ධර්ම දේශනා.:: ඉවසන්න දන්නවද?
ඔබේ ඉවසීම කොපමණද ?
අප තථාගතයන් වහන්සේ ඉවසීම යනු “ඛන්තී” ලෙස හඳුන්වා ඇත.
ඛන්තී යනු ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන්වහසේලා, මහ රහතුන්වහන්සේලා බවට පත්වන උතුමන් වඩන්නා වූ උත්තම බෝධිසත්ව පාරමිතාවකි.
ඔබේ ඉවසීමත් එසේ ද ?
ඇතැමුන් ගේ ඉවසීමට සීමාවක් තිබුණත්, නියම ඉවසීමට සීමාවන් තිබේ ද ?
නෙක දුක් දොම්නස්, කම්කටොළු වලින් පිරි මේ ජීවිතයේදී ඔබේ ඉවසීම යනු කුමක්ද ? ඉවසීමේ මුවාවෙන් එන ආත්මාර්ථකාමීත්වය හඳුනා ගන්න. එය පොරොත්තු වීමක් පමණි (බස් එක එන තෙක් ඉවසීම – පොරොත්තුවක් මිස ඉවසීමක් නොවේ ) ඉන් ඔබට මේ සසර ගමනින් එතෙර වන්නට පිළිසරණක් නැත.
ඉවසීම යනු කුමන්දැයි නිවැරදිව වටහා ගෙනෑමගින් අප ජීවිතය අර්ථවත් ව ගොඩනගා ගන්නේ කෙසේද
ඉවසීමත් දරාගැනීමත් හඳුනාගන්න. ඉවසීමෙන් තොර දරා ගැනීමක් වත්; දරා ගැනීමෙන් තොර ඉවසීමක් වත් නැත්තේ ය.
2013 මැයි මස 24 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දින දිනඋදෑසන 9:00 ට කොළඹ ජනාධිපති මන්දිරයේ දී දේශිත ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: අතුරුගිරිය, මුල්ලේගම සීලාලංකාර මාවතේ, ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෲ, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
දේශකයන් වහන්සේටත් ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ කාර්ය මණ්ඩලයටත්, මේ ධර්ම ශ්‍රවනය කරන සැමටත් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !