‍යන්තරව පිළිගත් පහසුකම් සහිත රෝහල් දෙකක් රජයේ වියදමින් ඉදි කළ යුතුය.

    අනතුරුව එහි කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් රෝහල් දෙකකට භාර දිය යුතුය. මා එසේ කියන්නේ දැනට වසරකට ඩොලර් මිලියන 100 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රටින් පිටට ඇදී යන හෙයිනි. මගේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එසේ රටින් පිටට යන මුදල මහා පරිමාණයෙන් සීමා කළ හැකිය. එසේ පිහිටුවන රෝහලට විදෙස් රටවල රෝගීන් ගෙන්වාගත හැකිය. එමගින් අවුරුද්දකට ඉපයිය හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ඉක්මවනු නිසැකය. ඊට අමතරව දැනට රටින් පිටට ඇදී යන ඩොලර් මිලියන 100 ද මෙරටෙහිම නවතාගත හැකිය. එසේ වූ විට මවුන්ට් එළිසබෙත් වැනි රෝහලක් මෙරටෙහි ඉදි කිරීමෙන් ජාතික ආදායමට අවුරුද්දකට එක් කරගත හැකි මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි.

    මගේ හයවැනි යෝජනාව ධීවර කර්මාන්තය පිළිබඳවයි. දැනට අපේ රටේ ධීවර වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. ඒ නිසා බහුදින යාත්‍රාවලට බලපත්‍ර දීම සීමා කර තිබේ. එක් බහුදින යාත්‍රාවක් තිබෙන අයට තවත් යාත්‍රාවක් සඳහා බලපත්‍රයක් දිය යුතුය. එහෙත් ධීවර වරායේ වරකට නවතා තැබීමට ඉඩ දිය යුත්තේ එක් යාත්‍රාවකට පමණකි. පවතින ක්‍රමය එසේ වෙනස් කිරීමෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීමෙන් ලබන ආදායම දෙගුණයක් කරගත හැකිය.

    ඉන්දියාවේ වර්ග කිලෝමීටරයකින් අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 2000 කි. එහෙත් ලංකාවේ වර්ග කිලෝමීටරයකට අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 900 කි. ඒ නිසා ලංකාවේ කුඩා ධීවර යාත්‍රාවලට සැටලයිට් හතරකින් යුතු ජී.පී.එස්. තාක්ෂණයෙන් සමන්විත ජෙමිනි (Gemini) උපකරණ සවිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේ කිරීමෙන් මාළු රංචු පිටින් මුහුදේ සිටින ස්ථාන හඳුනා ගැනීමට හැකිවෙයි. එමගින් අපේ ධීවරයන්ට නෙළාගත හැකි මාළු අස්වැන්න දෙගුණයකින් කරගත හැකිය.

    එමගින් අවුරුද්දකට කිලෝග්‍රෑම් මිලියන 500 මාළු අස්වැන්නක් ලැබෙයි. ඉන් උපයාගත හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන එකකි. ඒ ආදායම ලැබෙන්නේ අල්ලන මාළු අපනයනයෙන් හා අස්වැන්න ඉහළ යාම නිසා ආනයනය අඩු වීමෙනි.

    මගේ හත්වැනි යෝජනාව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයෝජකයන්ට ලැබෙන බදු නිදහස් (Tax Holiday) පිළිබඳවයි. බදු විරාම සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ලංකාවේ ගොඩනැගිය හැකි බව මගේ තක්සේරුවයි.

    -- උපරිම දාන්න පුළුවන් වචන 10,000. ඉතිරි ටික ලින්ක් එකේ

    source: https://www.lankadeepa.lk/features/ඩොලර්-ඉල්ලමකට-යෝජනා-7-ක්/2-606061
    thawa wiyadam karala deshapaluwo athi karanna ethakota hari AI man
    lol
     

    Sen-lu

    Well-known member
  • තවත් කටින් පුටින් කෙනෙක් තමයි. Ministry of Transport එකේ Secretary වෙලා හිටපු කාලේ. හොඳටම කරානෙ මෙයා. අර Indian poweset එහෙම ගෙනල්ලා. දැන් මූ ඉඳලා අපේ ප්‍රවාහන ක්ෂේත්‍රය එහෙම හොඳටම ගොඩ ගිහින්නෙ තියෙන්නෙ. LOL
     
    • Like
    Reactions: sakuntha1996

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    London A Levels kerela $ 30 k per annum spend kerela foreign unis welata yana 25000 k innewada lankawe? I don’t think so.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    රට යන උන්ගෙගෙන් කී දෙනාද බන් ඩිග්‍රි එකක් ඉවර කරන්නෙ.

    ඉගෙන ගන්නෙක පිටින් දාල රටට පැනගන්න එකනෙ කරන්නෙ. ධම්මික මුලින්ම පොළවෙ පය ගහල හිටියනම් ඔච්චර ගොං කතා කියන්නෙ නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් කාගෙන් හරි හොරකම් කරලා රට යනවා නම් ඉගන ගෙන PR ගන්න... හරියට අර දේශපාලන තාත්තලාගේ ළමුන් වගේ, හෙනම අපරාදයක් උන්ට PR ගන්න ලංකාවේ සල්ලි නාස්ති කරන්නේ.

    දුක් මහන්සියන් හම්බු කරලා ආණ්ඩුවට බදු ගෙවල තමන්ගේ මුදල් වලින් රට යනවා නම් යනවා නම් ඉගන ගෙන PR ගන්න... කාටවත් මුකුත් කියන්න බැ...
    අනිවා , රටේ සල්ලිත් විනාශ කරලා
    නමත් කැත කරනවා .
    මම හිතන්නෙ ලංකාවෙම ඒ අවස්තාව දෙනවට
    ඇත්තටම ඉගෙන ගන්න ඕනේ අය
    කැමති වේවි.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    993
    93
    anika katiiya pitarata igena ganna yanne idenaganna vithrakma nevei ne vena plansuluth ekka , ethaninma mey plan eka habak :ROFLMAO: :ROFLMAO:
    anika mungey ekalava pitarataval valata yavala ugannala mun mey magulak kiyavanava :ROFLMAO: :ROFLMAO: