ධර්මාශෝක රජතුමා සහ අනගාරික ධර්මපාලතුමා
නම් දෙකේ මුල් කොටස පමණක් නොව මේ වීරයන් දෙදෙනා ගේ චරිතයේ හැම කොටසක්මද බොහෝ දුරට එක සමානය. ධර්මාශෝක රජ ධර්ම ප්‍රචාරකයෙකි. ධර්මපාල තුමාද ධර්ම ප්‍රචාරකයෙකි.
* ධර්මාශෝක රජු කොරියාවේ පටන් සිරියාව දක්වා ධර්ම දුතයන් යැවීය.
ධර්මපාල තුමා ලංකාවේ සිට යුරෝපය දක්වාත් ඇමරිකාව දක්වාත් ධර්ම දූතයන් යැවී.
* කඩදාසි නොතිබුණු අතීත යුගයේ ධර්මාශෝක රජු ධර්ම ප්‍රචාරය සදහා ශිලා ලේඛන උපයෝගී කරගත්තේය, කඩදාසි තිබුන මේ කාලයේ ධර්මපාලතුමා පුවත්පතුත් දහම් පොතුත් උපයෝගී කරගත්තේය…..
* ධර්මාශෝක රජු වෙහෙර දාගැබ් බැන්දවීය. පැළලුප් නුවර නිග්‍රෝධාරාමය බුදු දහමට තෝතැන්නක් විය.
ධර්මපාලතුමාද වෙහෙර විහාර කරවීය. බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය බුදු දහමට තපෝවනයක් වේ…
* ධර්මාශෝක රජු තම දුව හා පුතා මහණ කලේය..
ධර්මපාලතුමාට එවන්නකු නොසිටි නිසා… ස්වකීය ජාතික සටන හා ශාසනික සටන අනාගත පරපුරට භාර දුන්නේය…
* ධර්මාශෝකරජු මුළු මහත් දඹදිවම බුදු සසුනට පුදා නිර්ධන විය, දම්පල්තුමාද මුළු බූදලයම බුදු සසුනට පුදා අවසන නිර්ධන විය…
ධර්මාශෝක රජු මෙන්ම ධර්මපාලතුමාද පශ්චිම සමයේ මහණ වූවෝය…
* අන්තිම මොහොතේ ධර්මාශෝක රජු අත තිබුනේ නෙල්ලි ගෙඩියකින් භාගයකි.
දම්පල්තුමා අතේ තිබුනේ බේත් කෝප්පයකින් භාගයකි.
ධර්මාශෝක රජු නෙල්ලි පළුව මහා සංඝයාට පුදා අවසන් හුස්ම හෙලීය.
ධර්මපාලතුමා අට පතට සිදින ලද බේත් කෝප්පයේ බාගය දෙස බලා “බේත් වලට නිෂ්කාරණයේ වියදම් කරන මුදලත් බුදු සසුනට යොදපල්ලා“ කියා අවසන් හුස්ම හෙළුවේය…(අවසාන ප්‍රකාශය ගැන වෙනත් කතාද තිබේ )
*ධර්මාශෝක රජු හා ධර්මපාලතුමා යන දෙදෙනාම මළවුන් අතරය…
නමුත්….. නම් දෙක මලේ නැති…. නූතන පරපුරට හා අනාගත පරපුරට නව ජවය, ජීවය දෙමින් නම් දෙක ජීවතුන් අතරය …
හේතුව කුමක්දැයි ඉතිහාසඥ එච්.ජී. වේල්ස් කියන හැටියට…..
‘ රණ බලයෙන් ලොව වෙවුලවූ…. අලෙක්සැන්ඩර්, නැපෝලියන්, සීසර් ආදීහු ලෝකය කුමක් කලාහුද ? ඔවුන් ඉතිහාසයට පිටු කීපයක් එකතු කලා පමණකි…
නමුත් ධර්මාශෝක නාමය සැමදා ලොව පවතින්නේ අවිහිංසා ධර්මයක් ලොව පැතිරවීම නිසාය‘…
මෙය ධර්මපාලතුමාටද පොදු කියමනකි..
-
එසේ වුවත් ධර්මාශෝක රජු මෙන්ම ධර්මපාලයන්ද දික් විජයෙන් වියෝවී දහම් විජයෙන් සැනසුනෝය…නම් දෙකම අජරාමර වී ඇත්තේ එහෙයිනි….
පැරණි පොතකින් ලබාගෙන සකස් කලෙමි…
උපුටා ගත්තේ හිතෙන දේවල් වලින්

ඇලෙක්සැන්ඩර් වීරයෙකි…
ගැසුවේය, දිනුවේය, රැවුල බෑවේය. රා බීවේය. උණ ගැනුනේය, මලේය…
ඔහු ලොවට කල සෙත කුමක්ද ?
රැවුල බාන හැටි ඉගැන්වීමය..

-ජුලියස් සීසර්ද වීරයෙකි. ජය ගත්තේය. පරාජය නොදත්තේය. ක්ලියෝපැට්රා සමගද හාද වී සිටියේය.හොඳම මිතුරාගේ පිහි පාරින් එලෝ ගියේය…
ඔහු ලොවට කල සෙත කුමක්ද ?
බාල් නටන හැටි ඉගැන්වීමය…..
ඔහු ලොවට කල සෙත කුමක්ද ?
බාල් නටන හැටි ඉගැන්වීමය…..
නැපෝලියන්ද වීරයෙකි… නැංගේය, ඉදිමුණේය. රණ හඬ තැලීය.. නටබුන් උනේය..සිරකරුවෙකු මෙන් මලේය.
ඔහු කල සෙතක් ගැන එතරම් සඳහනක් නැත….
ඔහු කල සෙතක් ගැන එතරම් සඳහනක් නැත….
එසේ වුවත් ධර්මාශෝක රජු මෙන්ම ධර්මපාලයන්ද දික් විජයෙන් වියෝවී දහම් විජයෙන් සැනසුනෝය…නම් දෙකම අජරාමර වී ඇත්තේ එහෙයිනි….
අදටත් ඉන්දියාවේ රාජ්‍ය ලාංජනය ධර්මාශෝක රජු විසින් භාවිත කල ලකුණයි… ඉන්දියාවේ දියුණුව හා මෑත කාලීන කටයුතු වලදී ධර්මාශෝක රජුගේ කල කී දෑ අතිශයින් ප්‍රයෝජනවත් බව පෙනේ….
ධර්මපාලයන්ද අපේ ජාතික නිදහස් සටනේද නූතන ජාතික ප්රබෝධයෙහිද පුරෝගාමී වූ සිංහල වීරපුරුෂයාය……!
ඒ කල පින්කම් වලින්… නිවන ලැබිය නොහැක… එය ලැබිය යුත්තේ ස්වකීය කැපවීමෙනි… නමුත් ඒ කරන ලද පිංකම් හේතුවෙන් නිවන් මාර්ගය හා කරන සසර පුරා කරන කියන සියළු කටයුතු වලදී, ධර්මාශෝක රජුට හා ධර්මපාලතුමාට යහපතක්ම වේවා !
තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව සසර පුරාවට නිබඳවම ලැබේවා !