ධර්මය කියන්නේ මොකක්ද?

noble

Member
Mar 16, 2011
96
21
0
ධර්මය කියන්නේ මොකක්ද?

යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
තේසංචයෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ

හේතුවෙන් උපදින යම් ධර්මයක්‌ වේද, එහි හේතුව තථාගතයන්වහන්සේ වදාළහ. ඔවුන්ගේ යම් නිරෝධයක්‌ වේද, එයද වදාළහ. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද (දේශනා) ඇත්තේය.

මේ හේතුප්‍රත්‍යයෙන්ම ධර්මය කියන්නේ මොකක්ද කියා හරි හැටි තේරුම් ගනිමු

පස්පව් කරන්නා
|
|
ඇයි පස් පව් කරන්නේ?
|

ඇස , කණ, නාසය, දිව, ශරීරය පිනවීමට
|
|
ඇයි ඇස , කණ, නාසය, දිව ශරීරය පිනවන්නේ?
|

මේ කුණු කය වර්ණවත් කිරීමට නොහොත් අභිනන්දනය කිරීමට.
|
|
ඇයි මේ කුණු කය වර්ණවත් කිරීමට නොහොත් අභිනන්දනය කරන්නේ?
|

ආශාව නොහොත් සිතෙහි ඇලීම නිසා
|
|
ඇලීම නැති කරන්නේ කුමකින්ද?
|

නොඇලීම පුරුදු පුහුණු කිරීමෙන්
|


එනම් ධර්මය කියන්නේ නොඇලීම, අධර්මය කියන්නේ ඇලීම

ඇලීම නොරෝධ කල කල්හි ධාර්මික සමාජයක් බිහිවේ



 

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
ෂා මරු පෝස්ට් එකක්, පන්සලේ හාමුදුරුවොවත් මෙහෙම ලස්සනට තේරුම් කරල දෙන්නේ නැහැ.

අද තමයි ධර්මය කියන්නේ මොකද කියල හරියටම තේරුම් ගියේ :yes: