ධර්ම දේශනා.::චරිත පාරිශුද්ධිය

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::චරිත පාරිශුද්ධිය

    චරිත පාරිශුද්ධිය

    ඔබ චරිත පාරිශුද්ධිය සොයන්නේ ඇයි ? ලොවට පෙනෙන්නටද ? නිවන පිණිස ද ?

    කෙනෙකු විශිෂ්ඨත්වයට පත්වීමට චරිත පාරිශුද්ධත්වය වැදගත් වන්නේ කෙසේද ?

    යමෙකු ආත්මය (තමන් ගැන ) හා ලෝකය පිළිබඳව මිත්‍යා දෘශ්ඨිගත වන්නේ නම්, විදර්ශනා වැඩීමෙන් ඒ මිත්‍යා දර්ශන පහ කල හැකිද ?
    එසේ පහ කිරීමෙන් ඔහුට චරිත පාරිශුද්ධිය ලද හැකිද.. ඉන් නිවන දක්වා යා හැකිද ?

    මේ ගැන සම්බුද්ධ ධර්මය අන් ආගමික ඉගැන්වීම් වලින් වෙනස්වන්නේ කෙසේද ?

    පුද්ගලයා යනු කවරෙක්ද ? දාමයක් සේ දිගින් දිගට යන, වෙනස් නොවන ආත්මයක් ද ? ඒ මතයන් ගෙන් චරිත පාරිශුද්ධිය ලද හැකිද ?

    චරිත පාරිශුද්ධිය ලැබීමට නම් දුරු කල යුතු දුර්ගුණ මොනවාද ?

    එවන් දුර්ගුණ දුරුකරන ක්‍රම මොනවාද ?

    ධ්‍යාන ලාභී අය ද චරිත පාරිශුද්ධියෙන් ඇතැම් විට පිරිහිය හැක්කේ කෙසේද ?

    2012 බිනර මස 20 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: දෙකටන, නාමළුව පුරාණ විහාරාධිකාරී, විශ්වකීර්ති ශ්‍රී ධම්මභානී, ශාස්ත්‍රපති විද්‍යා විශාරද, පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !