ධර්ම ප්‍රස්නයක් ....උදව්වක් ඕනේ ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචං, "සප්ත අපරිහානික ධර්ම" යනු මොනවාද ...මේවා සම්බුද්ද දේශනාවේ සඳන් දේවල්ද, නැතිනම් ඒකාලේ ඉන්දියානු සමාජයේ (බ්‍රාහ්මණ) තිබී පසුව බුදුසමයට එකතුවූ දේද ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජේ ආර් ආතා කරා වගේ, නැත්තං ප්‍රේමදාස මහත්තයාගේ ස්ටයිල් එකට ටයර් එකේ යවලා කරමු
     
    Cyper

    Well-known member
  • සප්තාපරිහානීයධර්‍මයෙන් ඒකාන්තායෙන් ම බුද්ධ දේශනාවන්‍ වේ. සූත්‍ර පිටකයෙහි, අඞ්ගුත්තර නිකායෙහි, සත්තකනිපාතයෙහි, ප්‍රථම පණ්ණාසකයේ, වජ්ජිසත්තක වග්ගයෙ අපරිහානීය ධර්මයන් පිළිබද සූත්‍ර කිහිපයක් තියෙනවා. භික්ශුන්ට වගෙම ගිහියන්ටත් දේශනා කරල තියෙනව. ඒවා කියවල බලන්න.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ජේ ආර් ආතා කරා වගේ, නැත්තං ප්‍රේමදාස මහත්තයාගේ ස්ටයිල් එකට ටයර් එකේ යවලා කරමු
    විජේවීර මාමි කලා වගෙ බැරිවෙයිද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    විජේවීර මාමි කලා වගෙ බැරිවෙයිද?
    ගල්කටස් එකෙන් තියලා, පෙට්‍රල් බෝම්බ ගහලද? ඒකත් නරක නැහැ.
     
    Cyper

    Well-known member
  • සප්තාපරිහානීයධර්‍මයෙන් ඒකාන්තායෙන් ම බුද්ධ දේශනාවන්‍ වේ. සූත්‍ර පිටකයෙහි, අඞ්ගුත්තර නිකායෙහි, සත්තකනිපාතයෙහි, ප්‍රථම පණ්ණාසකයේ, වජ්ජිසත්තක වග්ගයෙ අපරිහානීය ධර්මයන් පිළිබද සූත්‍ර කිහිපයක් තියෙනවා. භික්ශුන්ට වගෙම ගිහියන්ටත් දේශනා කරල තියෙනව. ඒවා කියවල බලන්න.

    බොහො අය දන්නෙ ලිච්ඡවීන්ට භාග්‍යවතුන් වහන්සේ දේශන කරපු අපරිහානීය ධර්ම ගැන විතරයි. ලිච්චවීන්ට විතරක් නෙවෙ. හික්ෂූන්ට ද උපාසකයන්ට විශේෂයෙන් වෙන් වෙනම අපරිහානිය ධර්මයන් දේශන කරල තියෙනෙවා. තමා තමන්ගෙ පරිහානියෙන් වැලකෙන්නට කටයුතු නොකර රාජ්‍යය විතරක් අපරිහානිය ධර්මයන් අනුගමනය කරයි කියල හිතන එකත් එක අතකින් නොවිය යුත්තක්.

    ලිච්ඡවීන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනාඅ කරපු සප්තඅපරිහානීය ධර්මයන් සාරන්‍දද සූත්‍රයේ දැක්වේ.

    සාරන්‍දද සූත්‍රය:

    “ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්‍මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

    ලිච්ඡවියෙනි, අපරිහානීයධර්‍ම සත කවර යත්:

    (1) ලිච්ඡවියෙනි, ව්‍රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

    (2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්‍රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

    (3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු අප්‍රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්‍යවස්ථා) නො පණවත් නම්, ප්‍රඥප්තය (පැණවූ ව්‍යවස්ථා) නො සිඳලත් නම්, යථාප්‍රඥප්ත වූ පැරණි ව්‍රජීධර්‍මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

    (4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු මහලු ව්‍රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

    (5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.

    (6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්‍රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්‍රජිචෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

    (7) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් විසින් රහතුන් (පැවිද්දන්) කෙරෙහි “කෙසේ නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාහු ද පහසු සෙයින් වෙසෙත් ව”යි දැහැමි රැකවරණ හා ගෝපන මොනොවට කරණලද වේ නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

    ඒ වගේම අප (උපාසකයන්) විසින් විශේෂයෙන් දැනගත යුතු අපරිහානීය දර්මයන් උපාසකපරිහානීය සූත්‍රය ආදී සූත්‍රවල දැක්වේ.

    උපාසකපරිහානීය සූත්‍රය:

    මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:

    සඟුන්ගේ දර්‍ශනය පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්‍ෂිණාර්‍හයන් සොයයි. එහි දු පූර්‍වාකාර කෙරෙයි.

    මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ අපරිහානියට වැටෙති. කවර සතෙක යත්:

    භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා නො කෙරෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. දොස් නො දක්නා සිත් ඇතියේ රන්ධ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. එහි දු පූර්‍වාකාර නො කෙරෙයි.

    මහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ උවසුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.

    https://tipitaka.lk/an-7-1-3
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :yes: :yes: :yes: