January 15, 2021 at 10:22 pm | lanka C news
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.
මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.