ධම්ම පදය මුල සිට අගට...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ධම්ම පදය මුල සිට අගට...

    1. යමක වග්ගය

    1.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කංව වහතෝ පදං


    සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී.


    2.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී


    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.

    3.අක්කොච්ජි මං අවධි මං
    අජිනි මං අහාසි මේ
    යේ තං උපනයිහන්ති
    චේරං තේසං න සම්මති


    අසුවලා මට බැන්නේය, අසුවලා මට ගැසුවේය, අසුවලා මා පැරදවූයේය, අසුවලා මා සතුදේ පැහැර ගත්තේයැයි වෛර බඳින තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ.

    4.අක්කොච්ජි මං අවධි මං
    අජිනි මං අහාසි මේ
    යේ තං න උපනයිහන්ති
    වේරං තෙසූපසම්මති.


    අසුවලා මට බැන්නේය, අසුවලා මට ගැසුවේය, අසුවලා මා පැරදවූයේය, අසුවලා මාසතුදේ පැහැර ගත්තේයැයි වෛර නොබඳින තැනැත්තාගේ වෛරය සංසිඳේ.

    5.නහී වේරෙන වේරානි
    සම්මන්තීධ කුදාචනං
    අවේරේනච සම්මන්ති
    ඒස ධම්මො සනන්තනෝ


    මේ ලෝකය කවරදාකවත් වෛරයෝ වෛර බැඳීමෙන් නොසන්සිඳෙත්. මෙය හැම කල්හිම නොවෙනස්ව පවතින දහමකි.

    6.පරේනච විජානන්තී
    මයමෙත්ථ යමාමසේ
    යේ ච තත්ථ විජානන්ති
    තතෝ සම්මන්ති මේධගා

    කෝලාහල කරන අය ""අපි මෙහිදී නැසෙන්නෙමු" යයි නොදනිත්. යම් කෙනෙක් තමන් නැසෙන බව දෙනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කලහ සන්සිඳේ.

    7.සුභානුපස්සිං විහරන්තං
    ඉන්ද්‍රියේසු අසංවුතං
    භෝජනම්හි අමත්තඤ්ඤ්දුං
    කිසීතං හීනවීරියං
    තං වේ පසහති මාරෝ
    වාතෝ රුක්ඛං'ව දුබ්බලං

    රූපදී අරමුණු ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව, වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට ක්ලේශ මාරයා පහරදෙන්නේ සුළඟ දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි.

    8.අසුභානුපස්සිං විහරන්තං
    ඉන්ද්‍රියේසු සුසංවුතං
    භෝජනම්හි ච මත්තඤ්ඤදුං
    සද්ධං ආරද්ධවීරියං
    තං වේ නප්පසහති මාරෝ
    වාතෝ sසේලං'ව පබ්බතං


    රූපාදී අරමුණු අශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරය ඇතිව, කෑමෙහිද පමණ දැන, සැදැහැවත්ව, පරිපූර්ණ වීර්යය ඇතිව සිටින පුද්ගලයා මැඩලීමට සුළඟට පර්වතයක් නොසෙල්විය හැක්කා සේ කෙලෙස් මාරයාට නොහැකිවේ.

    9.අනික්සාවෝ කාසාවං
    යෝ වත්ථං පරිදහෙස්සති
    අපේතෝ දමසච්චේන
    න සෝ කාසාවමරහති

    ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍ය වචන කීමෙන් තොරව, කෙලෙස්කසට බැහැර නොකොට, කසවතක් පොරවන තැනැත්තා කිසිසේත්ම කසාවතක් දැරීමට සුදුසු නොවේ.

    10.යෝ ච වන්තකසාවස්ස
    සීලේසු සුසමාහිතෝ
    උපේතෝ දම්මසච්චේන
    ස වේ කාසාවමරහති

    කෙලෙස් කසට බැහැර කළ මනාව සීලයෙහි පිහිටි, ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍ය වචන කථා කිරීමෙක් යුක්ත තැනැත්තා ඒකාන්තයෙන්ම කසාවත දැරීමට සුදුසුවේ.

    11.අසාරේ සාරමතිනෝ
    සාරේ චාසාර දස්සිනෝ
    තේ සාරං අධිගච්චන්තී
    මිච්චාසංකප්පගෝචරා

    නිසරු දෙය සරු යැයිද සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ත ගොදුරුව සරුදහම නොබලත්.

    12.සාරං ච සාරතෝ ඤත්වා
    අසාරංච අසාරතෝ
    තේ සාරං අධිගච්චන්ති
    සම්මාසංකප්ප ගෝචරා


    සරු දහම සරු ලෙසත් නිසරු දහම නිසරු ලෙසත් දැන නිවරදි කල්පනාවන්ත ගොදුරුවූ අය සරු දහම ලබත්.

    13.යථා අගාරං දුච්චන්නං
    වුට්ඨි සමතිවිජ්ජති
    ඒවං අභාවිතං විත්තං
    රාගෝ සමතිවිජ්ජති

    හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් රාගය, භාවනා කිරීමෙන් නොවැඩූ සිත විනිවිද ගෙන යයි.

    14. යථා අගාරං සුච චන්නං
    වුට්ඨි න සමති විජ්ජති
    ඒවං සුභාවිතං චිත්තං
    රාගෝ න සමතිවිජ්ජති


    හොදින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් රගය, භාවනා කිරීමෙන් වැඩූ සිත විනිවිද නොයයි.

    15. ඉධ සෝචති පෙච්ච සෝචති
    පාපකාරී උභයත්ථ සෝචති
    සෝ සෝචති සෝ විහඤ්ඤති
    දිස්වා කම්මකිලිට්ඨ මත්තනෝ

    පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. පර ලොවත් ශෝක කරයි. දෙලොවමත් ශෝක කරයි. හේ තමාගේ කිලිටි කර්මය දැක ශෝක කරයි. වෙහෙසෙයි.

    16. ඉධ මෝදති පෙච්ච මෝදති
    කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
    යෝ මෝදති සෝ පමෝදති
    දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ


    පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුවෙයි. හේ තමාගේ ශුද්ධ කර්මය දැක සතුටු වෙයි. වැඩි වැඩියෙන් සතුටු වෙයි.

    17. ඉධ තප්පති පෙච්ච තප්පති
    පපකාරී උභයත්ථ තප්පති
    පාපං මේ කතන්ති තප්පති
    භියෙයෝ තප්පති දුග්ගතිං ගතෝ

    පව් කරන්නා මෙලොවත් තැවෙයි, පර ලොවත් තැවෙයි. දෙලොවමත් තැවෙයි. මා විසින් පවක් කරනලදැයි සිතා තැවෙයි. ඒ නිසා දුගතියක උපන්නෙයැයි වැඩි වැඩියෙන් තැවෙයි.

    18. ඉධ නන්දති පෙච්ච නන්දති
    කතපුඤ්ඤෝ උභයත්ථ නන්දතී
    පුඤ්ඤං මේ කතන්ති නන්දති
    භියෙයියෝ නන්දති සුගත්තොං ගතෝ


    පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි. මා විසින් පිනක් කරන ලදැයි සතුටු වෙයි. ඒ නිසා සුගතියක උපන්නෙ යැයි වැඩි වැඩියෙන් සතුටු වෙයි.

    19. බහුම්පි චේ සහිතං භාසමානෝ
    න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
    ගොපෝ'ව ගාවෝ ගණයං පරේසං
    න භාගවා සාමඤ්ඤස්ස හෝති


    යමෙක් තුන් පිටකය ඉගෙන බොහෝ බණ කියතත්, තමා ඒ නොපිළිපදින්නේ නම් පමවූ ඒ තැනැත්තා අනුන්ගේ ගවයන් රකින්නාවූ ගොපල්ලකු මෙන් මහණ කමේ ඵලයට හිමිකරුවෙක් නොවේ.

    20. අප්පම්පි චේ සහිතං භාසමානෝ
    ධම්මස්ස හෝති අනුධම්මචාරී
    රාගං ච දේසං ච පහාය මෝහං
    සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ
    අනුපාදියානෝ ඉධ වා හුරං වා
    ස් භාගවා සාමඤ්ඤස්ස හෝති


    ත්‍රිපිටක ඪ්හර්මයෙන් ස්වල්පයක් නමුත් දේශනා කරන තැනැත්තා ධර්මය පිළිපදියි නම් හේ රාගයද, ද්වේශයද මෝහයද, ප්‍රහීණ කොට මනා නුවණින් යුතුව මනාව මිදුනු සිතින් යුක්තව මෙලොව හෝ පරලොව හෝ කිසිවක් දැඩිකොට නොගෙන මහණකමේ ඵලයට හිමිකරුවෙක් වෙයි.


    යමක වග්ගය නිමි.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මෙන්න මේකයි ඇත්ත තත්වේ මචන්ලා. ඔන්ලයින් ධම්ම පදයක් හදන්න හැදුවා. ඒත් බුද්දාගමට අපහාස කරන එවුන්ව පෙන්නන්න බැරි, එහෙම එවුන් හොයාගෙන ගිහින් බනින අපේ අයියලා මේවගේ ත්‍රෙඩ් එකක් පැත්තෙ පස් පාගන්නෙ නෑ. මේකද අපේ බෞද්ධ කම? අපේ ආගම විනාස කරන්න හදන එවුන්ට විතරක් බැන බැන හිටියම ඔක්කොම හරිද? :no::no::no::no:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ane ammeeee pin sidda wena wedak.... mamath oka kalpana kala.... aath welawath thibbeth ne anika hari visthara ganna source ekak hoyagannath beri una...
    eelaga thread eka damu nidana kathawath ekkama machan....

    budu bana kiyanne mokakda kiyala lesiyenma igena ganna puluwan dhamma padhayen thamai...
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ane ammeeee pin sidda wena wedak.... mamath oka kalpana kala.... aath welawath thibbeth ne anika hari visthara ganna source ekak hoyagannath beri una...
    eelaga thread eka damu nidana kathawath ekkama machan....

    budu bana kiyanne mokakda kiyala lesiyenma igena ganna puluwan dhamma padhayen thamai...

    adoo google search karama damma pade thiyanawa ban. mama aye liyanne na.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින් සිද්දවෙන වැඩක්. දිගටම කරන් යන්න.
    තෙරුවන් සරණයි.